ආත් අම්මාගේ පාඩම 102................මා රාත්‍රියේ නින්දට ගියේ. පසුදා දිනය ගැන විශාල බලාපොරොත්තුවක් සිත තබාගෙනය. ඊයේ මාව නිමල් බවට පත්වූ පසු කැඩපතින් මගේ පිරිමි රුව දෙස බැලුවත් නැවත එය දෙස බැලීමටවත් එපාවී තිබුණි. පුරුෂ ලිංගය කකුල් දෙක අතර පැවතීම මහත් කරදරයක් ලෙස දැනෙන්ටවිය. මට චතුරිකාගේ සුන්දර රුව තුලට යන තෙක් ඉවසීමක් නොමැතිවිය. මා මෙවා කල්පනා කරමින් සිටිනිසා නින්ද යනවිට සෑහෙන්න රෑබොවී තිබුනි. උදේ පාන්දර පිබිදුනු මා බලාපොරොත්තු සහගත ලෙස සිරුර දෙස බැලුවෙමි. එහෙත් තවමත් වෙනස් වී නොතිබුනි . මා වෙලාව බැලුවෙමි. හයට තව පැය කාලක් තිබුණි.....හය වෙනකන් බලමුකො.....කල්පනාකල මා නැවත ඇදේ ඇල්වුනෙමි....ටිකක් වෙලා ගතවිය....මගේ සිරුරට අමුත්තක් සිදුවන බව දැනුනි. වෙනදා ගැහැනු ලමයෙකු බවට පත්වන විට දැනෙන සිරුර අතුලට සංකෝචනය වීම හොදින් දැනෙන්ට විය. වැඩේ හරි වගේ.....මා සතුටින් යුතුව අතදෙක සහ පපුව දෙස බැලුවෙමි. ඒවා වෙනස් වෙමින් තිබුණි....ලිංගේන්ද්‍රයද සිරුර තුලට ඇදගන්නා බව දැනුනි....මාව ආයෙමත් චතුරිකා වෙනව..... අනේ මගේ චතුරිකා..... මා සතුටින් යුතුව වෙනස්වෙමින් පවතින සිරුර ආශාවෙන් අතගාන්ටවුනෙමි. ඇඳගෙන සිටි සරම ගලවා විසිකල මා නිරුවතින්ම කැඩපත ඉදිරියට ගියෙමි. මේවනවිට මාතුල ඇතිවූ වෙනස්වීම සම්පූර්ණවී තිබුනි. මගේ රූමත් සියුමැලි අහිංසක නිරුවත් ගැහැණු සිරුර කැඩපතින් දිස්වන්ටවිය. මා චතුරිකා බවට පත්වූ බව සත්‍යය වසයෙන්ම දැනගත් මා නැවත ඇයට හිමි ඇදුම් පැලදුම් ඇදගත්තෙමි. ටික වෙලාවක් කැඩපත තුලින් මගේ හැඩබලමින් සිට නාන කාමරය තුලට ගියෙමි.
ආ ආවද....අනතුරුව මා කුස්සිය දෙසට ගිය පසු ආත් අම්මා මාදෙස බලා පවසා.....දැන් සතුටු ඇතිනේද ......අමනාපයෙන් මෙන් ඇසුවාය.....එයට පිලිතුරු නොදුන් මා.....මොනවද ආත් අම්මෙ හදන්නෙ ඇසුවෙමි.....පිට්ටු ටිකක් හදන්න කල්පනාකලේ......ඇය පිටි පැකට් එක අතට ගෙන පැවසුවාය.....මා පොල් ගෙඩියක් ගෙන එය දෙකට බිද එයට අවශ්‍යය පොල්ටික ගාන්ට වුනෙමි.
උදැසන ආහාරයෙන් පසු ආත් අම්මා මාව ඇගේ කාමරය තුලට එක්ක ගියාය.....මම ඔයාව ගැහැනු ලමයෙක් බවට පත් කලාට මම කවදාවත් හිතුවෙ නෑ ඔයා ගැහැණු කමට මේතරම් කැමති වෙයි කියල......මම හිතුවෙ ඉක්මනට ඔයාව ආයෙත් කොල්ලක් කරන්න කියල මට කරදර කරයි කියල....ඔයා විභාගෙන් පාස්වුනාට පස්සෙ ඔයාව නිමල් කරන්න කියල මගෙන් ඉල්ලයි කියල මම හරි සතුටින් හිටියෙ. ඒත් ඔයාට ආයෙ පිරිමිකම එපා කිව්වම මගේ හිත එහෙම පිටින්ම නරක්වුනා....මට ප්‍රශ්නයක් උනේ ඇයි පිරිමි ලමයෙක් වෙලා නිදසේ හිටිය ඔයා ගැහැනු ළමයෙක් වෙලා ඒ නිදහස නැතිකරගන්න හදන්නෙ කියල.....ඇය මෙසේ පවසමින්......අල්මාරිය ඇර එහි ඉහලම තට්ටුවෙන් කුමක් හෝ පාර්සලයක් අතට ගත්තාය.....එය මේසය මත තැබූ ඇය.....එය ඔතාතිබුනු රතු පැහැති රෙදි කැබැල්ල සෙමින් දිගහරින්ට විය.....මෙන්න මේක තමයි ඔයාව ගැහැණු ලමයෙක් කරන රහස....එය දිග හැර එය තුල තිබුන දේවල් පෙන්නුවාය. එහි ඉටියෙන් සාදන ලද මිනිස් රූප දෙකක් තිබුනු අතර ඒවා අඟල් තුන හතරකට වඩා විශාල නොවුනි. මා හොදින් ඒවා දැස බලන විට එක් රූපයක් පිරිමි රූපයක් බව එහි නිර්මානය කර තිබුනු පුරුෂ ලිංගයෙන් පැහැදිලිවිය. අනික පියයුරු දෙක නිර්මානය කර කාන්තාවක් ලෙස හැඩගන්වාතිබුනි.....දිගු කොන්ඩයක්ද ඒ සමගම නිර්මානය කර තිබුනු බව දැක ගැනීමට ලැබුනි....මේක තමයි ගැහැනු රූපෙ මේක තමයි පිරිමි රූපෙ....මට පැහැදිලි කල ඇය...කට්ටඩි මහත්තය කිව්ව විද්යට මේව හදල තියෙන්නෙ...මී ඉටි..... කනෙයි ඉටි.... බබර ඉටි... දෙබර ඉටි වගේ ඉටි වර්ග කිහිපයක් එකතු කරලලු.....දුවට පේනවද මේ ගැහනු රූපෙ ඇගට කටුවක් ගහල තියෙනව....ඒ කටුව පස්ලෝ කටුවක්ලු.....කට්ටඩි මහත්තය මේවට හොදට මතුරල තියෙන්නෙ. මේ කටුව මෙතනින් ගලවල....පිරිමි රූපෙට ගැහුවම ඔයලමය පිරිමි ලමයෙක් වෙනව. ආයෙත් ගැහැනු රූපෙට ගැහුවම ගැහැනු ලමයෙක් වෙනව....මම මෙච්චර කල් කලේ මට ඕනැ ඕනැ වෙලාවට ඔයාව පිරිමි ලමයෙක් හරි ගැහැනු ලමයෙක් හරි කරන එකයි....මම මීට පස්සෙ ඔයාව ගැහැනු ලමයෙක්වත් පිරිමි ලමයෙක්වත් කරන්නෙ නෑ....මේ ටික අරන් ගිහින් ඔයාට ඕනැ විදියකට ඉන්න එකයි ඇත්තෙ....ඇය දුකෙන් මෙන් දිගු සුසුමක් පිටකරමින් කීවාය......මෙච්චර කල් මටත් පුදුම හිතුනනෙ .....මාව පිරිමියෙක් වෙන්න ඕනැ වෙලාව... ගැහැනියෙක් වෙන්න ඕනැ වෙලාව කොහොමද කට්ටඩි මහත්තය මට මතුරපු මන්තර බලය දැනගන්නෙ...කියල.....දැනුයි මේකෙ රහස හරියට තේරුනේ....ඒත් මට ඊයෙ පෙරෙද සැක හිතුන ආත් අම්මට ඕනැ වෙලාවටයි මාව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කරන්නෙ කියල......මා සිතමින් සිටිනවිට ආත් අම්මා නැවත ඒවා රතු රෙදි කැබැල්ලෙන් ඔතන්න වූවාය.....ආ මට තව එකක් කියන්න අමතක වුනානෙ..... පැවසූ ඇය....කට්ටඩි මහත්තය කිව්ව මේකෙ මන්තර බල තියෙන්නෙ අවුරුදු හතයි කියල...දැන් අවුරුදු දෙකක් ගියා.....තව තියෙන්නෙ අවුරුදු පහයි.....කීවාය....ඊට පස්සෙ මොකද වෙන්නෙ.....මා ඇසුවෙමි.....ආයෙත් ඔයාව හිටපු තත්වෙට පත්වෙනව.....ඇය එසේ පැවසූ විට.....හරි වැඩේනෙ.....දැන් මම චතුරිකා වෙලා හිටියට....තව අවුරුදු පහකින් ආයෙත් මාව නිමල් වෙනවනෙ....දැන් මොකද කරන්නෙ...... මගේ සිතට දැඩි බියක් ඇතිවිය.බියක් ඇතිවිය.
No comments:
Post a Comment