ආත් අම්මාගේ පාඩම 59...........................අපි බත් බෙදාගන්නා අතරතුර අජිත් සහ සුරන්ජිත් දෙදෙනාද කෑම බෙදාගන්ට විය....අදනම් එදාවගේ සුරන්ජිත් මගේ කෑම පන්ගුවට මොකුත් දාන එකක් නෑ.....අද ඔක්කොමල බලා ඉන්නවනෙ. එදා අපි කෑම හුවමාරු කරගත්ත එක නිමන්තිට අමතක වෙලා වගේ ....නැත්නම් ඒකත් මෙතන කියනව.....මා නිමන්ති දෙස බලා කල්පනා කලෙමි....නිමන්තිගේ අම්මා ඇයට කෑම කටවල් කිහිපයක් කවනු තුටු අජිත්ගේ අම්මා.....තාම පොඩි ලමයෙක් වගේනෙ අම්මට කියල කවවගන්නෙ.....සිනාසෙමින් කීවාය......තාම පොඩි ලමයෙක් වගේ තමයි නේද දුවේ......සුරන්ජිත්ගේ අම්මා ඇය පැත්තට කතාකලාය......බලන්නකෝ....... චතුරිකා දිහා එයත් ඔය වයසෙ ලමයෙක් නෙ.....කිසි කරදරයක් නැතුව තනියම කනව......අජිත්ගේ අම්මා මාව පෙන්වා කීවාය.....එයාගෙ අම්මයි තාත්තයි නෑනෙ ඇන්ටි ඒකනෙ එයාට එහෙම කන්න වෙලා තියෙන්නෙ.....ඒ නංගිත් ආස ඇති ඔයවගේ අම්මගෙ අතින් කවාගන්න.....සුරන්ජිත් පවසනු ඇසුනු මගේ සිතට දුකක් ඇතිවිය.....මගෙත් අම්ම හිටියනම් අම්ම මටත් කවන්නෙ ඔය විදියටනෙ.....මා දුක්බරව කල්පනා කලෙමි.....අම්මා ගැන සිහිවූ මගේ දෑසට කදුලු පිරුනේ මා නොදැනුවත්වමය....එක් අතකින් පිගාන අල්ලාගත් මා ඇද සිටි ජර්සියේ අතින් කදුලු පිසදාගැනීමට වෑයම් කලෙමි..මා ඉදිරි පිට කෑම කමින් සිටි සුරන්ජිත්ගේ අම්මා එහෙම කියන්න එපා පුතේ..... අපේ චතුරිකා දුවටත් අම්මල ඉන්නව...... කී සුරන්ජිත්ගේ අම්මා ඇය කමින් සිටි කෑම පිගාන පසකින් තබා මගේ කැම පිගාන අතට ගෙන.....දුවට මම කවනම්කො.....කීවාය......... අනේ එපා ඇන්ටි මම කන්නම්.....කීවෙමි....එහෙම කියන්න එපා නංගි අපේ අම්මගෙත් ආශාවනෙ.....අක්කා පැවසුවාය......ඔවුන්ගේ පෙරෙත්ත කිරීම මධ්‍යයයේ මා බත් කටවල් කිහිපයක් ගත්තෙමි....සුරන්ජිත්ගෙ අම්මයි තාත්තයි අක්කයි ඇයි මට මේතරම් ආදරේ.....මා ඇගේ අතින් බත්කන ගමන් කල්පනා කලෙමි.....දැන් චතුරිකා නංගි බත් කන්නෙ මගේ අතින්.....අක්කාද මට කැවීමට පටන්ගත්තාය.....ඊලග සැරේ සුරන්ජිතුත් කවයිද දන්නෙ නෑ.....කල්පනා කරමින්....කෑම කෑවෙමි.....
අපි කෑම ගත් පසු තාත්තලා කෑම ගැනීම සඳහා පැමිණි බව දක්නට ලැබුනි.....අපි කාල ටිකක් වෙලා ජොලියක් දාල නිදාගන්න යමු.....අජිත්ගේ තාත්තා කියනු ඇසුනි.....ඔව්....ඔයාල දැන්ම නිදාගන්න යන්න එපා පොඩි පුතා ගෙනාව ගිටාර් එකයි .....අජිත් ගෙනා බෙරෙයි ගේන්න..සුරන්ජිත්ගේ තාත්තා කීවේය......ඔව් අපි කාල ටිකක් වෙලා සාජ්ජයක් දාල තමයි නිදාගන්නෙ......ඔව්න් කතාකරන විලාසයෙන් ඔවුන්ට හොද හැටි පදම්වී ඇතිබව දැක ගැනීමට ලැබුනි......අපි ඔව්න් කෑමගෙන අවසන් වනතුරු සිටියෙමු......පුතාල දූල ඔක්කොමල්ල එන්න.....නිමන්තිගේ තාත්තා පවසනවිට.....සුරන්ජිත් ගිටාරය උස්සාගෙන යන අයුරු දුටු අතර අජිත් ගේ අතේ බොන්ගෝ වර්ගයේ නව පන්නයේ බෙරයක් තිබුනි.....පලමු ගීතය මුල පිරුවේ සුරන්ජිත්ගේ තාත්තාය......එයට අත්පුඩියෙන් සියලු දෙනාම එකතුවිය......සුරන්ජිත්ට හොදින් ගිටාරය වැයීමට හැකිබව දුටුවෙමි....අජිත් තාලයට බොන්ගෝ බෙරය වයන්ට විය......අක්කා ද ගීත කිහිපයක් ගයන්ට වූවාය.....චතුරිකා නන්ගිත් සින්දුවක් කියන්නකෝ.....අක්කා කීවාය...මා ලැජ්ජාවෙන් ඇබරෙමින් බෑ කීවෙමි ..අනේ මොකක්ද නංගියෙ ඔයා වගේ ඔයාගෙ කට හඬත් ලස්සන ඇතිනෙ කියන්නකෝ.....ඇය තවතවත් පෙරැත්ත කරන්ට වූවාය......අනේ දුවේ සින්දුවක පොඩි කෑල්ලක් හරි කියන්න.....නිමන්තිගේ අම්මා කීවාය.....මොනවද චතූ කියන්නකෝ.....නිමන්තිද බලකරන්ට වූවාය......මා නිමල් ලෙස සිටි සමයේ.....කොල්ලන් සමග එකතුවී මෙවැනි සාජ්ජ කෙතරම් පවත්වා ඇද්ද....මා කෙතරම් ගී ගයා ඇද්ද ...එදා .මගේ කටහඬ එතරම් මිහිරි නොවුනත් කොල්ලන් සමග හරි හරියට සින්දු කී ආකරය සිහිපත්විය.....මාව ගැහැනු ලමයෙක් බවට පත්වුනාට පස්සෙ ඇයි මට මෙච්චර ලැජ්ජ හිතෙන්නෙ....කල්පනා කලෙමි.....මම දැන් ගැහැණු ළමයෙක් ඒ හින්ද ගැහැණු කෙනෙක්ගෙ සින්දුවක් කියන්න ඕනෑ යයි සිතුනු බැවින් ඔව්න්ගේ බල කිරීම නිසාම මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්ටියක් වන වෙද හාමිනේ නාට්ටියේ දූවිලි ගීතය ගැයීමට මුල පිරුවෙමි.....දූවිලි..දූවිලි....දූවිලී..........මා නොසිතූ පරිදි ආරම්භය හොදින් කෙරුනු බව තේරුනු මා.....දූවිල්ලෙන් හැදුන ලියේ.....මීලග පද ටික තාලයට ගයන්ට වුනෙමි.....ඔව්න් සියලු දෙනාම වසීවූවාක් මෙන් මා දෙස බලා සිටිනු දක්නට ලැබුනි......මගේ තාලයට අජිත් අයියාගේ බෙර පදයත් සුරන්ජිත් අයියාගේ ගිටාර් තනුවත් ගැයුමට රුකුලක් විය.....ගායනය අවසන ඔව්න්ගේ අත්පුඩිවලින් මගේ ගීතය හොදින් රස වින්ද බව අවභෝධ විය.......අනේ නංගියේ ඔයා මෙච්චර වෙලා බොරුනෙ කිව්වෙ සින්දු කියන්න බෑ කියල...අක්කා මගේ මුහුන තදින් සිපගනිමින් කීවාය. .....දුවට හොද හැකියාවක් තියෙනවනෙ.....දුව සන්ගීතය හදාරල තියෙනවද.....සුරන්ජිත්ගේ අම්මා ප්‍රස්නකලාය.....අනේ නෑ ඇන්ටි.....මා කීවෙමි.....ඒක තමයි ඔයාගෙ ස්වරවල යම් යම් අඩුපාඩු තිබුනෙ .....සන්ගීතය ගැන දැනුමක් තිබුනනම් ඔයාට ඔයිට වඩා ලස්සනට ඔය ගීතය ගායනා කරන්න තිබුන.....සුරන්ජිත්ගේ අම්මා පවසන්ට වූවාය......අපේ අම්ම සන්ගීත ගුරුවරියෙක්නෙ නංගි ඒකයි එයා දන්නෙ......අක්කා ඇයව හදුන්වා දුන්නාය......කොහේද අම්ම උගන්වන්නෙ....මා ඇසුවෙමි...ඉස්සර ඉස්කෝලවල ඉගැන්නුවා දැන් උගන්වන්නෙ නෑ....ගෙදර ලමයි ටික දෙනෙකුට උගන්වනව.....ඒකත් ඉතින් නිකන් ඉන්න කම්මැලි කමට.....ඇය පවසන්ට වූවාය.....දුවත් කැමතිනම් එන්න මම කියාදෙන්නම්......ඇය මටද එම පන්තියට අඩගැසුවාය......අමාරුනෙ ඇන්ටි ටිකක් දුරයිනෙ.....මා කීවෙමි......
No comments:
Post a Comment