Thursday, May 10, 2018


ආත් අම්මාගේ පාඩම 57............................ටික වේලාවකින් අපිට කෑමට පැමිනෙන ලෙස පනිවිඩය ලැබුනු නිසා කෑම ගන්නා ස්ථානයට ගොස් දහවල් ආහ්හාරය ගෙන....වික්ටෝරියා උද්‍යානය බලා පිටත්වුනෙමු......අපි නුවරඑලිය නගරයෙන් බැසගත් පසු මගේ අතින් අල්ලාගත් සුරන්ජිත්ගේ අක්කා....කවුරු නැතත් මේ නංගිනන් පරිසම් කරන්න ඕනැ.....මොකද මෙයාට කවුරුවත් නෑනෙ.....පැවසුවාය......මොකද නැත්තෙ අපිත් ඉන්නව.....ඇගේ මව මගේ හිස අතගාමින්කීවාය......නිමන්තිද මගේ අනිත් අතින් අල්ලාගත්තාය......චතුරිකා දුවට සීතලට අදින ඇදුමක් ගන්න ඕනැ කිව්ව නේද.....මේ ගමන්ම ඒකත් අරගෙන යමු......නිමන්තිගේ මව මතක් කලාය.....මේ නිසා අපි උද්‍යානයට යෑමට පෙර සාප්පු කිහිපයකට ගියෙමු.....මට ගැලපෙන ඇදුමක් තෝරාදුන් සුරන්ජිත්ගේ අම්මා එය ඇද බලන ලෙස දැන්වූවාය.....මා එය ඇන්දවිට ගනනට තිබුනි......මේකට සීතල එනව ගොඩක් අඩුයි ...එය පරීක්‍ෂා කර බැලූ සුරන්ජිත්ගේ තාත්තා එයට මුදල් ගෙවීමට සැරසුනාය......මම ගාව සල්ලි තියෙනව අන්කල්.....මා කරේ එල්ලාගෙන සිටි අත් බෑගයෙන් මුදල් අදිමින් කීවෙමි.......ඔය සල්ලි වලින් දුව ඉගෙන ගන්න ඕනැ ඒව ගන්නකො මේක මගෙන් තෑග්ගක්.......මෙච්චර ගානක් වියදම් කරල ඇයි මෙයාල මට මේක අරන්දුන්නෙ...සිතූ මා......එපා අන්කල් මේක ගොඩක් ගනන්නෙ.....මා එයට විරුද්ධ වෙමින් කීවෙමි.....ගන්න දුව අන්කල්ගෙ කැමැත්තනෙ.....සුරන්ජිත්ගේ අම්මා කීවාය......මා අකමැත්තෙන් මෙන් එය ලබාගෙන ඇදගෙන සිටි ජර්සිය ගලවා එය ඇදගත්තෙමි......මුලදී දැනුනු සීතල අඩුවී ඇතිබව දැනුනේ එය මුලින් ඇදසිටි ඇදුමට වඩා සීතල ඔරොත්තු දෙන බැවිනි.....කොහොම හරි චතුරිකා අපේ තාත්ත ගෙනුත් තෑග්ගක් ගත්ත......සුරන්ජිත්ගේ අක්කා සිනහසෙමින් පවසා ....ඔයාට කවුරුවත් නෑ කියල දුක හිතෙන්න ඇති.....කීවාය. .....අජිත් සහ සුරන්ජිත් අපි ඉදිරියෙන් යනුදුටු ....නිමන්තී.....අජිත් අයියේ අපිත් එනව හිමින් යන්න.....ඔවුන්ට කතාකලාය.....ඔවුන් දෙදෙනා අපි ලන්වෙන තුරු බලා සිට අපිත් සමඟ ගමන් කරන්ට විය......තාත්තලා සහ අම්මලා අපිට පිටුපසින් පැමිනෙන අයුරු දුටුවෙමි....නිමන්ති මට නොදැනුවත්වම මගේ අත ඇතහැර අජිත් අසලට ගිය බව දුටුවෙමි......එහෙත් සුරන්ජිත්ගේ අක්කා මගේ අත අත නොහැරම අල්ලාගෙන සිටියාය......අක්ක චතුරිකා නංගිට ආදරෙයි වගේ.........සුරන්ජිත් ඇසුවේය.....මේවගෙ ලස්සන අහින්සක නංගියෙක් දැක්කම කාටද මල්ලි ආදරේ නොහිතෙන්නෙ.....කී ඇය......නංගිටත් ඉතින් අපි හැර එයාගෙ කියල වෙන කවුරුවෙකුත් නෑනෙ......මාගැන අනුකම්පා සහගතව කියනු ඇසුනි......එහෙනම් ඉතින් නංගිව ගෙදර එක්ක යන්නකො.......සුරන්ජිත් සිනහසෙමින් කීවේය.....පුලුවන්නම් ගෙදරත් එක්ක යනව තමයි......කී ඇය.....කොහේද ඉතින් මටත් මල්ලිකෙනෙක් ඉන්නව එයාට කෙල්ලො ඇලජික්නෙ......සුරන්ජිත්ට ඇනුම් පදයක් එල්ල කරමින් කීවාය......ඔහු කිසිවක් නොකියා ලැජ්ජාවෙන් බිම බලාගත් අයුරු දුටුවෙමි.
අපි උද්‍යානයට ඇතුලුවී ලස්සන බලමින් ගමන් කලෙමු.....සුරන්ජිත් අපෙන් ඈත්වී චායා රූප ගන්නා අයුරු දුටු මා.....ඇයි අක්කෙ සුරන්ජිත්ට කෙල්ලො ඇලජික් කියල කිව්වෙ.....මා ඇසුවෙමි......ආපෝ එයා කෙල්ලෙක් යාලුකරගන්නව තියා කෙල්ලෙක් එක්ක කතාකරන්නත් ලැජ්ජයි..... පැවසුවාය.....මේ අක්ක කියන එක ඇත්තක් ද එහෙනම් සුරන්ජිත් මාත් එක්ක කතරගමදි කතාකලේ.....මගෙන් කැමතිදත් කියල ඇහුවෙ.....මා කල්පනා කරන්ට වුනෙමි.....හැබැයි ඒ වුනාට මෙහෙදිනම් ඒවගෙ එක වචනයක් වත් මා එක්ක කතා කලේ නෑ.....එදා ඒ අහපු ඒකට ලැජ්ජ හිතිලද දන්නෙ නෑ.....මා සුරන්ජිත් චායාරූප ගන්නා අයුරු බලමින් තව දුරටත් කල්පනා කලෙමි.....මොනවද මල්ලි එක එක ඒව පොටෝ ගන්න වෙලා අපිවත් ගන්නකො.....ඔහුගේ අක්කා කීවාය......එවිට ඔහු අපි දෙසට කැමරාව මානනු දුටුවෙමි....චායාරූපයට වදිනලෙස අක්කා මගේ කරේ අතදා ගත්තාය.....චතුරිකා ඔහොම ඉන්න කී අක්කා මගෙන් ඈත්වූවාය.....මල්ලි මෙයාගෙත් පොටෝ එකක් ගන්න.....මාව පෙන්වා කීවාය.....ඒක හරි නෑනෙ අක්කෙ.....ඔහු අදිමදි කලේය.....මොකද මල්ලි ඔයා ඔයතරම් කෙල්ලන්ට අකමැති......අක්කා පවසනු ඇසුනු අජිත්.....අක්කෙ මෙයා ඔය බොරු කරන්නෙ....ඔයාලට පේන හින්ද මෙයා චතුරිකා නංගි එක්ක කතා නොකරන්නෙ.....එදා කතරගමදි පැන පැන කතාකලේ....ඒකනම් ඇත්ත අක්කෙ....එදා... සුරන්ජිත් අයිය චතුරිකාට පුල් ලවු.......නිමන්ති එසේ පවසන විට මට බය සිතුනි.......නිමන්තිට විකාර අක්කෙ සුරන්ජිත් අයිය එහෙම නෑ.....මා බියපත්ව කීවෙමි. .....මල්ලිත් හිමිජ්ජ වගේ හිටියට මට බොරුනෙ කලේ.....ඇය එසේ පැවසූ විට ඔහුට බනීවි යනුවෙන් ඇතිවූ බිය තවත් වැඩිවිය.......චතුරිකත් මට හැන්ගුව.....ඇය මටද දොස් කියන්ටවිය.....දැන්නම් මහ විනාශයක් වෙන්න යන්නෙ......මේ නිමන්තිට කට තියාගෙන ඉන්න බෑනෙ........මට නිමන්ති ගැන තරහක් ඇතිවිය.....දැන් මොකකින් මොකක් වේවිදැයි නොදැන බියපත්ව බිමබලාගත්තෙමි.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: