ආත් අම්මාගේ පාඩම 83...............අපේ නිවසට වාහනය නවත්වනවාත් සමගම ආත් අම්මා දොරකඩට ඇවිත් පුදුමයෙන් මෙන් බලනු දුටුවෙමි. මේ ආත් අම්මද නංගි වාහනය නැවත්වූ අක්කා ඇසුවාය....ඔව් අක්කෙ කියාගෙන මා බිමට පය තිබ්බෙමි.....මා ආත් අම්මා අසලට දුවගෙන ගියේ ඔවුන්ව හදුනා දීම සදහාය....එහෙත් ආත් අම්මා ගැටලු කාරී ලෙස නිමන්තිගේ අම්ම දෙස බලා සිටිනු දුටුවෙමි.....මම නැන්දට කිව්වෙ අර දොස්තර මහත්තයෙක් ගැන....මේ එයාගෙ නෝන....මේ දුව....ඇය ඔවුන්ව හදුනා දුන්නාය.....එන්න ගෙට ආත් අම්ම ඔව්න්ව පිලිගනිමින් කතාකලාය....අපේ දුව කතාකලා ඔය නෝනල ගැන....එයාට ගොඩක් සැලකුව කියලත් කිව්ව.....ඔව් අම්මෙ....මට මේ දුව දැකපු වෙලාවෙ ඉදන් පුදුම ආදරයක් ඇතිවුනේ.....අපේ ගෙදර කවුරුත් මේ දුවට ආදරෙයි....මගෙ මේ දුව නිතරෝම කියවනව චතුරිකා දුවව බලන්න යන්න ඕනැ කියල....මටත් ගොඩක් ඕනැකම තිබුන....දුවට කැම්පස් එකේ විභාග හින්ද දවසින් දවස කල්ගියා ඒකයි පරක්කු වුනේ.....සුරන්ජිත්ගේ අම්මා පවසන්ට වූවාය....දුව කිව්ව එයාට අම්ම කියන්න එක්කෙනෙක් හම්බවුනා කියල....එයා කියනව අම්ම නැති වුනාට පස්සෙ අම්ම කිව්වෙ ඔය නෝනට කියල....ආත් අම්මා එසේ පවසන විට අම්මා මාදෙස අනුකම්පා සහගතව බලනු දුටුවෙමි....දුව කිව්ව නේද දුව හදන කෑම ටිකක් කාල යන්න එනව කිව්ව කියල....එන්න දුවේ අපි කෑම ටිකක් හදමු....කාලම යන්න පුලුවන්නේ....ආත් අම්මා කීවාය.....දැන් බෑ අම්මෙ...දැන් රෑවෙනව අපි වෙනවෙලාවක එන්නම්....අම්මා කීවාය ....එහෙනන් මම තේ ටිකක් හදන්නම්....කී ආත් අම්මා කුස්සිය දෙසට ගියාය....ආත් අම්මට හරි වයසයි නේද ඒ වුනාට නිරෝගියි ...අම්මා පවසනු ඇසුනි.....නන්ගියි ආත් අම්මයි විතරද මෙහෙ ඉන්නෙ....අක්කා ඇසුවාය....ඔව්...අක්කෙ මා කීවෙමි.....පාලු නැද්ද දුව....අම්මා ඇසුවාය...දැන් පුරුදු වෙලා හින්ද ගානක් නෑ ....මා කීවෙමි.
මම මේ මිසිස් බන්ඩාර එක්කත් කිව්වෙ....චතුරිකා දුවව අපිට දෙනවනම් අපි හොදට බලාගන්නම් කියල....මට හිතෙන්නෙ මෙයා මගෙම දුවෙක් වගේ....තේ බොන අතරතුර අම්මා ආත් අම්මා සමග කීවාය....මම ඇස්දෙක වගේ බලා ගන්න මේ දුවව දීල කොහොමද නෝන.....ඒත් දැන් මම හුගක් වයසයි....මගේ ජීවිතේ කොයි වෙලාවෙද දන්නෙ නෑ.....මට දුක මේ දරුව ගැන....ආත් අම්මා දුකෙන් මෙන් පවසනු ඇසුනි....එහෙම කියන්න එපා අම්මෙ... අම්ම අපේ ආයුසත් අරගෙන ජීවත් වෙන්න ඕනැ....පැවසූ අම්මා.....දුව ගැනනම් පොඩ්ඩක් වත් බය වෙන්න එපා එයාව බලාගන්න අපි ඉන්නව.....ඇය එසේ පැවසූ විට ආත් අම්මා සතුටින් සිනාසෙනු දුටුවෙමි.....
අම්මලා ආත් අම්මා සමග කතා කිරීමට ඉඩහැර මාව වෙනත් තැනකට එක්ක ගිය අක්කා.....නංගි ඇත්ත කියන්න ....ඔයයි අපේ මල්ලියි අතර මොකක් හරි ප්‍රශ්නයක් උනාද....ඇසුවාය. .....අනේ නෑ අක්කෙ....මා කීවෙමි.....එහෙනම් ඇයි එයා මේතරම් නංගිව මග හරින්නෙ....ඇසූ ඇය....නංගි කිව්වද එයාට කැමති නෑ කියල.....ඇසුවාය. ......ඇයි අක්කෙ මම එයාට අකමැති වෙන්නෙ.....මා කීවෙමි.....ඉතින් ඔයා මල්ලිට කැමතියි කිව්වෙ නැද්ද.....ඇය නැවත ඇසුවාය. ....මමකිව්වෙ විභාගෙන් පස්සෙ කියන්නම් කියල.....මා කීවෙමි.....ඒක තමයි එයා මග හරිනව ඇත්තෙ..... පැවසූ ඇය නංගි මොකුත් හිතන්නෙ නැතුව විභාගෙ කරගන්නකෝ.....අවසානයේ කීවාය. සෑහෙන වෙලාවක් ගතකල ඔවුන් ආපසු පිටවූවේ අපිටද ඒ පැත්තේ පැමිනෙන ලෙස ආරාධනා කරමින්ය.
සුරන්ජිත්ගේ පවුලේ පසුබිමත් මටතිබෙන ගැටලුව සම්භන්දවත් කල්පනා කල මා සුරන්ජිත් සමග මගේ සිතේ තිබෙන සියලුම සම්භන්ධකම් නවතා දැමීමට තීරනය කලෙමි....එහෙත් අම්මා සහ අක්කා අමතක නොකිරීමට කල්පනා කලෙමි. මා මින් පසු මේ සම්භන්දව කල්පනා නොකර පාඩම් වැඩ කරගෙන ගියෙමි......විභාගය දිනෙන් දින ආසන්න වෙමින් තිබුනි.....අපි සවස සවස පන්සලට ගොස් බෝධි පූජා පැවැත්වූවෙමු......විභාග සතිය ඇරඹුනි....මා පිරිමි ලමයෙකුලෙස විභාගයට මුහුන දුන්නෙමි......විභාගයට ලියන අවස්ථාවේදී මා පිරිමියෙක්ද ගැහැනියෙක්ද යන බව කල්පනා නොවීම මගේ වාසනාවක් විය......මා හැකිපමන හොදින් විභාගයට උත්තර දුන්නෙමි.....නිමන්තීද මා මෙන් හොදින් විභාගයට මුහුන දෙන්ට ඇති බව මගේ විස්වාසය විය.....විභාග කාලය අවසන් වූ පසු මට නැවත චතුරිකා බවට පත්වීමට හැකිවිය.....මා චතුරිකා ලෙස නිමන්තී මුනගසීමට ගියෙමි.....ඇයද හොදින් පිලිතුරු සපයා තිබුනු බව ඇගේ කතාවෙන් පැහැදිලිවිය.....මේ නිසා අපිට අනිවාරයෙන්ම සමත්විය හැකි බව විශ්වාසයක් තිබුනි....ව්භාග ප්‍රතිඵල පැමිනීම්ට මාස දෙකක පමන කාලයක් ගතවන බව අපි දැනගෙන සිටියෙමු.... මෙම කාල සීමාවේ ගෙදර නිවාඩුවේ සිටීමට කල්පනා කලෙමු. මේ නිසා මෙම කාලයතුල මට නිමල් බවට පත්වීමට අවශ්‍ය නොවන බව තේරුම් ගියනිසා සතුටක් ඇතිවිය. එහෙත් විභාගයේ ප්‍රතිඵල අනුව මා නිමල් වේදැයි චතුරිකා බවට පත් වේදැයි තීරනය කරන බව ආත් අම්මා පැවසුවාය......විභාගයෙන් සමත් වූ පසු මට ඕනෑම තීරනයක් ගත හැකි බව ආතම්මා කිහිප වතාවක් පවසා තිබුනි......මේ නිසා සමත්වූ විගස දිගටම චතුරිකා බවට පත්වීමට තීරනය කරගත්තෙමි.....
No comments:
Post a Comment