ආත් අම්මාගේ පාඩම 68..................බලන්නකො ඔයාල හින්ද මේ අහිංසකී අඩනවනෙ.....සුරන්ජිත්ගේ අම්මා ඔව්න්ට දොෂාරෝපනය කලාය.......අනේ අම්මෙ අපි පොඩි විහිලුවක්නෙ කලේ......අක්කා මගේ හිස අතගාමින් පැවසූ අතර ඔව් ඇන්ටි අපි විහිලුනෙ කළේ . නිමන්තී සහ අජිත් කියන්ටවිය.....අනේ...චතූ... අපේ අතින් ඔයාට හිතරිදෙන්න දෙයක් කියවුනානම් සමාවෙන්න......නිමන්තී පවසනු ඇසුනි.....ඔව් නංගි අපිට සමාවෙන්න.....අක්කාද කීවාය.....ඉතින් හොද දුව වගේ අඩන්නෙ නැතුව ඉන්නකො....ඔක්කොමල්ල ඔයාගෙන් සමාව ගත්තනෙ....අම්මා පැවසුවිට මා ඇගේ උකුලෙන් නැගිට කදුලුවලින් තෙත්වී තිබුනු මුහුන අල්ලෙන් පිසදාගත්තෙමි......මා කුඩාකල මේ ආකාරයට අම්මාගේ උකුල මත සිටි ආකාරය මතක් විය. අම්මා මෙන් නොවුනත් සුරන්ජිත්ගේ අම්මාගේ උකුල මත ටිකවේලාවක් හෝ සිටි මට අම්මා කෙනෙකුගේ ආදරය දැනෙන්ට විය.......මා නැගිට්ට බවදුටු නිමන්තී පිටුපස ආසනයෙන් නැවී මගේ මුහුන සිපගෙන.....මාත් එක්ක තරහ නෑනේද චතූ.....ඇසුවාය......කිසිවක් නොකී මා ඇගේ හිසෙන් අල්ලා මගේ මුහුනට තදකරගෙන සිටියෙමි.....දැන් ඕව ගනන් ගන්න එපා කී සුරන්ජිත්ගේ අම්මා......පුතේ එන්න මේකට පවසා ආසන හුවමාරු කර ගත්තාය....සුරන්ජිත් නැවත මා අසලට පැමිනියේය.
අපි නිවසට පැමිනෙන විට සවස දෙක පමන විය....මේ වනවිට සැටම බඩගිනි බව තේරුනේ ඔවුන් යුහුසුලුව කෑමට සූදානම් වනු දුටුවිටය.....එහෙත් අක්කා ඇදුම් මාරුකරනු දුටු මා....ඇයි අක්කට බඩගිනි නැද්ද ඇසුවෙමි.....ඇදුම් මාරුකරල.... නාගෙනම කන්න කියල හිතුන....ඇය කීවාය....කාල ඉම්මු අක්කේ....මා කීවෙමි.....ඔව් අක්කෙ බඩගිනි හින්ද කාල ඉම්මු....නිමන්තිද කීවාය....දඹර ඇගිල්ල කම්මුලේ තබාගෙන සුලුවේලාවක් කල්පනාකල අක්කා.....එහෙනම් නංගිල කියන හින්ද කමු.....ඇයද අපිත් සමග කෑම කාමරයට ගියාය......අපි දූල එනකල් හිටියෙ අපිව දුටු නිමන්තිගේ අම්මා කීවාය....මේ වනවිට සියලුදෙනා පැමින සිටිබව දුටුවෙමි....චතුරිකා දුව කෑම එක බෙදාගෙන මා ලගට එන්න.....සුරන්ජිත්ගේ අම්මා හිස් අසුනක් තබාගෙන මට කතාකලාය......මොකටද දන්නෙ නෑ ඔයාට අපේ අම්ම කතාකරන්නෙ......අක්කා මගේ කනට කර ඇසුවාය.....දන්නෙ නෑ බලමු.....බෙදාගත් බත් පිගාන අතේතබාගෙන පවසා ඇය අසලට ගියෙමි.....මෙතැනින් වාඩිවෙන්න දුවේ.....කීවිට ඇය අසලින් වාඩිවූ මා ...ඇයි ඇන්ටි බෙදාගත්තෙ නැද්ද...මා ඇසූවිට.....මම පස්සෙ කනව...... කී ඇය මගේ අත තිබුනු පිගාන අය අතට ගත්තාය.....මට දුවට ඊයෙවගේ බත්ටිකක් කවන්න හිතුන.......ඇය මගේ බත් පිගාන අනමින් කීවාය.......මගේම අම්මා අතින් බත් කවා ගන්නවා මෙන් සුරන්ජිත්ගේ අම්මා අතින් බත් කටවල් කිහිපයක් කවාගත්තෙමි....මේ අතර අක්කාද ඇගේ පිගානෙන් මට කටවල් කිහිපයක් කවමින්......දැන් කියන්න බලන්න කාගෙ බත්ද රස කියල.....අක්කා ඇසුවාය......දෙන්නගෙන්ම මා කීවෙමි.....දැන් දුව කන්න.....නැවත මගේ අතට බත් පිගාන දුන් අම්මා......මාත් බත්ටිකක් බෙදාගෙන එන්නම්........ කියමින් නැගිට්ටාය......කෑමගත් මා එලියට ගොස් එහිතිබුනු වැටට හේත්තුවී අවට සිරි නරඹමින් සිටිනවිට.....සුරන්ජිත් මා අසලට පැමින මා මෙන් වැටට හේත්තුවූ බව දුටුවෙමි .....හරිම ලස්සනයි.....ඔහු කීවේය.....මොකක්ද....මා ඇසුවෙමි.....පාට පාට මල්වලින් පිරිච්ච තැනින් තැන මීදුමෙන් වැහුනු කදුවලින් වටවිච්ච මේ සුන්දර පරිසරයට ලස්සනම ලස්සන ගෑනු ලමයෙක් එකතුවුනාම කොයි තරම් අලංකාරද කියල මම මේ කල්පනා කලේ.....ඔහු කියාගෙන ගියේය....අයිය කවි හදන්නත් දන්නවනෙ......සිනාසෙමින් කීමා......කෝ ඒ ලස්සනම ලස්සන ගෑනුලමය..සිසිල් සුලංරැලි නිසා මගේ ඇස් ඉදිරිපිටට වැටෙන කෙහෙ රැලි අතින් පිටුපසට කරමින් .... නොදන්නවාක් මෙන් ඇසූ මා ඇය සොයන්නාක් මෙන් වටපිට බැලුවෙමි.....ඒ ලස්සනම ලස්සන ගෑනු ලමය ඉන්නෙ මේ ලඟමනෙ.......ඔහු කීවේය.....කෝ කොහේද....මා තවත් වටපිට බලා .......කෝ මට පේන්නෙ නෑනෙ....කීවෙමි...ඔහොම පේන්නෙ නෑ....අර කාමරේ තියෙන ලොකු කන්නඩියවත් ගෙනාවනම් ඒ ගෑණු ලමයගෙ ඉස්සරහට තියෙල පෙන්වන්න තිබුන.....ඔහු සිනාසෙමින් කීවේය.....ආ ....මා ඔහුගේ වචනය තේරුම් ගත්තාක් මෙන් හගවා.....මම එච්චර ලස්සන නෑ මට වැඩිය ලස්සන අය ඕනැතරම් ඉන්නෙ.....මා ඔහුට ගස්සමින් කීවෙමි....ඒ වුනාට ඔයා වගේ අය නෑනෙ.....ඔහු කීවේය.....ඒකනම් ඇත්ත....මම වගේ අය මම විතරයි ඉන්නෙ....අයිය වගේ අයත් අයිය විතරයි ඉන්නෙ......මා කීවෙමි......මම හිතුවෙ නංගි හරි බොලදයි කියල දැන් බලනකොට ගොඩක් පැහිලනෙ........පැවසූ ඔහු..පැහිච්ච ආච්චි...... කියමින් මගේ කන මිරිකීමට මෙන් පැමින කුමක් හෝ හදිසියේ මතක් වූවාක් ලෙස සොරි කියමින් එය නතර කලේය.....එහෙත් මා කන්දෙක අත්දෙකෙන් වසාගෙන සිටියේ කන් මිරිකයි යන බියෙනි.... මොකද දුවේ කන්දෙක වහගෙන සීතලද.....නිමන්තිගේ අම්මා අසනු ඇසුනි......දැන් බලනකොට සුරන්ජිත් මගේ කනමිරිකන එක නතරකල එක හොදයි නැත්නම් ඒකත්මෙයාල දකිනව......මා කල්පනා කලෙමි.....
No comments:
Post a Comment