ආත් අම්මාගේ පාඩම 78...................අපි දැන් දිය ඇල්ලක් බලාගෙන ඔහොම්මම ගෙදර යනව ඒ හින්ද ගෙනා බඩුත් දාගන්න......නිමන්තිගේ තාත්තා කියනු ඇසුනි.....අපි සැමදෙනා ඇදුම් සහ උපකරණ බෑග්වලට දමාගත්තෙමු.....මා ඇදුම් බෑගය උස්සාගෙන යනුදුටු සුරන්ජිත් එය ඔහු අතට ගෙන බසය තුලට දැම්මේය....සවස තුන පමන වනවිට පිටත්වීමට හැකිවිය. මා පැමිනෙන විට වාඩිවී පැමිනි ආසනයේ වාඩිවුනෙමි....මා සමග පැමිනි නිමන්තී ...අජිත් සමග එක ආසනයේ වාඩිවූ බව දුටු මා අක්කාට මා අසලින් වාඩිවනලෙස දැන්වූවෙමි......දැන් මම මොකටද....පැවසූ අක්කා තනි ආසනයක වාඩිවුවේ සුරන්ජිත්ට මා අසලින් වාඩිවීමට ඉඩසලසා දීම සදහායයි මා තේරුම් ගත්තෙමි. අම්මලා සහ තාත්තලා අපිට ඉදිරි අසුන්වල වාඩිවිය... බඩු සියල්ල බසයට පැටවූ සුරන්ජිත් මා අසලින් වාඩිවිය.....ඔක්කොම ගත්තද නංගි ......ඔහු මගෙන් ඇසුවේය.....මොකුත් දාල ආවෙ නෑ මා කීවෙමි.....මටනම් ගොඩක් දේවල් දාල එන්න වුනා නංගියේ.....ඔහු කනගාටුවෙන් මෙන් කීවේය....මොනවද අයියෙ ගෙනාවනම් දාගන්නවනෙ මේ බස් එකේ ඕනැතරම් ඉඩතියෙන්නෙ........මා කීවෙමි.....ඒව ගේන බෑ නංගි මතකය විතරක් හිතේ තියාගෙන ආව.....ඔහු පැවසූ දේ තේරුම් ගත් මා.....අපිට අතීතය ගෙනියන්න බෑ අයියෙ..... මතකය විතරයි ඒකෙන් ඉතුරුවෙන්නෙ....මා කීවිට ඔහු මගේ අත තදින් අල්ලා ගත්තේය ......මම අල්ලගත්ත මේ අත කවදාවත් අත නොහැරවේවා කියල ප්‍රාර්ථනා කරනව.....අනේ අයියෙ මම කොහොමද එහෙම ප්‍රාර්ථනාවක් කරන්නෙ....මගේ අනාගතය ගැන මමවත් හරියට දන්නෙ නෑ....මා කනගාටුවෙන් යුතුව මගේ උකුල මත තිබුනු ඔහුගේ අතදෙස බලා කල්පනා කලෙමි.
පාර අසල බසය නතරකල පසු දිය ඇල්ල අසලට යෑම සදහා තවත් දුර පාගමනින් යා යුතුබව පෙනෙන්ට තිබුනි....තරමක් දුර පැමිනි විට එදා ලෝකාන්තයෙ මෙන් කන්ද සහිත දුස්කර ගමන් මාර්ගයක් හමුවිය......ඇදත් මල්ලිට වැඩ තියෙනව.....අක්කා කීවාය.....ඒ මොකක්ද....සුරන්ජිත් ඇසුවේය.....අපි දෙන්නව කන්ද නග්ගන එක.....අක්කා කීවාය.....සුරන්ජිත් අපිට ඉස්සර උඩට ගොස් අපිව ඇදගැනීම සදහා අත දෙන්ටවිය.....අක්කත් මාත් ඉතාමත් අපහසුවෙන් ගමන් කලෙමු.....මේ ගමන් ඔක්කොම අමාරු උනේ මාව කෙල්ලෙක් උන හින්දනෙ....නිමල් වෙලා හිටියනම් මෙලහට නැගලත් ඉවරයි.....මට හදිසියේ නිමල්ගේ ජීවිතය මතක් විය.....ගැහැනියෙක් උනාම පිරිමියෙක්ගෙ උදවු නැතුව ජීවත්වෙන්න අමාරුයි කියල මතක් වෙන්නෙ මේවගෙ වෙලාවට තමයි.....මා සුරන්ජිත්ට මට ලැබුනු ගැහැනු සිරුරේ බර දෙමින්....කල්පනා කලෙමි.....ඒත් මට දැන් හිතෙන්නෙ නිමල්ගෙ ජීවිතේට වඩා චතුරිකා වසයෙන් මේ ගෙවන ජීවිතය හරිම සුන්දරයි කියල...මා ගැහැනු ලමයෙකු බවට පත්වූපසු මේ දින කිහිපය තුල ගැහැනු ලමයෙකු වසයෙන් විදි ඒ සුන්දර අත්දැකීම් ජීවිතයේ කිසිම දිනක විද නොමැති බව සිහිවීමෙන් එසේ සිතුනි......සුරන්ජිත් වගේ හොද පිරිමියෙක් මගේ ආරක්ෂාවට ඉන්නවනම්.....මම මොකටද ආයෙත් පිරිමියෙක් වෙන්නෙ.....මා තව දුරටත් කල්පනා කලෙමි....ඒත් විභාගෙන් පස්සෙ මට මොකක් වෙයිද...චතුරිකා විදියට දිගටම ඉන්න පුලුවන්වුනත් මම කොහොමද මාව චතුරිකා කියල ලෝකෙට ඔප්පුකරන්නෙ....උප්පැන්න සහතිකේ මගේ නම තියෙන්නෙ නිමල් කියල....ලිංග තියෙන්නෙ පුරුෂ කියල.....ඉතින් මම කොහොමද කියන්නෙ මම ගැහැනියෙක් කියල.....මාගේ මෙම ගැටලුවට විසදුමක් නොමැති බව තේරුනි.
සුරන්ජිත් මාගේ අත අල්ලාගනිමින් සහ සමහර අවස්ථාවලදි ඉන පෙදෙසෙන්ද අල්ලා ඉතා ප්‍රවේසමින් සහ ආදරයෙන් යුක්තව මාව ඉහලට ගන්නා සැම වේලේම ඔහු ගැන විශාල ආදරයක් ඇතිවිය.....අක්කයි මාවයි උඩට ඇදලම අයියට හරි මහන්සි ඇති නේද......මා ඇසුවෙමි....එහෙම නෑ නංගි... අපි පිරිමිනේ.....මේවගෙ වෙලාවට ඔයාලට උදවු කරන්න බැරිනම් අපේ පිරිමිකමෙන් ඇති වැඩක් තියෙනවද....ඔහු ඔහුගේ ශක්තිමත් අත්වල මස්පිඩු දෙස බලමින් ආඩම්බරයෙන් පැවසුවේය......මමත් නිමල් වෙලා ඉන්න කාලෙ මටත් තිබුනෙ ඕවගෙ ශක්තිමත් පිරිමි ශරීරයක් තමයි.....ඒත් ඒ ශරීරයෙන් මම හොද වැඩක් කලේ නෑ....කල තරමක් කලේ නොහොබිනා වැඩ.....මට ඒවා ගැන සිහිවෙන කල නිමල්ගේ ජීවිතය ගැන තරහක් සහ පිලිකුලක් ඇතිවිය.....
කන්ද නැග්ග පසු තැනිතලා පාරක් හමුවූ නිසා මහන්සියක් නොමැතිව ගමන්කිරීමට හැකිවිය....එහෙත් සුරන්ජිත් මගේ අත අල්ලාගෙනම යනු දුටු....අක්කා .....මල්ලි නංගිව හොදට අල්ලගෙන යන්න නැත්නම් වැටෙයි....සිනාසෙමින් කීවාය....අවසානයේ විශාල දිය ඇල්ලක් අසලට ගියෙමු......සුරන්ජිත් එහි ලස්සන බලමින් චායාරූප ගන්ට විය.....කවියෝ දිය ඇල්ල ගැහැනුන්ගෙ කොන්ඩෙට උපමාකරල තියෙනව.....මගේ කොන්ඩය දිගට අතගාමින් ...සුරන්ජිත් පැවසුවේය .....ඒ නාකි ගැනුන්ගෙ කොන්ඩවලට වෙන්න ඇති....මගේ කොන්ඩෙ තාම ඒවගේ සුදුවෙලා නෑ.....මා කීවිට....ඔහු සිනසී ඔයාටත් හිතෙන දේවල්....කීවේය.
No comments:
Post a Comment