ආත් අම්මාගේ පාඩම 43..................මල් කඩේකින් නෙලුම් මල් ගත් අපි තිස්සමහාරාම චෛත්‍යය දෙසට ගමන්කෙලෙමු. සුලු දුරක් ගමන්කරනවිට..... හලෝ බන්ඩාර කොහේද මේ.......නිමන්තිගේ තාත්තා දෙසට ඔහුගේ වයසේ පසුවන පුද්ගලයෙක් පැමිනෙනු දුටු අපි ගමන මදක් නතරකෙලෙමු......ඔහු සමග කාන්තාවක් සිටිනු දුටු මට ඇය ඔහුගේ භාර්යාව බව තේරුනි......මේ ලීලෙනෙ......අපි..මේ...කතරගම ආව....උඹල කොහේද යන්නෙ...නිමතිගේ තාත්තා ඇසූවිට..අපිත් කතරගන්ම ගියා මචං .....ඔහු පැවසීමෙන් ඔවුන් නිමන්තිගේ පියාගේ ලගම හිතවතුන් බව තේරුම් ගත්තෙමි.......ඔයදෙන්න විතරද.....නිමන්තිගේ තාත්තා වටපිට බලමින් ඇසුවේය......නෑ අපේ පුතයි පුතාගෙ යාලුවයි ආවෙ.....ඔහු තරමක් දුරින් සිටින තරුණයෝ දෙදෙනෙකු පෙන්වා කීවේය.......මා ඔවුන් දෙදෙනා දෙස බැලුවෙමි.....මගේ ඇස් අදහාගත නොහැකිවිය....ඔවුන් දෙදෙනා අපි වැව අසල සිටිනවිට අපි සමග කතාකල තරුණයෝ දෙදෙනා විය.....මෙයාල නේද මට බැන බැන ගියේ.....මා චකිතයෙන් යුතුව කල්පනාකලෙමි....ඔවුන් දෙදෙනාද අපි අසලට පැමිනියේය.....මේ තමයි මගෙ පුතා......එක් තරුනයෙක් පෙන්වා හදුන්වාදුන් ඔහුගේ පියා මේ එයාගෙ යාලුවෙක්.....දෙන්නම මේ අවුරුද්දෙ කැම්පස් සිලෙක් වෙලා.....ඔහු සතුටින් පවසන්ට විය.....මා ඔවුන් දෙදෙනා දෙස නොබලා අහක බලාගත්තේ....මට නැවත බනීවියයි සැකයෙනි.....මේ ඉන්නෙ මගෙ දුව....මේ එයාගෙ ළඟම යාලුව.....මේ දෙන්න ලබන අවුරුද්දෙ ඕ ලෙවෙල් කරනව......නිමන්තිගේ තාත්තා අපිව හදුන්වාදෙමින් පැවසුවේය.......හලෝ කොහොමද.....තාත්තාගේ යහලුවාගේ පුතා නිමන්ති දෙස බලා කීවාය.....ඔයාලත් අපිත් එක්කම ඇවිත්නෙ.....නිමන්ති පැවසුවාය.....ඔයාල අදුනනවද......නිමන්තිගේ අම්මා පුදුමයෙන් මෙන් නිමන්තිගෙන් ඇසුවාය.....ඔව් අම්මෙ අපි වැවගාව ඉන්න කොට මේ අයියල අපිත් එක්ක කතාකලා.....ඇය කීවාය.....මේ නංගිනම් කතා කලා තමයි......ඒත් මෙයානම් වචනයක්වත් කතාකලේ නෑ.......රූපෙ ලස්සනට තිබුනට ආඩම්බරකම ඉහට ගැහුවම ඔහොම වෙනවනෙ ඇන්ටි.....මට මුලින් බැන්න තරුණයා නැවත දොස්කියන්ට විය.......එහෙම කියන්න එපා පුතේ......මේ චතුරිකා හරිම අහිංසකයි. ඒවගේම හරිම ලැජ්ජකාරි...ඔයාලත් එක්ක කතාකලේ නැත්තෙ ලැජ්ජාවට වෙන්න ඇති...නිමන්තිගේ අම්මා පවසන්ට වුවාය......ඇය එසේ පවසනවිට..ඔහු මාදෙස අනුකම්පාසහගත ලෙස බලනු යන්තමින් දුටුවෙමි......ගිහින් වැඳල කතාකරමු නේද.....නිමන්තිගේ තාත්තා.....අපිට කතාකල නිසා අපි ඉදිරියට ගමන්කලෙමු.....අනේ සොරි චතුරිකා....මම ඔයාගැන දන්නෙ නැතුව එහෙම කතාකලේ.......මට බැන්න තරුණයා මා අසලට පැමින කියන්ට විය.....චතූ... ඔයත් මොනවහරි කියන්න......රූපෙන් කෙනෙක්ව මනින්න බෑ නේද නිමන්ති......ඔහුට ඇසෙනලෙස නිමන්තිට පැවසුවෙමි....අනේ සමාවෙන්න චතුරිකා....මාත් එක්ක තරහවෙන්න එපා.....ඔහු නැවත කියන්ට විය.....ඔව් චතුරිකා මෙයා ඔයා ගැන වැරදියට හිතාගෙනනෙ එහෙම කිව්වෙ....ඔහුගේ යහලුවාද පවසන්ට විය.....කමක් නෑ අනේ ඔයාලට වැරදිමක්නෙ වුනේ.....මා මට බැන්න තරුනයා දෙස බලා සෙමින් කීවෙමි......මේ මලක් ගන්න.....ඔහු මට ඔහුගේ අතේ තිබුනු තිබුනු මල් පොකුරෙන් මලක් ගෙන මට දික්කලේය.....එපා මට තියෙනවනෙ.....මා මගේ අතේ තියෙන මල් පොකුර පෙන්වා කීවෙමි......ගන්න චතූ.....නිමන්ති කීවාය...ඔයාට ඔන්නම් ගන්න මට බෑ....මා එම මල ගැනීමෙන් අපේ සම්භන්දය දුරදිග යාවීයැයි බියපත්ව පැවසුවෙමි.......කොල්ලෙක් ලෙස ජීවත්වූ මා මන්තර බලයෙන් ගැහැනු ලමයෙකු බවට පත්වී නැවත හිටපු පිරිමි බව ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මට මෙවැනි ප්‍රේම සම්බන්ධයක් සාදාගත හැකිද......මගේ සිතතුල ගැටලු සහගත බවක් ඇතිවීම නිසා මට එය ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවිය......ගත්තෙ නැත්නම් මට හිතෙන්නෙ ඔයා තාමත් මාගැන තරහෙන් ඉන්නෙ කියල...ඔහු පැවසූවිට ...ගන්න අනේ පවුනෙ....නිමන්ති කීවාය.....ඇය පැවසූ නිසා මා එම මල අතට ගෙන ඔහුට ස්තූතිකලෙමි.......ඔහු සතුටින් මාදෙස බලා සිනාසෙනු දුටුවෙමි....නිමන්තිගේ මවු පියන් ඔවුන්ගේ යහලුවන් සමග යනු දුටු අතර තරුනයන් දෙදෙනා අපි අසලින් ගමන් කරමින් චෛත්‍යය වන්දනා කරනු දුටුවෙමි.................. මම අජිත් මේ සුරන්ජිත්........... තාත්තාගේ යහලුවාගේ පුතා ඔවුන්ව හදුන්වාදෙමින් කතා කල අතර.....මෙයාගෙනම් නම දන්නව ඔයාගෙ නම මොකක්ද නිමන්තිගෙන් ඇසුවේය.....නිමන්ති...... ඇය උත්තර දුන්නාය. ....... අපි නොයෙක් දේවල් කතාකරමින් රථගාල දෙසට ගියෙමු .
අපි නැවත වාහනය අසලට පැමිනුනු විට ඔවුන් පැමිනි වාහනය පැජරෝ වර්ගයේ වටිනා වාහනයක් බව දැකීමෙන් ඔව්න් විශාල දනවතුන් බව තේරුම් ගත්තෙමි......අපිත් යන්නෙ ගෙදර අපිත් එක්කම යමු.......තාත්තාගේ යහලුවා ඔහුට පවසනු ඇසුනි.....මේ නිසා අපි ඔවුන් සමගම පිටත්වුනෙමු.
No comments:
Post a Comment