ආත් අම්මාගේ පාඩම 46.................ටික වෙලවකින් නිමන්ති අජිත් සමඟ අපි දෙසට පැමිනෙනු දුටු මට අපිදෙදෙනා පමනක් සිටිනිසා ලැජ්ජා සහගත බවක් ඇතිවිය. මා සුරන්ජිත් අසලින් ඈත්වීමට උත්සාහකලත් මේ වනවිට ඔවුන් අපිදෙදෙනා දුටු බව ඔවුන්ගේ සිනහවලින් තේරුම් ගත්තෙමි......චතුරිකා නංගි අපිට බොරුනෙ කලේ අපි නැති අතරෙ දෙන්න ජෝඩුදාගෙන.......අජිත් පවසනවිට..... කියන්නෙනම් එහෙම අදහසක් නෑ කියල.....නිමන්ති මට විහිලුකරමින් කතාකලාය....ඔවුන්ගේ විහිලුවලින් ගැලවීම සඳහා මා ඉක්මනින් නිමන්තිගේ අම්මා අසලට ගියෙමි.....මොකද දුවේ නිකන් බයවෙලා වගේ......නිමන්තිගේ අම්මා මාදෙස බලා ඇසුවාය.....නෑ ඇන්ටි අරගොල්ලො මට විහිලු කරනව.....මා අජිත්ව පෙන්නා කීවෙමි.....ඕව ගනන් ගන්න එපා දුවේ මේවගෙ ගමනක් ආවහම විහිලුවෙන් තහලුවෙන් ඉන්න ඕනැනෙ.....කී ඇය මොකද මේ අහිංසකීට විහිලු කරන්නෙ......නිමන්තිගෙන් ඇසුවාය.....නෑ අම්මෙ අපි පොඩි විහිලුවක්නෙ කලේ.....ඇය කීවාය.......දැන් අලුත් යාලුවො හදාගෙන එයාල එක්ක එකතුවෙලා පරන යාලුවට විහිලු කරනව නේද.....නිමන්තිට දොස් කියන විලාසයෙන් කීවාය......අනේ එහෙම දෙයක් නෑ අම්මෙ.....මේ මගේ හොදම යාලුවනේ.....පැවසූ ඇය.....අනේ චතූ....සොරී....කී ඇය මාව තුරුලුකරගත්තාය.
දැන් යමු නේද..... නිමන්තිගේ තාත්තා අඩගැසූ බැවින් අපි වාහන තිබෙන ස්ථානයට පියමන් කලෙමු...මචන් මට මරු අයිඩියා එකක් ආව....අපි යන අතරතුර අජිත් සුරන්ජිත්ට කීවේය.....ඒ මොකක්ද.....සුරන්ජිත් ඇසුවේය.....අපේ අම්මයි තාත්තයි. නිමන්තිලා ආව වාහනයට නැග්ගුවනම් අපිට මේ නන්ගිල දෙන්න එක්ක කතාවක් දාගෙන යන්න තිබුන.....ඔහු එසේ පැව්සූ විට මගේ හිසෙන් තරු විසිවන බවක් දැනුනි......අම්මෝ වැඩේ තවත් දුරදිග යන්න වගේ .....මා බියපත්ව කල්පනා කලෙමි....ඒක හරි නෑනෙ මචං.....අපි කොහොමද මේව එයාලට කියන්නෙ.....සුරන්ජිත් කීවේය....මම අදහස දාල බලන්නම්කො.......අජිත් පිලිතුරු දුන්නේය........ඒත් ඒක හොද වැඩක් නෙවෙයි නේද.....මේවගේ පොඩි ගැහැණු ලමයි දෙන්නෙක් වාහනේ දාගෙන යන එක හරි නෑනෙ......මෙයාලගෙ වයස දහ අටවත් පැනලනම් තව කමක් නෑ......සුරන්ජිත් එයට විරුද්දව කතා කල බැවින්.....ඒකත් ඇත්ත තමා.....තාම ඉතින් පොඩි නංගිලානෙ......අජිත් අපිදෙස බලා සිනහසෙමින් පැවසුවේය......ඒ වුනාට කතාවෙන්නම් පැහිච්ච ආච්චි.....සුරන්ජිත් කීවේය.....කවුද චතුරිකාද....නිමන්ති ඇසුවාය......නෑ ඔය කිව්ව එක්කෙනා.....චතුරිකාගෙ පැහිච්ච කම් අහන්න වැඩිය කතාකරන එකක්යෑ......ඔහු නිමන්ති දෙස බලා කීවේය.....එහෙනම් අර දේවාලෙදි ජෝඩු දාගෙන දෙන්න එක්ක කතා කරකර හිටියෙ ගොලු භාශාවෙන් වෙන්න ඇතිනේද?......ඇය සුරන්ජිත්ගෙන් ඇනුම් පදයක් මෙන් ඇසුවාය.......අපි මොකුත් කතාකලේ නෑ අනේ....මා නිමන්තිට සෙමින් කීවෙමි......එහෙනම් මුහුනට මුහුන බලාගෙන ඔහේ ඉන්න ඇති......අජිත් සිනහසෙමින්පැවසුවේය....
අපි වාහනවලට ගොඩවී නැවත ගමන ආරම්භ කල අතර ඇඹිලිපිටිය දෙසට එනවිට රෑ බෝවී තිබුනු බැවින් රාත්රී ආහාරය ගැනීම සදහා හෝටලයක් අසල නතරකිරීමට සිදුවිය.
හෝටලය තුලට ගොඩවූ පසු මා නිමන්ති සමග වෙනම මේසයක වාඩිවුනෙමු....සුරන්ජිත් සහ අජිත් දෙදෙනාද අපි සිටි මේසයෙන් වාඩිවිය......සුරන්ජිත් මා අසලින් වාඩිවී කෑම ගත් අතර අජිත් නිමන්ති අසලින් වාඩිවිය......සුරන්ජිත් කෑම ගන්නා අතරතුර ඔහුගේ පිගානේ තිබුනු කුකුලු මස් කැබැල්ලක් මගේ පිගානට දැමුවේය......එපා මට තියෙනව.....මා එය ප්රතික්ෂේප කරමින් කීවෙමි.....ඒකට කමක් නැ මම දුන්න එක කන්නකො......ඔහු සෙමින් කීවේය.....එපා මා එය පිඟානේ පැත්තකින් තබා කීවෙමි......කෑවෙ නැත්නම් තරහයි.....ඔහු කීවේය.....ඔහුගේ හිත නරක් වේවි යයි බියක් දැනුනු බවින් මා එය කෑමට ගත්තෙමි......මේ කොල්ල කොච්චර හොඳද ....මෙයා මට කොච්චර ආදරේද........මා එය අනුභව කරමින් කල්පනාකලෙමි.....මා ගැහැනු ලමයෙකු ලෙස ඔහු කෙරෙහි ආදර හැගීමක් ඇතිවන බව තේරුනි...ඒත් ඇත්තටම කෙල්ලෙක් නොවුනු මම කොහොමද මෙයාට ආදරේ කරන්නෙ........මා දුක් මුසුව කල්පනා කලෙමි......හොරා වගේ මන් දීපු එක කාල නිකා හිටිය නේද ඔයාගෙන් මට මොකුත් නෑ......ඔහු ආදර බර හැගීමකින් යුතුව.....මට දෝසාරෝපනය කලේය.....මම මොනවද දෙන්නෙ.....කල්පනා කල මා විහිලුවටත් එක්ක ලොකු මිරිස් කරලක් ඔහුට දිගුකලෙමි......ඔයානම් හරිම එක්කෙනෙක් තමයි මගෙන් රස ඒව අරගෙන මට සැර මිරිස් කරලක් දෙන්න හදනව නේද ....ඔහු නෝක්කඩුලෙස පවසන විට මා මිරිස් කරල ආපසු පිගානෙන් තබා රසට ඇනූ බත් පිඩක් ඔහුගේ පිගානෙන් තැබුවෙමි.......ඒකනම් ගොඩක් රසයි.....කී ඔහු සතුටෙන් එම බත්පිඬ කෑමට පටන්ගත්තේය.....නංගිගෙ අතින්ම කවාගන්න තිබුනනම් තවත් රසයි....ඔහු කනගමන් කීවේය.....වැඩේමයි......මා අමනාපයෙන් මෙන් කීවෙමි......කෑම කෑමෙන් පසු ඔහු බොන ලද වතුර වීදුරුවෙන් භාගයක් ඉතුරුකර මා අසලින් තැබුවේය.....ඔහුගේ අදහස තේරුම් ගත් මා ඉන් වතුර උගුරු කිහිපයක් පානය කලෙමි....... මා උප්පතියෙන් කොල්ලෙක් වී තාවකාලික ගැහැනු බව ලබා තිබෙන බැවින් ඔහු කෙරෙහි ආදර බැදීමක් ඇති කර නොගැනීමට කෙතරම් උත්සාහ දැරුවත් මට නොදැනුවත්වම මගේ සිත ඔහු කෙරෙහි ඇදීයන බව තේරුනි....
No comments:
Post a Comment