ආත් අම්මාගේ පාඩම 98....................මොකක්ද දෙන්නගෙ බර කතාව කේක් කැබලි කිහිපයක් රැගෙන අපි දෙදෙනා අසලට පැමිණි ඇගේ අම්මා ඇසුවාය......මේ චතූ..... කියනව අම්මෙ එයාගෙ අම්මයි අක්කයි නිකමටවත් සුබපතන්න ආවෙ නෑ කියල......ඇත්ත නේන්නම් දැන් දවස් කීයක්ද නේද......මා දෙස බලා ඇසූ නිමන්තිගේ අම්මා.....මම පනිවිඩේ අරින්නම්කො දුවට සුබ පැතුවෙවත් නෑ කියල හිත නරක්කරගෙන ඉන්නෙ කියල..... කීවාය.... අපිට ටෙලිපෝන් එකක් තිබුනනම් මෙහෙම කරදරයක් නෑනෙ...ඩොක්ටගෙ ගෙදෙට්ට කෙලින්ම කතාකරන්න තිබුනනෙ . දුකෙන් මෙන් කී ඇය..එක ඉල්ලල දැන් කී කාලයක්ද ලූප් නෑ කියකියා ඉන්නව.....ටෙලිපෝන් ආයතනයටද දොස් කියන්ටවිය.
නිමන්තිගේ අම්මා අපි අසලින් ගියවිට මා නිමන්තිව අල්ලාගෙන මුහුන කිහිපවරක් සිපගත්තේ සිත තුල ඇතිවූ සතුටනිසාය....මේ මොකද මේ.... ඇය මගේ ග්රහනයේ සිටියදී පුදුමයෙන් ඇසුවාය....ඔයාගෙ මොලේ තමයි අනේ මොලේ.....දැන් ඕක දැන ගත්ත ගමන් අම්මයි අක්කයි මාව හොයාගෙන එනව.... මා කීවිට.....ඊට පස්සෙ මම එහෙ යනව ......සුරන්ජිත් අයියට අයි ලවු යූ කියනව.....ඊටපස්සෙ එයා මාව තුරූල් කරගෙන මගෙ මුහුන ඉඹගෙන ඉඹගෙන යනව මම ඇස්දෙක පියාගෙන එයාගෙ බෙල්ලෙ එල්ලිලා.... ප්‍රේම ලෝකෙ පියාඹනව......නිමන්තී ඇස්දෙක පියාගෙන ඉතුරු ටික සම්පූරන කරන්ට වූවාය.....නිමන්තී....ඇය ඇස් දෙක පියාගෙනම එය රඟපාන්ට වූනිසා ඇයට කතාකලෙමි......ඇය දෑස් ඇර බැලුවාය....මේ... මම අජිත් නෙවෙයි....මා කීවෙමි......මම දන්නව....... ඔයා ලවු කරන හැටි දන්නෙ නෑ කියල රඟපාල පෙන්නුවේ.....ඇය සිනාසෙමින් කීවාය.
නිමන්තිගෙ අම්මා පනිවිඩය යවන බව මා දැනගෙන සිටියෙමි මේ නිසා පසුදින මා ආක්කලා පැමිනෙන තෙක් මගබලමින් සිටින විට.....මොකද දුවේ ආයෙත් එහෙ යන්නද කල්පනාව ආත් අම්මා ඇසුවාය......ගිහින් සතියක් විතර ඉඳල එන්නද ආත් අම්මේ....මා ඇසුවෙමි.....මෙයාට දැන් මෙහාට වැඩිය එහෙ ලොකුයිනෙ..කී ඇය....හා හා ගිහින් එන්නකෝ.....ආත් අම්මාගේ අවසරය ලැබුනි. මා සිතා සිටි පරිදිම සවස පහවන විට අක්කා අම්මා සමග ආවාය.....අපේ දුව මග බලාගෙන හිටියෙ නෝනල ආවහම එහෙ යන්න ඕනැ කියල....අපිත් එක්ක එනවනම් ලොකු දෙයක් නේ කී අම්මා.....අපි ආවෙ දුවට සුබපතල යන්න.....එහෙනම් අපිට දුව වෙනුවෙන් පාටියකුත් දාන්න පුලුවන්.....අම්මා සතුටින් පැවසුවාය.....ඇදුම් මාරුකරගත් මා පිලියෙල කරගෙන තිබුනු ඇදුම් බෑගය රැගෙන ඔවුන් සමග ගියෙමි......සුපුරුදු පරිදි අක්කාගේ කාමරයේ නැවැතුනු මට දැන් අවශ්‍යය වූයේ සුරන්ජිත් මුනගැසීමටය.....එහෙත් ඔහු තවමත් මගෙන් මග හරිනාවානම් එය තරමක් අපහසු වියහැකි බව කල්පනා කලෙමි.....අද රෑවුනා හෙට කොහොම හරි හම්බවෙනව...... මා සිතාගත්තෙමි.....රාත්‍රී ආහාර වෙලාවේදී මා විශිස්ට ලෙස සමත්වීම සම්බන්දව තාත්තා සහ ලොකු අයියා මට අතට අතදී හද පත්ලෙන්ම සුබපැතූවද සුරන්ජිත් මගේ අතින්වත් නොඅල්ලා මගේ සුබපැතුම් කීවේ නොකියා බැරිකමට යැයි මට සිතුනි.....මොකද නංගි අපේ මල්ලි ඔයත් එක්ක ඔය තරම් තරහ.....එයා ඔයා විභාගෙන් පාස් උනාටවත් කැමති නෑ වගේනෙ මම බලාගෙන හිටිය කිසි ගැම්මක් නැතුවනෙ සුබ පැතුවෙ.....අක්කා කීවාය.....ඒ එයාගෙ හැටි වෙන්න ඇති අක්කෙ...මා කීවෙමි......හෙට සුරන්ජිත් ට මගේ කැමැත්ත ප්‍රකාශ කලහොත් ඔහුගේ මෙම හැසිරීමේ රටාවේ වෙනසක් දැකිය හැකි බව මා විශ්වාස කලෙමි.
පසුදින මා සවස පහ වනවිට ඔහු පැමිනෙන තෙක් බලා සියෙමි. ආක්කා පැමිනි විට මා සුපුරුදු පරිදි ඇගේ පොත් බෑගය අතට ගෙන කාමරයටගිහින් දුන්නෙමි.....ඊට සවල්ප වේලාවකට පසු සුරන්ජිත්ගේ වාහනය පැමිනෙනු දුටුවෙමි.....මා සෙමින් සෙමින් සාලය දෙසට ගියේ ඔහු කාමරය තුලට යෑමට පෙර මුන ගැසීමටය......ඔහු බැගය එල්ලාගෙන සාලය දෙසට එනුදුටු මගේ පපුව බියෙන් ගැහෙන්ට විය. එහෙත් මා දිරි මත්ව ඔහුගේ ඉදිරියට ගියෙමි.....අයියෙ මම විභාගෙ පාස්....මා බිය මුසු ස්වරයකින් කීවෙමි....මම ඒක දන්නව....ඒකනෙ සුබ පැතුවෙ.....ඔහු තරමක් සැර සවභාවයෙන් කීවේය....මම අයියට පොරොන්දුවක් උනානෙ....ඒක කියන්න හිටියෙ.....මා කීවිට....බෑ කියන්න නේද.....ඔහු සැරෙන් ඇසුවේය....නෑ අයියෙ.....හා....කියන්න.....මා එසේ පැවසූ විට සැර බාල කල ඔහු....එහෙනම් කමක් නෑ.....කිසිම සතුටකින් තොරව පවසා කාමරය දෙසට යන්ට විය....දැන් මට ඕනැ දේ කියාගත්තනෙ.....දැන් එයා ඕනැ තීරනයක් ගත්තාවෙ.....කල්පනා කරමින් කාමරයට ගියෙමි.....මේ වනවිට අක්කා නාන කාමරයේ නාමින් සිටි නිසා මා සුරන්ජිත් සමග කතා කල බව ඇයට දැන ගැනීමට නොහකිවිය.
අක්කා නාගෙන එලියට පැමිනි පසු මා අක්ක සමග තේබීම සදහා ගියෙමි....සුරන්ජිත්ද තේබීම සදහා පැමිනියත් ඔහු වෙනදා මෙන් මාව මග හැර නොගියේය......එහෙත් ඔහු මා දෙසවත් බැලුවේ නැත.....
නංගි අපේ මල්ලි අද එච්චර දරුනු නෑ වගේ....වෙනදට නංගිව දැක්කම නයාට අඳුකොල වගේනෙ...අද අපිත් එක්ක තේ බිව්ව.....ඒත් නංගි දිහානම් බැලුවෙවත් නෑ නේද....... අපි තේ පානය කර අවසානයේ අක්කා ගේ කාමරයට ගිය විට අක්කා කීවාය. ....මාත් එක්ක මොකක් හරි තරහක් තියෙන්න ඇති අක්කෙ....දැන් ඒක ටිකක් මග හැරිල ඇති..... මා කිසිවක් නොදන්නාක් මෙන් කීවෙමි.
මා පැමින දින තුනකින් ඉරිදා දිනයක් උදාවූ නිසා එදින සැමට නිවාඩු දිනයක් විය එදින රාත්‍රියේ මා වෙනුවෙන් සාදයක් සූදානම් කර තිබුණි.....එදින තාත්තාගේ සහ අම්මාගේ හිතව්තුන් කිහිප දෙනෙක්ද පැමින සිටින බව දක්නට ලැබුණි. පෙරදින අම්මා සමග සාප්පුවට ගොස් මිලදී ගත් වටිනා ගවුම සහ ආභරන පාටිය සදහා ඇදගැනීමට ලැබුණි....අක්කා නොයෙක් පාට ගල්වමින් මගේ මුහුන ලස්සන කල අතර නිය පොතුද රත්රන් පාටින් පාට කලාය....මේ නිසා මගේ රූමත් සිරුර තවත් ලස්සනවී සහ හැඩවී ඇතිබව කැඩපත තුලින් දැකගැනීමට ලැබුණි. පාටියේදී මට ගීත කිහිපයක් ගායනා කිරීමට සිදුවූ අතර අක්කා පියානෝව වාදනය කලාය...අම්මා වයලීනයෙන් සහ තාත්තාගේ යහලුවෙක් ටබ්ලා වාදනයෙන් සහාය ලබා දුනි. එදා නුවරඑලියේදී මෙන් නොව මා හොදින් ගායනා කලබව අම්මා සතුටින් පැවසුවාය.මා සතියකට නැවතීමට පැමිනියත් සියලුදෙනාගේ බලවත් ඉල්ලීම මත සති දෙකක පමන කාලයක්සිටීමට සිදුවිය...මේ ගැන ආත් අම්මට දන්වා යවා තිබුනු අතර ඇයගේ අකමැත්තක් නොතිබුනු බව දැනගැනීමට ලැබුනි.
මා මෙහි සිටින දිනවල තවදුරටත් සංගීතය ප්‍රගුන කලෙමි......දැන් මට සරල ගී කන්ඩ වයලීනය භාවිතා කර වාදනය කිසීමට හැකියාව ලැබුනි.....මේ අතර අම්මා මට යම්යම් රාග තාලද කියාදෙන්ට වූවාය.....මා මම නිවස තුල කාගෙත් ආදරය ලබමින් සිටියත් සුරන්ජිත්ගේ නොසැලකීම එසේම තිබුනි....එහෙත් ඔහු වෙනදා මෙන් මාව ප්‍රතික්ෂේප කරන බවක් දැන ගැනිමට නොලැබීම මගේ සිතට යම් සහනයක් ඇතිවිය.
No comments:
Post a Comment