ආත් අම්මාගේ පාඩම 82............මා සවසට සතුටින් හිටියත් පාසැල් දිනවල උදේවරුව මගේ එපාම කල කාල පරිච්ඡේදය විය....මගේ සිතුවිලි පිරිමි සිතුවිලි නොවනනිසා පිරිමියෙක් ලෙස පිරිමින් අතර සිටීමට අපහසුවිය. මා ගතින් පිරිමියෙක් නිසා ගැහැනුන් අතරටද යා නොහැකිව අතරමන් වුනෙමි. මා ටිකින් ටික පන්තියේ ලමුන්ගෙන් ඈත්වී හුදෙකලා වුනෙමි.....එහෙත් මගේ මැර ජීවිතයගැන මතක තිබුනු කිසිවෙක් මට කදරයක් කලේ නැත. මට දැන් අවශ්‍යතාවය තිබුනේ විභාගය හොදින් සමත්වී මේ ගැටලුවෙන් ගොඩ ඒමටය.
තවම සුරන්ජිත් ඔයාව බලන්න ආවෙ නැද්ද අනේ.....නිමන්ති දිනක් ඇසුවාය.....කමක් නෑ අනේ....මම ඒ ඔක්කොම හිතෙන් අයින් කලා....මා කීවෙමි.....අජිත්නම් ඊයෙත් ඇවිත්ගියා....ඇය කීවිට....ඔයානම් ලකී අනේ...කී මම....ඊයෙත් තනියමද ආවෙ ...ඇසුවෙමි.....ඔයා තරහගන්න එපා චතූ.....සුරන්ජිත් එක්ක ආවෙ....ඇය කීවාය....කමක් නෑ අනේ.... එවෙලෙට කතාකලාට එයාල වගේ ලොකු අයට අපිව ගැලපෙනෙ නැතුව ඇති.....මා කීවෙමි.....මම අජිත්ගෙන් ඇහුව සුරන්ජිත් ඔයාගැන මොනව හරි අහනවද කියල....එයා ඒ ගැන අහනවටවත් කැමති නැතිලු.....නිමන්තී පැවසුවාය....ඕව ගැන කතාකරල වැඩක් නෑ අනේ.....අපි අපේ වැඩක් බලාගම්මු.....මා කීවෙමි.
මට ඇතිවී තිබුනු ගැටලුකාරී තත්වය හමුවේ සුරන්ජිත් මාව මගහැරීම ගැන සතුටු වූ අතර සුරන්ජිත් මට නැතිවීම ගැන කනගාටුවක්ද ඇතිවිය.....දුවේ සුරන්ජිත්ගෙ අම්මල ඔයාව බලන්න එනව කිව්වට ආවෙ නෑ නේද.....මා නිමන්තිගේ නිවසේ සිටිනවිට ඇගේ අම්මා ඇසුවාය....නෑ ඇන්ටි එයාලට වැඩ ඇතිනෙ.....මා කීවෙමි.....සුරන්ජිත්නම් අජිත් එක්ක මෙහෙ ඇවිත් ගියා....නිමන්ති අහල තියෙනව ඔයා ගැන ...පස්සෙ එන්නම් කිව්වලුනෙ......මම නම් හිතුවෙ සුරන්ජිත්ගෙ අම්ම ඔයාට සලකපු හැටියට සුමානයක් යන්න ඉස්සෙල්ල එයි කියල.....ඇය තවදුරටත් කියන්ට වූවා.....කමක් නෑ ඇන්ටි...එයාලගෙ කැමැත්තනෙ....මා ඔව්න්ට කිසිම දොසක් කීවේ නැත. ....දුව ඕව ගැන කල්පනා කරන්න එපා....දුව හොදට ඉගෙන ගන්න....ඔයාට හොද කාලයක් යයි .....අපිත් ඔයාට ඕනැ උදව්වක් කරන්නම්....නිමන්තිගේ අම්මා මා ගැන කනගාටුවෙන් මෙන් පවසන්ට වූවාය....මම ඕව ගනන් ගන්නෙ නෑ ඇන්ටි......මගේ සිතට දුකක් ඇතිවූවද ඒගැන නොපෙන්වා කීවෙමි. එහෙනම් කමක් නෑ....ඇය සැනසුම් සුසුමක් හෙලනු දුටුවෙමි.....අපේ අම්ම බයවෙලා සුරන්ජිත් ගැන හිතල ඔයාගෙ හිත නරක්වෙයි කියල....ඒකයි එහෙම කිව්වෙ.....අම්මා ගිය පසු නිමන්ති කීවාය....මගේ හිත මොකට නරක් වෙන්නද මම කිව්වෙ නෑනෙ එයාට කැමතියි කියල....මා ගනනකට නොගෙන කීවෙමි.
අපේ විභාග දිනයට තවත් මසකට වඩා කාලයක් ඉතිරිවී තිබුනේ නැත මේ නිසා අපිට මහන්සිවී වැඩකිරීමට සිදුවිය. සමහර දිනවල මා රාත්‍රී කාලයේද නිමන්තිගේ නිවසේ නැවතී සිටියේ ඇය සමග රෑවෙනකන් පාඩම් කිරීම ත් තුරුලු කරගෙනසදහාය.....එයට අත්ත් අම්මාගේ කැමැත්ත හිමිවිය....දිනක් සවස අපි පාඩම් කරමින් සිටින අවස්ථාවේදී වාහනයක් නිමන්තිලාගේ නිවස ඉදිරිපිට නතරකරනු දුටු නිමන්තිගේ අම්මා.....කවුද දන්නෙ නැ දුවේ කියමින්....දොර ඇරියාය....නිමන්ති දුවේ අපි අදුනන කට්ටියක් ඇවිල්ලා.....ඔය චතුරිකා දුවත් එක්ක එන්න කීවාය....අපිට අඩගැසුවාය......අපි එලියට ගොස් බලනවිට සුරන්ජිත්ගේ අම්මා සහ අක්කා ඇවිත් සිටිනබව දුටුවෙමි.....සුරන්ජිත් සිටිනවාදැයි මා වටපිට බැලුවෙමි.....එහෙත් ඔහු පෙනෙන්ට සිටියේ නැත.....එහෙත් මා ඒබවක් ඇසුවේ නැත.....මගෙ දුවත් මෙහෙනේ....අපි මේ ආවෙ දුවගෙ ගෙදර යන්න.....අම්ම මාව ඇගේ සිරුරට තුරුලු කරගනිමින් කීවාය.....අපේ දුව නිතරම කියෝනව නංගි බලන්න එන්න ඕනැ කියල ඒ වුනාට එයාලටමනෙ වෙලාවක් නැත්තෙ......මාව තුරුලු කරගෙන ගෙට ගොඩවදිමින් කීවාය.....ඉතින් කොහොමද නිමන්ති නංගි... අක්කා නිමන්තිගේ හිස අතගාමින් ඇසුවාය......හොදින් ඉන්නව අක්කෙ...ඇගේ පිලිතුරවිය.....අපේ මල්ලිටත් එන්න කතා කලා එයාට වැඩ තියෙනව කියල බෑ කිව්ව....ඒකයි අපි දෙන්න විතරක් ආවෙ.....අක්කා කීවාය.....සුරන්ජිත්ට ආයෙත් මාව බලන්න ඕනැ කමක් නැතුව ඇති....මා කල්පනා කලෙමි.....එදා ගමන හොදයි නේද දුව....ඔව්න් වාඩිවූ පසු අම්මා අපෙන් ඇසුවාය.....අපි ගොඩක් විනෝදවුනා ඇන්ටි.....නිමන්ති කීවාය.....කෝ චතුරිකා දුව මොකුත් කිව්වෙ නෑනෙ....මා දෙස බලා ඇසුවාය.....මාත් විනෝද වුනා ඇන්ටි.... මා කීවෙමි....ඇන්ටි..... මේ කෙල්ලට මේ ටික දවසට ඕක අමතක වුනානෙ.... කී ඇය..මගේ කට මිරිකා.....මට අම්ම කියන්න කිව්ව නේද කීවාය... අපි දුවගෙ ගෙදර යන්න ආවෙ ....දුවගෙ ගේ දන්නෙ නෑනෙ මිසිස් බන්ඩාරත් එක්ක යන්න ආවෙ.....අම්මා පැවසුවාය....තේ ටිකක් බීලම යමු.....නිමන්තිගේ අම්මා කීවාය. අක්කාද මා අසලට පැමින මගේ වගතුග ඇසුවාය...එහෙත් මා සුරන්ජිත් ගැන වචනයක් වත් කතා කිරීමෙන් වැලකී සිටියෙමි.....එහෙත් අක්කා.....අපේ මල්ලිට කතා කලා...... යමු චතුරිකා නංගිව බලල එන්න කියල....ඒත් එයා අදිමදි කලා මොකද මන්ද.....ආයෙත් එයාට කෙල්ලො පේන්න බැරි පරන ලෙඩේ හැදිලද කොහේද.....ඇය ඔහු ගැන තරහෙන් මෙන් කීවාය.....එහෙම එකක් නැතුව ඇති අක්කෙ අයියට වැඩ ඇති....මා ඔහුට දොස් කියනවාට විරුද්ධව කීවෙමි.
ටික ව්ලවක් මෙම නිවසේ ගත කල ඔව්න් නිමන්තිලත් සමග අපේ නිවස කරා යන්ටවිය ඔවුන් පැමිනි වාහනය නවීන පන්නයේ වාහනයක් විය එය පදවාගෙන පැමින සිටියේ අක්කාය.....කාගෙද අක්කෙ මේ කාර් එක....මා අක්කගෙන් ඇසුවෙමි......තාත්ත මට අරන්දුන්න එක.....ඇය සතුටින් කීවාය.....සුරන්ජිත් මලිටත් අලුත් එකක් අරන්දෙනව කිව්ව එයා ඒකට වැඩි උනන්දුවක් නෑ තාම පරන එකම තියාගෙන පට්ට ගහනව.....ඇය නොමනපයෙන් මෙන් කීවාය.....මම ඇත්තටම කෙල්ලෙක් උනත් මෙයාලත් එක්ක අපිට හැරෙන්නවත් පුලුවන්ද මෙයාල ඒතරම් සල්ලි කාරයෝනේ.....අපෝ සුරන්ජිත්ව දැම්ම අමතක කරන්න ඕනැ....මා බියපත්ව සිතුවෙමි.....
No comments:
Post a Comment