ආත් අම්මාගේ පාඩම 38......................මාව බදාගත් නිමන්ති ජල කරාමය යටට ගොස් කරාමය ඇරියාය. අපි දෙදෙනාම ජලයෙන් තෙත්වන්ට විය......මෙහෙ රස්නෙ හින්ද හරිසනීපයි නේද?.....ඇසූ නිමන්ති......වැවකින් නාන්න තිබුනනම් නියමයි හෙට යනගමන් නාමු......ඇය යෝජනාකලාය......මා නානකාමරය තුල මෙලෙස ගැහැණු ලමයෙකු ලෙස නා තිබුනත් එවැනි තැන්වලට ගොස් නා නොතිබුනු බැවින් ඇගේ යෝජනාවට බියක් ඇතිවිය.......හෙටත් මේ විදියට නාගෙන යමු.....මා පැවසුවෙමි......ඇයි අනේ.... වැවේ ගිලිල නානව තරම් මේකෙ ජොලියක් නෑනෙ......ඇගේ බුරුල්වූ සාලුව ගලවා නැවත සකස්කරමින් පැවසුවාය.එම අවස්ථාවේදීම සුලු මොහොතකට ඇගේ නිරුවත දිස්වන්ටවිය. මෙයාගෙ ඔක්කොම දැන් මට තියෙන ඒව වගේමයි......සිතූ මා කිසිවක් නොපෙනුනා මෙන් සිටියෙමි....මම නිමල් විදියට මෙහෙම දැක්කනම් මොනව හිතෙයිද....ඒත් මට දැන් මේව දැක්ක කියල ගානක් නෑ.....මාත් කෙල්ලෙක් එයත් කෙල්ලෙක් ඉතින් මොනව හිතෙන්නද.....මා වැඩිදුරටත් කල්පනා කලෙමි....චතූ පොඩ්ඩක් මගේ පිට අතුල්ලන්නකො......ඇය සාලුවේ පිටුපස බුරුල්කරගෙන කීවාය.....දැන් මාව කෙල්ලෙක් වෙලා ඒ මදිවට කෙල්ලෙකුගෙ පිට අතුල්ලන්නත් වෙලා......කල්පනා කල මා ඇගේ පිට ඇතිල්ලීමට පටන්ගත්තෙමි.....මාව කොල්ලෙක් වෙලා හිටියනම් මේවගෙ කෙල්ලෙක්ගෙ පිට අතුල්ලනව තියා ඇගට අතතියන්නවත් පුලුවන්ද?......සිතමින් ඇගේ සිනිදු පිට අතුලන්ට විය......ඉස්සරහත් අතුල්ලන්න ඕනැද .....මා විහිලුවට ඇසුවෙමි.......අපෝ ඕනෙ නෑ මට ඒ ටික අතුල්ලගන්න පුලුවන්........කී ඇය කෝ ඔයාගෙත් පිට අතුල්ලන්න පැවසූ ඇය මගේ පිට අතුල්ලන්ට වූවාය.......ඇගේ සිනිදු අත්වලින් මගේ සිනිදු සම ඇතිල්ලෙනවිට අමුතු සුවයක් දැනෙන්ටවිය.....නිලන්තිට කියල මගෙ මුලු ඇඟම අතගාව ගන්න ඇත්නම්......සිතුනි......ඒ මොන ජරා කල්පනාවක් ද.....අනතුරුව එකවර සිතුනි.....කරාමයෙන් දිය පහර වැටෙන විට ඇය මාව තුරුලුකරගන්ට විය....මේ නිසා අපි දෙදෙනාටම එකවර නා ගැනීමට හැකිවිය.......
නා ඇදුම් මාරුකරගත් අපි කිරිවෙහෙර වන්දනා කර ගැනීම සඳහා සුදු ඇදුම් ඇදගත්තෙමි......මා සුදු පැහැති සායකින් සහ බ්ලවුසයකින් සැරසුනු අතර ඇය සුදු පැහැති ගවුමකින් සැරසුනාය.....අපි දෙදෙනා සූදානම් වී එලියට යනවිට නිමන්තිගේ අම්මා සුදු පැහැති ඔසරියකින් සැරසී සිටිනබව දක්නට ලැබුනි.....අම්මෙ වාහනෙන්ද යන්නෙ.....නිමන්ති ඇසුවාය....නෑ දුව මේ ලගනෙ ඒ හින්ද පයින් යමු.....කිරි වෙහෙර වැදල ඇවිත් පූජාවට්ටි හදාගෙන රෑ පූජාවට යමු.....නිලන්තිගේ අම්මා කීවාය.....චතුරිකා දුවත් පූජාවට්ටියක් තියනවද......අනතුරුව ඇය ඇසුවාය......එහෙම අදහසක් නම් නෑ ඇන්ටි.....ඔය පූජාවට්ටි තියන්නෙ මොකටද.....මා ඒවාගැන එතරම් දැනුමක් නොතිබුනු බැවින් ඇසුවෙමි......ඇයි දුව.... ඔයාගෙ විභාගෙ පාස් වෙන්න කියල භාරයක් වෙලා පූජාවට්ටියක් තිබ්බොත් හොදයි නේද....අපල උපද්ද්‍රව දුරු වෙන්නත් එක්ක ඒ වැඩේ හොදයි......ඇය පවසන්ට වූවාය.......විභාගෙ පාස්වෙන්න කියල පූජාවට්ටියක් තිබ්බොත්නම් හොදයි.....ඒත් මට තියෙන අපලෙ මොකක්ද.....ලොකුම අපලෙ මාව කෙල්ලෙක් උන එකනෙ......ඒ අපලෙ දුරුවෙන්න කියල ඔන්නම් පූජාවට්ටියක් තියන්න පුලුවන්.....ඒත් ඒක භයානකයි........ඒ අපලෙ දුරුවෙලා එවලෙම මාව ආයෙත් නිමල් බවට පත්වුනොත්....මෙතන ගිනි විජ්ජුම්බරයක් වෙයි......ගෙදර යනකන් ඒ අපලෙනම් ගෙවෙන්න එපා.....මා සිතෙන් කීවෙමි......ඇහෙනම් ඇන්ටි මම විභාගෙ පාස්වෙන්න කියල පූජාවට්ටියක් තියන්නම්......ඒත් මට අපලනම් නෑ ......මා කීවෙමි.......කිරිවෙහෙරට ගිහින් එනගමන් පූජාවට්ටියට අවශ්‍ය බඩු අරන් ඇවිත් මෙහෙ ඉදන් හදාගෙන යමු ......ඇය කීවාය....සුදුවතින් සැරසුනු අපි සියලුදෙනා පාගමනින් කිරිවෙහෙර කරා පිය මැන්නෙමු......අනේ අපෙනුත් මල්ගන්නකෝ......මල් කඩවල යුවතියන්ගේ හඩ ඇසෙන්ට විය. සුදු නෙලුන්මල් මිටියක් ගත් මා ඉන් මල් කිහිපයක් නිමන්තිටද දුන්නෙමි........නිමල් ලෙස කවදාවත් පන්සල් ගොස් නොතුබුනු මා ගැහැණු ලමයෙකු වූ පසු කිහිප වරක්ම ආත් අම්මා සමඟ පන්සල් ගියබව සිහිවිය. අද මා මේ වන්දනා කිරීමට යන්නේ ලංකාවේ පූජනීයත්වයෙන් ඉහල කිරිවෙහෙර වන්දනා කිරීමට බව සතුටින් සිහිපත් කලෙමි........පහන් දල්වා හදුන්කූරු පත්තුකල අපි කිරිවෙහෙර පැදකුණු කරමින් වන්දනා කලෙමි...අශ්ටඵල බෝධීන් වහන්සේද වන්දනාකල අපි .....පූජා භාන්ඩද රැගෙන නවාතැන් පලට ගියෙමු......මගේ පූජාවට්ටියද නිලන්තිගේ අම්මා සාදාදුන්නාය......අපි නැවත පූජාවට්ටි රැගෙන දේවාල භූමිය කරා ගියෙමු.....අපි යනවිය්ට තරමක පෝලිමක් තිබුනු බැවින් ටික වේලාවක් පෝලිමේ රැදී සිටීමට සිදුවිය.....දුවේ කීයක් හරි ඔය පූජාවට්ටියට තියන්න......නිමන්තිගේ අම්මා කීවාය.......දෙවියො සල්ලිත් ගන්නවද......මා එසේ ඇසුවේ නොදන්නා කමට මිස අපහාසයට නොව......දෙවියන්ට නෙවෙයි දුවේ යාතිකා කරන කපුමහත්වරුන්ට......ඇය පහදා දුන්නාය......මුදල් සමග පූජාවට්ටිය කපුමහතෙකුට දුන් පසු ඔහු සල්ලි කොලය අතේ තබාගෙන හොද පලතුරු කිහිපයක් ඩේවාලය තුලට දමා පලතුරු ටිකක් ඉතුරුකර මා අතට දුන්නේය.......ඇන්ටි මේ පලතුරු ටික ගත්තෙ නෑ.....මේවට දෙවියො කැමති නැතුව ඇති......එලියට ගිය මා.....නිමන්තිගේ අම්මාට කීවෙමි......අයියෝ චතූ ඔයා ඒකවත් දන්නෙ නැද්ද.....නිමන්ති.....විහිලු ස්වරෝපයෙන් කීවාය.....විහිලු කරන්න එපා දුවේ.... චතුරිකා මේව ගැන දන්නෙ නෑනෙ.....නිමන්තිගේ අම්මා පැවසූවිට.....සොරි....චතූ.....ඇය මගෙන් සමාව ඉල්ලුවාය........මේටික අපිට ඉතුරු කරල දුන්නෙ අපිට කන්න......දැන් දුව පූජාවට්ටිය තිබ්බෙ දුවගෙ විභාගෙ පාස්වෙන්න හිතාගෙනනෙ.....දැන් උවට තිබුනු අපල උපද්ද්‍රව දුරුවෙලා විභාගෙ පාස්වෙන්න පුලුවන්වෙයි......ඇය මට පූජාවේ ආනිසන්ස කියා දෙන්ට වූවාය.....විභාගෙනම් පාස් වුනාට කමක් නෑ මේ වෙලාවෙ මගෙ අපලෙ දුරුවුනොත් හරි වැඩේ වෙන්නෙ.....මට බියක් ඇතිවිය.....ඇන්ටි අපලත් නැති වෙනවද......මා නැවත ඇසුවේ එය තහවුරු කරගැනීම සදහාය......ඔව් දුවේ ඔයාගෙ අපලත් නැතිවෙනව......ඇය කීවාය.....දැන් හරි වැඩේ වෙන්නෙ.....මාව ආයෙත් නිමල් වෙයිද දන්නෙ නෑ.....මම බියපත්ව සිරුර දෙස බැලුවෙමි......ඇයිදුවේ බයවෙලා වගේ......මොකුත් ප්‍රශ්නයක්ද .....ඇය ඇසුවාය.......නෑ ඇන්ටි ....මට අපලයක් තිබුනෙ නෑ.....ඒහින්ද අපලවලට නෙවෙයි පූජා වට්ටිය තිබ්බෙ......මා කීවෙමි.....එහෙම හිතුවත් නැතත් අපලත් අඩුවෙනව.....මගේ බියජනක හැගීම තවත් වැඩිකරමින් ඇය කීවාය......
No comments:
Post a Comment