ආත් අම්මාගේ පාඩම 84...............මා මෙම දින කිහිපය චහත්රිකා ලෙස නිවසේ ගතකල අතර ආත් අම්මා සමඟ කුස්සියේ සහ ගෙදර අනිකුත් වැඩ කල නිසා කම්මැලි කමක් නොමැතිව දවස ගෙවා ගනීමට හැකිවිය. මේ අතර නොයෙකුත් කෑම වරග සාදන ආකාරද ආත් අම්මා ගෙන් ඉගෙනත්තේ ඉතාමත්ම කැමැත්තෙනි. දිනකට දෙකකට වරක් නිමන්තිගේ නිවසට ගොස් ඇයසමග කෙලිදෙලෙන් ගතකිරීමටද අමතක නොකලෙමි. සමහර දිනවල ආත් අම්මා ගෙන් ඉගෙන ගත් කෑමවර්ග නිමන්තිගේ නිවසේදී අත්හදාබැලීමටද හැකිවිය මා සඳහා නිමන්තිගේ අම්මාගේ සහයෝගයද ලැබුනි. මා නිමල් ලෙස මේ දින කිහිපය ගතකලානම් මගේ දින චරියාව කෙසේ වේදැයි කල්පනා කලෙමි.එසේවීනම් මා එක මොහොතකවත් ගෙදර රැදෙන්නේ නැත. මා සමග සිටි පාප මිතුරන් සමග මේ වනවිට අමන වැඩ කෙතරම් කරමින් විනෝද වනවා ඇත්ද. එහෙත් අනුන්ගේ සිත් රිදවා අනුන්ට ගිනිගෙඩි දී ලබන විනෝදයෙන් වැඩක් තියේවිද. මා නිමල් ලෙස සිටි සමයේ කල කී නරක වැඩගැන පිලිකුලෙන් යුතුව කල්පනා කලෙමි.
දින කිහිපක් ගතවිය. දිනක් නිමන්තී සමඟ ඇගේ මව අපගේ නිවසට පැමිනියාය.....ඇය මගේ ඉවිමේ හැකියාව ගැන ආත් අම්මා සමඟ වර්ණනා කරමින් සිට.....නැන්දෙ මම ආවෙ.....ලසන්ත දොස්තර මහත්තයගෙ නෝනගෙ පනිවිඩේකට.....පැවසුවාය....ඒ මොකක්ද දුවේ....නැන්ද දන්නවනෙ.....එයාල මේ චතුරිකා දුවට හරිම ආදරෙයි කියල....නැන්ද කැමතිනම් මෙයාව මේ නිවාඩු දවස් ටිකට එහෙ එක්ක යන්නද කියල අහනව....ඇය එසේ කී විට....මගේ මුහුන දෙස බැලූ ආත් අම්මා.....මම ඇස්දෙක වගේ බලාගන්න මේ දුවව කොහේවත් අරින්න පුලුවන්ද....අනික අපි වැඩිය එයාලව ආස්සරේ කරලත් නෑනෙ....කොහොම අයද කවුද දන්නෙ.....ඇය පවසන්ට වූවාය....අපෝ නැන්දෙ දුවගෙ ආරක්ෂාව ගැනනම් බයවෙන්න එපා...ඒක ගැනනම් මම වගකියනව...එයාල අපි හොදට දන්න අය......පොඩිකාලෙ ඉදම්ම්ම අපේ මහත්තයගෙ යාලුවො.....මේ දුවව දැක්ක දවසෙ ඉදම්ම පුදුම ආදරයක් එයාලට තියෙන්නෙ.....මම නැන්දට කිව්වෙ..... හදාගන්නත් ඉල්ලුව කියල.....නිමන්තිගේ අම්මා පැහැදිලිකරන්ට වූවාය....ටික වේලාවක් කල්පනාකල ආත් අම්මා....අනේ මන්ද දුවේ....දවස් කීපයකට හරි මේ ළමයව යවනවනම් යවන්නෙ දුවගෙ විශ්වාසෙට තමා.....ඒත් අපේ දුව කැමතිද කවුද දන්නෙ......ඇය මා දෙස බලා කීවාය.....එවිටම නිමන්තිගේ අම්මා මගේ මුහුන දෙස බලා මගේ පිලිතුර අපේක්‍ෂා කලාය....ආත්තම්මගෙ කැමැත්තක්......මා කීවෙමි.....දුව කැමතිනම් යන්න.....ඇය එසේ කීවිට මගේ සිත තුල දැඩි සතුටක් හටගත්තේ සුරන්ජිත්ව දැක ගැනීමට හැකිවන නිසා යයි සිතුනි......එහෙනම් නැන්දෙ මම එයාලට පනිවිඩේ යවන්නම්......නිමන්තිගේ අම්මා කී විට.....මට තමයි චතූ නැතුව පාලු.....නිමන්තී මගෙ අත තුරුලට ගනිමින් කීවාය............මම ගියහම ආත් අම්මට ඉන්නෙ වෙන්නෙ තනියෙමනෙ......මා කීවෙමි.....ඒ ඒකට බයවෙන්න එපා.......වත්තෙ වැඩකරන පීතරගෙ පවුල....මැගිලින් ඉන්නවනෙ.....ඔය ටිකදවසකට මැගිලින්ට මෙහෙට එන්න කියනව......ඇය තනිකම ගනනකට නොගෙන කීවාය.
දින දෙකක් පමන ගතවන විට අපේ නිවස ඉදිරිපිට වාහනයක් නවතනු දුටුවෙමි.....එය අක්කාගේ වාහනය විය......අක්කා සමග අම්මාද වාහනයෙන් බසිනු ජනේලයෙන් දුටු මා........ආත්තම්මේ .....මාව එක්ක යන්න අම්මල ඇවිල්ල........කුස්සිය දෙසට දුවගිය මා.....සිතතුල ඇතිවුනු සතුට නිසා කලබලයෙන් කීවෙමි......අම්මෝ.... දුවේ එහෙනම් නූලක්වත් දාගන්න වෙනව.....දුව බයවෙන්න එපා අර කට්ට්ඩි මහත්තය හම්බවෙමු.....ආත්තම්මා බියෙන් මුසුව පවසනු දුටුවෙමි....ආත් අම්මා බියවූ කරුන වටහා ගත් මට එකවරම හයියෙන් සිනායන්ට විය....ඔය ලමයටනම් ...හිනා....ඇය බියමුසුව කීවිට....මැරුනු අම්ම නෙවෙයි ආත් අම්මේ එන්නකෝ.....මා ඇගේ අතින් අල්ලාගෙන ඇදෙගෙන ගියෙමි. මේ වනවිට ....අම්මා...අක්කා ....නිමන්තිගේ අම්මා සමග නිමන්තීද නිවස දොර අසල සිටිනු දුටුවෙමු......අම්මෝ මම බයවුන තරමක්.... මට ඇසෙනලෙස සෙමින් කී ආත් අම්මා.....මෙයාලනේ....එන්න ඇතුලට....ඔවුන්ට කතා කලාය.
මගේ දුව අපේ ගෙදර යන්න එනව නේද......මාව තුරුලට ගත් අම්මා....මාත් සමගම ගෙය තුලට ගියාය.....ඇදුම්ටික ලෑස්ති කරගෙන එන්නම් අම්මෙ...කී මා කාමරයට තුලට ගියෙමි. නිමන්තීද මා සමගම කාමරයට ආවාය.....ඔයා ගියාම මට තමයි පාලු....නිමන්තී දුක්මුසුව පැවසුවාය.....මම දිගටම ඉන්නෙ නෑනෙ අනේ....මා ඇදුම් තෝරමින් කීවෙමි......එක අතකට ඔයා එහෙ යන එකත් හොදයි......ඇය සුසුමක් හෙලමින් කීවාය.....ඇයි ඒ....මා ඇසුවෙමි.....බලන්නකෝ මෙච්චර දවසක් ගියා සුරන්ජිත් ඔයාව නිකමටවත් බලන්න ආවෙ නෑනෙ...එහෙ ගියාම ඔයාට සුරන්ජිත්ව මුනගැහෙන්න පුලුවන්නෙ.....ඇය පවසන්ට විය.....එවිටම අක්කාද කාමරය තුලට ආවාය.....මා බැගය තුලට ඇදුන් දමනු බලාසිටි ඇය.....ඇදුම් ටික විතරක් ගන්න නංගි....සැන්ට් පවුඩර් මේකප් කරන ඒව මම දෙන්නම්......කීවාය.....මම ඉතින් ලොකුවට මේකප් කරන්න දන්නෙ නෑ අක්කෙ....ඔය පවුඩර් ටිකක් මුහුනෙ අතුල්ලගෙන සැන්ට් ටිකක් ගහගන්නව එච්චරයි.....මා කීවිට......එහෙට ගියාම ඒව මම කියල දෙන්නම්....අක්කා කීවාය......බයවෙන්න එපා චතූ....අක්ක ඔයාව පොෂ් කරල ගනී.....නිමන්තී සිනහසෙමින් කීවාය....
බෑගය තුලට ඇදුම් දාගත් මා ඇදුම් මාරුකරගැනීමට සූදානම් වනවිට මගේ බෑගය අතට ගත් අක්කා .....ඔයා ඇදගෙන එන්නකො නංගි.... මම මේක අරන්යන්නම් කීවාය.....මම ගේන්නම් අක්කෙ ඔහොම තියන්න.....මගේ විරුද්ධත්වය නොසලකා ඇය බෑගය රැගෙන එලියට ගියාය......මා ඇදුම් මාරුකරන අතරතුරද නිමන්තී මගේ කාමරය තුලම සිටියේ තාවකාලිකව හෝ මගෙන් වෙන්වීමට දුකක් ලෙසසිතුනු නිසාදැයි කල්පනාකලෙමි. .....දැන් කවද්ද ඔයා එන්නෙ.....නිමන්ති ඇසුවාය.....ආත් අම්ම කිව්වනෙ සති දෙකක් විතර ඉන්න කියල.....එහෙ හොඳනෑ කියල තේරුනොත් මම ආපහු එනව අනේ....මා කොන්ඩය පීරමින් කීවෙමි. .....ආවගමන් අපේ ගෙදෙට්ට එනව නේද ....ඇය ඇසුවාය.....නැතුව.....ඉස්සෙල්ලම එන්නෙ ඔයාලගෙ ගෙදෙට්ට තමයි මා කීවෙමි. .........
No comments:
Post a Comment