Sunday, May 27, 2018


ආත් අම්මාගේ පාඩම 96.....................මා උප්පැන්නය අත තබාගෙන ආත් අම්මා දෙසට දුවගියෙමි. ඇය කාමර තුල ඇදුන් මාරුකරනු දුටු මා එය තුලට එකවරටම කඩාවැදුනේ මාත් දැන් ඇය වැනිම කාන්තාවක් නිසාය. ආත් අම්මේ.. ආත් අම්මේ....මේබලන්න ආත් අම්මේ.....මා සතුටින් යුතුව ඇයට පවසන විට ඇය සිටියේ බ්රෙසියරය බාගයට ගලවමිනි.....මොකද ලමයෝ...ඇසූ ඇය ඇය මාදෙසට කිසිම ලැජ්ජාවක් නොමැතිව හැරුනේ මාද ඇය මෙන්ම කාන්තාවක් නිසා බව මට වැටහුනි......ආත් අම්මේ උපැන්නෙත් තියෙන්නෙ මම ගැහැනු ලමයෙක් කියල....මා ඇයට එය පෙන්නමින් කීවෙමි.....ඉතින් ඕකට ඔයතරම් උඩපනින්න දෙයක්ද බන්......මෙයා හිතාගෙන ඉන්නෙ ගෑනියෙක් උන එක මහලොකු තානාන්තරයක් ලැබුන වගේනෙ.....පහුවෙන කොට ඕකෙ රඟේ තේරෙයි..... ඇය අමනාපයෙන් මෙන් පවසා මා ඉදිරියේ දීම ඇදගෙන සිටි අලුත් බ්රෙසියරය ගලවා වෙනත් එකක් ඇදගත්තාය....හම්ම් ....ආත් අම්මා ඔහොම කිව්වට මාව කෙල්ලෙක් උන එක මහ ලොකු තානාන්තරයක් ලැබුන වගේ තමා....උරහිස ගස්සා පැවසූ මා උප්පැන්නය රැගෙන කාමරයට ගියෙමි....ආත් අම්මමයි මාව කෙල්ලෙක් කලේ .....දැන් එයා මම කෙල්ලෙක් විදියට ඉන්නවට කැමති නෑ....මම දුක් මුසුව කල්පනා කරමින්. කැඩපත ඉදිරියට ගියෙමි. කැඩපත තුලින් පිළිබිඹුවුවන චතුරිකාගේ රූමත් රුව දෙස බැලුවෙමි. ඇයගේ අහිංසක සුරතල් මුහුන දෙස බැලූ මම..... ආත් අම්මට පිස්සු අනේ...... ඔයා කොච්චර ලස්සනද කොච්චර සුන්දරද.....මේතරම් ලස්සන කෙල්ලෙක් වෙන එක කොයිතරම් වාසනාවක්ද..... කවුරු මොනව කිව්වත් මම ඔයාට ගොඩක් ආදරෙයි චතුරිකා.....මම ඔයාව කවදාවත් අතහරින්නෙ නෑ......මගෙම රුව දෙස බලමින් සෙමින් මිමිනූ මා....එහි පිළිබිඹුවේ මුහුනට තොල තබා ආදරයෙන් සිපගත්තෙමි..
දැන් මම කෙල්ලෙක් දැන් මට බය නැතුව ඕනැකෙනෙකුට කියන්න පුලුවන් මමත් ගැහැණු ලමයෙක් කියල...... ඇදේ වාඩිවී කල්පනාකල මට එදා කතරගමදී සහ නුවර එලියේදී සුරන්ජිත් පැවසූ දේවල් සිහියට නැගුනි......නංගිට මම ගැන අදසසක් ආවොත් මට පනිවිඩේ එවන්න. මම ඕනැතරම් කාලයක් ඔයා වෙනුවෙන් බලා ඉන්නව....ඔහුගේ එම හඬ මගේ දෙසවනේ රැවුදෙන්ට විය....මගෙ විභාගෙ ඉවරවෙනකල් ඉන්න අයියෙ ඊටපස්සෙ උත්තරයක් කියන්නම්....නුවර එලියගමනේ අවසාන දිනයේදී මා පොරොන්දුවූ ආකාරය මතක් විය......මට දැන් කිසිම ගැටලුවක් නැතුව එයාල ආදරෙයි කියල කියන්න පුලුවන්..... සමහරවිට එයා මාව මගහරින්න ඇත්තෙත් මගෙන් හරි වචනයක් නැති හින්ද වෙන්න ඇති.....මම එයාට ආදරෙයි කිව්වොත් එයා මට එදා වගේම ආදරේ කරයි.....සිතූ මම. ඔහු හමුවන ආකාරය කල්පනා කලෙමි....අක්ක අදහෙට ආවොත් මට එයත් එක්ක එහෙ යන්න පුලුවන්. නැත්නම් අදම නිමන්තිගෙ ගෙදර ගිහින් එයත් එක්ක මේගැන කතාකරන්න ඕනැ....කල්පනා කල මා අද සවස් භාගයේ එහෙයෑමට ඉටාගත්තෙමි.
මා කුස්සිය දෙසට ගියවිට ආත් අම්මා දිවා ආහාරය පිලියෙල කිරීමට සුදානමින් සිටිනබව දුටුවෙමි.....පොල් ගෙඩියක් අතට ගත් මා එය කැත්තෙන් බිද ගෑමට පටන්ගත්තෙමි.....ආත් අම්ම කියනව මට ආයෙත් කොල්ලෙක් වෙන්න කියල.....මම කොල්ලෙක් උනොත් ආත් අම්ම හිතනවද මේවගෙ ආත් අම්මට උයන්න උදවුවෙයි කියල......මා පොල්ගාන අතර තුර ඇසුවෙමි....ලිප තැබීමට හාල් හෝදමින් සිටි ඇය එකවරක් මා දෙස බලා.....මට තනියම උනත් උයාගන්න පුලුවන්....මම කියන්නෙ ඔයාගෙම හොදට.....ඇය නැවත හාල් සෝදන දෙස බලාගෙන පැවසුවාය.....මම ආපහු කොල්ලෙක් උනා කියල මට ඇතිවෙන හොදක් නෑ ආත්තම්මෙ....මා ඇගේ සිත වෙනස් කිරීමේ අදහසින් කීවෙමි.....පිරිමි කම කියන්නෙ දුවේ.... බොහෝම වටිනා සම්පතක්.......මට දුක ඇයි ඒ වටිනා සම්පත නිකරුනේ නැතිකරගන්න දඟලන්නෙ කියල.....ඔයා ඔයවිදියට හිටියොත් කවද හරි ඔයාටම තේරෙයි කරගත්ත ගොන්කමක් කියල.....ඇය කීවාය......දැන් ආත් අම්මත් ගෑනියෙක්නෙ....ආත් අම්මට හිතෙනවද මාව ගෑනියෙක් වෙලා ඉපදිලා කරගත්ත ගොන් කමක් කියල....මා සිනාසෙමින් ඇසුවෙමි.....මම නම් ඉතින් උපන්න දවසෙ ඉදන්ම ගෑනියෙක්නෙ ලමයෝ..... මට එහෙම හිතන්න ඕනැකමක් නෑ.....ඇය පැවසුවාය......ඉතින් ඒවගෙම ආත් අම්මත් හිතන්නකො මාත් උපන්න දවසෙ ඉදම්ම ගැහැණු ලමයෙක් කියල.....මා පැවසුවෙමි....මට එහෙම හිතන්න පුලුවන්ද ලමයො....ඔයා මේ ලඟක් වෙනකම්ම පිරිමි ලමයෙක් වෙලානෙ හිටියෙ....මම නෙ ඔයාව ගැහැනු ලමයෙක් කලේ.....ඇය කීවාය.....මේ ආත් අම්මගෙ හිත වෙනස් කරගන්න බැරි හැටි....වයසට ගියාම ඔහොම තමයි කිවොත් කිව්වමයි.....අර කතාවක් තියෙනවනෙ වේලිච්ච පොල් ඉරටෙ නවන්න බෑ කියල....වයසට ගිය ආත් අම්මත් දැන් වේලිච්ච පොල් ඉරට්ටක් වගේ තමයි....කල්පනා කරමින් පොල්ගා අවසන් කල මා මන්නය රැගෙන ආත් අම්මා අහුලා අවසන් කර ඇතුල් පතකට දමා තිබුනු මුකුනුවැන්න ටික මැල්ලුමකට කැපීම සදහා වාඩිවුනෙමි.....මා ඉස්සර ආත් අම්මා මැල්ලුම් ලියන ආකාරය දුටුවිට ඇගේ අත කපේවියයි බයක් සිතුනි.....ඇය මන්නය කකුලෙන් පාගාගෙන මුකුනුවැන්න මිටිය තේ මිට මොලවාගෙන හීනියට ලියන ආකාරය පුදුම සහගත විය.....මා චතුරිකා බවට පත්වූ විට මටද එසේ කිරීමට ආශාවක් ඇතිවිය මා ටිකින් ටික එය ඉගෙන ගත්තෙමි....දැන් මට ඇය මෙන්ම මැල්ලුම් ලිවීමට හුරුවක් ඇතිවූයේ එම නිසාය......ආත් අම්ම ඔයතරම් පිරිමි කමට කැමතිනම්.......ආත් අම්ම කැමති නැද්ද....ඒ කට්ටඩි අන්කල් ලව්වම පිරිමියෙක් කරව ගන්න.....මා මැල්ලුම් ලියන අතර තුර සිහහසෙමින් ඇසුවෙමි.....අනේ...යනව යන්න.....මට ඕනැ ඇති පිරිමි කමක් නෑ...මම එදා ඉදම්ම ගැනියෙක්.....ඇය එකවරම කේන්තියෙන් කතාකලේ මා පැවසූ දේට ලැජ්ජා සිතුනු නිසාද එසේ නොමැතිනම් පිරිමි කම ගැන කෙසේ වර්නා කලත් ඇයද ගැහැනියෙක් වීමගැන සතුටින්දයි මා නොදන්නෙමි.....ඇයි ආත් අම්මෙ ඔච්චර ඕකට කේන්ති ගත්තෙ.....ආත්තම්ම සීය කෙනෙක් උනොත් මේවගෙ කුස්සියෙ වැඩයි ගෙදර වැඩයි කරකර ඉන්න ඕනැ නෑනෙ. ගිහින් වත්තුපිටිවල වැඩටික බලාගන්න පුලුවන්නෙ.......දැන් මම කෙල්ලෙක් හින්ද මට පුලුවන්නෙ ගෙදර වැඩ ටික බලාගන්න..මට දැන් හොදට උයන්න උගන්නල තියෙන හින්ද උයලත් දෙන්නම්......මා ආත් අම්මාව තවත් තරහා ගැන්වීමේ අරමුනෙන් විහිලුවට කීවෙමි.....අනේ පලයක් කෙල්ලෙ යන්න... මගෙන් මොකුත් අහගන්නෙ නැතුව...ඇය බත් මුට්ටිය  තැබූ ලිප තුල තිබුනු ගිනිපෙනෙල්ලක් අතට ගෙන මා දෙසට දිගුකර ....දැඩි කේන්තියෙන් කීවාය......මා නිමල් මෙන් සිටි සමයේ නිතරම කේන්තියෙන් කතාකල ආත් අම්මා මාව ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු මෙතරම් තරහෙන් කතාකල පලමු දිනය අදවිය.....මා සිනහසෙමින් කැපූ මැල්ලුම් ටික තාච්චියට දමා එයට අනිකුට පහේ එකතුකරන්ට වුනෙමි...
Transgender body swap ගේ ඡායාරූපය

No comments: