උදෑසන ආහාරය ගත් මා කාමරයට ගොස් පාඩම් වැඩ පටන්ගත්තෙමි.....නිමන්තිත් පාඩම් කරනවද දන්නෙ නෑ.....මට නිමන්තිව මතක් විය.....සවසට නිමන්තිගේ ගෙදර යෑමට සිතාගත් මා ආත් අම්මාට මේ ගැන පැවසුවෙමි......දුවට ගමන ගිහින් මහන්සි නැත්නම් මට කමක් නෑ....ආත් අම්මා අවසරය දුන්නාය.....දහවල් ආහාරයෙන් පසු ටික වේලාවකින් මා නිමන්තිගේ නිවසට ගියෙමි.....නිමන්ති දුවේ මෙන්න ඔයාගෙ යාලුව ඇවිත්......නිමන්තිගේ අම්මා ඇයට කීවාය.....මට දැන් ඇගේ කාමරය සුපුරුදු ස්ථානයක් බැවින් කෙලින්ම ඇගේ කාමරය තුලට ගියෙමි......ඇය ඇදේ ඇලවී පොතක් කියවමින් සිටියාය........එන්න... එන්න...පැවසූ ඇය ටිකකක් එහාට වී ඇදේ වාඩිවීමට ඉඩදුන්නාය..මා ඇය අසලින් වාඩිවුවෙමි...ඉතින් චතූ.... කොහොමද ලව් එක.....මා දෙස බැලූ නිමන්ති එකවරම ඇසුවාය.....ඔයා පොත තියා ගෙන හිටියට......හිත හිතා ඉදල තියෙන්නෙ අජිත් ගැන නේද......මා ඇසුවෙමි......එහෙමමත් නෑ.....ලැජ්ජාවෙන් පැවසූ ඇය.....කොහොමද සුරන්ජිත්....මගෙන් ඇසුවාය.....වරදක් නෑ ඒත් දැන්ම ඕව ගැන හිතන්න බෑ......මා පැවසුවෙමි.....ඉස්සෙල්ල විභාගෙ කරගන්න ඕනැනෙ.....මා කීවෙමි......ඔයා ඔහොම කිව්වට මම දැක්කනෙ දෙන්නගෙ ලවුඑක.....ඇය කීවාය.....එහෙම දෙයක් නෑ අනේ.....මා කීවෙමි......එහෙම දෙයක් නැති හින්ද තමයි දෙන්න එක්ක කෑම හුවමාරුකරගෙන කෑවෙ.....මම ඒ ඔක්කොම බලාගෙන හිටියෙ......ඇය මාව පුදුමයට පත්කරමින් පැවසුවාය.....මෙයා මොකුත් නොදන්නව වගේ හිටියට ඒකත් දැකලනෙ.....ලැජ්ජාවක් හටගත් මා කිසිත් නොකියා අහක බලාගත්තෙමි.......සුරන්ජිත් ඔයාට ආදරෙයි කීවුව නේද......ඇය එසේ පවසනවිට......මෙයා ඒකත් දැනගෙන වගේ.....දැන් බොරු කියන්නත් බෑ.....සිතූ මා....එයා එහෙම කිව්වට මම මොකුත් කිව්වෙ නෑ.....මා කීවෙමි.....මෝඩි....එච්චර හොද කොල්ලෙකුට ඇයි අනේ වචනයක් දුන්නෙ නැත්තෙ.....ඇය දොස් කීවාය.....ඔයා දන්නවනෙ මම දැම්ම ඕවට කැමති නෑ කියල.....මා කීවෙමි.....මමනම් අජිත්ට වචනයක් දුන්න.....ඒත් වැඩිදුර ගෙනියන්නෙ විභාගෙන් පස්සෙ කිව්ව.....ඔයාටත් එහෙම කියන්න තිබුනනෙ......ඇය කීවාය......ඔහොම කිව්වට කොල්ලො විස්වාස කරන්නෙ කොහොමද.....එතකල් එයාල අපිගැන බලාගෙන ඉදියිද.....දැනටමත් එයාලට කෙල්ලො ඉන්නවද කියල කවුද දන්නෙ.....මා ප්‍රස්නකලෙමි...ඒක ඇත්ත ඒත් මට හිතෙන්නෙ නෑ එයාල එහෙම කරන අය කියල.....ඇය පිලිතුරු දුන්නාය.....අනේ මන්ද අපි දැන්ම ඕව ගැන කල්පනා කරන්නෙ නැතුව මේ විභාගෙ වැඩ කරමු.....මා ඇයට පැවසුවෙමි....
ගමන හොදයිද දුවේ.....නිමන්තිගේ අම්මා .....තේ රැගෙන විත් මගෙන් ඇසුවාය......ගොඩක් හොඳයි ඇන්ටි....ගොඩක් එන්ජෝයි කලා....... මා පැවසුවෙමි......අපි ආයෙත් දවසක කොහේහරි යමු...ඔය දෙන්න දිගටම පාඩම් කරන හින්ද පොඩි විවේකයකුත් තියෙන්න ඕනැනෙ......නිමන්තිගේ අම්මා කීවාය.....අපි ආයෙත් යනකොට අර තාත්තගෙ යාලුවන්ටත් කතාකරමු....නිමන්ති පැවසූවිට....ඔව් ඉතින් එයාලට කොල්ලොනෙ ඉන්නෙ...තාම ඇටෙන් පොත්තෙන් ඉදිලත් නෑ පේනවද මෙයාගෙ තරම...නිමන්තිට කී ඇය.....එයාල හොදයි තමයි ඒත් දුවේ එයාල අපිට වැඩිය ගොඩක් ඉහල අයකියල තේරෙනව.....එයාලට අපිව පොඩි වැඩියි දරුවො......නිමන්තිගේ අම්මා දුකෙන් මෙන් පවසනු ඇසුනි......
No comments:
Post a Comment