ආත් අම්මාගේ පාඩම 86..............අක්කා මගේ ඇදුම් තබාගැනීම සදහා වෙනම ස්ථානයක් වෙන්කර දුන්නාය.....සුලු වේලාවකින් අපසිටි කාමරය තුලට පැමිනි අම්මා....මේ නංගිට කාමරයක් දුන්නද දුවේ......ඇසුවාය......එයාට වෙන කාමර එපා අම්මෙ මගෙ කාමරේම ඉන්න කිව්ව.....ඇයි ඒ නංගිට වෙනම එකක් දෙන්නකො ...ඔය..ඕනැ තරම් කමර තියෙන්නෙ....ඇය කීවාය.....ඕනැ නෑ අම්මෙ.....මමයි කිව්වෙ අක්ක්ගෙ කාමරේ ඉන්නම් කියල.....මා කීවෙමි......ඒක හොඳයි දැන් දෙන්නටම පාලු නෑනෙ.....අම්මා පැවසුවාය.
මෙහෙ ආවට කමක් නෑ හෙට උදේ ඉදන් මගෙ පොඩි දුවට වැඩ තියෙනව....පොඩි දුව කිව්වෙ....අක්කා ඇසුවාය....මේ ඉන්නෙ මගේ පොඩි දුව මාව තුරුලට ගෙන පැවසූ අම්මා ඔයා තමයි මගේ ලොකු දුව....ඇයවද තුරුලට ගත්තාය.....මොනවද දන්නෙ නෑ හෙට උදේ ඉදන් කරන්න තියෙන වැඩ....මම හිතුව හරි....මෙයාල මාව ගෙනල්ල් තියෙන්නෙ වැඩගන්න....මම කිව්වන්නෙ උයන්නත් දන්නව කියල.....හෙට ඉදන් කුස්සියෙ වැඩ කරන්න වෙයිද දන්නෙ නෑ....මා කල්පනා කලෙමි......මොනවද අම්මෙ හෙට ඉදන් නංගිට කරන්න තියෙන වැඩ......අක්කාගේ ප්රශ්නෙන් මගේ පැනයට පිලිතුරු ලබෙන බව දැනගත්තෙමි.....මෙයාව අපේ සංගීත පන්තියට ගන්නව....අම්මා කීවිට....ඒකනම් හොදයි අම්මෙ.....නංගිට හොද හැකියාවක් තියෙනව....අක්කා සතුටින් කීවාය......මා සිතුවා වැරදිය....අම්මා හදන්නෙ මට හොදට සන්ගීතය උගන්වන්න....මා සතුටින් කල්පනාකලෙමි.....මම ආවෙ..... පොඩි දුවව ගෙදර වැඩකාරයන්ට හදුන්වල දෙන්න එක්ක යන්න.....ඔයා මේ ගෙදර ගැන දැනගන්නත් ඕනැනෙ....පැවසූ ඇය මා සමග මුලුතැන් ගේ දෙසට ගියාය.....අවුරුදු පනහත් හැටක් අතරවූ තරමක් තරබාරු තැනත්තියක් සිටිනු දුටුවෙමි. බැලූ බැල්මට ඇය සිංහල තැනැත්තියක් බව පෙනෙන්ට තිබුනි.....ඇය අසල තවත් තැනත්තියක් සිටියාය ඇය ඊට වඩා බාල බව පෙනුනි......එතරම් මහත නොවූ ඇයද සිංහල තැනැත්තියක් බව පෙනුනි.....මාගරට්.....මේ ඉන්නෙ මගේ දුවෙක්.....මේ චූටි බේබි අද ඉදන් මේ ගෙදර ඉන්නෙ......උඹල හොදට මේ බේබිට සලකන්න ඕනැ.....කී ඇය .....කෝ තන්ගච්චි.....එන්න කියපන් මෙහාට.....හොදමයි මැඩම්..... කී දෙවෙනි තැනැත්තිය කුස්සියෙන් එලියට ගියාය.....සුලු මොහොතකින්දෙමල තැනැත්තියද ආවාය.....තන්ගච්චි.....මේ චූටි බේබි අද ඉදන් මෙහෙ ඉන්නෙ.....අනිත් අයට සලකනව වගේ මේ බේබිටත් සලකන්න ඕනැ...අම්මා ඔව්න්ට අනක් නිකුත් කරන ආකාරයට පවසන්ට විය......දුවේ ඔයාට මොකුත් උවමනාවක් තියෙනවනම් මේ තගච්චිට කියන්න.....මේ මාගරට් තමයි උයන වැඩටික කරන්නෙ....එයාට අත් උදවුවට ඉන්නෙ.....මේ මල්ලිකා.....තන්ගච්චි තමයි ගෙදර අතුපතු ගාන්නෙ කාමර අස්කරන්නෙ....ඒවගෙ ගෙදර අනිත් වැඩ කරන්නෙ.....ඔවුන්ව හදුන්වාදුන් ඇය.....තව වත්තෙ වැඩ කරන අයත් ඉන්නව......එයාල ගේ ඇතුලෙ වැඩට ගන්නෙ නෑ....කීවාය.
මේ ගේත් මාලිගාවක් වගේ..... හැම පහසුකමක් ම තියෙනව...... ඒ මදිවට අතට පයට වැඩකාරයොත් ඉන්නව...අම්ම තාත්ත පුත්තු දූරු ඔක්කොමල්ල උගත්තු.......මෙයාලනම් පුදුම වාසනාවන්තයෝ......මා කල්පනා කලෙමි.....මේ අතින් බලනකොටනම් මට චතුරිකා වෙලා සුරන්ජිත්ව බදිනව කියන එක හිතන්නවත් බෑ.....මෙයාලත් එක්ක සන්සන්දනය කරන කොට මම හරියට සද්දන්ත ඇතෙක් ගාව ඉන්න ඉනිකුනෙක් වගේ.....මා කිසිවෙකුගෙන් නොවිමසුවත් සුරන්ජිත් ඇත්දැයි විමසිල්ලෙන් සිටියෙමි.....එහෙත් මෙතෙක් ඔහුගේ චායාවක් වත් දක්නට ලැබුනේ නැත......තාත්තල එනකොට රෑවෙනවද අම්මෙ....මා ඇසුවෙමි.....තාත්තයි ඩොක්ට අයියයි එනකොට හත අට වෙනව......සුරන්ජිත් අයියනම් පහ හය වෙනකොට එනව.....වැඩක් තිබුනොත් එයත් ටිකක් රෑවෙනව....දැන් වෙලාව හතරනෙ තව පොඩ්ඩකින් එයි.....අම්මා කීවාය.......එතකොට අක්ක අද ගියෙ නැද්ද.... මා ඇසුවෙමි.....අද එච්චර වැඩක් නෑ කියල....දුවව එක්ක එන්න ඕනැමයි කියල හිටිය....ලොකු අයිය දුවව දැකල නෑනෙ.....අපි ඔයා ගැන විස්තර කිව්වම එයත් හරි ආශාවෙන් ඉන්න ඔයාව දකින්න......අම්මා සිනාසෙමින් පැවසුවාය.....
ඔය එන්නෙ සුරන්ජිත් අයිය.කබල් කාර් එකෙන් .... අක්කා නිවස ඉදිරිපිටට පැමිනි තරමක් පැරනි වාහනයක් පෙන්වා අපහාසයට මෙන් කීවාය.....මා කාමරයේ ජැනේලය තුලින් ඒ දෙස බැලුවෙමි.....වාහනයෙන් බැස්ස ඔහු පොත් බෑගයක් අතට ගෙන....එතැනට පැමිනි....පුද්ගලයෙකු අතට වහනයේ යතුර විසිකරනු දුටුවෙමි.......ඒ කාර් එක එච්ච පරන නෑනෙ අක්කෙ....පවු අක්කෙ අයියට එහෙම කියන්න එපා පැවසූ මා.. ...අක්කෙ අර කාටද වාහනේ යතුර දුන්නෙ...... ඇසුවෙමි....ඒ අපේ වාහන හෝදන එක්කෙනා.....එයා ඕක අරන්ගිහින් හොදට හෝදලා ගැරෙජෙක ඇතුලට දානව.....දැන් බලන කොට මෙයාලගෙ වාහන හෝදන්නත් එක්කෙනෙක් ඉන්නවනේ.....මා පුදුමයෙන් යුතුව කල්පනා කලෙමි.....නංගි අපි තව පොඩ්ඩකින් සුරන්ජිත් අයියව පුදුම කරවමු...එයා දන්නෙ නෑ ඔයා අද මෙහෙ ආව කියල......ඔයාව දැක්කම පුදුම වෙයි....අක්කා සිනාසෙමින් කීවාය.
දූල එන්න තේ බොන්න....අම්මාගේ කට හඬ ඇසුනු අපි තේ පානය කරන ස්ථානයට ගියෙමු....මෙම නිවසේ.තේ පානයට සහ කෑම ගැනීමට වෙනම ස්ථානයක් වෙන්කර තිබුනු බව දුටුවේ එවිටය. සුරන්ජිත් ද අපි සිටි ස්ථානයට පැමිනෙන බව දුටු මගෙ සිතට අමුතු හැගීමක් ඇතිවිය.....එය ඔහු කෙරෙහි දක්වන ගවුරවයක් ද....බිය මුසු හැගීමක්ද.....හිතට දැනුනු ලැජ්ජාසහගත හැගීමක්ද....නැත හොත් ඒ සෑම හැගීමකම සම්මිශ්රණයක් දැයි වටහාගැනීමට නොහැකිවිය.......මා ඔහු දෙස කෙලින් නොබලා බිම බලාගෙන ඔහුට නොතේරෙන ලෙස ඇස් කොනෙන් බැලුවමි......මේ කවුද කියල අදුනන වද.....අක්කා මාව පෙන්වා ඇසුවාය......මා දෙස පුදුමයෙන් මෙන් බැලූ ඔහු.....
No comments:
Post a Comment