ආත් අම්මාගේ පාඩම 81............මේ ඕව ගැන කල්පනා කරකර ඉදල වැඩක් නෑ අපි විභාගෙ වැඩ පටන්ගම්මු....කී මම.....පන්තියෙ ටියුට් ටික කලාද ඇසුවෙමි......අවුරුදුයි..... ගමනුයි..... හින්ද බැරිවුනානෙ....නිමන්ති කීවාය.....කෝ ගන්න ගන්න...... මා ඇයව දිරිමත් කලෙමි.
අපේ අවුරුදු නිවාඩු කාලය අවසන්වෙමින් තිබුනි.....දුවේ දැන් සදුද ඉදන් ඉස්කෝලෙ නේද....ඔන්න මම ඔයාගෙ ඉස්කෝලෙට අදින ඇදුම් ටික ලැස්තිකරල අල්ලපු කාමරෙන් තිබ්බ.....ආත් අම්මා කියනවිට....නිමල්ගෙ ඇදුම් ටිකද ආත් අම්මේ..... මා ඒවා මගේ නොවන සේ ඇසුවෙමි.....ඇයි ලමයෝ නිමල් කියන්නෙත් ඔයාම කියල අමතක උනාද.....ඇය ඇසුවාය....ඉස්කෝලෙ පටන්ගන්නෙ සදුදම කියල හරියටම මට මේ ජීවම් කරපු මන්තරේ දන්නෙ කොහොමද....මා පෙරදිනවල මෙන් කල්පනා කලෙමි....අනේ මන්ද මේව කොහොම වෙනවද කියල.....මා පුදුමයෙන් යුතුව කල්පනා කලෙමි.....ඉරුදින රාත්‍රී කෑම ගැනීමෙන් අනතුරුව....මා මෙතෙක් කලක් කන්පෙතිවල පැලදගෙන සිටි කරාබුදෙක ගලවා පෙට්ටියකට දැමුවේ හෙට උදෑසන සිදුවීමට නියමිත වෙනසට මුහුන දීම සඳහාය. පාන්දරින් අවදිවූ මා ඇදගෙන සිටි නයිට් ගවුම ඉවත් කර වෙනසට මුහුන දීම සදහා සූදානමින් සිටියෙමි.....සති කිහිපයක් මුලුල්ලේ නොවෙනස්වතිබුනු මගේ සුන්දර ගැහැනු සිරුර ක්‍රමයක් ක්‍රමයෙන් වෙනස්වෙනබව දැනුනි.....මෙතෙක්කල් මා ආදරෙන් රැක බලා ගත් පියයුරු දෙක සහ දිගු කෙස් කළබ නැතිවෙමින් යනවිට මගේ සිත තුලට විශාල දුකක් ඇතිවිය.....හිස්ව තිබුනු කකුල් දෙක අතර පෙදෙසෙන් පුරුෂ ලිංගය එලියට පැමීනීම නිසා අමුතු ආගන්තුක දෙයක් එල්ලෙනවාක් මෙන් දැනුනි.....නිමල්ගේ මුහුන බැලීමටවත් අකමැති වූ මා....කැඩපත අසලට නොගොස් වෙනදා මෙන් සාලුව ඉනවටා දවටාගෙන නාන කාමරය තුලට ගියෙමි.....දිගටම හැහැනු ඇදුම් ඇදසිටි මට පිරිමි ඇදුම් ඇඳීමට අකමැති බවක් දැනුනි .එහෙත් මා පාසල් යා යුතු බැවින් ඒවා අකමැත්තෙන් හෝ ඇදගත්තෙමි....කලක පසු මා නිමල් ලෙස පාසැල් යෑම සදහා මගට බැස්සෙමි.....චතුරීකා ලෙසගමන් කරනවිට තිබුනු උකුල පැද්දෙන ස්වභාවය නැතිවී ගොස් තිබුනු නිසා පැද්දීමකින් තොරව කෙලින් ගමන් කිරීමට හැකිවිය.....කෙල්ලෙක් විදියට පැද්දි පැදි යනකොට මීටවඩා කොච්චර ලස්සනද ...මා ගමන් කරන අතර තුර කල්පනා කලෙමි.....මා චතුරිකා ලෙස සිටි නිසා මගේ හැසිරීම් රටාව නිමල් ලෙස තබා ගැනීමට වැඩිපුර වෙහෙසක් දැරීමට සිදුවිය...මට දැන්මාව කෙල්ලෙක් උනාම කිසිම ගානක් නැතුව කෙල්ලෙක් විදියට හැසිරෙන්න පුලුන්....ඒත් කොල්ලෙක් උනාම කොල්ලෙක් වගේ ඉන්න තමයි හරිම අමාරු......මා සිතුවෙමි.....
පන්තියට ගොස් පිරිමි ලමුන් අතර සිටීමට සිදුවූ නිසා මෙතෙක් කලක් කෙල්ලන් අතර සිටි මට මහත් අමුත්තක් දැනුනි....මා අසල සිටින්නේ විරුද්ධ ලිංගිකයන් ලෙස සිතෙන්ට විය....ඔවුන් ඇගේ ගෑවුනු විටද ලැජ්ජවෙන් යුතුව එතනින් ඉවත්වුනෙමි.....මටත් ගැහැනු ලමයින් අතරට ගොස් වාඩිවීමට සිතුනේ ආශාවට නොව ඔවුන් මගේම ලිංගිකයන් ලෙස දැනුනු නිසාය....එහෙත් මට තිබෙන මේ පිරිමි සිරුර නිසා එසේ කල නොහැකිවී ඇත. මා පාසල නිමාවනතෙක් නොයිවසිල්ලෙන් සිටියේ ඉගෙනීමට තිබෙන අකමත්තෙන් නොව නැවත චතුරිකා බවට පත්වීමට තිබුනු බලවත් ආශාව නිසාය....දරාගෙන සිටින පිරිමි සිරුර බරක් මෙන් දැනුනු නිසාය.....පාසල නිමාවීමට සීනුව නාද කලවිට මගේ සතුටේ නිමාවක් නොමැති විය. ඉක්මනින්ම නිවසට ගොස් ඇදසිටි ඇදුම් ඉවත්කර ....චතුරිකා බවට පත්වන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියෙමි......පාසැල අවසන්වූ පසු මා ඉක්මනින් නිවසට පැමිනියත් ඔරලෝසුවේ කටු සෙමින් ගමන් කරන්නාක් මෙන් පෙනුනි......උදේ පැය අටත් හරි මේ විනාඩි පහනෙ ඉවසන්න බැරි....මා නොයිවසිල්ලෙන් කල්පනා කලෙමි......මේ ඔරලෝසුව නැවතිලාද මන් ද විනාඩි කටුව ඉක්මනට දෙකයි තිහට යන්නෙ නෑනෙ....මා ඔරලෝසුව දෙස බලගෙන සිතුවෙමි. විනාඩි දෙකයි....තව විනාඩියයි.....ඕ දැන් හරී.....මා සතුටින් යුතුව චතුරිකා පිලිගැනීමට බලා සිටියෙමි....ඩාන්.... යන හඩින් සාලයේ ඔරලෝසුවේ සීනුව නාද විය.....මාගේ වෙනස සිදුවන බව දැනුනි......කෙටි කොන්ඩය නැවත දිගුවිය....පියයුරු දෙක විශාල වනවිට මා ආදරයෙන් ඒවා අතගෑවෙමි....අත් පා සිහින් විය. පාට වැටුනි.උකුල් පෙදෙස මහත්වී ඉන සිහින් විය රලුවට තිබුනු මුහුනේ සම තුනී වී සුමට විය....මා එම සිනිදු සම ආදරයෙන් අතගෑවෙමි......මෙතෙක් වේලාවක් ආගන්තුක අවයවයක් ලෙසට දැනුනු පුරුෂ ලිංගය සිරුර තුලට ගිලාබැස එම ස්තානයේ හිස් බවක් දැනෙන්ට විය.....දිගුවූ කොන්ඩය ඉදිරිපසට ගත් මා එය ආශාවෙන් අතගෑවෙමි.....ඉක්මනින් කැඩපත දෙසට ගිය මා රුව නැරබූවෙමි.....චතුරිකා ගේ සියුමලි පිවිතුරු සිරුර නැවත දැක ගැනීමට ලැබුනි.....කැඩපතට මුහුන ලංකර ඇයව ආදරයෙන් සිපගත් මා නැවත සුපුරුදු ගැහැනු ඇදුම් ඇදගත්තෙමි.
දුවේ ආයෙත් පන්ති පටන්ගන්නෙ කවද්ද.....කුස්සියට දෙසට ගිය පසු ආත් අම්මා ඇසුවාය.....හෙට පටන්ගන්නව ආත් අම්ම....ආව ගමන් කාල යන්න ඕනැ....මා කීවෙමි.....පසුදා සිට අපේ පන්ති පටන් ගත් අතර මගේ යෙහෙලියන් නැවත ඇසුරු කිරීමට හැකිවිය.....ඒයි චතු.......ඔයා දන්නවද වැඩක්....දිනක් ඇය සතුටින් කීවාය...මොකක්ද මා ඇසුවෙමි.....ඊයෙ හවස අජිත් අපේ ගෙදර ආවනෙ.......ඇය කීවාය........තනියමද ආවෙ....මා ඇසුවෙමි......නෑ අනේ සුරන්ජිත් එක්ක...ඇය කීවාය.....සුරන්ජිත් එක්ක ආව....මා පුදුමයෙන් ඇසුවෙමි.....ඔව්...මම ඇහුව ඔයාව හම්බවෙන්න යනද කියල.....දැන් පරක්කුවෙන හින්ද වෙනදවසක එන්නම් කිව්ව....ඇය එසේ පවසන විට ...මගේ මුලු සිරුරම කඩාවැටුනාක් මෙන් දැනෙන්ට විය......මෙච්චර ලගට ඇවිල්ලත් ඇයි මාව බලන්න ආවෙ නැත්තේ.....මට දුක සිතුනි.....එයාට මා ගැන චූටි හරි ආදරයක් තිබුනනම් මාව බලන්න එනව.....ආත් අම්ම කියන එක එක අතකට ඇත්ත.....ඔය ගමන් වලදි හදුන ගන්න යාලුවො තාව කාලිකයි. යාලුකම ඒ වෙලාවට විතරයි....මෙයාලත් ඒ ජාතියෙ තමයි....මා දුක්බරව කල්පනා කලෙමි.....මොනවද ඔයා කල්පනා කරන්නෙ.....සුරන්ජිත් ආව නැති එකටද.....නිමන්ති ඇසුවාය......මට ඕනැ ඇති සුරන්ජියෙක් නෑ අනේ...මට ඕනැ විභාගෙ පාස් කරගන්න....එයා ආවත් එකයි මට නාවත් එකයි......මගේ සිතට නැගුනු ආවේගය පාලනය කරගත නොහැකිව එසේ කියවුනි.....ඕකට ඔය තරම් තරහ ගන්න එපා අනේ එයා වෙලාවක එයි.....ඇය පැවසුවාය.
මා මෙසේ තරහා ගත්තත් ඇයි මම එයා නාවට තරහා ගන්නෙ.....මෙයාල හිතාගෙන හිටියට මම ඇත්තටම ගැහැණු ලමයෙකුත් නෙවෙයි. එහෙම එකේ මම කොහොමද සුරන්ජිත්ට බලාපොරොත්තු දෙන්නෙ....නාව එකම තමයි හොද..ඔහොම්මම මාව අමතක කරල දානවනම් තවත් හොදයි.....පසුව මා කල්පනාකලෙමි.
No comments:
Post a Comment