ආත් අම්මාගේ පාඩම 61..................ඒක නෙවෙයි නංගි... මම අහන්නෙ......ඔයා එයාට කැමතිද කියල......ඇය නැවත ඇසුවාය......සුරන්ජිත් අයිය මට වැරැද්දක් කරල නෑනෙ.....ඉතින් මම මොකටද එයාට අකමැති වෙන්නෙ.......මා පැවසූවිට......මේ මෝඩිට මම කියන එක තේරෙන්නෙ නෑනෙ....ඇය මගේ කම්මුල සෙමින් මිරිකා කීවාය......මට ඔයා කියන එක හොදට තේරෙනව අක්කෙ......මම කොල්ලො හොදට ආස්සරේ කරල තියෙනව.....ඒ ඔක්කොමලටම වඩා සුරන්ජිත් ගාව මොකක්දෝ අමුතු සුන්දරත්වයක් තියෙනව.....මම ගැහැණු ලමයෙක් විදියට එයාට ගොඩාක් ආදරෙයි..ඒත් දෙවියනේ..... තාවකාලික ගැහැණු බව ලබාගෙන ඉන්න මම කොහොමද එයාට කැමතියි කියන්නෙ......මා ඇයට කිසිවක් නොකියා....දුක්බරව කල්පනා කලෙමි.....ඌයි කී මම නොරිදුනත් කම්මුල අත ගෑවෙමි......නංගිට රිදුනද... සොරි.... කී ඇය මගේ කම්මුල අතගාන අතර තුර.... මම ආදරේට නෙ නංගි එහෙම කලේ.......පවසා මගේ හිස අතින් තුරුලු කරගෙන මුහුන සිපගත්තාය.....මම අහපු එකට නංගිගෙන් හරි උත්තරයක් ලැබුනෙ නෑනෙ....අනතුරුව ඇය මගේ කන සෙමින් අතගාමින් ඇසුවාය.....මොකක්ද අක්කෙ....මා නැවත ඇසුවෙමි.....සුරන්ජිත් මල්ලි ගැන....ඇය නැවත මතක් කලාය.....ඉතින් මම කිව්වෙ... එයා හොද කෙනෙක් කියල.....මා කීවෙමි.......ඔයාට මම අදහස් කරන එක තේරෙන්නෙ නෑ......කී ඇය.....හරි මම ඔයාට කෙලින්ම කියන්නම්කො.....ඔයා දන්නව නේද... ගෑණු ලමයි පිරිමි ළමයි ආදරේ කරනව කියල.....ඒ කියන්නෙ ලවු කරනව කියල.....ඇය කී විට.....ඉතින් අක්කත් ලවු කරල තියෙනවද.....මා ඇසුවෙමි.....ඔව් මටත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව ..... ලැජ්ජාවෙන් මෙන් පැවසූ ඇය.....මම ඇහුවෙ එහෙම එකක් ගැන.....අනේ නෑ අක්කෙ මම කවදාවත් කොල්ලෙක් එක්ක ලවු කරල නෑ......මා කීවෙමි.....ඒක මම දන්නව නංගි ....පැවසූ ඇය.....ඉතින් නංගිත් එහෙම එකක් පටන්ගන්නකො.....ඒකට හොදම එක්කෙනා තමයි අපේ සුරන්ජිත් මල්ලි...නංගිට එයාව හොදට ගැලපෙනව.....ඇය කෙලින්ම කීවාය.....දන් මම මොකක්ද කියන්නෙ.....කැමතියි කියන්නත් බෑ........ නෑ කියන්නත් බෑ.....කල්පනා කරන්ට වුනෙමි.....සුරන්ජිත් අයියට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇතිනෙ අක්කෙ.....මා කීවෙමි.....අනේ එයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ්ල .....කෙල්ලෙක් එක්ක කතා කරන්නත් එපායැ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල හදාගන්න.....ඇය තරහෙන් මෙන් කීවාය......එහෙනම් ඉතින් එයා මටත් කැමති වෙන එකක් නෑ....මා කෙසේ හෝ මෙම ගැටලුවෙන් මගහැර ගැනීම සඳහා පැවසුවෙමි......ඒක මම බලාගන්නම්කො.....නංගි කැමතිද කියන්නකො.....ඇය එසේ ඇසූ විට මට ඇගෙන් මගහැරීමට නොහැකිබව තේරුනි......ඕව ආරංචි උනොත් ඔයාගෙ අමයි තාත්තයි මට හොදටම බනියි.....මා ඇයගේ දෙමා පියන් පිට දමා මග හැරීමට කල්පනා කලෙමි......එහෙම වෙන්නෙ නෑ නංගි.....එයාල ඔයාට ගොඩක් ආදරෙයි.....ඒ වුනාට අක්කෙ මට ඉන්නෙ ආත් අම්ම විතරයි.....කාත් කවුරුවත් නැති මම වගේ කෙනෙකුට.....ඔයාලගෙ අම්ම තාත්ත කැමති වෙයිද.....මා ඇසුවෙමි.....ඔයාගෙ කවුරුවත් නෙවෙයිනෙ නංගි අපිට ඕනැ ඔයාවනෙ.....ඉතින් එයාල කැමති වෙයි......මා කෙසේ කීවත් ඇගේ සිත වෙනස් කිරීමට නොහැකි බව දැනගත් මා......අනේ මන්ද අක්කෙ මම තාම ඉගෙනගන්නවනෙ.....මම කැමති නෑ ඕව ගැන දැම්ම කල්පනා කරන්න.....අවසානයේ කීවෙමි......ඔයා දැම්ම එයාට ලව් කරන්න යන්න ඕනැ නෑ.....අපේ මල්ලිත් කැමති කරගන්න ඕනැනෙ ඒකටත් ටික කාලයක් යයි......ඔයා මේව ගැන කල්පනා නොකර ඉගෙනගන්න....මට කියන්න කවද හරි එයාට ආදරේ කරන්න කැමතිද කියල.......ඇය එසේ ඇසූ විට එදා කතරගමදී සුරන්ජිත් මගෙන් ඇසූ දේම අක්කාද මගෙන් ඇසූ බව සිහිවුනි......චතුරිකා කලබල වෙන්න එපා....ඔයාට කවද හරි මාගැන අදහසක් ආවොත් පනිවිඩේ කියන්න......මම ඔයාගෙ පනිවිඩේ එනකල් බලා ඉන්නව......ඔහු එදා පැවසූ එම වැකිය මගේ දෙසවනේ පිලිරැවු දෙන්ට විය.....අද දින ඔහු ගේ අක්කාද වෙනත් ආකාරයකට පැවසුවේ එයම බව මට තේරුනි......අකමැත්තක් නම් නෑ අක්කෙ මම පස්සෙ හරියටම කියන්නම්......මා දෙගිඩියාවෙන් යුක්තව එසේ පැවසුවේ මට තිබුනු තාවකාලික ගැහැනු බව නිසාය.....ඒ කියන්නෙ නංගි කැමතියි කියන එකනෙ.....කී ඇය සතුටින් යුක්තව මගේ මුහුන තදින් සිපගන්ට වූවාය.....ඉන් අනතුරුව .....මගේ සුදු නංගි.......යනුවෙන් පවසා මගේ මුහුන ඇගේ පපුවට තදින් තුරුලු කරගත්තාය......ඇගේ හොදින් වැඩී තිබුනු පියයුරු යුවලේ සුවදායක පහස මුහුනට හොදින් දැනෙන්ට විය....කතරගමදී මා නිමන්තිගේ ලයට මෙසේ තුරුලු වුනත් ඇයට තිබුනු කුඩා පියයුරු යුගල නිසාදෝ මෙතරම් සුවයක් ගෙන නොදුන් බව කල්පනා විය........මා තව තවත් ඇගේ පපුවට මුහුන තදකර ගනිමින් ඇගේ උනුසුමත් පපුවේ පහසත් විදගන්ට වුනෙමි......ඇයද මාව තව තවත් තුරුලු කරගනිමින් මගේ පිට මැද්ද ඇගේ අතේ මහපට ඇගිල්ලෙන් සෙමින් පිරිමදින බව තේරුනි......
අක්කාගේ පහස නිසාදෝ මට හොදින් නින්ද ගොස් තිබුන බව පාන්දරින් ඇහැරුනු මට තේරුම්ගියෙමි.....මේ වනවිටත් අක්කාට සහ නිමන්තිට හොදින් නින්දගොස් තිබුනු බව දුටු මා සෙමින් නැගිට නාන කාමරයට ගියෙමි.....නැවත කාමරයට පැමිනි මා ඇද සිටි රාත්‍රී ඇදුම් ඉවත්කර ගවුමක් ඇදගත්තෙමි......ඊට වුඩින් ස්විටරය දාගත් මා කුස්සිය දෙසට ගියේ ගෙදර පුරුද්දට මෙනි.....මේ වනවිට කුස්සියේ වැඩකරන කාන්තාව අපි වෙනුවෙන් උදෑසන ආහාර පිලියෙල කරමින් සිටිනබව දුටුවෙමි.....ඇය සමීපයට ගිය මා ......මොනවද උයන්නෙ ඇසුවෙමි.....ඊයෙ කිව්වනෙ අද උදේට කිරිබත් හදන්න කියල.......කිරිබත් ලිපේ තිබ්බ....පුංචි නෝනෙ.......කිරිබතට අවශ්‍යය පොල් ගාමින් කීවාය......තව හිරමනයක් තිබුනනම් මටත් ගාල දෙන්න තිබුන.....මා කීවෙමි......ඕනෙ නෑ පුංචි නෝනෙ.....මට මේක ටක්ගාල ගාගන්න පුලුවන්......ඇය කීවාය......කිරිබත් කන්නෙ මොනව එක්කද මා ඇසුවෙමි....ඒකට උදෙම්ම සීනි සම්බලයක් හැදුව ....දැන් කට්ට සම්බලයකුත් හැදුවම හරි......මම ලූනු ටිකක් සුද්ද කරල දෙන්නද .....එතැන තිබුනු රතුලූනු ගෙඩියක් අතටගෙන ඇසුවෙමි.....අනේ ඕනැ නෑ මට කරගන්න පුලුවන්.....පුංචි නෝන ඉන්න......ඇය නැවත විරුද්ද වූවාය.....එහෙත් ඇගේ විරුද්දත්වය නොතැකූ මා ලූනු සුද්ද කිරීමට පටන්ගත්තෙමි......ආ චතුරිකා දුවත් කුස්සියෙ වැඩවගේනෙ.....සුරන්ජිත්ගේ අම්මාගේ කටහඩ ඇසුනු මා ඇයදෙස බැලුවෙමි......මේ පුංචි නෝනට එපා කිව්වට අහන්නෙ නෑනෙ මැඩම්......කුස්සියේ උයන අම්මා බැගෑපත්ව පැවසුවාය.....
No comments:
Post a Comment