ආත් අම්මාගේ පාඩම 58...........................කිසිවක් කරකියාගැනීමට දැයක් නොමැති මා ඇස් දෙක කරකවමින් වටපිට බැලුවෙමි. නිමන්තිගේ අම්මා අපි අසල සිටිනබව දුටු මා සෙමින් සෙමින් ඇය අසලට ගියෙමි.......මොනවද අක්කෙ මේ කියන කතා.....අපි අතරෙ එහෙම දෙයක් නෑ......මෙයාල විකාර කියවනව.....සුරන්ජිත් පවසුනු ඇසුනි.....මා නිමන්තිගේ අම්මා අසල සිටිනබව දුටු සුරන්ජිත්ගේ අක්කා.....හිමින් සැරේ මාරු උනා නේද ....ඇසූ ඇය මගේ අතින් අදින්මින් මෙහාට එන්න......කීවාය....මේ මොකද....නිමන්තිගේ අම්මා ඇසුවාය.....මෙයා හොර වැඩක් කරලනෙ ඇන්ටි....ඇය කීවාය...අනේ මේ චතුරිකා දුව එහෙම හොර වැඩ කරන කෙනෙක් නෙවෙයි.......ඇය මගේ පැත්තට කතාකලාය......හරි... ඇන්ටිත් දන්නව ඇතිනෙ.....මොකක් ද දුව.....නිමන්තිගේ අම්මා ඇගෙන් ඇසුවාය.....එදා කතරගමදී මගේ මල්ලි මෙයා එක්ක කතා කලේ නැද්ද....මොනව කතා කලාද කියල මම දන්නෙ නෑ......හැබැයි චතුරිකා කියන්නෙ අහන්කාර කෙල්ලෙක් කියල මාත් එක්ක දොස් කිව්ව......ඒ මොකද අහංකාර කෙල්ලෙක් කිව්වෙ.....අක්කා ප්රස්නකලාය......ඒ ලමයි දෙන්න මෙයාලත් එක්ක කතාකරල තියෙනව. මෙයා එයාල එක්ක එක වචනයක් වත් කතා කරල නෑනෙ....අපේ නිමන්ති විතරනෙ කතාකරල තියෙන්නෙ.....මෙයා ලැජ්ජ කාරිනෙ දුවේ ඒකයි එහෙම වෙලා තියෙන්නෙ......ඇය පැවසුවාය.....අපේ මල්ලිත් කෙල්ලො එක්ක කතාකරන එකක්යෑ....පුදුමයි.....අක්කා කීවාය.....නෑ නෑ ඔයාගෙ මල්ලි නෙවෙයි කතාකරල තියෙන්නෙ අජිත්....ඇය කීවාය......ඒකනම් වෙන්න පුලුවන්.....අක්කා සිනහසෙමින් කීවාය......ඊට පසේසෙ තමයි චතුරිකා ටිකක් හරි ඒ ලමයි එක්ක කතාකලේ.
ඔහොම මුලු ගැහිල ඉදල හරියන්නෙ නෑ එන්න යන්න....නැවත ඇය මගේ අතින් ඇද්ද නිසා මා ඇය සමග ගියෙමි.......මල්ලි මෙහාට එන්න.......අක්කා චයාරූප ගනිමින් සිටි සුරන්ජිත්ට කතාකලේය....මොකද අක්කෙ ඔහු ඇසුවේය......ඔන්න මට දැන් සාකි තුනක් තියෙනව ඔය දෙන්න කතා කලා කියල.....නිමන්ති නංගිගෙ අම්මත් සාක්කි.....ඉතින් අක්කෙ මනුස්ස කමට කතා කලාට වෙන මොකුත් අදහසකින් නෙවෙයිනෙ.....ඔහු තරහෙන් මෙන් පැවසුවේය......කොහොම හරි.. දෙන්න කතාකලානෙ.....දැන් මේ නන්ගිගෙ පොටෝ එකක් ගන්න ඕනැ.....ඇය කීවාය.....ඉතින් නන්ගි කැමති වෙයිද.....එයා කැමතියි.....ඇය මගෙ දෙස බලා කීවාය....ගත්තෙ නැත්නම් ඔය දෙන්න අතරෙ සම්බන්දයක් තියෙනව කියල මම අම්මට කියනව....හරි හරි මම ගන්නම් හැබැයි අපේ අම්මට එහෙම ඕව කියන්න යන්න එපා....... පැවසූ ඔහු කැමරාව මා දෙසට හරවා ලස්සන චායාරූපයක් ගැනීම සඳහා මා සිටිය වුතු ආකාරය පවසන්ට විය.....ඔහු මගේ එක චායා රූපයක් ගනීවියයි සිතුවත් මාව එක් එක් ස්ථානවල සිටුවා නොයෙක් හැඩවලින් චායාරූප ගතකරන්ට විය.....කියන්නෙනම්... කැමති නෑ කියල දැන් පොටෝ කීයක් ගත්තද......අක්කා සුරන්ගිත්ට විහිලු ආකාරයට පවසනු ඇසුනි.....සුරන්ගිත් ලැජ්ජාවෙන් මෙන් අහක බලාගෙන සිනාසෙනු දුටුවෙමි.
තාත්තෙ අපි කානිවෙල් එකටත් යමුනේද......සුරන්ජිත්ගේ අක්කා ඇගේ තාත්තාගෙන් ඇසුවාය.....අනේ යමු අක්කේ....එය ඇසුනු නිමන්තීද කීවාය....අපි කානිවල් එකට ගොස් සෑහෙන වේලාවක් විනෝදයෙන් ගතකලෙමු.ඒ සෑම වේලවකම.....අක්කා මගේ ලගම සිටීම විශේෂත්වයක් විය. රෑවෙන විට සීතල වැඩිවිය....ගොඩක් සීතලයි නේද දුවේ......මා අසලට පැමින පැවසූ සුරන්ජිත්ගේ අම්මා....ඔය ඇදුමට සීතල එන්නෙ නැද්ද දුවේ ඇසුවාය......ටිකක් දැනෙනව ...ඒ වුනාට ගොඩක් දැනෙන්නෙ නෑ...මේක අරන්දුන්නට ඔයාලට ගොඩක් පින්......මා පිලිතුරු දුන්නෙමි...ඕක මොකක්ද දුවේ දුවත් ඉතින් අපේම දුවෙක් වගේනෙ....කීවාය.......දැන් අපි යමුනේද ....සීතල වැඩිවෙනව වගේ .....ඇය සැමටම පැවසුවේ.....ඇයට සිතල ඔරොත්තු දීමට අපහසු නිසාබව මට අපිට තේරුනි.....අපි නැවත නවා තැනට යනවිට රාත්රී අට පමන විය.....ඇදුම් මාරුකරගත් අපි ඒ වනවිට සූදානම් කර තිබුනු රාත්රී ආහාරය ගැනීමට සූදානම් වුනෙමු.....එන්න නංගි.....මට පිගානක් දුන් අක්කා.....බත් හැදි කිහිපයක් බෙදුවාය.....මේ දෙන්න දැන් එකටමනෙ.....නිමන්තිගේ අම්මා අපි දෙස බලා පැවසුවාය.....මේ මගේ නංගී...... නේද චතුරිකා.....ඇය මගෙන් ඇසුවාය.......දුවට නංගි කෙනෙකුත් නැති එකේ මෙයාව එහෙ එක්ක යන්න......ඇය කීවාය......අපෝ ඒකනම් කරන්න එපා අක්කෙ මෙයා මගෙ හොදම යාලුව......මට යාලුවෙක් නැතිවෙනව.....නිමන්ති එයට විරුද්දව කතාකලාය.....කෝ අම්මෙ තාත්තල ....එයාල කන්නෙ නැද්ද.....වටපිට බැලූ අක්කා ඇසුවාය.....එයාල උඩ තට්ටුවෙ අපි කමු දුවේ ......එයාල පස්සෙ කයි.....ඇය එසේ පැවසූ විට තාත්තලා උඩ තට්ටුවට වී කුමක් කරන්නේදැයි.....මා තේරුම් ගත්තෙමි.....මා නිමල් ලෙස සිටි කාලයේද යහලුවන් සමග එකතුවී බියර් පානය කල බව මට සිහිවිය......ඒ අතර යහලුවන්ගේ අයියලා අපේ වීදුරු වලට සැර බීම වර්ග දමා බීමට බලකල බවද මතක් විය.....බොන්න මල්ලි..... පිරිමි වුනාම ඔය ගෑනු බොන බීම බීල හරියන්නෙ නෑ....මේවගෙ සැර ඒවත් බීල සොමියක් ගන්න ඕනැ.....එහෙත් මා ඒවා ප්රතික්ෂේප කලේ...ආත් අම්මාට තිබුනු බය නිසා මත්වී ගෙදර යෑමට නොහැකි බැවිනි.....එහෙත් මා කුඩා ප්රමානයෙන් ඒවා ද ගත්තෙමි..... මට මේවා සිහියට නැගෙන විට එදා මා නිමල් ලෙස ගතකල එම නරක හිතුවක්කාර ජීවිතයයට මාව ගැහැණු ලමයෙකු බවට පත්වූවිට කුමක් වූවාදැයි සිතාගැනීමටවත් නොහැකිවිය.
No comments:
Post a Comment