Tuesday, May 8, 2018

ආත් අම්මාගේ පාඩම 51................විභාගෙ පාස් වුනාට පස්සෙ ඔයා ගන්න තීරනයක් ගන්න......විභාගෙන් පස්සෙ අනිවාරයෙන් ආපහු නිමල් වෙනවයි කියල නෑ ඔයාට ඔන්නම් ඔය විදියට ඉන්න පුලුවන් හිතුනොත් නිමල් වෙන්නත් පුලුවන්......ඕනැනම් දැන් වගේ ඉස්කෝලෙ යනවෙලාවට විතරක් නිමල් වෙන්න පුලුවන්......ආත් අම්මා පවසන්ට වූවාය. ......ආත් අම්ම කියන විදියට විභාගෙ පාස්වුනොත් මට ඕනැ දෙයක් කරන්න පුලුවන්නෙ.....මේක ඇත්තම්නම් කොහොම හරි පාඩම් කරල පාස්වෙන්න ඕනැ.....තීරනය කල මා ආත් අම්ම බයවෙන්න එපා කොහොමහරි විභාගෙ පාස්කරගන්නම්.......මා පොරොන්දුවුනෙමි.....
              නිමල් ලෙස ජීවත්වූ මට ගැහැනු ලමයෙකු ලෙස ජීවත්වීමට ලැබුනේ ඉතා මෑතක සිටය. එහෙත් මගේ සිත ගැහැනු කමට ඇදී යෑම පුදුමාකාර සිද්දියක් විය.....ඇයි මම පිරිමි ජීවතයට වඩා ගැහැනු ජීවිතයට මේතරම්කැමති වුනේ.....කල්පනාකරන්ට වුනෙමි.....ආත් අම්ම කියන්න වගේ පිරිමියෙක් වෙන එක ලොකු වාසනාවක් පිරිමියෙකුට කිසි බයක් සැකයක් නැතුව තනියම වුනත් ඕනැ තැනක යන්න පුලුවන්.....මාසෙකට සැරයක් සිද්දවෙන කරදරේ වෙන්නෙත් නෑ......පිරිමියෙක් වුනාම මෙච්චර පහසුකම් තියාගෙන ඇයි මගෙ හිත කියන්නෙ කෙල්ලෙක් වෙන්න කියල.....මට මෙම ගැටලුව විසදාගැනීමට නොහැකිවිය.....මා කෙසේ කල්පනා කලත් මගේ හිත ගැහැනු ජීවිතයට ඇදී යෑම නතරකර ගැනීමට නොහැකිවිය. විභාගෙ පාස්වුනාට පස්සෙ මොකක් හරි තීරනයක් ගන්නව අවසානයේදී හිතාගත්තෙමි.
           දිනෙන් දින නිමල් වසයෙන් මට සිටි පාසැල් මිතුරන් ඉවත්වන්ට විය. එහෙත් එම අඩුව පිරවිමට මෙන් දිනෙන් දින චතුරිකා වසයෙන් අලුත් යෙහෙලියන් වැඩිවන්ට වීම නිසා පාසෙලේදී තිබුනු පාලු ස්වභාවය උපකාරක පන්තියේදී හෝ චතුරිකා බවට පත්වූ කල නොතිබුනි. මා එම යෙහෙලියන් ඇසුරු කලේ කලින් පිරිමි යහලුවන් ඇසුරු කල ආකාරයට නොවීම විශේෂත්වයක් විය......කොල්ලො සමග කල නොහොබිනා වැඩ කිසිවක් අපේ අතින් නොකෙරුනි.....ආත් අම්මටද උවමනාව තිබුනේද මාව මෙලෙස වෙනස්කිරීමට බව තේරුම්ගත්තෙමි.....
                                               අප්‍රියෙල් නිවාඩුවද ලගට පැමිනි අතර සිංහල අවුරුදු සමයද ලංවෙමින් තිබුනි......දූලට කියන්න සුබ ආරන්චියක් තියෙනව.....මා නිමන්තිගේ ගෙදර සිටිනවිට ඇගේ මව පැවසුවාය......ඒ මොකක්ද ඇන්ටි මා අසුවෙමි.....නිමන්තිගෙ තාත්ත කිව්ව අප්‍රියෙල්   නිවාඩුවට නුවරඑලි යමු කියල......ඇය සතුටින් කීවිට......මරුනේ අම්මේ.....නිමන්ති ඇයගේ අතේ එල්ලී පැවසුවාය......තව කවුද යන්නෙ අම්මෙ.......එදා කතරගමදි හම්බවුන තාත්තගෙ යාලුවොත් යනවද ඇසුවාය......ඒක මම දන්නෙ නෑ ඒත් චතුරිකා දුවවනම් එක්ක යන්න ඕනැ......නිමන්තිගේ අම්මා කීවාය......එහෙත් නිමන්තිට අවශ්‍යය  වූවේ අජිත්වද මේ ගමනට සම්භන්ද කරගැනීන්ම බව හැගේ හැගීම් වලින් තේරුම් ගත්තෙමි......කවද්ද ඇන්ටි යන්නෙ.....මා ඇසුවෙමි .......අවුරුද්දෙන් පස්සෙ දිනයක් දාගම්මු කියල කිව්ව......දිනයක් දාගෙන දුවට කියන්නම්......ඇය කීවාය.....නුවර එලියේ ගොස් නොතිබුනු මට මෙම ගමන ගැන මා බෙහෙවින් සතුටට පත්වුනෙමි.
                                             දින කිහිපයක් ගතවිය නිමන්තිගේ අම්මා ගමන සදහා දිනයක් යොදාගෙන ආත් අම්මා හමුවීමට පැමින මේ අදහස ඉදිරිපත් කලාය.....ආත් අම්මා කතරගම ගමන මෙන් කැමැත්ත පලකලාය......පාසෙල් නිවාඩුව පටන්ගත් පසු මට චතුරිකා ලෙස වෙනස් නොවී සති කිහිපයක් සිටීමට හැකිවීම ගැන සතුටුවුනෙමි.......අවුරුදු උත්සවය සදහා ආත් අම්මා කැවුන් පිලියෙල කල අතර මා ඇයට උදවුවෙමින් කැවුන් හදන ආකාරය ඉගෙන ගැනීමට උත්සාහ කලෙමි......දුව ඇයි මේව මේතරම් හොදට ඉගෙනගන්නෙ.....ආයෙත් නිමල් වෙන්න අදහසක් නැද්ද......මා කැවුන් සාදන දෙස බලා සිටි ආත් අම්මා ඇසුවාය......ඒක ගැන විභාගෙන් පස්සෙ බලමු ආත් අම්මෙ.....මා කීවෙමි.......සිංහල අවුරුදු සමයද ගෙවී ගිය අතර මීලගට තිබුනේ අපේ නුවර එලිය ගමනය.....
                                             අජිත්ලත් අපිත් එක්ක එනවද දන්නෙ නෑ චතූ.....මට මේක අම්මගෙන් අහන්නත් බෑ.....නිමන්ති දුකෙන් මෙන් කීවාය.....එදානම් එයාල කතාවුනේ කොහේ හරි යනවනම් එයාලට කියන්න කියලනෙ.....ඒ හින්ද තාත්ත කියන්න ඇති......මා ඇගේ හිත සනසවමින් පැවසුවෙමි....
                                     Transgender body swap ගේ ඡායාරූපය

No comments: