Saturday, May 5, 2018

ආත් අම්මාගේ පාඩම 45.................චතුරිකා දුව ගිහින් තියෙනවද දෙවුන්දර විෂ්ණු දේවලෙට......නිමන්තිගේ තාත්තා මගෙන් ඇසුවේය.....අනේ නෑ අන්කල්.....මා කීවිට....මේ තියෙන්නෙ එතැන......නිල් පැහැති ගොඩනැගිල්ලක් පෙන්වා පැවසීය. අපි එතැනින් බසිනවිට. ඔහුගේ යහලුවාගේ වාහනයද එම ස්ථානයේ නවතා ඇතිබව දුටුවෙමි.....ඒයි නිමන්ති මෙයාලත් ඇවිල්ල.....මා ඔවුන්ගේ වාහනය නිමන්තිට පෙන්වා පැවසුවෙමි.....ඒ වාහනය තිබුනු හින්ද තමයි තාත්ත මෙතැන නැවැත්තුවෙ.....ඇය එසේ පවසනවිට අජිත් සහ සුරන්ජිත් අපි දෙසට පැමිනෙනු දුටුවෙමි.......මොකද අජිත් ඔයතරම් හයියෙන් වාහනේ එලවන්නෙ මට බයේ බෑ.....නිමන්ති....අජිත්ට දොස්කියන්ට වූවාය....ඒවගේ වාහන හයියෙන් යන්න තමා හදල තියෙන්නෙ.....ඔහු පිලිතුරු දුන්නාය.....හයියෙන් තමයි මොකුත් උනොත් එහෙම.....ඇය දුකෙන් මෙන් පවසනු ඇසුනි......යමු දරුවනේ අපේ අම්මා කතාකරනු ඇසුනු අපි දේවාලය දෙසට ගමන් කලෙමු.....නිමන්ති නංගිනම් අපිත් එක්ක බනින්න හරි කතාකරනව.....චතුරිකා නංගිගෙන් තමයි වචනයක් ගන්න බැරි......සුරන්ජිත් මා දෙස බලා කීවාය.....එහෙම නෑ නේද චතූ......කතාකරන්න ගත්තොත් නවත්වන්නෙ නෑ නේද......නිමන්ති සිනාසෙමින් කීවාය....ඒ කොයිවගේ වෙලාවටද.....සුරන්ජිත් ප්‍රශ්න කලේය......අනේ නෑ අනේ මෙයාගෙ බොරු.....මා ලැජ්ජා සහගත ලෙස සෙමින් කීවෙමි.
          අපි දේවාලය වැද එලියට එනවිට........අර අතන දල ඇතෙක් බැදල ඉන්නව යමුකො බලන්න....අජිත් ඇතාව පෙන්වා අපිට කතාකලේය.....යමුකෝ ......නිමන්ති මාවත් ඇදගෙන ඒදෙසට යන්ට විය.....ඔහේට ගියාට කමක් නෑ ලගට එහෙම යන්න එපා......අජිත්ගේ අම්මා කියනු ඇසුනි.....නෑ අම්මෙ...... ඔව්න්ද අපිත්සමග ඇතා අසලට යන්ට විය.......එක් එක් අය ඇතාට පූජාවට්ටිවල තිබුනු පලතුරු දෙන අයුරුද ඇතා ඒවා කන අයුරුද බලාසිටියෙමු.......අපි ඇතාට තරමක් සමීප වුනෙමු......ඇතා එකවරම අපි සිටින දිසාවට හොඩ දික්කලා පමනි......බියට පත්වූ මා පිටුපසට පැන නිමන්තිගේ අතේ එල්ලුනෙමි......මා කලබලයට එල්ලුනු එම අත නිමන්තිගේ නොවන බව එම අතේ තිබුනු වවිල් රොදවලින් තේරුනි......බියටත් ලැජ්ජාවටත් පත්වූ මා එකවරම අත ඉවතට ගෙන  ඔහුගේ මුහුන බැලුවෙමි.....මා කලබලයට අල්ලාගෙන තිබුනේ සුරන්ජිත්ගේ අතය.....අනේ සොරි මට එකවරම කියවුනි.....හොරි.... මේ බලන්න මගේ අතේ හොරි නෑ......ඔහු අතපෙන්වමින් මට කීවේය....හොරි නෙවෙයි අනේ සොරි....මට සමාවෙන්න කියල කිව්වෙ......මා නිමන්තිගේ අත අල්ලාගෙන කීවෙමි.......මොකද වුනේ නිමන්ති ඇසුවාය.....මෙයා ඇතාට බයවෙලා මගේ අතේ එල්ලුනානෙ.....සුරන්ජිත් කීවිට.....අනේ නෑ.... මම ඔයා කියල  අතේ එල්ලුනේ.... වැරදීමක් උනේ....නිමන්තිට කීවෙමි.....හරි ඉතින් ඕකට ඔයතරම් සමාවගන්න දෙයක් නෑනෙ......සුරන්ජිත් කීවේය.....ඒක තමා අපි දන්නෙ නැති කෙනෙක් නෙවෙයිනෙ.....නිමන්ති ඔහුගේ කීම අනුමත කරමින් පැවසුවාය.....මොකද බන් උබලගෙ කුටුකුටුව......ඇතා දෙස බලා සිට අපි දෙස බැලූ අජිත් ඇසුවේය.......ඇතාට බවවෙලා චතුරිකා මගේ අතේ එල්ලුනානෙ.....සුරන්ජිත් කීවේය.....ඉතින් තව ඇතෙක් කියල චතුරිකා තවත් බයවුනා.....අජිත් අපිව සිනහගස්සමින් පැවසුවේය......නෑ බන්.... කී සුරන්ජිත්......විස්තරේ පවසන්ට විය.....ටිකවෙලාවක් කල්පනාකරමින් සිටි අජිත් මේකනම් අහම්බෙන් උනදෙයක් නෙවෙයි.....හොදට ප්ලෑන් කරල කරපුදෙයක්.....එහෙනම් චතුරිකාගෙ ප්ලෑන් එකක් වෙන්න ඇති......නිමන්ති මාදෙස බලා විහිලුවට කීවාය....අනේ යනව යන්න මගෙ ඇති ප්ලෑන් එකක් නෑ.....මා ඔවුන්ට තරහා මුහුනක් පෙන්වා ඔවුන්ගෙන් ඈත්වී ගල් පඩියක් මත වාඩිවුනෙමි.....මොනද චතූ....අපි විහිලුවක්නෙ කලේ.....මා අසලට පැමිනි නිමන්ති මගේ හිස අතගාමින්.....පැවසුවාය.....විහිලු තමයි ඕව දුරදිග යන වැඩ.....මා කීවෙමි.
              අපි දේවාල භූමියේ ඇවිදින විට .....අජිත් මට කතාකරනව මොකද දන්නෙ නෑ.....ඔයා ඔහොම පොඩ්ඩක් ඉන්න මම ගිහින් බලල එන්නම්....ඇය කීවාය....මාත් එන්නම් මා කීවෙමි.....ඔයා එන්න එපා මට විතරයි කතාකලේ..... කී ඇය මා අසලින් ඉවත්වුනාය.....එවිටම මා අසලට පැමිනි සුරන්ජිත් ......මොකද තනිවෙලා ....ඇසුවේය....නිමන්ති අතෙන්ට ගියා ....ඒකයි....මා කීවෙමි......චතුරිකා ...ඔයත් එක්ක මට චුට්ටක් කතාකරන්න ඕනැ....මාව වරදවා හිතාගන්න එපා.....ඔහු කියන්ට විය....ඔහු එනපොට හොද නැතිබව දැනගත් මා.....මම තාම ඉගෙනගන්නව අයියෙ.....මා බිමබලාගෙන කීවෙමි......ඒක මම දන්නව නංගී............මම කෙල්ලො ගොඩාක් දැකල තියෙනව ඒත් නංගි වගේ හොද අහිංසක කෙනෙක් දැකල නෑ.....මගේ හිතේ ඇදිල තියෙන ගතිගුන තමා ඔයාටත් තියෙන්නෙ.....ඒකයි නංගිත් එක්ක  මේ විදියට කතාකරන්න හිතුනෙ......මම නංගිට ආදරෙයි......ඒත් මම මෙහෙම කිව්වට නංගි කලබල වෙන්න එපා..... නංගි හොදට මේ ගැන හිතල බලල උත්තරයක් දෙන්න.....ඔයා අක මැතිනම් ඒත් කමක් නෑ මම තරහ නෑ....ඔහු පවසන්ට විය.....මම තාම ඉගෙනගන්නවනෙ අයියෙ......මම නැවත මුල් පිලිතුරම දුන්නෙමි......හැමදාම ඉගෙනගන්නෙ නෑනෙ.නංගි ...මම මේ කිව්ව ටික මතක තියාගෙන ඉගෙනගෙන ඉවරවුන දාක.....ඔයා කැමතිනම් විතරක් කියන්න.....නිමන්තිගෙ තාත්ත අපේ තාත්තව හොදට දන්නව.....අවුරුදු ගානක් ගියත් කමක් නෑ පනිවිඩේ කියන්නකො.....මම ඔයාගෙ පනිවිඩේ එනකන් බලා ඉන්නව.......ඔහු වැඩිදුරටත් පවසන්ට විය.....ඔහුගේ අහිංසක ඉල්ලීම මම කොහොමද ඉවත දාන්නෙ.....මම ඇත්තටම කෙල්ලෙක් උනානම් මේවෙලාවෙම කැමැත්ත දෙනව.....ඒත් ආයෙත් කොල්ලෙක් වෙන්න ඉන්න මම කොහොමද.....මෙයාට කැමතියි කියල කියන්නෙ......මා අසරනව කල්පනා කරන්ට උනෙමි....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: