Tuesday, May 15, 2018

ආත් අම්මාගේ පාඩම 64.................මේ අතර අපි පිටුපසින් පැමිනි අම්මලා සහ තාත්තලා අපිට ලංවිය ......මොකද මහන්සිද.....සුරන්ජිත්ගේ අම්මා ඇසුවාය......නෑ ඇන්ටි යමු......අපි ඔව්න්ට එකතුවී ගමන  ඇරඹුවෙමු.......කෝ දුවේ නිමන්ති......නිමන්තිගේ අම්මා ඇසුවය.....එයා අජිත් එක්ක ඉස්සරහ යනව......මා පැවසූ විට...... දැන් එයාට යාලුවත් අමතක වෙලාවගේ නේද......කීවාය.....යාලුව බලාගන්න දැන් මම ඉන්නවනෙ ඇන්ටි......මගේ කරට අත දමාගත් අක්කා පැවසුවාය....මේ අතර සුරන්ජිත් අපිව චායාරූප ගතකරන්ට විය.
                                      සෑහෙන දුරක් ගමන් කිරීමෙන් පසු ලෝකාන්තය අසලට පැමිනියෙමු......මෙතැන පුංචි ලෝකාන්තය ලොකු එක තියෙන්නෙ තව එහා......සුරන්ජිත්ගේ තාත්තා කීවේය......අම්මෝ තවත් යන්න ඕනැද.....මට ඉබේම කියවුනි.....ටික වේලාවක් එම ස්තානයේ සිරි නරඹමින් සිටි අපි තවදුරටත් ගමන් කලෙමු. වැහි ජලය නිසා මඩවී තිබුනු මාර්ගයේ දුස්කර ගමනකින් පසු ලෝකාන්තයට ලගාවුනෙමු.......තැනින් තැන මීදුම තිබුනත් පහල හොදින් දිස්විය......නිතරම මීදුමෙන් වැහෙන හින්ද මෙතැන හරි අමාරුයි බලන්න.....අපේ හොද වෙලාවට අද මීදුම අඩුයි.....සුරන්ජිත්ගේ තාත්තා කීවේය.....නංගි ලගට ඇවිත් බලන්න....අක්කා මගේ අත අල්ලාගෙන පල්ලම අසලට ගොස් පහල බැලුවාය. පහල තිබුනු විශාල බෑවුම නිසා බියට පත්වූ මගේ සිරුර කිලිපොලා යන්ට විය......බය හිතෙනව නේද නංගි.....අක්කාද පැවසුවාය......පරිස්සමින් ලමයිනේ......නිමන්තිගේ අම්මා අපිට කියනු ඇසුනි...ටික වේලාවක් පහල බලමින් සිටි අපි පිටුපසට වුනෙමු....සුරන්ජිත් අපිට පිටුපස හරවා පරිසරය චායාරූප ගනිමින් සිටින බව දක්නට ලැබුනි.......මා ඔහුට පිටුපසින් අක්කා සමග සිටියෙමි......එකවරම මාව කවුරු හෝ තල්ලු කරන බව දැනුනි.....මාව සුරන්ජිත් දෙසට ඇදී ගොස් ඔහුගේ ඇගේ හැපී වැටෙන්න ගියේය......මා එකවරම ඔහුව අල්ලාගෙන වැටීමෙන් බේරීමට උත්සාහ කලත් නොහැකිවිය. එහෙත් සුරන්ජිත් මගේ ඉනවටා එක් අතක් යවා වැටීමෙන් බෙරාගැනීමට ඔහුගේ සිරුර දෙසට අදින්ට විය.....මා නොදැනුවත්වම ඔහුගේ සිරුරට හේත්තුවිය......මා එකවරම කෑගසමින් ඔහුගේ ගෙල බදා ගත්තේ නැවත වැටේවි යන බියටය......මා වටපිට බලනවිට අපි දෙස බලා සිටි සියලු දෙනා අපිට සිනාසෙන අයුරු දක්නට ලැබුනි.....කැමරාව මගේ අතේ තිබුනනම් දෙන්නගෙ ලස්සන පොටෝ එකක් ගන්න තිබුන......අක්කා සිනහසෙමින් කීවාය....සොරි අයියෙ කවුරු හරි මාව තල්ලුකලා.....මා ලැජ්ජාසහගත ලෙස ඔහුට කීවෙමි.......ඔයාලට විහිලු තව පොඩ්ඩෙන් නංගිව වැටුනනම්....සුරන්ජිත් මාව අතහැර කමිසය සකස් කරමින් තරහෙන්  පවසන්ට විය.......නංගිව වැටෙන්න දෙන්නෙ නැතුව අල්ලගන්න කෙනෙක් ඉන්න හින්දනෙ......අපි එහෙම කලේ නේද නිමන්ති....අක්කා කීවාය......ඔහොම උන එකත් හොදයි......අපේ පුතා...... ගෑනු ලමයෙක් එයාගෙ ඇගේ ගෑවෙනවටවත් කැමති නෑනෙ......සුරන්ජිත්ගේ තාත්තා සිනහසෙමින් කියනු ඇසුනි........ ඔහොම කිව්වට මෙයා අද නාන එකකුත් නෑ.....සුරන්ජිත්ගේ තාත්තා අපි අසලින් ගියපසු අජිත් කීවේය.....ඒ මොකද....මම නානෙ නැත්තෙ....සුරන්ජිත් ඇසුවේය.......සුවර් එකටම අද මෙයා චතුරිකා නංගිව ගෑවුන තැන් හෝදන්නෙ නැතුව ඉඹ ඉඹ  ඉන්නව......ඔහු සිනාසෙමින් පැවසූවිට මා සහ සුරන්ජිත් හැර අනිත් අය කොක් හඩලමින් සිනාසෙන්ට විය....අනේ පලයන් බන් යන්න... මට එහෙම පිස්සුවක් නෑ.....සුරන්ජිත් තරහෙන් කීවේය.
                     මෙතැනින් ගියාම දිය ඇල්ලත් බලන්න පුලුවන්.....සුරන්ජිත්ගේ තාත්තා පාර පෙන්වමින් පැවසුවේය......අපි එම මාර්ගය දිගේ ගමන් කලෙමු......කදු බෑවුම්  සමග තිබුනු නිල්වන් පිට්ටනිය මනස් කාන්ත දර්ශනයක් විය....අතරින් පතර තිබුනු රතුපාට මල් ගස්වලින් එම පරිසරය තවත් අලන්කාර විය......ටික දුරක් ගමන් කරන විට කදු සහිත පෙදෙසක් මුනගැසුනි......කන්දකුත් නගින්න වෙලානෙ.....අක්කා පැවසුවාය......කොහොම හරි නගිමු අක්කේ....මා ඇයව දිරිමත් කරමින් පැවසුවෙමි.....අපි කන්ද නගින අතර.....අජිත් සහ නිමන්ති අපිට ඉදිරියෙන් ගමන් කල අතර....සුරන්ජිත් අපි අසලින් අපිට ඉදිරියෙන් ගමන් කරනු දක්නට ලැබුනි.....මා ඉතා අපහසුවෙන් කන්ද නගින්ට වුනෙමි.......මොකක්ද මල්ලියෙ ඔයා අපි ගැන බලන්නෙත් නැතුව ඉස්සර වෙලා යන්නෙ....මෙතනින් නැග ගන්න අපේ අතින්වත් අල්ලල උදවු කරන්නකො......අක්කා පවසනු ඇසුනු ඔහු මදක් නැවතී......අක්කා දෙසට අත දික්කලේය......මම නෙවෙයි මට ඉස්සෙල්ල ඉන්නෙ චතුරිකා නංගිනෙ එයාව ඉස්සෙල්ල ඇදල ගන්න............ඕනැනෑ...මට පුලුවන් අක්කෙ.....මා ගසක මුලක් අල්ලාගෙන කීවෙමි.....කෝ දෙන්න නංගි අත..... පුදුමයකට මෙන් සුරන්ජිත්ගේ අත මා දෙසට දික් කල බව දුටුවෙමි....ඕනැ නෑ අයියෙ...... මම කොහොම හරි එන්නම්.....මා ලැජ්ජා සීලීව කීවෙමි......ඔහු තරමක් පහලට බැස මගේ අත අල්ලාගත්තේය....අමුතුම හිරියක් ඔහුගේ අතේ සිට මගේ සිරුර පුරා දුවන්න ගත්තේ ආදරනීය හැගීමක් නිසා දැයි මට නොතේරුනි.......හරි දැන් ඔහොම නගින්න......කී ඔහු මට ඉදිරියට යෑමට උදවු කලේය......අක්කත් එන්න කී ඔහු ඇයටද උදවු කලේය.....තව මේවගෙ තැන් තියෙනවද දන්නෙ නෑ.....නැවත ඔහුගේ අත අල්ලාගැනීමට අපේක්ෂාවෙන් කල්පනා කලෙමි. දැන් අපි පසු කරමින් සිටියේ තරමක කැලෑබද පෙදෙසකි.....අම්මලා සහ තාත්තලා අපි පිටුපසින් පැමිනෙන බව දුටුවෙමු.....ඔව්න්ද බොහෝ අපහසුවෙන් කන්ද නගින බව දුටු නිසදෝ සුරන්ජිත් ඔව්න් දෙස බලා සිටියේ ඔව්න්ටද උදවුවක් අවශ්‍ය වේයැයි සිතුනු නිසා විය යුතුය.  නිමන්ති සහ අජිත් අපිට බොහෝ දුරගොස් ඇති බව පෙනුනි......මා යන අතර තුර පිටුපස බැලුවේ සුරන්ජිත් කොහේදැයි දැන ගැනීම සදහාය. අම්මලාට ඔහුගෙන් එතරම් උදවු අනවශ්‍ය බව දැනුනු නිසාදෝ......ඔහු ඉක්මන් ගමනින් අපි දෙසට පැමිනෙනු දුටු මට සියුම් සතුටක් ඇතිවිය......අම්මලට උදවු ඕනැද කියල බැලුවෙ අක්කෙ ...තාත්තල පිට්පොරවල්නෙ.....ඒ හින්ද අවුලක් නෑ.....ඔහු අපි පසුකරමින් කීවේය......එයාල එයි මල්ලි..... අපි ගැන බලන්නකො......අක්කා කීවාය.
                           ගමනේදී තවත් දුශ්කර ස්ථානයක් මුන ගැසුනි....මේ නංගි ....නගින්න පුලුවන් උනත් සුරන්ජිත් අයියට අමාරුයි කියල පෙන්වන්න......අක්කා මට රහසින් මෙන් කීවාය......ගෑනුන්ට තියෙනව කියන මායම් හැටහතරෙන් එකක් තමයි අක්ක මට දැන් කියාදුන්නෙ....මා ඇය දෙස බලා සිනාසී කල්පනාකලෙමි ....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: