Tuesday, May 15, 2018

ආත් අම්මාගේ පාඩම 67...............මොකක්ද අක්කෙ කරන්නෙ...සුරන්ජිත් ඒ එක්කම පවසනු ඇසුනි.....අක්කා සුරන්ජිත්ගේ අත මගේ අත මත තැබීමට උත්සාහ කලබව තේරුම් ගියේ එවිටය......එහෙත් ඔහු අත අහකට ගෙන අක්කාට දොස් කියන්ට විය.....අක්කා සිනසෙමින් නැවත වාඩිවුනාය......මම මේ බැලුවෙ මොකද සද්ද කරන්නෙ කියල මේදෙන්න එක සීට් එකේ වාඩිවෙලානෙ......අපි ඉදිරිපස ආසනයේ වාඩිවී සිටි සුරන්ජිත්ගේ අම්මා අපි දෙස බලා පැවසුවාය. මම වාඩිවුනේ නෑ අම්මෙ අක්ක මාව බලෙන්ම මෙතැනින් වාඩි කෙරෙවුවනේ.....ඒකට මොකද පොඩි පුතේ ගෑණු ලමයෙක් ගාව වාඩිවුනා කියල ඇගේ ඇලෙන්නෙ නෑනෙ......අනික චතුරිකා නංගි කියන්නෙ නරක ලමයෙකුත් නෙවෙයිනෙ ඔහුගේ අම්මාද.....අක්කා කලදේ අනුමත කරමින් පැවසුවාය.....අම්මල දූල ඔක්කොමල්ල එකයි.....සුරන්ජිත් සෙමින් මුමුනනු ඇසුනි.....මම මෙතැන වාඩිවෙන එක නංගිට හොද නැති හින්දයි කිව්වෙ......අනතුරුව අම්මාට ඇසෙන ලෙස කීවේය......චතුරිකා දුවත් ඔයා නරක කෙනෙක් කියල තේරුම් ගන්නෙ නෑනෙ පුතේ.....බලන්න මිසිස් බන්ඩාර අපේ පොඩි පුතා පුදුම අකමැත්තක් තියෙන්නෙ ගෑනු ලමයෙක් ගාව ඉන්න......ඇය නිමන්තිගේ අම්මාට කියනු ඇසුනි...ගෑනුලමයි ගාව ඉන්න ලැජ්ජ ඇති අනේ.....නිමන්තිගේ අම්මා කීවාය......කවද හරි කසාදයක් කරගන්න ගියාම තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ....සුරන්ජිත්ගේ අම්මා කියනු ඇසුනි.......මගේ හිතේ තියෙන දේවල් මෙයාල දන්නෙ නෑනෙ.....සුරන්ජිත් සෙමින් මුනුනන අයුරු මට ඇසුනි.....
                සුරන්ජිත් යනු සියලුම ගැහැනු ලමුන්ට අකමැති කෙනෙක් නොවන බව මා දැන සිටියද මේ කිසිවෙකුත් එය නොදනී.මා එය කිසිවෙකුට පවසන්ට ගියේ නැත. සුරන්ජිත් මට පැවසූ දේවල් මගේ හොදම යෙහෙලිය වන නිමන්තිටද පැවසීමට උනන්දු නොවුනේ කොයි මොහොතකදී හෝ ඇගේ මුවින් ඒවා පිටවේවි යයි බියෙනි.....
                    අපේ බස්රථය ගමන්කලේ අබේවෙල තනබිම් අසලිනි. මෙම පරිසරය දකින විට  පින්තූරවලින් දැක තිබුනු නවසීලන්තයේ තනබිම් සිහියට නැගුනි. මට සිහිවූවේ අපිද නවසීලන්තයේ ඉන්නවාසේය.....බලන්නකෝ අක්කේ ලස්සන මා අක්කාට ඇසෙන සේ කීවෙමි.....හරියට වෙන රටක ඉන්නව වගේ......මා සතුටින් කීවෙමි......හුග දෙනෙකුට අගේ නැති වුනාට අපේරට ගොඩක් ලස්සනයි නංගියේ .....සුරන්ජිත් මට පමනක් ඇසෙනසේ කීවේය.....මා හිස සොලවා එය අනුමත කලෙමි.....අර බලන්නකො චතුරිකා නංගියේ අපේ සුරන්ජිත් මල්ලි වගේ කට්ටියකුත් ඉන්නව......හරක් ගාලක් තනකමින් සිටිනු පෙන්වූ අක්කා කීවාය.......අබේවෙල හරක් නෑ වැඩිහරියක් ඉන්නෙ කිරි ගන්න එලදෙන්නු .....ඒ කියන්නෙ අක්කල වගේ කට්ටිය..සුරන්ජිත් පැවසූවිට......ඔන්න චතුරිකා නංගියේ ඔයාටත් එක්ක ඒ හින්ට් එක ගැහුවෙ.....අක්කා කීවාය  චතුරිකා නංගිට කිව්වෙ නෑ ....එයා එලදෙනක් නෙවෙයි.......සුරන්ජිත් පවසන විටම......ඔන්න පැන්න... බලල... මල්ලෙන් එලියට....අජිත් හයියෙන් කීවේය......සුරන්ජිත් අයිය කෙල්ලන්ට අකමැතියි කිව්වට එහෙමත් නෑ....එක්කෙනෙකුට කැමතියි වගේ....නිමන්තී පැවසුවාය.....මම එහෙම දෙයක් හිතාගෙන කිව්වෙ නෑ ....අපේ අක්ක එලදෙනෙක් කියල කිව්වෙ.......සුරන්ජිත් තරහෙන් මෙන් කීවේය.....ඈ පුතේ ඔයාගෙ අක්ක එලදෙනක් නම් ඔයා කවුද......සුරන්ජිත්ගේ අම්මා එසේ පවසන විට සියලු දෙනා සිනාසෙන්ට විය......බලන්න නංගි මේ ඔක්කොමල්ල මාව විහිලුවට අරන්නෙ.....සුරන්ජිත් සෙමින් දුක්බරව පැවසූ විට මට ඔහුගැන අනුකම්පාවක් ඇතිවිය....අනේ අයියෙ ඔයා ඔව ගනන් ගන්න එපා.....මා ඔහුගේ සිත සනසමින් පවසන විට මාගේ අත ඔහුගේ අත මතට ගියේ මා නොදැනුවත්වමය......අම්මෙ පොඩිකාලෙ මල්ලිට දුන්න කිව්වෙ එල කිරි නේද....ඒක තමා ඔහොම වෙලා තියෙන්නෙ......අක්කා නැවත සුරන්ජිත්ට විහිලු කරන්ට විය.....සුරන්ජිත් විහිලු ඉවසීමට නොහැකිව දුක්බරව සිටිනු දුටු මා.....මොනවද අක්කෙ ඔයා ඔය නරක විදියට විහිලු කරන්නෙ ඔයාගෙනම මල්ලිට නේද....අවවාද ස්වරූපයෙන් කීවෙමි....එක්කෙනෙකුට විහිලු කලේ වෙන එක්කෙනෙකුට තද වෙලා තියෙන්නෙ.....අජිත් මට කීවිට සැම දෙනාම මට විහිලු කරන්ට විය.......ඔයාල ඔක්කොමල්ල මට විහිලු කරන්න හැබැයි මාව ගාවගෙන සුරන්ජිත් අයියට එහෙම විහිලු කරන්න එපා......මොකද මට විහිලු කලා කියල මට කාත් කවුරුවත් නෑනෙ...මට ඇතිවූ දුක නිසා හැඩුම් බරව කීවෙමි.....මොනවද ලමයිනේ....මේවගෙ . ගමනක් යනකොට විහිලු කලාට කමක් නෑ  ඒත් ඇස්රතුවෙන විහිලු කරන්න එපා ....සුරන්ජිත්ගේ අම්මා පවසන විට මා දෑසේ පිරුනු කදුලු අතේතිබුනු ලේන්සුවෙන් පිසදා ගත්තෙමි..... මොනවද නංගි ඔයා අඬන්නේ... මටනෙ කිව්වෙ ඕව ගනන් ගන්න එපා කියල ඔයානෙ ඒව ගනන් අරගෙන අඩන්න පටන්ගත්තෙ......සුරන්ජිත් මා දෙස බලා සෙමින් කීවේය......මම කෙල්ලෙක්නෙ අයියෙ මම ඇඩුවට කමක් නෑ කොල්ලො අඩන්න ඕනැනෑ.....මා පිලිතුරු දුන්නෙමි. .....ඉදිරිපස අසුනේ සිටි සුරන්ජිත්ගේ අම්මා අසුනෙන් බාගෙට නැගිටමා දෙස බලා දුව අඩනව නේද අසා ආසනයෙන් නැගිට. පුතා යන්න ඉස්සරහට.... පවසා සුරන්ජිත්ට ඇගේ ආසනයේ වාඩිවන ලෙස පවසා මා අසලින් වාඩිවූවාය....අනේ දුවේ අඬන්න එපා.... කවුද කිව්වෙ දුවට කාත් කවුරුවත් නෑ තනිවෙලා කියල. අපි දුවගෙ ඕනැදේකට ඉන්නව ඔයා බයවෙන්න එපා.....කී ඇය මාව ඇගේ උකුල මතට ඇලකරගෙන මගේ අතේ තිබුනු ලේන්සුව ගෙන ඇස්වල කදුලු පිසදැමීමට පටන්ගත්තාය.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: