ආත් අම්මාගේ පාඩම 55.....................අම්මෝ සිතල..... බසයෙන් බිමට බැස මගේ සිරුර බදාගනිමින් කී නිමන්ති....හරි ලස්සන තැනක් නේද අනේ......වටපිට නරබමින් ඇසුවාය.......චතුරිකා දුව මේ සීතලට හුරු නැති හින්ද ඉක්මනට ඇතුලට ගිහින් සුවිටර් එකක් ඇදගන්න......නිමන්තිගේ අම්මා පැවසුවාය.....මා ගෙන ආ ඇදුම් බෑගය ගැනීම සඳහා බසයට නැගීමට සූදානම් වනවිට.....මාව දුටු සුරන්ජිත්.....ඔයාල ඇතුලට යන්න අපි බෑක් ගෙනත් දෙන්නම් කීවේය....නිවස බලා ගෙන සිටි සේවකයා දොර විවුර්තකර දුන් පසු අපි නිවස තුලට ගියෙමු.....අපේ බෑග් සහ ගෙනා උපකරන සාලය තුල තබනු දුටුවෙමි......තම තමනේ බෑග් අතට ගත් සියලු දෙනාම කාමර තුලට යන්ට විය.......නිමන්ති යන කාමරයට මට යෑම සදහා මා නිමන්ති දෙස බැලුවෙමි...එහෙත් ඇය ඇගේ දෙමාපියන් ගිය කාමරය තුලට යනු දුටුවෙමි....පවුල් තුනම කාමර තුනකට ගිය අතර.....අජිත් සහ සුරන්ජිත් දෙදෙනාම වෙනම කාමරයකට ගිය අයුරු දක්නට ලැබුනි......මම යන්නෙ මොන කාමරේටද නිමන්තිගෙ එකට යන්නත් බෑ එයාගෙ අම්මයි තාත්තයි ඉන්නෙ ඒක ඇතුලෙ......මා ඇදුම් බෑගය ලග තබාගෙන කල්පනා කලෙමි......ඇතුලට ගිය අය එලියට එන බවකුත් නැත....සාලයේ තිබුනු සැටියේ වාඩිවූ මා.....මටත් අම්මෙක් තාත්තෙක් හිටියනම් කාමරයක් හම්බවෙනවනෙ.....තනියම ආව හින්දනෙ මෙහෙම වුනේ......මා දුක් මුසුව කල්පනා කලෙමි.......නිමන්ති මගේ හොදම යාලුව වෙලත් එයත් මාව මග ඇරියනෙ.....සිතූ මා නිවසේ කුස්සිය දෙසට ගමන් කලෙමි.....නිවස බලාගන්නා පුද්ගලයා කුස්සියේ සිටිනු දක්නට ලැබුනි......ඔහු උයන කාන්තාවට නොයෙක් උපදෙස් දෙමින් සිටියේය......අන්කල් මේ ගෙදර තියෙන්නෙ මේ කාමර හතර විතරද.....මට කාමරයක් අවශ්‍ය නිසා ඇසුවෙමි....උඩ තට්ටුවෙත් එකක් තියෙනව......මෙම නිවස තනිතට්ටුවේ නිවසක් ලෙස පෙනුනද උඩතට්ටුවක් ද ඇතිබව දැන ගත්තේ එවිටය....මට ඒක ඇරල දෙන්න පුලුවන්ද මා ඇසුවෙමි......අනේ බේබි ඒකෙ බේබිට තනියම ඉන්න බෑ...ඔහු කීවේය...ඇයි බේබිගෙ අම්ම තාත්ත ආවෙ නැද්ද.....උයන කාන්තාව ඇසුවාය.....මට එයාල නෑ......එතකොට ඔයා ආවෙ අපේ දොස්තර මහත්තෙල එක්ක නෙවෙයිද ...ඔහු පුදුමයෙන් මෙන් ඇසුවේය....එයාල එක්ක තමයි.....මම නිමන්තිගෙ යාලුවෙක්.....මා පිලිතුරු දුන්නෙමි.......ඉතින් ඒ යාලුව කෝ......කුස්සියේ අම්මා ඇසුවාය......එයා එයගෙ අම්ම තාත්ත ඉන්න කාමරේට ගියා......මට කතා කලේ නෑ......මා දුකෙන් මෙන් කීවෙමි...ඒක හරි වැඩක්නෙ...එතකොට ඔයා ඉන්නෙ කොහේද......කල්පනා කල ඔහු.....පොඩ්ඩක් ඉන්නකො මම අපේ දොස්තර මහත්තයට කියල බලන්නම්.....ඔහු පොරොන්දුවිය.......ජෝන් අන්කල් අපිට තේටිකක් ලෑස්ති කරන්න......සුරන්ජිත්ගේ කටහඩ ඇසුනු මා ඔහු දෙස බැලුවෙමි......ආ චතුරිකා නංගි මොකද මෙහෙ.......මාව දුටු ඔහු ඇසුවේය.......මේ බේබිත් ආවෙ පොඩි මහත්තෙල එක්ක නේද.......ඔවු අන්කල්....ඔහු කීවේය......මේ බේබිට කාමරයක් නැතිලු...........ඇයි ඔයාගෙ යාලුව නිමන්ති එක්ක නෙවෙයිද හිටියෙ......ඔහු පුදුමයෙන් මෙන් ඇසුවේය.....එයා බන්ඩාර අන්කල්ගෙ කාමරේනෙ.....මා කීවෙමි.....එතකොට යාලුව ගැන බැලුවෙ නෑ....පුදුමයෙන් මෙන් ඇසූ ඔහු.....එන්නකො ටිකක්....... ඔහු මා සමග ඔහු සිටින කාමරය දෙසටගොස් දොර ඇරියාය.....මම දැන් කෙල්ලෙක්නෙ....මට පුලුවන්ද මේ කොල්ලො දෙන්න එක්ක එක කාමරේ ඉන්න.....ආපසු හැරුනු මා ඇදුන් බෑගය අසල සැටියේ වාඩිවී මට සිදුවුනු දේ ගැන දුක්මුසුව කල්පනාකරන්ට වුනෙමි.......මචන් චතුරිකා නංගි පවු බන්....... එක්ක ආවනම් එයා ගැනත් බලන්න ඕනැනෙ.....සුරන්ජිත් පවසනු ඇසුනු මා ඇඩුම් ඒමට ආසන්නව තිබුනු දෑස්වලින් ඔහු දෙස බැලුවෙමි......ඇයි නිමන්ති කෝ.....අජිත් තරහෙන් මෙන් ඇසුවේය......මා කිසිත් නොකියා දැන්නෙ නෑ යනුවෙන් අතින් සඤඤා කලෙමි......නිමන්තිගෙ අම්මත් මෙයාගැන හොයන්නෙ නැද්ද......කී සුරන්ජිත්......මචන් දැන් අපිට කරන්න තියෙන්නෙ මෙයාට අපේ කාමරේ දීල . උඩ කාමරේට යන්න....මේ නංගිට ඒකෙ තනියම ඉන්න බෑනෙ ....කමක් නෑ අයියෙ අයියල කොහේවත් යන්න එපා මම මොකක් හරි කරන්නම්...තව පොඩ්ඩකින් නිමන්තිගෙ අම්ම එලියට එයිනෙ.......මා හැඩුම්බරව කීවෙමි......අපි කියනවට ඔයා එන්නකො මේ කාමරේට .....සුරන්ජිත් මගේ ඇදුම් බෑගය අතට ගෙන පැවසුවේය.....මා කනගාටුවෙන් යුතුව කාමරය තුලට ගිය අතර ඔව්න් ඔව්න්ගේ බෑක් අතට ගෙන ඉහල කාමරයට යනු දුටුවෙමි...මට දැන් මේකෙ තමයි තට්ට තනියම ඉන්න වෙන්නෙ.......ගෙදර තනියම ඉන්නෙ ඒ කාමරේ ඉස්සර ඉදන් පුරුදු හින්ද.....මම කොල්ලෙක් විදියට හිටියනම් කොහෙත් එකයි.....ඒත් මම වගේ ගැහැනු ලමයෙක් මේවගේ නුපුරුදු තැනක තනියම ඉන්නෙ කොහොමද ....මා දෑස්වල කදුලු පිසදමමින් කල්පනා කලෙමි..අනතුරුව.... කාමරයේ දොර අගුලු දමා වසාගෙන නාන කාමරය තුලට ගියෙමි......
No comments:
Post a Comment