ආත් අම්මාගේ පාඩම 42.....................ජලයෙන් තෙත්වූ චීත්තය මගේ ඇගට ඇලීමෙන් මගේ ගැහැණු හැඩය හොදින් පෙනෙන්ට විය. මගේ පමනක් නොව නිමන්තිටද එසේ වී ඇතිබව දුටුවෙමි.....සුලුවේලාවක් අපි දෙදෙනා වතුර ගසා ගනිමින් විනෝදවුනෙමු......ඔයා පීනන්න දන්නවද චතූ.....නිමන්ති ඇසුවාය......මා නිමල් ලෙස සිටි සමයේ යහලුවොත් සමඟ පිහිනා පුරුද්දක් තිබුනි. එදා මා පිහිනුවේ යට ඇදුම පිටිනි. එහෙත් අද එසේ පිහිනන්නේ කෙසේද.....මා ඇගේ ඔතාගෙන සිටි දියරෙද්ද දෙස බලා කල්පනාකලෙමි......පීනන්න ගිහිල්ල මේක කැඩුනොත් තවත් එකක්.....කල්පනාක්ල මා....දන්නෙ නෑ අනේ .....කියමින් මා නොදන්නාබව හැගෙවුවෙමි.......එහෙනම් ගිලිල නාමු ඇය ජලයේ ගිලෙමින් මටද එසේ කරන ලෙස කීවාය.......මේ වෙලාවෙ කොල්ලො කීදෙනෙක් අපි නාන දිහා බලාගෙන කෙලගිලිනවද දන්නෙ නෑ......මා වටපිට බලමින්......මාත් ඒ දිනවල මෙසේ ගැහැණු අය නාන දෙස කෑදරකමින් බලා සිටිබව සිහිකලෙමි........මොකද වටපිට බලන්නෙ.....නිමන්ති ඇසුවාය......කවුරුවත් අපි දිහා බලා ඉන්නවද කියල බැලුවෙ.....මා කීවෙමි......ඇයි ප්‍රේම කුමාරයෙක්වත් හොයාගන්නද.......ඇය විහිලුකලාය.....නෑ අනේ වල් කොල්ලො අපි දිහා බලනවනෙ....මා තරහෙන් මෙන් කීවෙමි.....ඔහේ බලපුදෙන් අපිට මොකෝ......අපේ ඇගේ ඇලෙන්නෙ නෑනෙ......නිමන්ති උරහිස ගස්සමින් .....ගනනකට නොගෙන කීවාය..........ඉස්සර අපිත් ඔය විදියට බලනකොට කෙල්ලො කෙල්ලො මේ විදියට කතාවෙනව ඇති........මා කල්පනා කලෙමි. නාගත් අපි සබන් ගෑම සදහා...තෙතබරිතව...ගොඩට ගියෙමු......ආ නංගිල නාල වගේ.......අපි අසලින් ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් අපි දෙස බලා පැවසුවේය.......නිමන්ති කිසිත් නොකියා ඔවුන්දෙස බලා සිනාසුනාය.........ඇයි දිවිය ලෝකවල වතුර නැද්ද මේ මඩවතුර නාන්නෙ.....ඉන් එක් අයෙක් ඇසුවේය.....ඔහු ඇසුවේ කුමක් දැයි තේරුම් ගැනීමට නොහැකිව අපි දෙදෙනා මුහුනට මුහුන බලාගත්තෙමු.....ඇයි තේරුනේ නැද්ද.....ඇසූ අනිත් පිරිමි ලමයා.....දිවි්යාංගනාවො මේ ජරාවතුර නාන්නෙ නෑ......කීවේය. ......ඔහු එසේකීවිට ඔහු අදහස් කලදේ තේරුම් ගත් නිමන්ති.......මෙහෙ වතුරත් නාල බලන්න ඕනැනෙ.....සිනාසෙමින් කීවාය.......ඔයාල කොහේද?.....පලමු තැනැත්තා ඇසුවේය.......අපි තවුතිසාවෙ......නිමන්ති කීවාය......මෙයත් එහෙද.......ඔව් අපි යාලුවොනෙ.....ඇය මගේ අතින් අල්ලා කීවාය.....ඇත්තටම ඔයාල කොහේද.....අපි සිරාවට අහන්නෙ......ඔවුන් ඇසුවේය......අපි කොළඹ .....නිමන්ති උජාරුවට මෙන් උත්තර දුන්නාය......අපිත් කොළඹ තමා....ඔවුන් අපි සමග පවත්වන කතාව දුරදිග යාවියයි බියක් හටගත් මා ......ඉක්මනට නාගම්මු නේද පරක්කු වෙනව......නිමන්තිට සෙමින් කීවෙමි......යාලුව මොකද කියන්නෙ......එක් අයෙක් ඇසුවේය.....පරක්කු වෙනවලු......නිමන්ති කීවාය.......එයා ගොඩක් ලස්සන වුනාට හරි ආඩම්බරයි නේද.....අපිත් එක්ක එක වචනයක් වත් කතාකලේ නෑ......වරෙන් බන් යන්න ලස්සන කෙල්ලො ආඩම්බරයි කියන්නෙ ඕක තමා.....මා දෙස තරහෙන් මෙන් බැලූ අනිකා යහලුවා සමග අපෙන් ඈත්වූවේය......ඇයි අනේ ඔයා අර කොල්ලො එක්ක එක වචනයක්වත් කතාකලේ නැත්තෙ.....සබන් ගාන අතරතුර නිමන්ති ඇසුවාය.......ඔය කොල්ලො මොක්කුද කියල කවුද දන්නෙ.....මා කීවෙමි....එහෙම නෑ අනේ ඒ කොල්ලො දෙන්න වැදගත් පාටයි ඒකයි මාත් කතාකලේ......ඇය පැවසුවාය.........කොල්ලො ගැන පිටින් මනින්න එපා......මා කීවෙමි.....පිටින් විතරක් නෙවෙයි එයාල අපිත් එක්ක කතාකලෙත් වැදගත් විදියටනෙ......වෙන කොල්ලො අපි වගේ ලස්සන කෙල්ලො දැක්කන්ම කුනුහරුපනෙ අහන්නෙ......ඇය එසේ පැවසූ විට මාද නිමල් ලෙස ගැහැනු ලමුන් සමග කතාකල අයුරු සිහිවිය.....ජරා කතා කියමින් ඔව්න්ව අමාරුවේ දැමූ ආකාරයද සිහිවිය.....මේ කොල්ලො දෙන්න මම වගේ නෙවෙයි. නිමන්ති කියනව වගේ හොද වැදගත් විදියට හැදිච්ච කොල්ලො දෙන්නෙක්......කල්පනා කල මා මටත් තිබුනෙ එයාල එක්ක කතාකරන්න.....මා සබන් ගාමින් කල්පනාකලෙමි.....නැවත නාගත් අපි ගොඩට පැමිනි විට නිමන්තිගේ අම්මා ඇදුම් මාරුකරනු දුටුවෙමි. නිමන්ති කෙලින්ම ගොස් ඇඳුන් මාරු කරගැනීමට සූදානම් වූවද මගේ නොපුරුදු බව නිසා නතර වුනෙමි......මා දෙස බැලූ නිමන්හ්තී......අම්මේ.....යනුවෙන් ඇයගේ අම්මාට කතාකරනු ඇසුනි.......අප දෙස බැලූ ඇය.....ආ චතුරිකා පොඩ්ඩක් ඉන්න මම එනකන්.....කී ඇය ඇය ඇදසිටි සාරියේ පොට සකස්කරමින් කීවාය......මට ගවුම ඇදගනන බැරුව බලාගෙන ඉන්නව ඒවුනාට මේ ඇන්ටිනම් සාරියත් ඇදගෙන. කොහොම ඇදගත්තද මන්ද......කල්පනාකල මා....මෙයාල ඉතින් උප්පත්තියෙන්ම ගැහැණුනෙ ජන්ම පුරුද්දත් එනවනෙ......සිතුවෙමි......මා ගවුම අතට ගෙන ඇය එන තෙක් බලා සිටියෙමි.......මේ සුලග හින්ද සාරිය ඇදගන්නත් අමාරුවුනා...... පවසමින් මා ඇසලට පැමිනි ඇය.......ඕක නෙවෙයි දරුවො ඉස්සෙල්ල අදින්නෙ.....ඉසෙල්ල අදින්නෙ බ්‍රා එක........ ඒක ඇදල ඕනැ ගවුම අදින්න.....ඇය පැවසූ විට මා අත්දෙක බ්‍රෙසියරයේ උරහිස් පොටවල් අතරින් රිගෙවු විට එය අල්ලාගත් නිමන්තිගේ අම්මා දැන් රෙද්ද බුරුලු කරල පල්ලෙහාට වෙන්න අල්ලගන්න......කියා බ්‍රෙසියරය ඇන්දුවාය.....දැන් ඔය චීත්තෙ ඉනට ඇදගෙන ගවුම ඇදගන්න......මා ගවුම ඇදගත්විට .....දැන් හරිනෙ ....දැන් තියෙන්නෙ චීත්තෙ අයින් කරල යට ඇදුම් ටික ඇදගන්න.....පැවසූ ඇය මා අසලින් ඉවත්වූවාය......මා ඇද අවසන් වනවිට නිමන්ති සැරසී කොන්ඩය සාලුවෙන් පිහදාන අයුරු දුටුවෙමි.....ඔයාගෙත් කොන්ඩෙ තාම තෙතයි සාලුවෙන් පිහදාගන්න......ඇය මට පවසනවා ඇසුනු ඇගේ අම්මා.....මේ හුලගයි අවුවයි හින්ද ඉක්මනට කොන්ඩෙ වේලෙයි.....කීවාය.
හෝටලයකට ගිය අපි දිවා ආහාරය ගෙන තිස්සමහාරාම විහාරය දෙසට ගියෙමු.
No comments:
Post a Comment