ආත් අම්මාගේ පාඩම 74..............ඇයි විභාගෙ ප්රතිඵල එනකල් ඉන්නෙ.....ඔහු ඇසුවේය.....ආත් අම්ම කියනව මම විභාගෙ පාස්වුනොත්ලු මට ඕනැදේවල් කරන්න දෙන්නෙ.....මා කීවෙමි....ඒ කියන්නෙ මට තේරුනේ නෑ....ඔහු නැවත ඇසුවේය.....විභාගෙ පාස්වෙනකල් මට කා එක්කවත් සම්භන්දකම් පවත්වන්න තහනම්....ආත් අම්මගෙන් අවසර නැතුව කොහේවත් යන්න තහනම්....කා එක්කවත් කතාකරන්න තහනම්.....මා කියාගෙන ගියෙමි.....ඉතින් ඒක හරිනෙ.....ඔක්කොටම ඉස්සෙල්ල විභාගෙ.....කී ඔහු...... ඔයා ගෑණු ලමයෙක් නෙ ඔයාට කවුරුවත් නැති එකේ ආත් අම්ම ඔයාව පනවගේ ආරක්ෂා කරනව....ඒකයි....ඔහු පවසන්ට විය.....ඔයාට දැන් කරන්න තියෙන්නෙ මම කිව්ව දේවලුත් අමතක කරල හොදට විභාගෙ කරල පාස්වෙන්න.....තව දුරටත් කීවේය.
මේ අතර නිමන්තී අජිත් සමග අපි අසලට ආවේය.....මේ දෙන්න ශෝක් පොට් එකකනෙ ඉන්නෙ.....කී අජිත් සහ නිමන්ති අසල තිබුනු පුටුවලින් වාඩිවිය.....දැන් මේ දෙන්න ආව..... අපේ ඔක්කොම නිදහස ඉවරයි...තව ටික වෙලාවක් හෝ මෙලෙස සුරන්ජිත් සමග නිදහසේ සිටීමට නොහැකිවීම ගැන......මා ඔවුන්ට සිතෙන් දොස් කීවෙමි.... අජිත්.... දැන් මේ දෙන්නටත් ඕනැ තරම් වෙලා කතා කරකර ඉන්න කියල සුරන්ජිත් අයියගෙ අම්ම අවසර දීල තියෙන්නෙ.....නිමන්ති කීවාය.....අපි දෙන්නට වගේ නේද ඇසූ අජිත්.....මගේ සුබපැතුම්.....කීවේය.
අපි දෙදෙනාට නිදහසේ කතා කිරීමට නොහැකිවූ බැවින් මා කුස්සිය දෙසට ගියෙමි.....පුංචි නෝන එනකල් බලා ඉදල දැන් තමයි රයිස්ටික ලිපේ තිබ්බෙ.....කමක් නෑ.....ඔයාලගෙ මැඩම් දන්නව කිව්වනෙ...එයාගෙන් පස්සෙ අහගන්නව මා පැවසුවෙමි....දැන් අටනෙ වෙලාව තව චුට්ටකින් ඔක්කොම ලෑස්ති කරන්න පුලුවන්....ඇය කීවාය.
අනතුරුව කාමරයට ගියෙමි.......කතා කරල ඉවරද ....ඇදේ ඇලවී පොතක් බලමින් සිටි අක්කා ඇසුවාය.....කුස්සියට ගියා අක්කෙ කෑම හරිද කියල..බලන්න...තව පොඩ්ඩකින් හරියයි.....මා කීවෙමි......දැන්නම් බඩගිනි වීගෙන එන්නෙ.....අක්කා කීවාය......මා ඇය අසලින් ඇලවුනෙමි.....මොනවද අප්පේ ඔයදෙන්න මෙච්චර වෙලා කතාකලේ.....මගේ අතකින් අල්ලාගත් ඇය ඇසුවාය......අපේ මල්ලි ලවුකරල පුරුදුත් නෑනෙ......ඒ හින්ද...අර පරන ෆිල්ම් වල වගේ..... පෙම්වතිය මම ඔබට ආදරය කරමි. ඔබ මගේ ආදරය පිලිගන්නේද...... ඇහුවද..... ඇසූ ඇය කැකිරි පලමින් සිනසුනාය......මොන ආදරයක් ගැනවත් කතාකලේ නෑ අක්කෙ......කදුවැටියි ගස්කොලයි.....සත්තු සීපාවො ගැනයි කතාකලේ.....මා කීවෙමි.....මගේ මල්ලිනම් මහ බූරුවෙක්.....තමන්ගෙ ආදරවන්තිය හම්බවුනාම ඕවද කතාකරන්නෙ.....තරහෙන් මෙන් පවසා....ඔව් ඉතින් එයාට කෙල්ලට වැඩිය ලොකුයිනෙ පරිසරය......කීවාය....අනේ අක්කෙ අයියට බනින්න එපා එයා නෙවෙයි මමයි ඒව ගැන කතාකලේ නැත්තෙ......මා කීවෙමි....නංගිත් කියන්නෙ හරි කතාවක් නෙ.....නංගි වගේ ලැජ්ජ බයට හැදිච්ච ගෑනු ලමයි ඉස්සෙල්ල කොල්ලන්ට ආදරෙයි කියනවද.....කොල්ල ඕනැනෙ කෙල්ලට කියන්න......ඇය කීවාය......මම විභාගෙ ඉවර කරගන්නකල් ඕව ගැන කල්පනාක්රන්නෙ නෑ අක්කෙ.... මා කීවෙමි.....නංගි කියන එක හරි......ඒත් අපේ මල්ලි කොල්ලෙක් හැටියට තමන් බලාපොරොත්තුවෙන කෙල්ල හම්බවුනාම මොනව හරි ආදරේ හිතෙන දේවල් කතාකරන්න ඕනැනෙ......ඇය කීවාය......සුරන්ජිත් අයිය ඒවගෙ දේවල් ඔනැ තරම් මාත් එක්ක කිව්වනෙ.....ඒත් ඒව අක්කත් එක්ක කියන්නෙ කොහොමද.....මා කිසිවක් නොකියා කල්පනා කලෙමි......මේ ඔක්කොමල්ල හිතාගෙන ඉන්නෙ සුරන්ජිත් කියන්නෙ කෙල්ලො ගැන දන්නෙ නැති. කෙල්ලන්ව ගන්නන්ගන්නෙ නැති....ආදරයක් ගැන කිසිදෙයක් දන්නෙ නැති.....අමූතු මනුස්සයෙක් කියල.....ඒත් මම දන්නව එයා තරම් කෙල්ලන්ව හදුනගත්ත....ඒවගේම එයාවගේ ආදරය ගැන දන්න කොල්ලො හොයාගන්න බෑ කියල.....මාත් කාලයක් කොල්ලෙක් වෙලා හිටිය මම දන්නව ගොඩක් කොල්ලන්ට ආදරය කියන්නෙ සෙල්ලමක් කියල......ඒත් සුරන්ජිත්ට ආදරය කියන්නෙ එයාගෙ වචනවලින් කියනවනම් ආත්මීය හැගීමක්....එයා ඒක සෙල්ලමකට ගන්නෙ නෑ.....මේ කාටවත් එයාගෙ ඒ හැගීම් තේරෙන්නෙ නෑ......මට හිතෙන්නෙ මම විතරයි මේ ලෝකෙ ඉන්න එයාගෙ හැගීම් තේරුම් ගත්ත එකම එක්කෙනා......මම ඇත්තටම කෙල්ලෙක් උනානම් එයාගෙ හැගීම් තේරුම් අරගෙන එයත් එක්කම ජීවත්වෙන්න පුලුවන්.....ඒත් මට පුලුවන්ද එහෙම කරන්න.....මා දුක් මුසුව කල්පනා කලෙමි.
දූල කන්න එන්න......නිමන්තිගේ අම්මා ගේ කටහඬ ඇසුනු නිසා අපි කෑම ගන්නා ස්ථානයට ගියෙමු......ඒ වනවිටද සුරන්ජිත්ගේ අම්මා පැමින වාඩිවී සිටිනබව දුටුවෙමි......මට අදත් බත් කවයිද සැකයෙන් යුතුව ඇය දෙස බැලුවෙමි......මා දිහා බලන්නෙ දැනුත් බත් ටිකක් කවාගන්න නේද......බෙදාගෙන එන්න දුවේ....ඇය කීවාය.....මා බෙදාගෙන ඇය අසලට ගියෙමි. ඊයේ මෙන් නොව අද තාත්තලා වේලාසනම උඩ තට්ටුවට නැග්ග නිසා අපිත් සමග කෑම ගැනීමට හැකිවී ඇති බව පෙනුනි......දුවේ අදත් සිංදුටිකක් කියන්න ඕනෑ.....සුරන්ජිත්ගේ තාත්තා මගේ හිස අතගාමින් කීවේය .....අද ගායනා කලයුතු ගීත කිහිපයක් අම්මා මට කවන අතරතුර කල්පනා කලෙමි......මට දැන් තිබුනු ගැහැනු කටහඬ ඉතාමත් මිහිරි බව සැමදෙනාම පවසන බැවින් එයට උචිත ගායිකාවන්ගේ ගීත කිහිපයක් තෝරාගත්තෙමි.
රාත්රී ආහාරයෙන් පසු සංගීතය පටන්ගත් අතර ඊයේ මෙන් සුරන්ජිත් ගිටාරය වැයූ අතර අජිත් බෙරය වාදනය කලේය....මා ජනප්රිය ගීත කිහිපයක් ගායනා කල අතර අම්මා වරුනේ ගීතය පටන්ගත්තෙමි.....දුවේ ඕක නවත්වන්න.....සුරන්ජිත්ගේ අම්මා එකවරම කීවාය.....ඕක කියන්න එපා වෙන එකක් කියන්න......ඇය කීවිට....ඇයි අම්මේ ඒ සින්දුව ලස්සනනේ.....සුරන්ජිත් කීවේය......මම කැමති නෑ චතුරිකා දුවගෙ ඇස්වල කදුලු දකින්න......ඇය එසේ කීවේ එම ගීතය අම්මා වරු ගැන කියවෙන ගීතයක් බැවින් මගේ අම්මා මතක් වී ඇසට කදුලු උනාවියයි සැකයෙනි..
No comments:
Post a Comment