Tuesday, May 8, 2018

ආත් අම්මාගේ පාඩම 52.......................දුවේ නුවරැලිය කියන්නෙ හුඟක් සීතල පලාතක් ඔයාට එහාට අදින්න ඇදුම් ටිකක් ගන්න වෙනව .....කී ආත් අම්මා මා සමඟ සාප්පු කිහිපයකට ගොඩවූවේ සීතලට ඔරොත්තු දෙන ඇදුම් කිහිපයක් මිලදී ගැනීම සදහාය.....මෙහෙ හොද ඒව නැති උනාට නුවරැලියෙ ගියාම ගන්න පුලුවන්.....දැනට මේව ගම්මු .....දුවට මම සල්ලි දෙන්නම් නුවරැලියට ගිහින් හොද එකක් ගන්න....මට ඇදුන් කිහිපයක් තෝරාදුන් ඇය පැවසුවාය.....මේ අතර මට ගවුන් සහ සාය බ්ලවුස් කිහිපයක් ද තෝරාදෙන්ට විය........මේව ඕනෙ නෑ ආත් අම්මෙ ....මට අවුරුද්දටත් ගවුන් අරන් දුන්නනෙ.......ආත් අම්මාට කීවෙමි......ගන්න දුවේ ගැහැණු  ලමයෙක් වුනාම ඇදුම් කොච්චර තිබුනත් වැඩිවෙන්නෙ නෑ.....ඒකනම් ඇත්ත තමයි.......ඒත් මේව තියන්නෙ කොහේද මා කීවේ තිබෙන ඇදුම් ටික පවා තබාගැනීමට සුදුසු ස්ථානයක් නොමැති බැවිනි....දුව බයවෙන්න එපා..ඒකට මම මොකක්හරි කරන්නම් ආත් අම්මා පැවසුවාය......ඇදුන් අරන්දුන් ආත් අම්මා මීලගට ගොඩවූවේ ලී බඩු සාප්පුවකටය.....විශාල අල්මාරියක් අසලට ගිය ඇය එය හොදින් පරීක්‍ෂා  කරමින්   මේවගෙ එකක් ගත්තොත් හොදයි වගේ නේද දුවේ.....මගෙන් ඇසුවාය......මොකටද ආත් අම්මෙ.....මා ඇසුවෙමි......ඔයාගෙ ඇදුම් ටික දාගන්නනෙ......ආත් අම්මගේ පිලිතුරවිය......ඇදුම් දාන්න මෙච්චර ලොකු අල්මාරියක්......පුදුමයෙන් කල්පනාකල මා.......මාකට ආත් අම්මගෙ ඇදුනුත් දාන්න පුලුවන්නෙ...... කීවෙමි....මට මොකටද දුවේ අල්මාරි මට එකක් තියෙනවනෙ.....මේකෙ ඔයාගෙ ඇදුම් දාගන්න......ආත් අම්මා පැවසුවාය.....මේක ලොකු වැඩියි ආත් අම්මෙ.......පොඩි එකක් ගම්මු......මා පැවසුවේ ආත් අම්මා නිකරුනේ මුදල් වියදම් කරනවාට විරුද්ධවය......දුව බයවෙන්න එපා තවටික දවසකින් මේක පිරෙයි.....මම දන්නෙ නැද්ද ගෑනුන්ගෙ හැටි......ආත් අම්මා සිනහසෙමින් එසේ පැවසුවේ කාන්තාවන් විශාල වශයෙන් ඇදුම් ගන්නා බව හොදින් දන්නා නිසාය......දුවට ආපහු නිමල් වෙන්න උවමනාවක් නැති උනොත් මේකත් මදිවෙයි......ඇය සෙමින් පැවසුවේ මට පමනක් ඇසෙන ලෙසය. .....දුවට හොද කන්නඩි මේසෙකුත් ගන්න ඕනැ......මිලදී ගනීම සදහා අල්මාරිය වෙන්කල ඇය කීවාය.....ඇයි ආත් අම්මෙ එකක් තියෙන්නෙ.....මා කීවෙමි....ඒක පරන එකක් නෙ......ගෑනු ලමයෙකුගෙ කාමරයක් උනාම ලස්සනට තියෙන්න ඕනැනෙ.....ඇය එසේ පැවසුවේ මාව හැමදාටම ගැහැණු ළමයෙක් වසයෙන් තබා ගැනීමේ අදහසින් දැයි සැකයක් ඇතිවිය......මාව දිගටම මේ විදියට තියගන්න ආත් අම්ම කැමතිනම් මටත් ගැටලුවක් නෑ......මා කල්පනා කලෙමි.....මේ අතර ඇය කන්නඩි මේස කිහිපයක් අසලට ගොස් බලන්ට විය.....මේකනම් ලස්සනයි නේද දුවේ.....එය අතගාමින් පැවසුවාය.....ලස්සන වගේම ගානත් ඇති..මා කීවෙමි....ගාන ප්‍රශ්නයක් කරගන්න එපා.....හොදයිද කියන්නකො......මගෙන් ඇසුවාය.....මටනම් හොදයි ආත් අම්මගෙ කැමැත්තක්....මා කීවෙමි......ආත් අම්මා මා වෙනුවෙන් ඒ සියල්ල මිලදී ගත්තාය...... එදින සවසම ලීබඩු සාප්පුවෙන් ගෙදරටම ගෙනදුන් ඒවා මගේ කාමරය තුලදීම සවිකර දුන්නේය....දැන් තමයි මගේ කාමරේ නිට්යම ගැහැනු ලමයෙකුගෙ කාමරයක් උනේ...සිතූ මා .. ...කන්නාඩි මේසය අසලට ගොස් මගේ ගැහනු රුව නැරබුවෙමි. .....ඉස්සෙල්ල පරන කන්නාඩිය වගේ නෙවෙයි මගේ මුලුසරීරෙම ලස්සනට පේනව......මා කැඩපත ඉදිරියේ කැරකෙවෙමින් හොදින් රුව නරබන්න වුනෙමි......හැඩ බල බලා හිටිය ඇති ඔය ඇදුම් තියෙන ඒව අල්මාරියට දාන්න.....මා නොදැනුවත්වම කාමරයට පැමිනි ආත් අම්මා කියනු ඇසුව්නි.....මා රාක්කයේ තිබුනු බ්ලවුසයක් නැවුවේ අල්මාරිය තුලට දැමීම සදහාය......ඔහොම නවන්න එපා ඔහොම නෙවෙයි හරියට නවන්නෙ......කී ඇය එය අතට ගෙන නිවැරදිව නවන ආකාරය කියා දෙන්ට වූවාය........ඔයාව ගෑනු ලමයෙක් වෙලා දැන් අවුරුද්දකටත් කිට්ටු වෙනව නේද......මම හිතුවෙ මේව දැන් හොදට පුරුදු ඇති කියල.....මගේ ඇදුම් නවමින් කී ඇය......දැන් දුව ඉතුරු ටික නවල දාගන්නකෝ.....කී ඇය කාමරයෙන් පිට වුනාය......මා ඇය කියාදුන් ආකාරයට ඇදුම් නවා අල්මාරිය තුල තැබුවෙමි......කොච්චර ඇදුම් තිබුනත් අල්මාරියෙන් භාගයක් වත් පිරිල නෑනෙ.....මා හිස් රාක්ක දෙස බලා කල්පනා කලෙමි.......මට දිගටම කෙල්ලෙක් වෙලාම ඉන්න හිතුනොත් ආත් අම්ම කියනව වගේ වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල පුරව අන්න පුලුවන් වෙයි......මාව ආපහු නිමල් නොවුනොත් සාරි අදින කාලෙකුත් එයිනෙ මේ පැත්ත සාරි වලට වෙන්කරන්න ඕනැ.....මා රාක්ක කිහිපයක් දෙස බලා සිතුවෙමි.
              මා නිමන්තිගේ නිවසට ගිය විට ඔව්න් ගමන සදහා සූදානම් වෙමින් සිටින බව දුටුවෙමි....දුවේ ඔයා සීතලට අදින ඒව ගත්තද......නිමන්තිගේ අම්මා ඇසුවාය.....ටිකක් ගත්ත ඇන්ටි ආත් අම්මා කිව්ව හොද ඒව මහෙ සාප්පු වල නෑ කියල නුවර එලියෙන් ගන්න කියල.....අපිනම් ගියසැරේ නුවර එලියෙ ගියවෙලාවෙ ගත්ත නේද අම්මෙ......පැවසූ නිමන්ති එහෙන් ගත් ඇදුමක් පෙන්නා මේක ඇන්දම සීතල එනව අඩුයි.....මම චතුරිකා දුවටත් හොද ඇදුමක් තෝරල දෙන්නම්කො......නිමන්තිගේ අම්මා කීවාය....
            අජිත්ල එනව කියල තාම දන්නෙ නෑනෙ චතූ......අම්මා අපි අසලින් ගියවිට නිමන්ති කීවාය.....ඇයි එයාලට කියල නැද්ද.....මා ඇසුවෙමි.....දන්නෙ නෑ අනේ ඒත් තාත්ත කියනව ඇහුන වාහනවල යනවට වැඩිය ඔක්කොටම යන්න පුලුවන් වාහනයක් ගත්තොත් හොදයි කියල.....කවුද දන්නෙ නෑ කට්ටිය.......මම ඇහුවම අම්ම එක එක ඒව කියනව......අනේ චතූ ඔයා අහන්නකො......ඇය මගෙන් ඉල්ලා සිටියාය.....මෙහෙ කීවාය
Transgender body swap ගේ ඡායාරූපය

No comments: