ආත් අම්මාගේ පාඩම 107................මගේ මීලඟ ගැටලුව බවට පත්වුවේ......ඉටි රූප දෙක තබා ගැනීමට ස්ථානයක් සොයා ගැනිමය. මෙම කාමරය සිවිලිම් සවිකර සම්පූරනයෙන් අවරනය කර තිබුනු බැවින් ඒවා තැබීම සඳහා ඉහල ස්ථානයක් නොතිබුනි.....අපරාදෙ මෙටික මෙහට ගෙනාවෙ.....ආත් අම්ම ඉන්දැද්දිම මේ පිරිමි රූපෙ පුච්චල....ගැහැනු රූපෙ වත්ත පහල දොලපාරෙ පාකරල ඇරියනම් ඉවරයි.....කොහේද... මටත් ඉතින් මට තිබුනු පිරිමි කමට තන්හාව හිතුනනෙ.....කවද හරි නිමල් වෙන්න ඕනැ වෙයි කියල හිතුනනෙ....ඒත් දැන් මම චතුරිකා වෙලා මාස කීයක් හිටියද.... ඒත් මට නිකමටවත් හිතුනෙ නෑනෙ ආයෙත් කොල්ලෙක් වෙන්න ඕනැ කියල.....එක තත්පරයකටවත් කොල්ලෙක් වෙන්න ඕනැ කියල හිතෙන්නෙ නෑනෙ....ඉතින් මම මොකටද මේව තියාගෙන ඉන්නෙ.....මේ පිරිමි රූපෙ පුච්චල දානව මිසක්.....එහෙත් මේවා පිච්චීම සියල්ලටම හොරෙන් සිදුකිරීමට අවශ්‍ය බැවින් එයට සුදුසු වේලාවක් පැමිනෙන තෙක් සිටීමට සිදුවනු ඇත. එතෙක් මෙවා සගවා තබා ගැනීමට ස්ථානයක් සෙවිය යුතුය. මේවා තැබීමට ස්ථානයක් සොයාගන්නතුරු ඇදුම් බෑගයේම තබාගෙන එය ඇදුම් රාක්කයේ එල්ලුවෙමි.එහෙත් ඒවා බෑගයේ අඩියේම තැන්පත් කර ඊට උඩින් ඇදුම් කිහිපයක් ඇහුරුවේ එකවර නොපෙනීමටය.
දුව ලබන සතියෙ ඉදන් ඉස්කෝලෙ යනව නේද..පසුදින...මා සාලයට ගිය පසු පත්තරයක් කියවමින් සිටි අම්මා ඇසුවාය.....ඔව් අම්මෙ මේ සතියෙම ගියෙ නෑනෙ...මා කීවෙමි. .....පන්තියෙ ටීච දන්නවද දන්නෙ නෑ ඔයාට උන කරදරේ....ඇය ඇසුවාය....නිමන්ති කියන්න ඇති....මා කීවිට....ඔයාට ගෙනියන්න ලිවුමක් දෙන්න පුලුවන් ඒත්....ටීච දන්නෙ නෑනෙ අපි ඔයාගෙ බාර කාරයෝ කියල.....ඒක හින්ද සදුදට මාත් එක්ක යමු.....මම ටීචට කියන්නම්.....ඇය කීවාය....දැන් තියෙන අනිත් ගැටලුව තමයි...ඔයා ඉස්කෝලෙට යවන එක....මේ පැත්තෙන් යන වෑන් එකක් අල්ල ගම්මු....මම සුරන්ජිත් අයියට කියන්නම් ....වෑන් එකක් බලන්න කියල හෙට එයාල ගෙදර ඉන්නවනෙ....ඇය තවදුරටත් කීවාය....මෙහෙ ඉදන් බස් නැද්ද අම්මෙ....මා ඇසුවෙමි.....එහා පැත්තෙ ටවුමට ගියාම ඕනැතරම් බස් තියෙන්නෙ..කී ඇය..ඒ වුනාට මගේ දුවව බස්වල යවන්න පුලුවන්ද...හැගීම්බරව.....ඇසුවාය.
ගිය සතියෙම අඩ අඩා හිටිය මිසක් ....දුව හරියට කෑම කෑවෙත් නැනෙ.....එන්න කන්න.... දහවල් මා කාමරයේ පාඩම් කරමින් සිටිනවිට අම්මා කතා කලාය....මා ඇය සමග කෑම ගැනීමට ගියෙමි....අද දුව හොදට බඩ පිරෙන්න කන්න ඕනැ.....අද මම කියවලම ඔයා කන්න කැමති ඒව හැදෙව්වෙ.....ඇය පිගානට කැම බෙදමින් කීවාය.....ඉතින් වාඩිවෙන්නකො දුව මම කවන්න.....කී ඇය මට කෑම කවන්ට වූවාය....ඔයාගෙ ආත් අම්ම නැතිවුනාකියල ඔයා තනිවෙන්නෙ නෑ මගේ දුවේ....ඔයා ඒ ගැන අබමල් රේනුකවත් සැකයක් තියාගන්න එපා....ඇය කවන ගමන් මගේ සිත සනසන කතා කියන්ට වූවාය....වෙනදා ටිකක් කවා මට අතින් කන්ට දෙන ඇය බත් පිගාන අවසන් වනතුරු මා එපා කියද්දීම කවන්ට වීම පොඩි දරුවෙකුට අම්මා නොයෙක් කතා කියමින් කවන ආකාරය සිහිකරමිනි.
සවස් වනවිට අක්කා පැමිනුනු විට මා පෙර කලාක් මෙන් ඇගේ බෑගය අතට ගත්තෙමි. සුරන්ජිත් අයියාද දැන් මා සමග අමනාපයක් නොමැති බව තේරුනු මා ඔහු එනවිට ඔහු සමග වචනයක් හෝ කතාකිරීම සදහා ඔහු අසලට ගියෙමි. එහෙත් ඔහු මා දෙස නොබලා මාව ගනන් නොගෙනම යෑම මගේ සිතට දුකක් ඇතිවිය...එහෙත් මා කිසිවක් ඔහුට නොහගවා කාමරයට ගියෙමි....එහෙත් තේ පානය කරන විට අපිත් සමග තේපානය කිරීම ගැන සතුටක් ඇතිවිය.....පුතේ මේ නංගිට සඳුදා ඉදන් ඉස්කෝලෙ යන්න ඕනැ....ඒ හින්ද වෑන් එකක් බලන්න වෙනව.....අම්මා සුරන්ජිත්ට කීවාය....මගෙ යාලුවෙක් ඉන්නව අම්මෙ මම අහල බලන්නම් .....ඔහු කීවේය....සුරන්ජිත් මා එක්ක කතා නොකලට මට උදවු කරන්න කැමතියි....මල ගෙදෙට්ටත් එයා ගොඩක් මහන්සිවුනා....මා කල්පනා කලෙමි.....
රාත්‍රී ආහාරයෙන් පසු මා අක්කාගේ කාමරයට ගොස් අක්කා සමග කතා කරමින් සිටිනවිට....සුරන්ජිත් අයිය තාම ඔයත් එක්ක කතාවක් නෑ නේද.....ඇසුවාය. ....කමක් නෑ අක්කෙ මොනව කරන්නද....මගෙන් මොකක් හරි එයාට වැරැද්දක් වෙන්න ඇති...... මා වෙනදාමෙන් කීවෙමි.....අනේ මන්ද නංගි ඔයාගෙන් වැරැද්දක් වෙලාද එහෙම නැත්නම්....ගහනු ළමයි ඇලජික් වෙන ලෙඩේ තාම තියෙනවද කියල....ඇය කීවාය.....මා ඔහුට කැමතියි පවසා සිටියදීත් ඔහු මාව මග හැරීම මටද ගැටලුවක් විය....එයාටම කවද හරි තේරෙයිනෙ එතකල් ඉන්නව ...මා සිතුවෙමි.
චූටි බේබී....ඇන්දුන් තියෙනවනම් ශෝදන්න දෙන්න....ඇදුන් කිහිපයක් අත තබාගෙන සිටි තන්ගච්චි මගෙන් අසුවාය.....අනේ තන්ගච්චි මට ඒව හෝදගන්න පුලුවන් ....මම හෝද ගන්නම්....මා කීවෙමී....අයි අයි යෝ චූටි බේබි.....ලොක්කු නොන මට්ට බනී....කෝ දෙන්නා...ඇගෙන් බේරුමක් නොමැති තැන ඇදුම් කිහිපයක් ඇයට දුනිමි. ....පොඩි දුවේ ....ඔයා ඇදුම් හෝදන්න ඕනැ නෑ....මේ තන්ගච්චි ඉන්නෙ ඒවට....මේදවස් ටිකේ හරියට හෝදන්නත් බැරිවුනානෙ.....ඔක්කොම දෙන්න....ඉස්කෝලෙ අදින ඇදුනුත් දෙන්න හෝදල මැදල දෙයි.....ඇය කියන්ට වූනිසා මා ඇයට කිලුටු ඇදුම් සියල්ල දුනිමි....
සදුදා උදෙන් නැගිට්ට මා පාසැල් යෑම සදහා සූදානම් වුනෙමි.....අම්මාද මා සමග යෑමට සූදානම් වනබව දුටුවෙමි....කුස්සියේ මල්ලිකා මට කැම පෙට්ටියක් ගෙනත් දුන්නාය.....මොනවද මල්ලිකා මා ඇසුවෙමි.....කඩල චූටි බෙබි....ඇය කීවාය....සුරන්ජිත් මා වෙනුවෙන් වෑන් රථයක් බලා තිබුනු අතර අද අම්මා යන බැවින් අපි වෙනත් කුලී රථයක් අරගෙන පාසැල බලා ගියෙමු....පාසැල තුලට ගිය අපි ...මගේ පන්ති බාර ගුරුතුන්මිය මුනගැසුනි.....අම්මා දුටු ගුරුතුමිය අම්මාට පහත්වී වදින්ට වූවාය.....මා පුදුමයෙන් යුතුව ඒ දෙස බලා සිටියෙමි....මොකද ටීච මේ පැත්තෙ ...අනතුරුව ඇසුවාය....මේ මගේ දුවට සතියක් ඉස්කෝලෙ එන්න බැරිවුනා මෙයාගෙ ආත් අම්ම නැති වෙලා ඒක කියන්න ආවෙ....අම්මා කීවාය.....ඉතින් ටීච රස්තියාදුවෙන්න ඕනැ නෑනෙ....ලියුමක් එව්වනම් හරිනෙ...කී ඇය...මම දන්නෙ නෑනෙ මේ චතුරිකා දුව අපේ ටීචගෙ දුවෙක් කියල....ඇය පුදුමයෙන් මෙන් කීවාය.....ටීචට මතක නැති වුනාට මම ටීචගෙන් ගොඩක් ඉගෙනගෙන තියෙනව.....අනතුරුව කී ඇය....එන්න ටීච කී ඇය අම්මාව ගුරු කාමරයට එක්ක ගියාය....මේ දුව කිව්වට මගේම දුවෙක් නෙවෙයි කී ඇය මගේ විස්තර සියල්ල පවසන්ට වූවාය....ටීච බයවෙන්න එපා අපි මේ දුවව හොදට බලා ගන්නම්.....අවසානයේ කීවාය.....
No comments:
Post a Comment