Tuesday, May 29, 2018

ආත් අම්මාගේ පාඩම 100................... ....පෙර දින බීමත්ව සිටි නිසාදෝ....මගේ හිසට බර ගතියක් දැනුනි.....මා නැගිට මගේ සිරුර දෙස බැලුවේ මාව නැවත චතුරිකා බවට පත්වී ඇද්දෝ යන සැකයෙනි. එහෙත් මා තවමත් නිමල්ය. කිසිම වෙනසක් වී නොතුබුනි.....ආත් අම්මා ආයෙත් මාව චතුරිකා බවට පත්කරන්නෙ නෑ වගේ.....සිතූ මම ඇදෙන් නැගිට....නාන කාමරයට ගොස් මුහුන සෝදගත්...මා..මුත්‍රා කිරීමට වාඩිවූවේ පුරුද්දට මෙනි......එහෙත් මා දැන් පිරිමියෙකු නිසා එසේ කිරීම අනවශ්‍යය බව තේරුනේ පසුවය.
                     ආත් අම්මා අසලට ගිය මා...මොනවද ආත් අම්මෙ කන්න තියෙන්නෙ ඇසුවෙමි.....පාන් ගෙනවෙ කපල දෙන්නම්.....ඇය කීවාය....ඉක්මනට දෙන්න ආඅත් අම්මෙ....මට යාලුවොත් එක්ක මැච් එකක් තියෙනව...දැන් හොදටම දවල් වුනා......මට දැන් සෙල්ලම් කිරීමට යහලුවන් නැතත් පැරනි නිමල් මෙන් ආත් අම්මාට එසේ කීවෙමි....කොල්ලෙක් උනා විතරයි ආයෙත් පටන්ගත්තද පරන සෙල්ලම..තරහෙන් ඇසූ ආත් අම්මා..ඊයෙත් යාලුවොත් එක්ක ගිහින් හොදටම බීල ගෙදර ආව....කීවාය.....කොල්ලෙක් උනාම කෙල්ලො වගේ ගේ ඇතුලට වෙලා ඉන්න පුලුවන්ද ආත් අම්මෙ.....ඇසූ මා.....ආත් අම්ම හදන්නෙ මාව කොල්ලෙක් කරල කෙල්ලෙක් වගේ ගෙදර තියාගන්නද.....ඒව හරියන්නෙ නෑ ආත් අම්මේ.... කීවෙමි.....මට ඔනැ උඹව වැදගත් කොල්ලෙක් කරන්න මිසක් ඕව කරන්න නෙවෙයි.....ඇය කීවාය.....මම දැන් කොල්ලෙක් වගේ ඉන්න කොට ආඩම්බර නැද්ද ඇසූ මා....ආත් අම්මේ අදත් රුපියල් දාහක් ඕනැ...කීවෙමි.....උඹේ හිතේ මම සල්ලි ගස්වලින් කඩනව කියලද....ඇය ඇසුවාය...මම ඒව දන්නෙ නෑ ගස්වලින් කඩල හරි ඕනෙ....මා ඇයට බල කර කීවේ මගේ පිරිමි චරිතය ඇයට එපා කරවීමේ අරමුනෙනි....ඔහොම ගියොත් නම් මට මේ ඉඩකඩන් ටිකත් විකුනන්න වෙනව....ඇය කනගාටුවෙන් කීවාය....ඒකට කමක් නෑ ආත් අම්මෙ....මම දැන් පිරිමියෙක්නෙ....මට ඕනැ දිහාක ඉන්න පුලුවන්....විකුනන්න ඔක්කොම විකුනන්න..ආත් අම්මටත් ඕනැ මොනව නැතත් මාව පිරිමියෙක් කරන්නනෙ......මා සැරෙන් කීවෙමි.....මා එසේ කියන විට පාන් කපමින් සිටි පිහිය අහකට විසි කර .....උබට ඕනැ එකක් කරගනින් පවසා ඇගේ කාමරය ට ගියාය.....ආත් අම්මා අදත් සල්ලි රැගෙන පැමිනේවි යයි මා බලා සිටියත් ඇය පැමිනියේ නැත. මා ඇගේ කාමරයට එබිකම් කර බැලුවෙමි. ඇය ඇදේ ඇලවී සිටින බව දුටු මා ආපසු කුස්සියට පැමින. කැපූ පාන් කාල්ලක් උයා තිබුනු පරිප්පු හොදි සමග කෑවෙමි. සල්ලි නැතුවට කමක් නෑ ආත් අම්මෙ....කාගෙන් හරි මන්කොල්ල කාල හරි සල්ලි හොයාගන්නම්කො. මම දැන් කොල්ලෙක් නේ පවසමින්.....ආත් අම්මා අසලින් ඈත් වුනු මා කමිසයක් ඇඳගෙන එලියට යෑමේ අදහසින් මගේ කාමරයට ගියෙමි.  ආත් අම්මා මගේ කාමරායේ දොරකඩ අසල සිට.....පොඩ්ඩක් මෙහාට වරෙන්.....කීවාය.....
                                මා ඇය පසුපසින් ගියෙමි....පොඩ්ඩක් මෙතැනින් වාඩිවෙයන්.....ඇය පුටුවක් මත වාඩිවී මට ඇය අසලින් වාඩිවන ලෙස පැව්සුවාය...මා ඇය අසලින් වාඩිවී....ඇය කුමක් පැවසීමට සූදානම් වේදැයි ඇය දෙස බලා සිටියෙමි.....ඇය දෑතින් මුහුන වසාගෙන හඩන්ට වූවාය.....මතෙක් කාලයකට  මා ඇය හඩනු දුටු පලමු වතාව එය විය.....මා ඇය දෙස පුදුමයෙන් බලා සිටියෙමි......අනේ පුතේ උඹ කොහේවත් යන්න එපා....උඹ යනවනම් මම මේ කියන දේ අහල පලයන්....ඇය හඩමින් කීවාය....මොකක්ද....මා ඇසුවෙමි......අනේ පුතේ උඹව මම ගැහැනු ළමයෙක් බවට පත් කලේ.....හැමදාම ගැහැනු ලමයෙක් කරල තියාගන්න අදහසින් නෙවෙයි.......මම කැමති ඔය ලමය පිරිමි ලමයෙක් වෙලා වැදගත් විදියට ජීවත් වෙනව දකින්න....ඒත් මට තේරෙනව ඔයලමය දැන් පිරිමි ජීවිතයට කැමති නෑ කියල.....මටත් තේරෙනව පුතේ ඔයා ගැහැනු ලමයෙක් විදියට කොච්චර හොදට ජීවත්වුනාද කියල.....ඔයා ගේ ඒ තිබුනු ගතිගුන වලට කීදෙනෙක් ඔයාට ආදරේ කලාද කියල මට තේරෙනව.....ඒත් පුතේ මට ඔයාව ගැහැණු ලමයෙක් විදියට දකින්න කැමැත්තක් තිබුනෙ නෑ....මට ඕනැවුනේ ඔයාව පිරිමි ලමයෙක් විදියට දකින්න....ඒක මගේ වැරැද්දක්ද කියල මම දන්නෙ නෑ....මට තවත් ඕනැවුනා ඔයාගෙ තාත්තගෙන් උරුම වෙච්ච මේ දේපොල පරම්පරාවෙන් පිට නොයවා ආරක්‍ෂා  කර ගන්න......ඔයා ගැහැනු ලමයෙක් උනාම කොහොමද මේ දේපොල ඔයාගෙ පරම්පරාවෙන් පිට නොයවා ආරක්ෂා කරගන්නෙ. එහෙම උනාම කවද හරි දවසක ඔයාට කසාද බදින්න වෙන්නෙ ඔයාගෙ පරම් පරාවෙන් පිට මිනිහෙක්ව.....එතකොට මේ දේපල වල උරුමය යන්නෙ ඒ මනුස්සයගෙ පරම්පරාවට මිසක් ඔයාගෙ පරම්පරාවට  නෙවෙයි.....ඇය මා ගැහැනු ලමයෙකු වීමට අකමැති හේතුව පැහැදිලි කලාය.....ඒත් ආත් අම්මෙ ඒ ලමයි පිට ලමයි නෙවෙයිනෙ එයාලත් මගෙ ලමයි වෙනවනෙ.....මා කීවෙමි....එතකොට ඒ ලමයින්ගෙ වාසගමට දාන්න වෙන්නෙ කීරවින්න මුදුයන්සේලාගේ කියල නෙවෙයිනෙ පුතේ....ඒ කසාද බැන්ද මනුස්සයගෙ වාසගම.....එතකොට හිතල බලපන්....මේ දේපොල සම්පූරනයෙන්ම පිට යන්නෙ නැද්ද කියල....ඇය තවදුරටත් පැහැදිලි කරන්ටවූවාය.....ඒකනම් ලොකු ගැටලුවක් තමා ආත් අම්මෙ....කී මා....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: