ආත් අම්මාගේ පාඩම 65.................මොනවද මල්ලි..... ඔයා උඩට වෙලා බලාගෙන ඉන්නව..... අපිමේ නැගගන්න බැරුව දඟලනව.......එතරම් අපහසු ස්ථානයක් නොවුනත් ඇය එසේ පැවසුවේ ගැහැණු මායම නිසාය......අයියෝ අක්කෙ ඕකවත් නැගගන්න බැරිද.....අපි අසලට පැමිනි සුරන්ජිත්, අක්කා දෙසට අත දිගුකරමින් ඇසුවේය.....ආයෙත් මට අත දෙනව ඉස්සෙල මේ නංගිට අත දීල ඉන්න.....පවුනෙ මල්ලි.....ඇය පැවසූ නිසා ඔහු මා දෙසට අත දිගුකලේය. කිසිවක් කල්පනා නොකල මා ඔහුගේ අත අල්ලා ගත්තෙමි....මා අපහසුවෙන් මෙන් සෙමින් උඩට ගියේ ටික වේලාවක් ඔහුගේ අතින් අල්ලාගෙන සිටීමට ඇතුවූ ආශාව නිසාය....අක්කා නතරවී අපිදෙස සිනාසෙමින් බලා සිටින අයුරු දුටුවෙමි.....මා නොසිතූ ලෙස පය ලෙස්සා වැටෙන්න ගියවිට අනිත් අතින් සුරන්ජිත්ගේ අත තදින් අල්ලා ගත්තෙමි.....පරිස්සමින් අඩිය තියන්න නංගියේ.... කී ඔහු මගේ ඉන පෙදෙසෙන් අල්ලා ඉහලට ගන්ට විය.......මා උඩට ගත් පසු අක්කා තනියම ඉහලට පැමිනෙන අයුරු දුටුවෙමි......මෙයාට බැරි උනාට අක්කනම් කිසි ගානක් නැතුව ආවනේ...සුරන්ජිත් පැවසුවේය ...මම හිතුවෙ අමාරු ඇති කියල.....කී ඇය මගේ දෙස බලා ඇසක් පුන්චිකලාය......අනේ මට සුරන්ජිත්ගේ අතේ එල්ලිලාම යන්න ඇත්නම්.....මා ඔහු තනියම ගමන් කරන දෙස බලා කල්පනා කලත්.....මගේ තිබෙන ගැටලුව නැවත ඉස්මතුවන්ට විය. අපේ මේ ගමන් මග ඉතාමත් දුස්කර ගමන් මගක් විය. උඩට නැගගැනීමට අවශ්‍ය ස්ථාන බොහෝ විය......අනේ මල්ලියෙ මටනම් ගානක් නෑ චතුරිකා නංගි මේවගෙ තැන්වල ඇවිත් නැති හින්ද පුරුදු නෑ..... ඒහින්ද එයාගැන බලන්න......ඇය සුරන්ජිත්ට කීවේ මට පුරුදු නැති නිසා නොව ඔහුත් මාත් අතර සම්බන්දය වැඩිදියුනු කිරීමට බව තේරුනි.......ඔහු කිසිවක් නොකියා මා අසලට පැමිනියේය.......මා අඩමානෙන් අඩිය තබන හැම වෙලාවෙම ඔහු මගේ අත අල්ලාගන්ට විය......ඒ සැම විටම මගේ සිරුර පුරා විදුලියක් කොටන්නාක් මෙන් ඔහු කෙරෙහි ආදර ගැගීමක් ඇතිවන්ට විය. .......අනේ මාව ඇත්තටම කෙල්ලෙක් උනානම්.....ඒ සෑම අවස්ථාවකදීම මා දුක්මුසුව කල්පනා කලෙමි......
දිය ඇල්ල දැක ගැනීමට ලැබුනේ කන්ද උඩදීය.....අපි පහලට ගොස් දිය ඇල්ල නැරබුවෙමු...මට නොදැනීම සුරන්ජිත් මගේ චායාරූප කිහිපයක් ගත් බව දුටුවත් මා නොදන්නාක් මෙන් සිටියෙමි.....අපි සියලු දෙනා දිය ඇල්ල දෙසින් ඉහලට පැමින ටික වේලාවක් එම ස්තානයේ තිබුනු ගස් මුලක වාඩිවී ගිමන් හැරියෙමු.....මාත් අක්කාත් සුරන්ජිත් යන තිදෙනාම එක ස්ථානයක වාඩිවී සිටි අතර අනිත් අය වාඩිවී සිටියේ අපිට ටිකක් දුරිනි....පොඩ්ඩක් ඔය දෙන්න ඔහොම ඉන්න...... මම ටක් ගාල එන්නම්...... කී අක්කා අපි අසලින් ඉවත්විය......කොහේද මේ අක්ක හදිස්සියෙ ගියේ.....මා සුරන්ජිත්ගෙන් ඇසුවෙමි.....මොකක් හරි මතක් වෙලා අම්ම ගාවට යන්න ඇති......ඔහුගේ පිලිතුර විය......නංගි හිතනවද දන්නෙ නෑ මම නංගිත් එක්ක තරහවෙලා කතාකරන්නෙ නෑ කියල......ටික වෙලාවකින් ඔහු කීවේය......අයිය මාත් එක්ක මොකට තරහවෙන්නද .....මා ඇසුවෙමි....දිගු සුසුමක් පිටකල ඔහු......නංගිට කල්පනාකරල බලන්න ඕනැ කිව්ව හින්ද.....මම මේගැන කිසි දෙයක් කියන්නෙ නෑ.....නංගි ඕනැතරම් කාලයක් ගන්න......මම නංගිට කවදාවත් බලකරන්නෙ නෑ......මේ ඔක්කොමල හිතාගෙන ඉන්නෙ මට කෙල්ලො පෙන්නන්න බෑ කියල......මට පෙන්වන්න බැරි කෙල්ලො වගේ ඉන්න කෙල්ලො මිසක් නංගි වගේ කෙල්ලන්ව නෙවෙයි. උපත්තියෙන් කෙල්ලෙක් උනාට හොද ගැහැනු ගති නැත්නම් එයාල කෙල්ලො නෙවෙයි...නංගියේ........ඔහු පැවසුවේය.....මට නංගි වගේ එක්කෙනෙක් හම්බවුනේ නැත්නම් කවදාවත් බදින්නෙත් නෑ......ඔහු තව දුරටත් පැවසුවේය......එහෙම කියන්න එපා අයියෙ........ මේ ලෝකෙ ඕනැතරම් හොද ගැහැනු ලමයි ඉන්නව......මා කීවෙමි.......ඉන්න පුලුවන් ඒත් මම මෙච්චර කාලෙකට දැක්ක එකම එක්කෙනා ඔයා....අදත් මම නංගිගෙන් ඉල්ලන්නෙ අවුරුදු දහයක් ගිහින් හරි මා ගැන අදහසක් ඇතිවුනොත් කියන්න කියල ....ඔහු කීවේය.
ඇයි දෙයියනේ සුරන්ජිත් අයිය මට මේතරම් ආදරේ......මටත් එයාව දැක්කම පුදුම ආදරයක්නෙ ඇතිවෙන්නෙ....අනේ මට මෙයාගෙ තුරුල්ලෙ හැමදාම ඉන්න පුලුවන්නම්......ඒත් මට එහෙම කරන්න පුලුවන්ද.....මම පිරිමියෙක්නෙ.....කොයි වෙලාවෙ හරි මාව ආයෙත් පිරිමියෙක් වෙයි.....මට නැවත ඒ ගැන මතක්වීමෙන් දුකක් ඇතිවිය.
No comments:
Post a Comment