ආත් අම්මාගේ පාඩම 62..................මොනවද මැගී අද හදන්නෙ.....සුරන්ජිත්ගේ අම්මා ලිපේතිබෙන මුට්ටියේ පියන යන්තම් ඇර ඇසුවාය.......ජෝන් අයිය කිව්ව කිරිබත් හදන්න කිව්ව කියල.....කිරිබතුයි ඒකට සීනිසම්බලයි කට්ට සම්බලයි හදනව.....ඇය විස්තර කියන්ටවිය.....සුරන්ජිත්ගේ අම්මා අපිට පිටුපස හරවනවිට.....පුංචි නෝන මෙතැනින් යන්න පුංචි නෝනගෙන් වැඩගන්නව කියල මැඩම් මට බනියි......ඇය රහසින් මෙන් කීවාය......මොනවද මැගී කුටුකුටු ගාන්නෙ.....සුරන්ජිත්ගේ අම්මා අමුතු තේජසක් ගෙන ඇගෙන් ඇසුවාය.....මේ පුංචි නෝනට මම මොකුත් කරන්න කිව්වෙ නෑ. මම එපා කියද්දි එයාම තමයි ඕව කරන්නෙ...මම කිව්වෙ මැඩම් මට බනියි කියල.......ඇය බයෙන් මෙන් කියන්ට වූවාය.....මා දෙස බලා සිහින් සිනහවක් පලකල සුරන්ජිත්ගේ අම්මා පුටුවක් ගෙන මා අසලින් වාඩිවිය.......දුව ගෙදරදිත් උදේ පාන්දරින් නැගිටල මේවගෙ කුස්සියෙ වැඩකරනවද..... ඇසුවාය.....ඉස්කෝලෙ නිවාඩුදාට මේවගෙ ආත් අම්මට උදවුවෙනව......දුවට උයන්නත් පුලුවන්ද මගෙන් ඇසුවාය......ආත් අම්ම කියාදීල තියෙන හින්ද මාලුපිනි දෙකතුනක් හදාගන්න පුලුවන්......මා කීවෙමි......හොද දුව ඔන්න ඔහොම තමයි ගෑණු ලමයෙක් උනාම හැදෙන්න ඕනැ....පැවසූ ඇය මගේ හිස අතගෑවාය......දුවට කිරිබතක් එහෙම හදාගන්න පුලුවන්ද.....ඇය තවදුරටත් ඇසුවාය.....ඒක සිම්පල්නෙ.....ඇන්ටී.....මා කීවෙමි. තව මොනවද දුවට හදන්න පුලුවන් කෑම ජාති.....කේක් එහෙම හදන්න පුලුවන්ද.....ඇසුවාය......අපේ ආත් අම්ම කේක් හදන්න දන්නෙ නෑනෙ ඇන්ටි......ඒ වුනාට කැවුන් අලුව හැලප වගේ ඒවත් හදන හැටි ආත් අම්ම කියා දීල තියෙනව....මේ සැරේ අවුරුද්දට කොන්ඩ කැවුන් හැදුවෙ මම.....ආත් අම්ම කියනව ආත් අම්මට වැඩිය හොදට මට කොන්ඩෙ ගන්න පුලුවන් කියල.....මා සතුටින් පැවසුවෙමි......මට හරි ආසයි දුව හදපු කෑම ටිකක් කන්න......ඇන්ටිල කැමතිනම් අද වුනත් හදල දෙන්නම්.....මා කීවෙමි. අපෝ අද එපා අපි දවසක එන්නම්කො දුවලගෙ ගෙදර ....එදාට හදල දෙන්න.....ඇය කීවාය......චතුරිකා නංගිව මම එහෙ හැම තැනම හෙවුව මෙයා මෙහෙනෙ.....කුස්සියට පැමිනි අක්කා පැවසුවාය.....මම නංගිත් එක්ක කතාකරකර හිටියෙ නංගි හදන්න දන්න කෑම ජාති ගැන.....බලාගෙන යන කොට මෙච්චර වයසට ගිය අපිවත් දන්නෙ නෑනෙ මෙයා තරම්.....සුරන්ජිත්ගේ අම්මා ඇයට කීවාය........මොනවද අප්පෙ ඒ.....පුදුමයෙන් මෙන් ඇසූ අක්කා මා අසලින් වාඩිවූවාය......බොරු කියන්නෙ මොකටද කොන්ඩ කැවුන් වල කොන්ඩෙ ගන්න මමත් දන්නෙ නෑ.....ඒවුනාට මේ දුව දන්නවලු......කී අම්මා.......මම කිව්වෙ නංගිට හොදට උයන්නත් පුලුවන් හින්ද ....දවසක එහෙ යමු කියල.....මෙයා හදපු කෑම ටිකක් කාල එන්න......වැඩිදුරටත් පැවසුවාය........අනේ කොච්චර එකක්ද අම්මෙ යමුකෝ.....ඇය සතුටින් කීවාය......මේ මොන විජ්ජුම්බරයක් ද මගේ ඔලුවට කඩාවැටුනෙ.....මෙයාල එහෙ ආවොත් මගේ හොරේ මෙයාලට අහුවෙයි......මම ඇත්තටම කොල්ලෙක් කියල මෙයාල දැනගත්තොත් ඉදල හමාරයි.....මදැයි මගෙත් කට තියාගෙන ඉන්න බැරුව කයිය ගහන්න ගියා.....මෙහි බරපතල කම තේරුම් ගත් මා මටම සිතින් දොස් පවරාගත්තෙමි......මා සිනා සුනා මිස කිසිවක් නොකීවෙමි......
ටික වේලාවකින් නිමන්තිගේ අම්මා අජිත්ගේ අම්මා සමග කුස්සිය දෙසට පැමිනෙනු දුටුවෙමි........මැගී දැන් තේ හැදුවනම් හොදයි නේද ඔක්කොමල්ල ඇහැරිලා ඉන්න හින්ද.....සුරන්ජිත්ගේ අම්මා කීවාය.......වතුර රත්වෙලා තියෙන්නෙ මැඩම් ඉක්මනට හදල දෙන්නම් කට්ට සම්බලය අඹරන අතරතුර ඇය කීවාය.....මට බඩුටික දෙන්නකෝ මම හදන්නම්.... උතුරන කේතලය අසලට ගිය මා කීවෙමි......දුව ඉන්න මැගී හදයි.....මාව වලක්වමින් කී සුරන්ජිත්ගේ අම්මා.....චතුරිකා දුව කුස්සියෙ වැඩට කිසි කම්මැලි කමක් නෑ වගේ නේද ...මිසිස් බන්ඩාර.....නිමන්තිගේ අම්මාට පවසනු ඇසුනි.....මමනම් එච්චර දන්නෙ නෑ.....ඇය කීවාය.....චතුරිකා දුව උදෙම්ම ඇහැරිලා....කුස්සියට වෙලා මැගීට උදවුවෙනව.....ඒ වෙලාවෙ දුවත් එක්ක මේ ගැන කතාකලා....එතකොට තමා දැනගත්තෙ උයන්නත් පුලුවන් කියල.....ඒ විතරක් නෙවෙයිනෙ අනේ...... කෑම ජාති හදන්නත් පුලුවන්ලුනේ......ඇය පැවසූ විට.....ඇත්තද දුවේ මම මේ ගැන දැනගෙන හිටියෙ නෑනෙ.....නිමන්තිගේ අම්මා ඇසුවාය.....
උදෑසන ආහාරගත් අපි ලෝකාන්තය නැරබීම සඳහා පිටත්වුනෙමු.......ලෝකාන්තය නැරඹීම සදහා සෑහෙන දුරක් පයින් යෑමට සිදුවී ඇතිබව ගමන් කරන විට අවබෝධ විය.......තාත්තලා සහ අම්මලා අපිට පිටුපසින් පැමිනි අතර අපි ලමුන් පස්දෙනා ඉදිරියෙන් ගමන් කලෙමු......අජිත් සහ නිමන්ති එකටම ගමන්කරනු දුටුවෙමි.....අක්කා මා ලගින්ම ගමන් කිරීම සිරිතක් විය......සුරන්ජිත් චායාරූප ගනිමින් තනියම ගමන් කරන ආකාරය දැක ගැනීමට ලැබුනි......මොනවද මල්ලි ......මේ චතුරිකා නංගිට පාලුනෙ.... මොනව හරි කතාකර කර යන්නකෝ...සුරන්ජිත්ගේ අක්කා කීවාය......මොනව කතා කරන්නද අක්කෙ.....ඇයි අක්ක ඉන්නෙ කතාකරන්න.....ඔහු කීවේය.....බලන්නකො මල්ලි අර නිමන්තියි අජිතුයි ජෝඩු දාගෙන හිනාවෙවී යන හැටි......ඇයි මල්ලි..... ඔයත් ආස නැද්ද ඒ විදියට යන්න......අක්කා අජිත්ලව පෙන්වා කීවාය.....ඒ දෙන්න කැමතිනෙ අක්කෙ.....අකමැති අයත් එක්ක මට එහෙම යන්න බෑනෙ.....ඔහු මට ඇනුම් පදයක් ලෙස එල්ල කරමින් කීවේය.
No comments:
Post a Comment