Saturday, May 26, 2018

ආත් අම්මාගේ පාඩම 91..............මා තීරනය කල පරිදි සති දෙක ගතකලෙමි....මගේ සංගීත දැනුම දියුණු කිරීම සඳහා අම්මා සෑහෙන ලෙස මහන්සිගත්තාය....ගෙදර අනිකුත් අයගේ ආදරය මා වෙත ලැබුනද සුරන්ජිත් සුපුරුදු පරිදි දිගටම මාව මගහරින්ට විය. මා එය සිතට ගත්තේ කනගාටුවක් ලෙස නොව ආශීර්වාදයක් ලෙසටය. එයට හේතුව මට ඇතිවී තිබෙන තාවකාලික ගැහැණු බව නිසාය. මට කවදා හෝ ස්ථීර ගැහැණු බව ලැබුන හොත්  ඔහු අසලට පැමිණ කැමත්ත ප්‍රකාශ කර ඔහු කැමතිනම් පමනක් ඔහුගෙන් ආදරය ලබාගැනීමට තීරනය කලෙමි.
                                  මා අපසු නිවසට යන දින අම්මාගේ සහ අක්කාගේ ඇස්වලට කදුලු පිරුනු දුටුවෙමි....ඔවුන්ගේ ආදර ලබමින් සිටි මටද මෙම නිවස අතහැර යෑම ඉතාමත් කනගාටු දායක සිද්දියක් විය....අම්මා මට වයලීනය තෑගිකරමින්....හොදින් ඉගෙනගන්නා ලෙස ආශීර්වාද  කලාය.....මා ඔවුන්ගේ දෙපා නැමද අක්කා සමඟ මාගේ නිවස බලා පිටත්වුනෙමි....එහෙත් සුරන්ජිත්ට මා යනබව පැවසීමට නොහැකිවීම මාගේ සිතට දුකක් ඇතිවිය. අපි නිවසට යෑමට පලමුව නිමන්තිලාගේ නිවසට ගොඩවුනෙමු.....අනේ චතූ....ඔයා ආවද....මම හරීම පාලුවෙන් හිටියෙ....මාව දුටු නිමන්තී මා අසලට පැමින මාව තුරුලු කර ගනිමින් කීවාය.
                කොහොමද දුවේ ඒ අය.....මා නිවසට පැමිනි පසු....ආත් අම්මා ඇසුවාය.....එයාල හරිම හොදයි ආත් අම්මෙ...මට එයාල සැලකුවෙ එයාලගෙම කෙනෙක් හැටියට.....මට හැමදාම උනත් එහෙ ඉන්න කිව්ව.....මා සතුටින් පවසන විට....ඔයා පිට කෙනෙක් නෙ දුවේ හැමදාම එයාලට කරදර කරන්න හොදනැනෙ....මා පැවසූ දේවල් අසා සිටි ආත් අම්මා සුසුමක් පිටකර පැවසුවාය.
                 ආත් අම්මාගේ නිවසට පැමිනි පසු නැවත සුපුරුදු පරිදි. නිමන්තිගේ නිවසට ගොස් ඇය සමග කාලය ගත කිරීමට පුරුදු වුනෙමි. මා නිමල් ලෙස සිටි සමයේ මා යහලුවන් ඇසුරු කරනවාට තරහෙන් සිටි ආත් අම්මා චතුරිකා ලෙස යෙහෙලියන් ඇසුරු කිරීමට විරුද්ධත්වයත් දක් වූවේ නැති බව සමහර දිනවල පන්තියේ මිතුරියන් පැමිනීමෙන් වටහා ගත්තෙමි.....ආත් අම්මා ඔවුන්ට තේ පැන් වලින් සංග්‍රහ  කලේ ඉතාමත් කැමැත්තෙනි....මේ අතර දින කිහිපයකට වරක් අම්මා සහ අක්කා මා මුන ගැසීමට පැමිණියෝය.....ඒ පැමිනෙන සෑම දිනකම ආත් අම්මගෙන් මාව ඉල්ලන්ට විය....අනේ නෝනා මගේ මේ අතපය පන තියනකන් මගේ දුවට සලකනව.....ඊට පස්සෙ දුවගෙ කැමැත්තක්....ආත් අම්මා පවසන්ට විය.
                දුවේ ප්‍රතිපල එන්න තව කල් තියෙනවනම් . අම්මලගෙ ගෙදර ගිහින් ඉදල එන්න....ආත් අම්මා එසේ කීවේ අම්මාගෙන් සහ අක්කාගෙන් බේරීමට නොහැකි නිසා බව මට වැටහුනි....ඒ අනුව මා තවත් සතියකට පමන කාලයක් අම්මලාගේ නිවසට ගියෙමි.....එහෙත් සුරන්ජිත්ගේ හැසිරීමේ වෙනසක් වී නොමැති බව මට දැක ගැනීමට ලබුනි....කමක් නෑ ලගදි ප්‍රථිපල එනවනෙ. ඊට පස්සෙ තීරනයක් ගන්නව මා නැවත සිතාගත්තෙමි.....
                 මා නැවත ගෙදර පැමිනි විට ප්‍රතිපල නිකුත් කල බව ආරංචි විය.....ආත් අම්මෙ හෙට විභාග ප්‍රතිපල දානවලු හෙට මට ඉස්කෝලෙට යන්න වෙනව.....මා කීවෙමි.....නිමල්ගෙ සූට් එක ලෑස්ති කරල තියෙන්නෙ....හෙට ඇදගෙන යන්න පුලුවන්.....ඇය කීවාය....මාස දෙකක පමන කාලයක් එක දිගටම චතුරිකා ලෙස සිටි මට හෙට උදෑසන නැවත නිමල් ලෙස පෙනීසිටීමට සුදුවන බව කල්පනා වීම මහත් බරක් ලෙස දැනෙන්ටවිය....එහෙත් මට එසේ පාසැලට යෑමට සිදුව ඇත...පසුදින උදෑසන පිබිදුනු මා ....නිමල් ලෙසට වෙනස්වන තුරු සිටියෙමි.....වෙනදා මෙන් හය වනවිට වෙනස සිදුවිය ..මාගේ සුරුබුහුටි ගැහැනු සිරුර අතුරුදහන් වී මාව නැවත නිමල් බවට පත්විය. මා වෙනදා මෙන් නිමල් ලෙස පාසැල් ගියෙමි......මාගේ මිතුරන් මාව ගනනට නොගෙන මග හරිනු දුටුවත් මාව දුටු නන්දන.....මචන් නිමල් අපි පාස් ....යනුවෙන් සතුටින් පැවසුවේය.....මා ඉක්මනින් දැන්වීම් පුවරුව දෙසට ගියෙමි.....මගේ ඇස් අදහාගත නොහැකිවිය.....ඉංග්‍රීසි හැර අනිකුත් විශයන් වලට ඒ පාස් ලැබී තිබුනු අතර ඉංග්‍රීසි වලට පමනක් බී පාස් එකක් තිබුනි.....මචන් නිමල් අපි දෙන්නගෙ මේ ඉස්කෝලෙ බෙස්ට් රිසල්ට්.....නන්දන සතුටින් කීවේය.....අපේ පන්තියේ සියලු දෙනා අපිට සුබපතන්ට විය....මචන් රන්ජිත් උබල කොහොමද....මගේ පැරනි ලගම මිතුරාගෙන් ඇසුවෙමි....වැඩක් නෑ බන් අපි ඔක්කොම ඩවුන්.....ඔහු කනගාටුවෙන් කීවේය......නිමල් ඔයා අන්තිම කාලෙ ඔය යාලුවන්ගෙන් වෙන්වුන හින්ද තමයි....ඔයාට හොදට පාස්වෙන්න පුලුවන්වුනේ....පන්තියේ ගැහැනු ලමුන් කිහිප දෙනෙක් මා අසලට පැමින සුබපතමින් පවසන්ට විය....මටත් ඔයාල වගේ ගැහැනු ලමයෙක් වෙන්න පුලුවන් වුන හින්ද තමයි මෙච්චර හොදට පාස්වෙන්න පුලුවන් වුනේ.....මා සිතෙන් ඔවුන්ට කීවෙමි.....නිමන්තිත් හොදට පාස්වෙලා ඇති ....සිතමින් නිවස බලා ගියෙමි.
              ආත් අම්මේ මම විභාගෙන් පාස්.....සතුටින් කී  මා මට දැන් හැමදාම චතුරිකා වෙන්න පුලුවන් නේද ඇසුවෙමි.....හරි.... හරි....බලමුකෝ.....ඇය කීවාය....ආත් අම්මෙ මට දැන්ම නිමන්තිගෙ ගෙදර යන්න ඕනැ...ඒත්..චතුරිකා වෙන්න තව වෙලා තියෙනවනෙ.....තාම වෙලාව එකොලහයිනේ.....මා දුකෙන් මෙන් පවසනු අසා සිටි ආත් අම්මා......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: