ආත් අම්මාගේ පාඩම 39.........................දැන් හරිවැඩේ වෙන්නෙ මාව ආපහු නිමල් බවට පත්වුනොත් මොකද කරන්නෙ.......මට දැන් අඳින්න පිරිමි ඇඳුම් ඇත්තෙත් නෑ......පිරිමියෙක් උනාම මේවගෙ ගැහැණු ඇඳුම් ඇඳගෙන පාරෙයන්නෙ කොහොමද?....මා කල්පනා කරන්ට වුනෙමි.....චතූ....මේ පූජාවටියෙන් මොනවහරි අරන් කන්න......නිලන්ති පවසනු ඇසුනු මා.....මට දැන් කන්න බැ.....මා එසේ පැවසුවේ.....මේවා කෑවිට මගේ වෙනස්වීම ඉක්මන් වේවී යන බයටය.......කන්න දුවේ මේව කන එක හොදයි......නිලන්තිගේ අම්මා පැවසුවාය......දේවාලෙට ගිය වෙලාවෙ ඉදල චතූ නිකන් බයවෙලා වගේ.......නිලන්ති කීවාය......චතුරිකා මේවගේ දෙයක් කළේ අදනෙ දුවේ......ඒ හින්ද එයාට අමුතු ඇති.....මගේ සිත තුල තිබුනු බියජනක හැගීම තේරුම් නොගත් ඔවුන් එසේ ප්‍රකාශ කරනබව වැටහුනි. මා කොයි වෙලාවේ වෙනස්වේවි දැයි සිතතුල තිබුනු බය නිසා නිතර සිරුර දෙස බලන්මින් කල්පනාවෙන් පසුවුනෙමි.....
හෝටලයකින් රාත්‍රී ආහාරගත් අපි කාමරයට පැමිනෙන විට තරමක් රෑබෝවී තිබුනි......ඇග සෝදාගත් අපි රාත්‍රී ඇදුම් ඇදගෙන ඇදේ ඇලවුනෙමු. ජීවිතයේ පලමු වරට ගැහැනු ලමයෙකු සමග එකම ඇදේ නින්දටයන පලමු දිනය අදවිය. මා නිලන්තී සමග එකම ඇදේ නින්දට යන්නේ මාත් ගැහැනු ලමයෙකු ලෙසිනි. එහි කිසිම වැරැද්දක් ඇති බවක් කිසිවෙකුට නොපෙනේ. එහෙත් මා හදිසියේවත් නිමල් බවට පත්වුනොත් මොකද වෙන්නේ....පූජාවට්ටිය තියල දැන් ගොඩක් වෙලා ගිහින්නෙ ඒත් තාම මාව කොල්ලෙක් උනේ නෑනෙ.....මාව කොල්ලෙක් වෙනවනම් වෙනදට උනාවගේ හෙට උදේ හයෙන් පස්සෙ වෙයි...සිතූමා...අනේ දෙවියනේ ගෙදර යනකන් මාව කොල්ලෙක්නම් වෙන්න එපා.....මා සිතින් ප්‍රාර්ථනා කලෙමි.....මගේ අසල ඇලවුනු නිලන්තී......ඔයා අද හරි අමුතුයි ....හරියට බයවෙලා වගේ.....මාව තුරුලුකරගනිමින් කීවාය.......ඔය දේවාලෙට පූජාව තිබ්බම අපල නැතිවෙනවද නිලන්ති.....මා ඇසුවෙමි................අනේ මම දන්නෙ නෑ....එහෙම කියනව.....ඇය පිලිතුරුදුන්නාය......මම පූජාවට්ටිය තිබ්බෙ විභාගෙ පාස්වෙන්න කියල හිතාගෙනනෙ.......අපල නැතිවෙන්න කියල නෙවෙයිනෙ.....ඉතින් කොහොමද අපල නැතිවෙන්නෙ.......මා ඇසුවෙමි......ඔයා විභාගෙ ගැන හිතාගෙන තිබ්බනම් ඒක හරියයි... වෙන දේවල්සිද්ද වෙන්නෙ නෑ.....නිලන්ති කීවාය......ඇගේ එම පිලිතුරෙන් මගේ බිය තරමක් අඩුවිය........ඒකනේ....සතුටින් පැවසූ මා ඇයවද තුරුලුකර ගත්තෙමි...ඒක නෙවෙයි..චතූ ඔයා ගොඩාක් පින් කරල තියෙනව......නිලන්ති කීවාය......ඒ මොකද එහෙම කිව්වෙ......මා ඇසුවෙමි.....ඔයා ගොඩාක් ලස්සනයි....හරියට සුර දූතියක් වගේ.......අපේ අම්ම කියනව ඒවගෙ ලස්සන වෙන්න ගොඩක් පින්කරන්න ඕනැ කියල......ඇය කීවාය.......ඔයත් ලස්සන වෙන්න ගොඩක් පින්කරල තියෙනවනෙ......මා කීවෙමි......ඒ වුනාට ඔයා වගේ ලස්සන නෑනෙ.....ඇය පැවසුවාය....ඒ ඔයාට හිතෙන හැටි.....මටනම් ඔයා ගොඩක් ලස්සනයි......මා ඇගේ හිත සනසමින් කීවෙමි..........ඇය මගේ අතක් ගෙන ඇගේ අත අසලින් තබා...මේ බලන්න............ඔයාගෙ අත ගොඩක් පාටයි මගේ අත කලුයි......ඔයත් එච්චරට කලු නෑනෙ මට වඩා පොඩ්ඩක් පාට අඩුයි.....ඒකෙන් ලස්සන අඩුවෙලා නෑනෙ.....මා ඇයට කීවෙමි.......ඒකත් ඇත්ත මේ ඔක්කොම තියෙන්නෙ අපෙ හිතේ නේද පැවසූ නිලන්තී මගේ මුහුන තදින් සිපගත්තාය.......මේවලාවෙ මාව නිමල් උනානම් මොනව වෙයිද....දැන් මට කොල්ලෙක් වශයෙන් තිබුනු ඒ ආශාවල් දියවී සේදී ගොස් ඇති බවක් දැනුනි.....එහෙත් මට ඇය කෙරෙහි යම්කිසි ආදරයක් ඇතිවිය. එම ආදරය සහෝදරියකට දක්වන ආදරයකට සමාන බවක් ඇතිබව දැනුනි. මා ඇගේ මුහුනද සිපගත්තේ මගේ සිත තුල හටගත් එම සහෝදර ප්‍රේමය නිසාය. .....මම ගෙදර ඉන්න කොට අම්මට තුරුලුවෙලා නිදාගන්න හරි ආශයි.....ඒ හින්ද තමයි ඔයාට තුරුලු උනේ.....ඔයා කැමතිද දන්නෙ නෑ.....ඇය මගෙන් ඇසුවාය.....අනේ කමක් නෑ කෙල්ලෙ.....ඇයව තවත් තුරුලට ගත්තේ.......මේවගෙ ලස්සන ගැහැනුලමයෙක්ව තුරුලු කරගෙන නිදාගන්න තියෙනවනම් කොච්චර වාසනාවක්ද යන සිතුවිල්ලෙන් යුක්තවය.....මට අක්ක කෙනෙක් හරි නන්ගි කෙනෙක් හරි හිටියනම් මේවගෙ හැමදාම ඉන්න තිබුන.......ඇය දුකෙන් මෙන් පවසනු ඇසුනි.....මටත් හිටියනම් කියල මටත් හිතෙනව.....මා කීවෙමි.......අපි දෙන්නත් අක්කයි නංගියි වගේ නේද.....ඇය කීවාය.....එතකොට කවුද අක්ක කවුද නංගි .....මා ප්‍රස්නකලෙමි.....මම නංගි ඔයා අක්ක.....ඇය එකවරම කීවාය.....නෑ මම නංගි ඔයා අක්ක මා කීවෙමි.....නෑ මම නංගි .....ඇය කීවාය...නෑ මම නංගි .....මා කීවෙමි......අපේ මෙම තර්කය නිසා තරමක ශබ්දයක් ඇතිවිය. දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුනු බැවින් මා දොර ඇරියෙමි....දූලගෙ කාමරෙන් ශබ්දයක් ආව ඒකයි බැලුවෙ......නිලන්තිගේ අම්මා ඇතුලට එනගමන් කීවාය.....නෑ අම්මෙ ......මේ අපි දෙන්න විහිලුවක් කරකර හිටියෙ.....දුවටම හරියන්න යාලුවෙකුත් සෙට්වුනා නේද.....නිලන්ති දුවත් හරි කැමතිනෙ විහිලුවලට......මගේ හිස අතගාමින් පැවසූ ඇය දැන් රෑවෙලානෙ විහිලුකලා ඇති දෙන්න එක්ක නිදාගන්න......පවසා කාමරයෙන් පිටවීමට ආපසු හැරුනා පමනි................
No comments:
Post a Comment