ආත් අම්මාගේ පාඩම 103................එතකොට ආත් අම්මෙ තව අවුරුදු පහකින් මාව ආයෙත් නිමල් වෙයිද....මා දුක් මුසුව ඇසුවෙමි.....ඒකට බයවෙන්න දෙයක් නෑ....කට්ටඩි මහත්තය ඒකටත් ක්රමයක් කියල දුන්න.....ඒ ක්රමේට ආයෙත් වෙනස් වෙන්නෙ නැහැල්ලු....මටත් ඒක කරල ඔයාව ආයෙත් වෙනස් නොවෙන්න කොල්ලෙක්ම කරන්න තිබුන....ඒත් එදා කට්ටඩි මහත්තය කිව්වනෙ බලෙන් කරන්න යන්න එපා කියල....එහෙම කලොත් ගැටලුවක් වෙයි කියල.....ඒ හ්න්ද මම එහෙම කලේ නෑ.....ඒත් එයා කිව්ව එක ඇත්තද කියල බලන්නත් එක්ක පෙරේදා ඔයාව අක මැත්තෙන්ම කොල්ලෙක් බවට පත්කලා.....මම එදාම තේරුම් ගත්ත...එහෙම කලොත් ඔය ළමය හිටියටත් වඩා නරක් වෙනබව....මම ඊයෙත් බලාගෙන හිටිය දැන්වත් කොල්ලෙක් විදියට හිත හදාගනියි කියල...ඒත් මට තේරුණා ....මම හිතන විදිය වැරදියි කියල.....ඒ හින්ද මම අද උදෙන්ම කටුව ගලවලා ගැහැණු රූපෙට ගැහුව.....ඇය පවසන්ට වූවාය......ඉතින් ආත් අම්මෙ කියන්නකො..... වෙනස් නොවෙන විදියට දිගටම ගැහැණු ලමයෙක් විදියට ඉන්න කරන්න ඕනැ දේ........මා ඇසූවිට. දිගු සුසුමක් පිටකල ඇය........අනේ මන්ද දුවේ ....මම ඒක කියාදුන්නොත් මම දන්නව ඔයා ආයෙත් පිරිමි ලමයෙක් නොවෙන්නම ඒක කරගන්නව කියල....මම දන්නව මට ආයෙත් ඒ නිමල් පුතාව කවදාවත් දකින්න හම්බවෙන්නෙ නෑ කියල.....ඇය දුක් මුසුව කියන්ට වූවාය.....එහෙම කරගන්න තව අවුරුදු පහක්ම තියෙනවනෙ ආත් අම්මේ.....මම දැම්ම ගෑණු කම ස්තීර කරගන්නෙ නෑ....මා ආත් අම්මාට පොරොන්දුවූවෙමි....ඔහොම කිව්වට මට විස්වාසනෑ.....ඔයා ඒ තරමට ඔය ගැහැනු කමට වහවැටිල ඉන්නෙ කියල මට තේරෙනව.......තරහෙන් මෙන් පැවසූ ඇය ....මටනම් හිතාගන්නවත් බෑ.....කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න මේතරම්ම කැමතිවුනේ ඇයි කියල....හැමෝම කියනවනෙ පිරිමි ජාතිය උතුම් කියල....ගැහැනු ජාතිය පහත් කියල....පිනට ලැබුනු ඒ උතුම් පිරිමිකම අයින් කරල ඇයි ගැහැනු වෙලා පහත් තත්වෙකට පත්වෙන්න හදන්නෙ...ඇය නැවත පිරිමි ජීවිතයේ වටිනාකම කියවන්ට වූවාය......ඇය හදන්නේ අවසාන මොහොතේ හෝ මාව පිරිමියෙක් වීමට කැමති කරවාගැනීමට බව මට තේරුනි.....පිරිමි උසස් ගැහැණු පහත් කියල එකක් නෑ ආත් අම්මෙ.....ඒ ඔක්කොම බමුනු මත.....ගැහැනු උනත් පිරිමි උනත් අපි ඔක්කොම මනුස්සයො ආත් අම්මෙ.... ඇයට විරුද්ඩව කී මා..... ඉතින් ක්රමය කියන්නකෝ.... ආත් අම්මේ....මම පොරොන්දු උනානෙ දැම්ම ගැහැනු කම ස්ථීර කරගන්නෙ නෑ කියල.....මා කීවෙමි......මම කැමති උනත් නැතත් ඒක කියාදෙන්නම්කො කී ඇය.....ඔයාට පිරිමි ලමයෙක් වෙන්න ඔන්නම්.....පිරිමි රූපෙට කටුව ගහල පිරිමි ලමයෙක් උනාට පස්සෙ.....ගැහැනු රූපෙ පැගිරි දර දාල පුච්චන්න....පැගිරි දර කිව්වෙ.....දෙහි දොඩම් නාරම් ගස්වල දර...ඊට පස්සෙ පිරිමි රූපෙ තියනවනෙ ඒකට කහ දියර ඉහල සුවද පැන්වලින් නාවලා.....බොහෝම ගවුරවයෙන් හිස මත තියාගෙන ගිහින් ගලාගෙන යන වතුරකට දන්න.....මේක කරන්න ඕනැ....කෙම්මුර දවස් දෙකේ උදේ වරුවෙ....කෙම්මුර දවස් කිව්වෙ....බදාද සෙනසුරාදා දවස් දෙක.....ඇය විස්තර කරන්ට වූවාය.....ඕක කොල්ලෙක් වෙන්නනෙ......කෙල්ලෙක් වෙන්න මොකද කරන්නෙ.....මා මට අතයාවශය දේ ඇසුවෙමි......මට තේරෙනව.....ඒක තමයි ඔයාට ඕනැ කරන්නෙ කියල .......පැවසූ ඇය......ගැහැනු රූපෙට කටුව ගහල පිරිමි රූපෙ අර කිව්ව විදියට පුච්චන්න....ඊට පස්සෙ ගැහැනු රූපෙ කිව්ව වගේ....කහ දියරෙන් හෝදලා සුවද දියරෙන් නාවලා.....බොහෝම ගවුරවයෙන් හිසේ තියාගෙන ගිහින්....ගලන වතුරට දාන්න...කී ඇය..ඊට පස්සෙ හිතාගන්න ආයෙත් කවදාවත් ඔයාට පිරිමියෙක්නම් වෙන්න හම්බවෙන්නෙ නෑ කියල...ඇය අවසන් වචන කිහිපය පැවසූවේ මා බිය ගැන්වීමේ අරමුනෙන් බව පහැදිලි විය......මටත් ඕනැ වෙන්නෙ ඒකමනෙ ආත් අම්මේ....මා කිසිවක් නොකියා සිතින් කීවෙමි.
සියලු රහස් කියාදුන් ආත් අම්මා ඒවා නැවත රතු රෙද්දෙන් ඔතා මා අතට දුන්නාය.......දැන් ඉතින් මේටික අරන් ගිහින් ඕනැ දෙයක් කරගන්නව....ඇය එසේ කීවේ.....හිතේ සතුටින් නොවන බව පෙනුනි. ... ඉතා ආශාවෙන් එම පාර්සලය අතට ගත් මා යන්ට සූදානම් වනවිට...ඕව ටික කොහේද තියන්න ඕනෙ කියල දන්නවද....ඇසුවාය.....මා එය නොදන්නා බැවින් ඇය දෙස ගැටලු කාරීව බැලුවෙමි....පහතින් තිබ්බොත් ඕකට කිලි වදින්න පුලුවන් ඒ හින්ද අතේ මට්ටමට වැඩි උසකින් තියන්න ....කී වාය.....මා එය රැගෙන ගොස් මෙය තැබීමට සුදුසු ස්තානයක් බැලුවෙමි.....මා සිටි කාමරයේ එක් ස්ථානයක සිවිලිම සහ බිත්තිය අතර කවුලුවක් තිබුනි.....මා නිමල් කල යම්යම් දේවල් සඟවා තැබුවේද එය තුලය......මේක මෙහෙම්ම තිබ්බොත් මීයෙක්වත් කයිද දන්නෙ නෑ සිතූ මා....එය ලොකු බිස්කට් ටින් එකක තැන්පත් කර හොදින් වසා කවුලුවේ තැබුවෙමි....එම කවුලුව වෙත ළඟාවිය හැක්කේ මේසයක් මතට නැගීමෙන් නිසා කිසිවෙකුට හසු නොවේවි යයි මගේ විශ්වාසයක් තිබුනි. දැන් ඉති මට කවදාවත් නිමල් වෙන්න ඕනැ නෑ....සිතූ මා....ගැහැනු කම ස්ථීර කරගැනීමේ ක්රියාවලිය සිදුකර ගනිම්දැයි කල්පනා කලෙමි.
No comments:
Post a Comment