ආත් අම්මාගේ පාඩම 106.................අඩන්න එපා නංගි අපේ තාත්තා මේ වැඩටික කරයි. ඔයා අපේ නංගි.... ඔයා අපේමයි...ඔයා කිසි දේකට බයවෙන්න එපා.......අක්කා මගේ මුහුන සිපගනිමින් කීවාය.....සුරන්ජිත්ද පැමින සිටිබව දුටුවේ ඔහු මගේ අත අල්ලා ඔයා දුක් වෙන්න එපා නංගියේ ඔයාට අපි හැමෝම ඉන්නව.....කීවිටය.....දුවේ මම දැන් මල්ශාලාවට කිව්ව. බන්ඩාර අන්කල් ග්‍රාමසේවක හම්බවෙන්න ගියා තවපොඩ්ඩකින් එයි. දුව විස්තර කියන්න.....තාත්තා මට කීවෙය. කී පරිදිම ග්‍රාමසේවක මහතා පැමිනි අතර මා සියලු විස්තර පැවසුවෙමි. දුවේ...... ආත් අම්මගෙ මරණය කාටහරි හරි දන්වන්න තියෙනවද .....තාත්තා ඇසුවේය.....කොත්මලේනම් ඉන්නව තාත්තෙ....ඒත් මොකක්ද ප්‍රශ්නෙකට එයාල ආස්සරේ කලේ නෑ.....මමත් ගෙවල් දන්නෙ නෑ....මා කීවිට.....එහෙනම් දන්වන්න නෑදෑ කෙනෙක් නෑ.....ඔහු කිවේය. ටිකවෙලාවකින් මල්ශාලාවෙන් පැමින ආත් අම්මාව රැගෙන යන්ටවූ අතර ආත් අම්ම සිටි කාමරය වසා දැමූ තාත්තා යතුර මා අතට දී....දුවේ ආත් අම්ම හිටිය කාමරේ කවුරු කිව්වත් අරින්න එපා.....මොනව හරි ඒකෙන් ගන්න ඕනැ උනොත් අපි කාට හරි කියන්න....මොකද ඒ කාමරේ මේ ඉඩකඩම් ව්ල ඔප්පු ලියකිවිලි තියෙන්න පුලුවන් ඔයාට කවුරුවත් නැති හින්ද කවුරු හරි ගත්තොත් ගැටලුවක් වෙයි. ඒ හින්ද ඒව ටික පරිස්සම් කරන්න වෙනව....කී ඔහු....දුව කැමති කවද අවසන් කටවුතු කරනවටද ඇසුවේය.....පුලුවන් ඉක්මනට කරමු තාත්තෙ කවුරුවත් නෑනෙ ......මා කිවෙමි.....එහෙනම් හෙටම කරමුනේද ...කීවේය.....සුරන්ජිත් පුතේ ඔයා අද හෙට කැම්පස් යන්නෙ නෑනේද....ඇසූ ඔහු මේ වැඩටික බලාගන්න කීවේය.....හරි තාත්තෙ මම බලන්නම් ඔහු පොරොන්දුවිය.
ආත් අම්මාගේ අවසන් කටයුතු හොදින් සිදුකල අතර ගමේ සෑහෙන පිරිසක් මරනයට සහභාගී වූවද ඒ කිසිවෙකු නිමල් නමින් පුතෙකු සිටිබව අමතකව තිබීම පුදුම සහගතවිය. ඒ සියලුම දෙනා මාසමග කතාකලේ ආත් අම්මාට සිටියේ මිනිබිරියක් යනුවෙන් සලකාගෙනය. අම්මා සමග අක්කාද සුරන්ජිත්ද මගේම අයමෙන් රාත්‍රී නිදි මරමින් මා සමග සිටින්ටවිය........ලොකු අයියාද දුන් සහායද අමතක කල නොහැකි විය .නිමන්තිලාගේ ගෙදර සැමද මාවෙනුවෙන් මහන්සිවිය....නිමන්තී මාව අත නොහැරම මාව සනසමින් මා අසලම සිටියාය......සියලුම කටයුතු මුදල් ගෙවා එක් එක් සන්විධාන වලට බාර දී තිබුනු බැවින් අපිට කිසිවක් කිරීමට අවශ්‍යය තාවයක් නොමැතිවිය.....මේ සියලූම වියදම් දැරුවේ අම්මලාගේ ගෙදරිනි.....මරන ආධාර සමීතියෙන් ලැබුනු මුදල් ඔව්නට දුන්නත් ඒවා මටම තබා ගන්නා ලෙස දැන්වීය.
දුවේ දැන් දුවට මෙහෙ තනියම ඉන්න බෑ යමු අපේ ගෙදර..........දැන් එහෙ දුවගෙම ගෙදර වගේනෙ.....ආත් අම්මාගේ කටයුතු ඉවරකල දින රාත්‍රියේ තාත්තා පැවසුවේය......ඔව් දුවේ හත් දවසෙ දානෙන් පස්සෙ යමු......අම්මා කීවාය.....මම හැමදාම එහෙ ඉන්න ගියාම අම්මලාට කරදරනෙ අම්මෙ.....මා කීවෙමි....ඔයා අපේම පොඩි දුව..... දුව අපිට කරදරයක් වෙන්නෙ කොහොමද.....අම්මා කීවාය......ඔවු දුවේ ඔයා එහෙයන්න....මෙයාල ඔයාට ගොඩක් ආදරේනෙ දුවේ....නිමන්තිගේ අම්මාද කීවාය.....මා ඔවුන් සමග යෑමට එකඟවුනෙමි.....සත් දවසේ දානයෙන් පසු මාගේ සියලු ඇදුම් පලදුම් සූදානම් කරගත්තෙමි.........බිත්ති කවුලුව තුල තැබූ ඉටි රූ දෙකද හොදින් ඔතා බෑගයට දමා ගත්තේ එහේ ගෙන ගොස් සුදුසු ස්ථානයක් සොයා තබා ගැනීමේ අරමුනෙනි. මේ අතර තාත්තා මාසමග ආත් අම්මාගේ අල්මාරිය ඇර පැරනි ඔප්පු සොයන්ට විය.....ඔප්පු කිහිපයක් සහ ආත් අම්මා සගවා තබාගෙන සිටි මුදල්ද සොයා ගැනීමට හැකිවිය....මේ අතර ඇය භාවිතා කල රත්රන් ආභරනදවිය....මා ආත් අම්මාගේ සියල්ල ගත්තේ ආත් අම්මා වෙනුවෙන් පින්කර ඇයට අනුමෝදම් කිරීමේ අරමුනෙනි.....
ගෙදර දොරවල් වැසූ අපි පීතර මාමාට සියල්ල බලා ගැනීමට පවසා පිටත් වුනෙමු...මා අවුරුදු ගනනක් ජීවත්වූ නිවස අතහැර යෑම ගැන දුකක් ඇතිවූවද වෙනත් විකල්පයක් නොතිබුනි....මා අසලට පැමිණි නිමන්ති...ඔයා මෙහෙන් ගියත් අපිට ඉස්කෝලෙදි හම්බවෙන්න පිලුවන්නේ.....ඇය ඇස්වල කදුලු පුරවාගෙන කීවාය....නිමන්තිගේ මව මාව තුරුලුකරගෙන සිපගත්තාය....මා ඔවුන්ගේ දෙපා නැමද......වාහනයට නැගීමට ගොස්.....මාත් ආත් අම්මාත් ජීවත්වූ මෙම නිවස දෙස දුක්බරව බලා දන නමා නිවසට වැන්දේ......මට මෙතෙක් කලක් සෙවන දුන් මෙම නිවස හැරදමා යෑමේ කනගාටුවෙනි.
අක්කෙ මට දැන් වෙනම කාමරයක් දෙන්න......හැමදාම අක්කගෙ කාමරේ ඉන්න එක හරිනෑනෙ....ගෙදර ගිය පසු අක්කාට කීවෙමි.....හැමදාම උනත් මගේ කාමරේ ඉන්න මට ගානක් නෑ.....අක්කා කීවාය.....අක්කගෙ පවුද්ගලිකත්වයට ඒක බාධාවක්.....මා කීවිට.....ඒකට අවුලක් නෑ නංගි ....නංගි කියනවනම් වෙන එකක් දෙන්නම්...... කී ඇය....ඇගේ කාමරය අසල තිබූ අනිත් කාමරය පෙන්නුවාය......අනේ මට මේවගෙ ඒ සී කාමර ඕනැ නෑ අක්කෙ මොකක් හරි යන්තම් ඉන්න තැනක් දෙන්න .....මා කීවෙමි.....මා දෙස බලා සිටි අක්කා.....නංගිට තාම තේරෙන්නෙ නැද්ද මේ ගෙදර ඉන්න ඔක්කොම ඔයාගෙ අක්ක අම්ම තාත්ත අයියල කියල....මටනම් ඔයා මගේම නංගි ....මට ඕනැ මගේ නංගිට පුලුවන් ඉහලින්ම සලකන්න.....ඇය කීවාය.....අපි කාමරය තුල සිටිනවිට අම්මාද ආවාය.....දුව දැන් මේ කාමරේද ඉන්නෙ.....නංගිට මේ කාමරේම ඕනෙ කියනවනේ......අක්කා කීවාය.....ඇයි අක්ක එක්ක ඉන්න ආස නැද්ද....අම්මා ඇසුවාය.....අනේ අම්මෙ.... මම අක්කට ගොඩාක් ආදරෙයි....අක්ක එක්ක ඉන්න ගොඩාක් ආසයි.....ඒත් අම්මෙ අක්කට කියල පුද්ගලිකත්වයවයකුත් තියෙනවනෙ.....මා පැවසූ විට....එහෙනම් දුව මේකෙ ඉන්න....මේකෙ ඔයාගෙ ඇදුම් දාන්න කබඩ් එකක්නම් නෑ ...අපි දුවට කබඩ් එකක් අරන්දෙන්නම්කො....අම්මා කීවාය......එපා අම්මෙ මගෙ එහෙ තියෙනව ආත් අම්ම අලුතින් අරන්දුන්න අලුත් කබඩ් එකකුයි කන්නාඩි මේසයකුයි.....අම්මල කැමතිනම් ඒටික ගේන්න පුලුවන්....මා කීවෙමි....එහෙනම් දුවගෙ බඩුටික ගෙනත් දෙන්නම්කො.....අම්මා කීවාය.
නිමල් යනු සමාජයට එපාකල කොල්ලෙක් බැවින්. මා නිමල් ලෙස සිටියදී ආත් අම්මා මෙලෙස මියගියානම් මට සමාජයෙන් මෙච්චර සැලකිලි ලැබෙයිද.....ඔව්න් සැකිලි දක් වනවානම් දක්වන්නේ මා නිසා නොව ආත් අම්මා නිසාය....එහෙත් අද මා ගැහැනු ලමයෙකි....කාගේත් හිත් දිනාගත් කාගේත් ආදරයට පාත්‍රවූ ගැහැනු ලමයෙකි....මෙම සම්පත් සියල්ල ලැබුනේ මා ගැහැනු ලමයෙකු බවට පත්වූ නිසාය.....මා බෑගය තුල තිබෙන ඇදුම් එකින් එක ඇදුම් රාක්කයේ තබමින් කල්පනා කලෙමි.
No comments:
Post a Comment