ආත් අම්මාගේ පාඩම 69.................මගෙ කන මිරිකන්න නේද ආවෙ......ඇයි අනේ ඔයා ඒක හදිසියේ නතරකලේ.....මා ඇසුවෙමි....ටික වෙලාවක් ඈතබලාගෙන සිටි ඔහු.....අපි දෙන්න මෙහෙම කතාකලාට......අපිදෙන්න අතර ආදර බැදීමක් ඇතිකරගන්න තරම් වචනයක් ඔයා තාම දුන්නෙ නෑනෙ.....ඉතින් ඔයාගෙ ඇගට අතතියන්න තරම් අයිතියක් මට නෑ...කියල හිතුන......කනගාටුවෙන් මෙන් පැවසුවේය.......ඉතින් අයියෙ මම ඔයාගෙ නංගි කියල හිතන්නකො....එතකොට හරිනෙ....මා කීවෙමි...මට ඔයාව නංගි කෙනෙක් හැටියට හිතන්න බෑ....අයිය කෙනෙක්ගෙයි නංගි කෙනෙක්ගෙයි තියෙන ආදර වෙනම එකක්.....මට ඔයා ගැන ඇතිවෙන්න ඕනැ ඊට එහා ගිය ආදරයක්.... ආත්මීය බැදීමක් වගේ....ඒක හරියට ගොලුහදවතේ සුගත් වගේ වෙන්න ඕනැ...ඔහු පැවසුවේය.......අපෝ මටනම් දම්මි වගේනම් වෙන්න බෑ.....කොල්ලන්ට බලාපොරොත්තු ඇතිකරවල අයින් වෙන එක මහ පවුකාර වැඩක්......මා කීවෙමි.....නංගි ඒකෙන් අදහස් කලේ ඔයාගැන බලාපොරොත්තු තියාගන්න එපා කියන එකද.....ඔහු ගැටලුකාරීව විමසන බව දැනුනු මා.....කවුද එහෙම එකක් කිව්වෙ....ඇසූ මා.....කොක්කු රෑනක් අහසේ ඉගිලෙනු දැක......අර බලන්නකො අරුන්ටික වී අකුරෙ හැඩේට පේලියට ඉගිල්ලෙන හැටි හරි ලස්සනයි නේද....ඒ දෙසට අත දිගුකරමින් පැවසුවෙමි.....එයාල වී අකුරෙ හැඩේට ඉගිල්ලෙන්න විද්‍යාත්මක හේතුවක් තියෙනව.....ඔහොම ඉගිල්ලෙන කොට තමයි පිහාටුවලට වාතයේ ඝනත්වය හොදට රදවගන්න පුලුවන්......ඔහු එයට හේතුව පැහැදිලි කරන්ට විය.....එයාල කොහාටද දන්නෙ නෑ යනව ඇත්තෙ....අපේ ආදර කතාව මගහරවා ගැනීම සදහා වෙනත් මාර්තුකාවකට මුල පාදා ගත්තෙමි......දැන් හවස්වීගෙන එනවනෙ එයාල එයාලගෙ කැදලිවලට යනව නිදාගන්න.....උන්ට ඉතින් අපිට වගේ කිසිම බලා පොරොත්තුවක් තියාගන්න ඕනැ නෑනෙ.....දවල් තිස්සෙ කෑම හොයාගෙන කාල බඩපුරවගෙන......කැදලිවලට ගිහින් ජෝඩු ජෝඩු වෙනවෙනම තුරුලුවෙලා නිදාගන්නව...ඔහු කීවේය...එයාල ඔක්කොම එක වගේ හින්ද කොහොමද දන්නෙ නෑ එයාගෙ එක්කෙනාමයි කියල හරියටම අදුනගන්නෙ.....මා ඇසුවෙමි...ආත්මීය බැදීමෙන්......ඔහු පැවසූ දේ නොතේරුනු මා ....ඒ කිව්වෙ.....නැවත ඇසුවෙමි...... ආත්මීය බැදීම කියන්නෙ නංගි ආත්මයෙන් ආත්මයට එන බැදීමක්......හරියට සිදුහත් කුමාරයයි යසෝදරා දේවියයි වගේ ....ඒ දෙන්නගෙත් තිබුනෙ සාරසංකෙයිය කල්ප ලක්ෂයක් මුලුල්ලෙ තියාගෙන එන ආදරයක්......එහෙම දෙන්නෙක් යන්තම් දැක්කොත් ඇති.... ආදරයක් හටගන්න.....ඔහු විස්තර කරන්ටවිය......අපි දෙන්නත් මෙහෙම දෙන්නෙක්ද දන්නෙ නෑ.....සුරන්ජිත්ව දැකපු දවසෙ ඉදල මට පුදුම ආදරයක් එයා ගැන ඇතිවුනේ.....මට හිතෙන්නෙ සුරන්ජිත්ටත් එහෙම වෙන්න ඇති......මම තාවකාලික කෙල්ලෙක් නොවුනනම් මෙලහකටත් සුරන්ජිත්ට ආදරෙයි කියල......ඒත් ඇයි දෙවියනෙ මාව මේ විදියට කෙල්ලෙක් ම වෙලා උපදින්නෙ නැතුව කොල්ලෙක් වෙලා ඉපදුනේ.....මට නැවත සුපුරුදු දුක්කදායක සිතුවිල්ල ඇතිවිය........... මට හිතෙනව නංගි අපි දෙන්න අතරෙත් ඒවගේ ආත්මීය බැදීමක් ඇතිකියල.....ඒ හින්ද මට හොදටම විස්වාසයි ඔයා කවදහරි දවසක මට ආදරෙයි කියයි කියල......ඔහු බලාපොරොත්තු සහගත ලෙස පවසන්ට විය......මට තිබුන පිරිමි කමෙන් සදහටම අයින්වෙන්න පුලුවන් වුන දවසක....මම ඔයාගාවට එනව අයියේ......මා කිසිවක් නොකියා සිතින් සිතුවෙමි.
මා කාමරය තුලට යනවිට.....අක්කා සහ නිමන්තී ඇදුම් මාරුකරගෙන ඇදේ ඇලවී සිටිනු දක්නට ලැබුනි.නිමන්තිට නින්ද ගොස් තිබුනි....දැන්ද ආවෙ.....මම දැක්ක.....නංගි අපේ මල්ලිත් එක්ක බර කතාවක්. දෙන්නගෙ කතාවට බාධා කරන්න හොද නැති හින්ද මම කතාකරන්න ගියෙනෑ......අක්කා කීවාය......විශේස කතාවක් කලේ නෑ අක්කෙ......අපි නිකන් පරිසරය ගැන කතාකරකර හිටියෙ.....මම වගේම සුරන්ජිත් අයියත් හරි ආසයි නේද මේවගේ තැන්වලට...මා ඇදුම් මාරුකරගනිමින් ඇසුවෙමි......එයාට ඉතින් ලස්සන පරිසරයක් දැක්කොත් ඊටවඩා දෙයක් නෑ....ඇය කීවාය....කොහොම හරි කමක් නෑ නංගියේ අපේ මල්ලිට කෙල්ලො ගැන තියෙන ලැජ්ජ ගතියයි කෙල්ලො දැක්කම අයින් වෙන ගතියයි ඇර ගත්තොත් ඒ ඇති.....අක්කා එසේ පැවසූ විට.....එහෙනම් අක්ක මාව පාවිච්චි කරන්නෙ මට තියෙන ආදරේට නෙවෙයි එයාගෙ මල්ලිගෙ තියෙන දුර්වල කම්ටික නැති කරව ගන්න......මට එකවරම සිතුනි. .....නංගි අපේ අම්මගෙ කකුල් කැක්කුමයි කිව්ව මම යනව බලල එන්න.....අක්කා කීවාය.....මොකද දන්නෙ නෑ....එහෙනම් මාත් එනව අක්කෙ.....කී මා ඇය සමග ගියෙමි.....අක්කා කාමරයට ඇතුලු වූවද ඇගේ තාත්තා සිටින බැවින් මා දොරකඩ අසල නතර වුනෙමි.....මාව දුටු ඇය මොකද දුවේ ඔතැනට වෙලා එන්න ඇතුලට.....කීවාය.....ඔය එන්නෙ නැත්තෙ මම ඉන්න හින්ද .....දැක්කද හැදිච්ච ගෑණු ලමයින්ගෙ හැටි.....තාත්තා කියනු ඇසුනි.......තාත්ත හිටියට කමක් නෑ එන්න නංගි අක්කාද කතා කලාය......මා ඇතුලට ගොස් මොකද ඇන්ටි යනුවෙන් ඇසුවෙමි........හුගක් ඇවිද්දනෙ දුවේ........කකුල්දෙක කැක්කුමයි.....ඇය කකුල් අතගාමින් කීවාය.......ඕක මසල්ස් පේන් එකක් ඔය බාම් ටිකක් ගාන්න ඇරිල යයි.....තාත්තා කීවේය.....බාම් ටියුබ් එකෙන් ටිකක් අල්ලට ගත් අක්කා ඇගේ කකුල්වල අතුල්වන්ට විය.....බාම් ටිකක් මගේ අල්ලට මිරිකා ගත් මා අක්ක ඔය කකුල අතගාන්න මම මේ කකුල අත්ගන්නම් .....මමද ඇගේ කකුල අතගාන්ට වුනෙමි......අපේ දුව වගේ නෙවෙයි චතුරිකා දුව අතගාන කොට හරිසනීපයි......අම්මා කීවිට ....එහෙනම් ඉතින් චතුරිකා දුවටම කියල අතගාව ගන්න...අපිව ඕනැ නෑනෙ....අක්කා අමනාපයෙන් මෙන් කීවාය.......චතුරිකා දුව හැමදාම මාගාව නෑනෙ....දුවනෙ ඉතින් මට සාත්තුකරන්නෙ....ඇයට තරහා ගියබව දැනගත් අම්මා...ඇගේ සිත සනසමින් කීවාය. එහෙනම් ඉතින් චතුරිකා දුවව අම්මගෙ ලේලි කරගන්නකො....එතකොට හැමදාම ලග ඉදගෙන සාත්තුකරයි.....අක්කා කීවාය.
No comments:
Post a Comment