ආත් අම්මාගේ පාඩම 53.......................කවුද දන්නෙ නෑ තව යන්නෙ........නිමන්තිගේ අම්මා අපි අසලට පැමිනිවිට මා ඇසුවෙමි. වැඩි දෙනෙක් නෑදුවේ.........අන්කල්ගෙ යාලු පවුල් දෙකක් එනව කිව්ව ඔක්කොම එකොලොහක් දොලහක් වෙයි කියල කිව්ව.....ඒ එන අන්කල් කෙනෙක්ගෙ ගෙයක් තියනවලු.....ඒක තියෙන්නෙ නුවර එලිය කිට්ටුවලු.....අපිට එහෙ නවතින්න පුලුවන් කියල කිව්ව.....අර කතරගමදි හම්බවුන අන්කල්ලත් එනවද ඇන්ටි ඇන්ටි.....මා තවදුරටත් විස්තර දැනගැනීම සඳහා ඇසුවෙමි......ඔව්.... එයාල කිව්වනෙ ආයෙත් ගමනක් යනකොට කතාකරන්න කියල.....ඒහින්ද එයාලත් එනව කිව්වලු......තව එයාල කිව්වෙ ඩොක්ට ලසන්ත කියල කෙනෙක් ගැන......එයාලත් එනව කිව්වලු......ඔක්කොම මෙයාගෙ තාත්තගෙ හොදම යාලුවොනෙ දුවේ.....ඇය පැවසුවාය.....එහෙනම් සුරන්ජිතුත් එයිද දන්නෙ නෑ.......එයා ආයෙත් මගෙන් අරක අහයි......මම මොනවද කියන්නෙ.....මා කල්පනා කලෙමි.
එහෙනම් අජිතුත් එයි......අම්මා කාමරයෙන් පිටවූ විට නිමන්ති සතුටින් උඩපනිමින් කීවාය......තාම පොඩි එකී ඒවුනාට මනමාල කමනම් ඉහට ගහල......මා ඇයට ඇනුම් පදයක් මෙන් කීවෙමි......සුරන්ජිත් එක්ක ඔයා මනමාල කම් කරන කොට ඒව හොදයි......ඇය මා දෙස බලා උරහිස ගස්සා අමනාපයෙන් මෙන් කීවාය.....එයාට ඕනැ වුනාට මට දැම්ම ඕව ඕනෙ නෑ අනේ.....මා කීවෙමි. .....සුරන්ජිතුත් එයිනෙ එතකොට බලන්න බැරියෑ......ඇය කීවාය.....දැන් මාස ගානකින් දැක්කෙත් නෑ ඒ කොල්ලට දැන් මාව මතකත් නැතුව ඇති........... කී මම කොල්ලො ඉතින් කෙල්ලෙක් හම්බවුනාම ආදරේ කරන්නෙ එවෙලාවට විතරයි.....ඊට පස්සෙ උන්ට අපිව මතකත් නෑ.....මා ඇයට පිරිමින්ගේ හැටි පැහැදිලි කලෙමි........ඒවුනාට එයාල එහෙම නෑ......හම්බවුනාම බලන්නකො......ඇය කීවාය......ඔව් ඉතින් ආයෙත් හම්බවුනාම පනදෙන්න වගේ කතාකරයි.....මොකද උන්ට කෙල්ලො එක්ක කතාකරන එකත් විනෝදයක් නෙ.....ඊට පස්සෙ ඕව මතක නෑ..මා තවදුරටත් කීවෙමි.......චතූ..... ඔයා කතාකරන්නෙ කොල්ලො ගැන හොදට දන්නව වගේනෙ...ඔයාට ඒගැන අත්දැකීමක්වත් තියෙනවද.......ඇය පුදුමයෙන් මෙන් ඇසුවාය.......මම දන්නෙ නැද්ද උන් ගැන...... මාත් කාලයක් කොල්ලෙක් විදියටනෙ හිටියෙ......මට මෙසේ පැවසීමට සිතුනත් ...එසේ පැවසීමට නොහැකි නිසා ....මටනම් අත්දැකීම් නෑ..... ඒත් කොල්ලො ගැනනම් අහල තියෙනව......පැවසුවෙමි......මා එසේ පැවසූ විට නිමන්තී කල්පනා කරන්ට විය.....මොකද කල්පනා කරන්නෙ....බය වුනාද.....ඒත් හැම කොල්ලොම එහෙම නැතුව ඇති.....ඇගේ හිත අවුල්වූබව දැනගත් මා කීවෙමි.....ඔයා කියන එකත් ඇත්ත චතූ....... අජිත්ට මා ගැන ආදරයක් තිබුනනම්.....මේ වෙනකොට මාව නිකමට හරි බලන්න එනව......ඇය දුකෙන් මෙන් පැවසුවාය.
අපි යොදාගෙන තිබුනු දිනය සිකුරාදා දිනයක් විය එදින සිට දිනතුනක් නුවර එලියේ ගතකිරීම සැලැස්ම වී තිබුනි....සිකුරාදා පාන්දර හතර වනවිට මට සූදානම් වීසිටිනලෙස නිමන්තිගේ අම්මා කීවාය.....මට ගෙනයෑමට අවශ්‍යය කලමනා ආත් අම්මා උදවු කරගෙන බෑගයට ඇසුරුවෙමි ....අරව පැකැට් දෙක තුනකුත් ගන්න දුවේ .....ගෑනු උනාම කොහේ යතත් ඒකටත් සූදානම් වෙලා ඉන්න ඕනැ......අවශ්‍ය වෙන එකක් නෑ ආත් අම්මෙ ලගදිනෙ උනේ.....මා පැවසුවෙමි......ඒ වුනාට කමක් නෑ එකක් හරි දාගන්න......ගැහැනු කමේ ආනිශංස ආත් අම්මා මට වඩා හොදින් දන්නා නිසා පැවසුවාය......සුදු ඇදුම් ඕනැ වෙන්නෙ එකක් නැතිවෙයි....මොකද එහෙ ගිහින් පන්සල් යන්නෙ නෑනෙ......ආත් අම්මා කීවාය.
සිකුරාදා පාන්දරින් ඇහැරුනු මා ගමන සදහා සූදානම් උනමි.......සියල්ල සූදානම් වු පසු වාහනයක හඩ ඇසුණි......ආත් අම්මෙ වාහනේ ඇයිත් වගේ මා බෑගය උස්සාගෙන ඉදිරි දොර දෙසට ගියෙමි.....ආත් අම්මා දොර ඇරියාය.....අපේ ගමන සදහා රෝසා වර්ගයේ කුඩා බස්රතයක් පැමින තිබූ බව දුටුවෙමි. නගින්න දුවේ.....නිමන්තිගේ අම්මා පවසනු ඇසුනි.....නිමන්ති මගේ බෑගය ඇතුලට ගැනීමට උදවු කලාය.......මා ආත් අම්මාගෙන් සමුගෙන බසයට ගොඩවුනෙමි......මා ආසන දෙස බැලූ විට අපි හතර දෙනා හැර වෙන කිසිවෙක් ආසනවල නොසිටීම ගැටලුවක් විය.......කෝ ඇන්ටි අනිත් අය.....මා නිමන්තිගේ අම්මගෙන් ඇසුවෙමි.....එයාලත් එනව...... දුව වාඩිවෙන්නකො.....ඉදිරිපස ආසනයේ ආසනයේ සිටි නිමන්තිගේ තාත්තා කීවාය. ....මා නිමන්ති සිටි ආසනයේ වාඩිවුනෙමි....මීලගට අපේ වාහනය නතරකලේ අලුතින් සාදන ලද නිවසක් ඉදිරිපිටය......වාහනයෙන් බැස්ස නිමන්තිගේ තාත්තා. අසලට පැමිනි එම වයසෙම පසුවන පුද්ගලයෙක් අපි හිතුවෙ තව පරක්කු වෙයි කියල......කීවේය....උඹ දන්නවනෙ මම කවදත් වෙලාවට වැඩකියල.....නිමන්තිගේ තාත්තා කීයනු ඇසුනි.....එතකොට මේ ඉන්නෙ සුරන්ජිත්ගෙ තාත්තද දන්නෙ නෑ.....ඔහු නිමන්තිගේ තාත්තට වඩා උස මහත පුද්ගලයෙක් වූ අතර.....අහන්කාර පෙනුමක් ඇති තැනැත්තෙක් බව පෙනුනි......සුරන්ජිත්ගෙ තාත්තනම් එයා වගේ නෙවෙයි මෙයානම් සැර පාටයි.....මා කල්පනා කලෙමි.........තවත් මැදිවියේ කෙනෙක් ඔව්න්ගේ බෑග් වාහනයට පටවන්ට විය..ඔහු ඔවුන්ගේ සේවකයෙකු විය හැකියයි සිතුවෙමි ...එහෙත් සුරන්ජිත් තාමත් නොමැති වීම ගැටලුවක් විය......ඔහුගේ භාර්යාව විය හැකි ඇන්ටි කෙනෙක් බසයට ගොඩවී ආසනයක වාඩිවුනාය......ඔව්න් දෙදෙනා බසයට ගොඩයූපසු වාහනය පිටත් විය.....කෝ අනේ සුරන්ජිත්.....නිමන්ති මගේ කනට කර ඇසුවාය.......අනේ මන්ද මේ සුරන්ජිත්ලෑ ගෙදර නෙවෙයිද කොහේද......මා සැකයෙන් යුතුව පිලිතුරු දුන්නෙමි......ඉතින්.... ඩොක්ට කාලෙකින්නෙ දැක්කෙ.......නිමන්තිගේ අම්මා ඔහුව හොදින් අදුනනවා මෙන් ඩොක්ට යනුවෙන් ඇමතුවාය....කොහේද ඉතින් අපිට දැන් ඉස්සර වගේ ආස්සරේ කරන්න වෙලාවක් නෑනෙ........ඔහු කීවේය......කෝ පුතා.......... නිමන්තිගේ අම්මා ඇසුවාය......අපිට අවශ්‍යය උත්තරය ඔහුගෙන් පිටවේවි යයි හොදින් අසාගෙන සිටියෙමු......
No comments:
Post a Comment