අද දවසෙ කොහේවත් නොගොස් මේ දින කිහිපයේ අමතකවූ පාඩම් නැවත මතක් කර ගැනීම සඳහා ඒවා පාඩම් කිරීමට පටන්ගත්තෙමි....මේ අතර තුර වරින් වර සුරන්ජිත් මතක් විය. ඔහුගේ කඩවසම් රුව මැවී පෙනෙන්ට විය. ඔහුගේ ආදරණීය වචන මගේ දෙසවනේ වදිනවා මෙන් දැනෙන්ට විය.....ආයෙත් මට එයාව කවද හම්බවෙයිද දන්නෙ නෑ....කල්පනා කරන්ටවුනෙමි.....ඔහුගේ අම්මා තාත්තා අක්ක මට අමතක නොවන චරිත විය......ඔව්න් මගේම අම්මා තාත්තා අක්කාලෙස දැනෙන්ටවිය....ආත් අම්මට කියල කොයි වෙලාවෙ හරි එහෙ ගිහින් එයාලව බලල එන්න ඕනැ....මා සිතාගත්තෙමි.
පසුදින දිවා ආහාරයෙන් පසු නිමන්තිගේ නිවසට යෑමට අවශ්‍ය බව ආත් අම්මාට පැවසුවෙමි.....මාත් එන්න ඕනැ....ඔයා කිව්ව දෙවල් වල ඇත්ත නැත්ත බලා ගන්නත් එක්ක....කී ඇය.....කැපුව කෙහෙල් මලේ කෙහෙල් ඇවරි ටිකක් ඉදිල තියෙනව ඒවත් අරගෙන යමු.....පැවසුවාය....අපි නිමන්තිගේ නිවසට යනවිට නිවසේ දොරවසා තිබුනි.....මා සීනුව නාද ක්ලෙමි....නිමන්ති ඇවිත් දොර ඇරියාය.....ආනේ චතූ....සතුටින් කී ඇය ආත් අම්මත් ඇවිල්ලනේ ....පවසා අම්මාට අඩගැසුවාය....අපි නිවස තුලට පැමිනි විට නිමන්තිගේ අම්මා...සෙමින් සෙමින් අපිදෙසට පැමිනෙනු දුටුවෙමි.....මේ දවස් දෙක තුනේ ඇවිදල ඇවිදල කකුල් දෙක රිදෙනව නැන්දෙ....මම ටික ඇලවෙලා හිටියෙ....ඇය අපි අසලින් වාඩිවී කකුල් අතගාමින් කීවාය.....වයසට යනකොට ඔහොම තමයි දුවේ.....මෙයාලට වගේ නෙවෙයි.....මා සහ නිමන්තිව පෙන්වා කීවාය....මෙහෙ එන්න චතූ....නිමන්ති මට ඇගේ කාමරයට කතාකලාය....චුට්ටක් ඉන්නකෝ....කී මා ආත් අම්මා මා කී විස්තර අසන තෙක් සිටියෙමි.....ඔන්න නැන්දගෙ දුවටනම් හොද යාලුවො කට්ටියක් හම්බවුනා.......ආත් අම්මා ඇසීමට පෙර නිමන්තිගේ අම්මා මුලපිරුවාය ....ඒ කවුද....ආත් අම්මා නොදන්නවා මෙන් ඇසුවාය.....අපේ මහත්තයගෙ ලගම යාලුවෙකුගෙ ගෙදර අය.....යාලුව ලසන්ත කියල දොස්තර කෙනෙක්....එයාගෙ ලොකු පුතත් දොස්තර....දුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලඟදි අවුට් වෙයි මගෙ හිතේ.....පොඩි පුතා මොරටුව විශ්වවිද්‍යාලයේ මේ අවුරුද්දෙ ඇතුලුවෙලා තියෙන්නෙ.....ලොකු පුතාට නිවාඩු නෑ කියල ආවෙ නෑ....අනිත් අය ආව.....එයාලගෙ නුවර එලියෙ බන්ගලාවෙ තමයි අපි නැවතිලා හිටියෙ......ලොකු සල්ලි කාරයෝ....ඒ දොස්තරගෙ නෝන මේ චතුරිකා දුව දැක්ක වෙලාවෙ ඉඳල පන ඇරල වගේ.....අම්ම වගේ තමයි එයාගෙ දුවත්.....මෙයාට බතුත් කැවුව...ඔයාට කිව්ව නේද චතුරිකා දුවේ ඒ අම්මට අම්මෙ කියල කතාකරන්න කියල..ඇය මා දෙස බලා ඇසුවාය ...ඔව් ඇන්ටි මගෙ අම්මට අම්ම කිව්වට පස්සෙ එයාට තමයි අම්ම කියල කතාකලේ....මා හැගුම්බරව පැවසුවෙමි......ඔව්.... මට දුව කිව්ව තමයි..... දොස්තර මහත්තයෙක් එයාට ඇදුමක් අරන් දුන්න කියල....ආත් අම්මා එසේ කීවේ මා කීවේ බොරුවක් දැයි අසා දැනගැනීමට බව තේරුනි.....අනේ ඔව් නැන්දෙ.....මේ දුව මට කිව්ව ඇදුමක් ගන්න ඕනැ කියල ඉතින් අපි එයාලත් එක්ක ඇදුම් තෝරන්න ගියා......දුව ඇදුම අරගෙන සල්ලි දෙන්න හදනකොට දොස්තර ලසන්ත තමා සල්ලි දුන්නෙ....මේ දුව එපාම කිව්ව ඒත් ඇහුවෙ නෑ....ඇය කීවාය.....පුදුම කට්ටියක්නේ.....ආත් අම්මා කියනු ඇසුනි.....මේ දුවගෙ අම්ම තාත්ත නෑ කිව්වම.....එයාල ඉල්ලනව දුවව හදාගන්න.....මමයි කිව්වෙ දුවගෙ ආත් අම්ම කැමති වෙන එකක් නෑ කියල.....මගේ ඇස්දෙක වගේ බලාගන්න මේ දුවව මොන හිතකින්ද දුවේ කාටවත් දෙන්නෙ....ඇය පැවසුවාය.....
ආත් අම්මාගේ සැකය දුරු වූ බව දැනගත් මා නිමන්තී සමග කාමරය තුලට ගියෙමි.....කොහොමද නිමන්ති...ඔයාගෙ පාඩම් වැඩ පටන්ගත්තද......මා ඇසුවෙමි......පටන් ගත්ත ඒ වුනාට නිතරම නුවර එලිය ගැන මතක් වෙනව....ඇය ඇදේ වාඩිවී කීවාය.....නුවර එලියද අජිත්ද....මා ඇය අසලින් වාඩිවී ඇසූ විට සතුටින් සිනසුනු ඇය....චතූට සුරන්ජිත්......ඇය මාව බදාගෙන ඇදේ පෙරලෙමින් ඇසුවාය.....අපිට ඒ ගතකල සුන්දර දවස් දෙක තුන කවදාවත් අමතක වෙන එකක් නෑ නේද චතූ.....කවදාවත් නෑ.... පැවසූ මට....මාව ආයෙත් නිමල් බවට පත්වුනොත්......එම භයානක සිතුවිල්ල නැවත මතුවිය.
No comments:
Post a Comment