Tuesday, May 15, 2018

ආත් අම්මාගේ පාඩම 66................අපි කතාකරමින් සිටිනවිට අපිට පිටුපසින් අක්කා පැමිණ සිටි බව නොදැක්කෙමු...දෙන්න බරකතාවක් වගේ......අපි ඉන්න කොට තමයි මේ දෙන්නට කතාකරන්න බැරි.....අක්කා පවසන විට අම්මලා නැගිට්ට බැවින් අපිද නැගිට ගමන් කිරීමට පටන්ගත්තෙමු.......මම අම්මල එක්ක එන්නම්...... ඔයදෙන්න කතාකර කර යන්න......අක්කා මාව සුරන්ජිත් අසල තනිකර......අම්මලා අතරට යන්ට විය.....මොනවද අක්කෙ කරන්නෙ.....නැවතුනු මා අක්කාට කීවෙමි.....පිටුපස බැලූ ඇය යන්න යනුවෙන් අතින් සංඥා කලාය......මෙන්න මෙහෙ එන්න නංගි .....එයාල හිතාගෙන ඇති මට හැම කෙල්ලෙක්ව පේන්න බෑ කියල...පැවසූ සුරන්ජිත් ඔහු අසලට කතාකලේය........අනිත් අය මට සිනාසේවී යන බයෙන් සහ ලැජාවෙන් ඇඹරෙමින් සෙමින් සෙමින් ඔහු අසලට ගියෙමි......ටික දුරක් යන තෙක් අපි කිසිවක් කතාකලේ නැත......නංගි මීට ඉස්සර මෙහෙ ඇවිත් නැද්ද......ඔහු කටහඬ අවදිකරමින් ඇසුවේය.....අනේ නෑ අයියෙ මේ ආවමයි....මා කීවෙමි......ඒක තමයි නංගිට අමාරු......ඔහු කීවේය......අමාරු උනත් මේ පරිසරය හරිම ලස්සනයිනෙ අයියෙ......මේක දැක්ක එකත් ලොකු දෙයක්.....මා කීවෙමි.....මම නම් ඉතින් නිතරම වගේ එනව......මම හරිම කැමතියි මේවගේ ලස්සන සුන්දර තැන් බලන්න.....මාත් හරිම කැමතියි අයියෙ....ඒත් මම කවුරු එක්කද මේවගෙ ගමන් එන්නෙ......නිමන්තිල හින්ද මෙහෙමවත් ආව......මා පැවසූ විට සුරන්ජිත් මා දෙස අනුකම්පාවෙන් මෙන් බලනු දුටුවෙමි.......දැන් නංගිට දුක්වෙන්න දෙයක් නෑ.....අපි නිතරම කොහේ හරි යනවනෙ.....ඔයා නිමන්තිලත් එක්ක සෙට්වෙලා අපිත් එක්ක එන්න.......ඔහු කීවේය.....ආත් අම්ම මට නිතර යන්න දෙයිද දන්නෙ නෑ........විභාගෙත් ලගයිනෙ........මා කීවෙමි......ඒකත් ඇත්තනෙ......කී ඔහු දැන් කොහොමද විභාගෙ වැඩ ඇසුවේය......ඒකත් කරගෙන යනව .....දැන් ගෙදර ගිය ගමන් පාඩම් කරන්න පටන්ගන්න ඕනැ..... කීවෙමි.
                                 අපි දෙදෙනා කතා කරමින් පැමිනෙනු දුටු නිමන්ති සහ අජිත්......දැන් මේ දෙන්නත් සෙට්වෙලා වගේ......මම හිතුව කොයි වෙලාවෙ හරි දෙන්න සෙට් වෙයි කියල..අජිත් කීවිට...මේ විකාර කියවන්න එපා බන් අපි දෙන්නගෙ එහෙම අදහසක් නෑ.....සුරන්ජිත් කීවේය......අක්ක පොඩ්ඩක් එයාගෙ අම්ම ගාවට ගියා ඒකයි උනේ.....මා නිමන්තිට පැවසුවෙමි.....ඕකට ඉතින් ඔච්චර ලැජ්ජ වෙන්න දෙයක් නෑ...කී නිමන්ති..අම්මලා පැමිනෙන තෙක් නතර වුනාය......අපි දෙදෙනාද ඔවුන් සමග ගමන් කිරීම සදහා නතර වුනෙමු......දැන් චතුරිකා දුවට යාලුවො දෙන්නම නැතුවගියා නේද....නිමන්තිත් නෑ මෙච්චර වෙලා බලාගත්ත අක්කත් නෑ.......සුරන්ජිත්ගේ අම්මා මාදෙස බලා කීවාය.....මම අයින් වුනේ බලාගන්න කෙනෙක් පත්කරල....එයා මට වඩා හොදයි......සුරන්ජිත්ගේ අක්කා කීවාය.....කමක් නෑ..... චතුරිකා දුවව පරිස්සම් කරල ගෙදරට ගිහින් ඇරලවනකන් කවුරු කවුරු හරි බලාගන්නකෝ.......ඇය සිනාසෙමින් කීවාය. අපේ පොඩි පුතාටනම් ගෑණු  ළමයි දුසිමක් දුන්නත් අතවත් තියන්නෙ නැතුව බලාගනියි කියල මටනම් විශ්වාසයි......සුරන්ජිත්ගේ තාත්තා....සිනාසෙමින් පවසනු ඇසුනි......මටත් පුදුමයි චතුරිකා දුව එක්ක මෙච්චරවත් ලඟින් හිටපු එක ගැන......ඔහුගේ අම්මාද කීවාය.
                                         සෑහෙන දුරක් පයින් ඇවිද්ද අපි අවසානයේ බස්රථයට ගොඩවුනෙමු......ආසනයේ වාඩිවුනු මා මාත් සමග එකට වාඩිවී පැමිනි අක්කා සෙවුවෙමි......ඇය පිටුපස  ආසනයේ වාඩිවී සිටිනු දුටු මා.....ඇයි අක්කෙ ඔතනට වෙලා මෙතෙන්ට එන්නකෝ......අඩගැසුවෙමි.....පොඩ්ඩක් ඉන්නකො නංගි අපේ මල්ලි එනකල්.......එයා එයි අනේ ඔයා එන්න.....මා කීවෙමි......එහෙත් ඇය සෙලවුනේවත් නැත......ටික වේලාවවකින් සුරන්ජිත් අජිත් සමග බසයට ගොඩවිය......අජිත් නිමන්ති සිටි ආසනයට ගිය අතර සුරන්ජිත් පිටුපසට යෑමට උත්සාහ කලේය......මෙහෙ බෑ.... මෙහෙ බෑ.... ඔතැන සීට් එකක් තියෙන්නෙ ඔතැනින් වාඩිවෙන්න......අක්කා මා අසල ආසනය පෙන්වා පැවසුවාය......අක්කනෙ මෙතැන හිටියෙ ඉතින් අක්ක එන්න .....සුරන්ජිත් කීවේය......ඒකට කමක් නෑ ඔයා දැන් ඉදගන්න ඔතැනින්......ඇය බලකලාය.....අක්ක හදන්නෙ සුරන්ජිත්ව මාගාව වාඩිකරවන්න....මාත් ඒකට කැමතියි....... ඒත් මගේ ඇත්ත තත්වය ගැන කල්පනාකරනකොට බය හිතෙනව. අක්කාගේ සහ අජිත් නිමන්තිගේ බලකිරීම මත ඔහුට මා අසලින් වාඩිවීමට සිදුවිය......මා ලජාවෙන් යුතුව වීදුරුවෙන් පිටත බලාසිටියෙමි......බසය ගමන් කරන්ට විය.......මගේ උකුල මත කවුදෝ අත තබන බව  දැනුනු බැවින් කලබලයට පත්වූ මා ඒ දෙස බැලුවෙමි.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: