ආත් අම්මාගේ පාඩම 89..............නංගිල කොහේද...මා ඇසුවෙමි....මේ ළඟ .....පැවසූ එක් නැගනියක් අක්ක අදද ආවෙ ඇසුවාය.....ඔව් නංගි ..කී මා........... මම නම් මෙහෙ නෙවෙයි ගොඩක් දුර ඉන්නෙ.... කීවෙමි......බස් එකේද ආවෙ.....ඇය ඇසුවාය.....නෑ නංගි ඊයෙ ආවෙ..... මෙහෙ තමයි නැවතිල ඉන්නෙ....මම කීවෙමි.....මේ අතර එක් නංගී කෙනෙක් මා දෙස බල කුමක් හෝ පවසා සිනාසුනාය.....මොකක්ද නංගි කිව්වෙ.....මා ඇගෙන් ඇසුවෙමි.....ඇය ලැජ්ජාවෙන් ඇඹරෙනවිට......මේ පියුමි කියනව..... අක්ක හරි ලස්සනයි කියල..ඇය අසලසිටි තැනැත්තිය කීවාය...මම විතරයෑ ඔයාලත් ලස්සනයිනෙ......මා කීවෙමි.ඒ වුනාට අක්ක ගොඩාක් ලස්සනයි.....මා සමග මුලින් කතාකල නංගී කීවාය.....මම චතුරිකා.....ඔයාල...මා ඇසුවෙමි. මම මිතුලි....මම පියුමි...නෙත්මි....මාවනම් දකින්න වෙන්නෙ රෑට අක්කෙ....කට කාර නංගියෙක් යැයි සිතිය හැකි හතර වෙනියා කීවාය.....තරුද.....මා ඇසුවෙමි....නෑ.... තාරුකා......ඇය සිනාසෙමින් කීවාය....සංගීත මිස් ටොකු අනිනකොට දවල්ටත් තරු පේනවනෙ.....මා සිනාසෙමින් කීවෙමි....අපෝ මේ ටීච ටොකු අනින්නෙ නෑ එයා අපිට ගොඩක් ආදරෙයි.....ඇය එසේ පවසන විට ....මේ අම්මා මට පමනක් නොව කොයි දරුවන්ටත් ආදරේ බව තේරුනි.
ටික වේලාවකින් මේ වයසේම පිරිමි ලමුන් තිදෙනෙක්ද පැමින අසුන්ගන්ටවිය. තවත් සවල්පවෙල්ලාවකින් මට වඩා වැඩිමල් අක්කලා තිදෙනෙක්ද පැමිනි බව දුටුවෙමි.....නංගි ඔයා අදද ආවෙ....එක් අක්කා කෙනෙක් මගෙන් ඇසුවාය....මේ පන්තියට ආවෙ අද....මෙහාට ආවෙ ඊයෙ දවල්.....මා පිලිතුරු දුන්නෙමි.....එතකොට ඔයා මෙහෙ නෙවෙයිද.....තවත් තැනැත්තියක්.....ඇසුවාය....නෑ අක්කෙ පොඩ්ඩක් දුර.... විභාගෙ ඉවර හින්ද ටීච කිව්ව මෙහෙ නැවතිල ඉදගෙන ඉගෙනගන්න කියල...මා කීවෙමි....ඔයා මේ සැරේ ඕලෙවෙල් ලිව්වද....ඇය ඇසුවාය....ඔව් අක්කෙ තාම රිසල්ට් ආවෙ නෑනෙ එතකල් සංගීතය කරන්න හිතුන.....මා පැවසුවෙමි.....ඒක හොදයි....අපිව කැම්පස් සිලෙක් වුනේ නෑනෙ ....ඒ හින්ද මොනවාහරි කරන්නත් ඕනැනෙ....එක් අක්කා කෙනෙක් පැවසුවාය.....
ටික වෙලාවකින් අම්මා පන්තියට පැමිනියාය....සියල්ලම නැගිට ඇයව පිලිගත් අතර....මුලින්ම පන්තියේ ලමුන්ට මාව හදුන්වා දෙන්ට විය....පෙරෙයිද මම කියල දුන්න ගීතය ප්රැක්ටිස් කලාද ඇසූ ඇය.....එක් එක් කෙනා පරීක්ෂා කරන්ට වූවාය....දැන් චතුරිකා කියන්න බලන්න.....මා ඇය කියාදුන් ස්වර කන්ඩ ගායනා කරන්ට වුනෙමි.....බොහෝම හොදයි .....කී අය....මීලග පාඩම පටන්ගත්තාය....දැන් දූල පුතාල ඔයාලගෙ වාදන භාන්ඩ ටික ගන්න....කී ඇය ගෙට ගියාය.....සියලු දෙනා ඔව්න් ගෙනා ගිටාර් වයලීන....ඕගන් ....ගන්නා අයුරු දුටුවෙමි.....එහෙත් මට කිසිම වාදන භාන්ඩයක් නොතිබුනි....ඔයා මොකුත් ගෙනාවෙ නැද්ද.....අක්කා කෙනෙක් මගෙන් ඇසුවාය....නෑ අක්කෙ පස්සෙ එකක් ගන්නව මා පැවසුවෙමි....සුලු මොහොතකින් අම්මා වයලීනයක් රැගෙන එනු දුටුවෙමි.....චතුරිකා දුව මෙහාට එන්න....ඇය මට අඩගැසුවාය.....ඔයා මේක ගන්න ....ඇය මට වයලීනය දුන්නාය.....මේක අල්ලන්නෙ මෙහෙමයි.....අය මට වයලීනය තබාගන්නා ආකාරය බෝ එක අල්ලන ආකාරය කියා දුන් අතර සරල ස්වරයක්ද දී එය ගායනා කරමින් වාදනය කරන ලෙස දැන්වූවාය.....මා ....සා...රී....කියමින් ස්වර පද දෙක පමනක් වාදනය කරමින් ගායනා කලෙමි.....ටික වේලාවකින් තත් අල්ලන මගේ ඇගිල්ල දැවිල්ල හැදුනි.....සියල්ල නැවැත්වූ මා ඇගිල්ල දෙස බැලිවෙමි.....නිමල්ගේ ඇගිලි මෙන් නොව මට දැන් තිබෙන ඇගිලිවල සම ඉතාමත් සිනිදු බැවින් තත්වලට පාර හිටී රතුවී තිබුනි.....මා ඇගිල්ල දිවගාමින් ගැසුවෙමි......මා දෙස බැලූ අම්මා....මොකද චතුරිකා දුවේ.....ඇසුවාය....ඇගිල්ල ටිකක් දැවිල්ල ගත්ත ටීච.....මා ඇයට අම්මා නොකියා ටීච යනුවෙන් ඇමතුවේ අනිත් අය සිටින නිසාය....කෝ එන්න බලන්න....කී ඇය මගේ ඇගිල්ල සෙමින් පිරිමැද....මුලදි ඔහොම තමයි.....පුරුදු වෙනකොට හරියයි.....කීවාය. අපේ සංගීත පන්තිය සවස පහ වනවිට අවසන් විය.....සියලු දෙනාම අම්මාට වැන්ද අතර මමත් ඇයට වැන්දෙමි.....මා වයලීනය ඇගේ අතට ආපසු දෙන විට දුව ඕක ඔයා තියාගන්න....ඕකෙන් හොදට ප්රැක්ටිස් කරන්න.... කීවාය.....දුව මේක කවරෙ තියනව ඒකට දාගන්න.....ඉන්න මම ඒක අරගෙන එන්නම්.....ඇය ගෙට ගියාය....
මා වයලීනය රැගෙන අක්කාගේ කාමරයට ගොස් අම්මා කියාදුන් ස්වර පුහුනුවන්ට විය......එවිටම අක්කා පැමිනි බව දුටු මා සතුටින් මිදුලට බැස්සෙමි.....අක්කා ගේ පොත්බෑගය අතට ගත් මා ...ඇය සමග කාමරයට ගියෙමි.....වයලීනය ඇද උඩ තිබෙනු දුටු අක්කා.....නංගිත් ප්‍රැක්ටිස් පටනරන්වගේ......සිනසෙමින් කීවාය.....මේක අම්ම දුන්නෙ.....මා වයලීනය අතට ගෙන කීවෙමි.....අම්ම කිය කියා හිටියෙ ඔයාට හොදට වාදනයයි ගායනයයි දෙකම උගන්වන්න ඕනැ කියල.....ඇය ඇදගෙන සිටි ඇදුම් ගලවමින් ...පැවසුවාය....ඔක්කොටම ඉස්සෙල්ල නාගන්න ඕනැ නංගි හරිම මහන්සියි.....ඇය නාන කාමරය තුලට ගියාය.......මා වයලිනය කවරයට දමා අරන්තිබ්බේ දැන් එය පුහුනු වීමට ගියහොත් අක්කාට කරදරයක් වේවියැයි සිතුනු නිසාය.......නාගෙන එලියට පැමිනි ඇය .....නංගි නෑවද.... ඇසුවාය....මමනම් උදේම නාගත්ත....පිලිතුරු දුන්නෙමි.....ඔය එන්නෙ අපේ පොල් බූරුවත්....අදත් මූලක් ගාය තදවෙලාද දන්නෙ නෑ.....සුරන්ජිත් අයියාගේ වාහනය දෙස ජනෙල් කවුලුව තුලින් බැලූ අක්කා කීවාය.....අනේ අක්කේ සුරන්ජිත් අයියට එහෙම කියන්න එපා.....එයා හරි හොද කෙනෙක්.......මා කීවෙමි...වාහනයෙන් බිමට බැස්ස ඔහු ඊයේ මෙන් මිදුලේ සිටි පුද්ගලයා අතට යතුර විසිකර පොත් බෑගය අතටගන්නා අයුරු දුටුවෙමි.....මේ අයියත් මාත් එක්ක හොදට හිටියනම් මම දැන් එයා ගාවට දුවගෙන ගිහින් අක්කගෙ බෑක් එක ගත්ත වගේ එයාගෙ බෑක් එකත් අරන් එනවනෙ....මා ඔහු දෙස බලා කල්පනා කලෙමි.....ඔය බූරුව දිහා බලා ඉදල වැඩක් නෑ නංගි යමු තේබොන්න......අනේ අක්කෙ අයියට එහෙම කියන්න එපා.... මා නැවත කිවෙමි...ඒකෙන් කමක් නෑ.... ..දැන් තේ හදල ඇති තේ බීල එමු.....අක්කා මාවත් රැගෙන තේපානය කරන ස්තානයට ගියාය...... පොඩි පුතේ එන්න තේ බොන්න....අම්මා සුරන්ජිත්ට අඩගසනු ඇසුනි.....මා සිටින බවක් නොදුටු ඔහු ගීතයක් මුමුනමින් සතුටින් යුතුව කාමරයට පැමිනෙනු දුටුවෙමි.....අදනම් අවුලක් නෑ වගේ....අක්කා මගේ කනට කර පැවසුවාය.....
No comments:
Post a Comment