ආත් අම්මාගේ පාඩම 44..............ඔවුන් අපිට ඉස්සරවී යන්ට වූ අතර අපි ඔවුන් පිටුපසුන් යන්ටවුනෙමු.......ටිකදුරක් ගිය පසු ඔවුන් ගේ වාහනය කඩපෙලක් අසල නවතා සිටිනු දක්නට ලැබුනු බැවින් අපේ වාහනයද ඔවුන් අසල නැවැත්වීය......එන්න එන්න මීකිරි ටිකක් කාලයමු....අජිත්ගේ තාත්තා අපිට කතාකලේය......අපි ඔවුන් අසලට ගියවිට කිරි හට්ටිදෙකක් අත තබාගෙන සිටි සුරන්ජිත්, මාත් නිමන්තිත් අසලට පැමින......මේ දෙක ඔයාලට.....අපිට කීවේය......නිමන්ති එක්වරම එකක් ගත්තත් මා ටිකක් අදිමදි කලෙමි.....ලැජ්ජවෙන්න එපා චතූ....ගන්න. නිමන්ති කීවාය......ඒකනෙ මෙයාගෙ ලැජ්ජාව තාම ඇරිල නෑනෙ.....කී ඔහු මගෙ අතට කිරි හට්ටිය දුන්නේය.....කිරි හට්ටිවලට පැනි හලාගත් අපි දෙදෙනා අසල තිබුනු ලී බැංකුවේ වාඩිවී කෑමට පටන්ගත්තෙමු.....අජිත් සහ සුරන්ජිත් දෙදෙනාන මීකිරි හට්ටි අත තබාගෙන අප අසලින් වාඩිවිය......කිරිටිකනම් රසයි නේද......සුරන්ජිත් මාදෙස බලා ඇසුවේය.....මා කිසිවක් නොකියා ඔව් යනුවෙන් හිස වැනුවෙමි. මේවගෙ මීකිරි කන්න පුලුවන් කතරගම ආවොත් විතරයි.....අජිත් කියනු ඇසුනි.......ඔව් අනේ හැමදාම කතරගම එන්න හිතෙනව......නිමන්ති සිනහසෙමින් කීවාය.......එන වෙලාවක අපිටත් කියන්න අපිත් එන්නම්......අජිත් කීවේය.......ඒ මොකටද.....නිමන්ති ඇසුවාය......තනියට එන්න.....සුරන්ජිත් කීවේය......අපිට තනියට කවුරුත් ඕනැ නෑ නේද නිමන්ති......මා කීවෙමි.....ඔය ඕනැනෑ කියන අයට තමයි තනියට කවුරු හරි ඕනැවෙන්නෙ......සුරන්ජිත් මට හින්ට් එකක් මෙන් කීවේය..අපි අසලලට පැමිණි නිමන්තිගේ තාත්තාගේ යහලුවා.....මචං බන්ඩාර ඔයා අදුනනවද මේ පුතා කවුද කියල....සුරන්ජිත්ව පෙන්වා නිමන්තිගේ තාත්තාගෙන් ඇසුවේය. ......මට නිච්චියක් නෑ......ඔහුදෙස බලා කල්පනාකර පැවසුවේය.......ඩොක්ට ලසන්තගෙ පොඩිපුතානෙ.....ඩොක්ට ලසන්ත කිව්වෙ අපේ පන්තියෙ හිටියෙ ලසන්තද....ඔව් බන්......ඒදවස්වල උඹේ හොදම යාලුව නේද......ඔහු ඇසුවේය......ලසන්තය මගෙ හොදම යාලුවනෙ....මම එයා බදිනකොටත් බෙස්මන්ට ගියානෙ.....අවුරුදු ගානකින් හම්බවුනේ නෑනෙ ඒ දව්ස්වල දකින කොට මේ පුතාල ගොඩක් පුන්චිනෙ....කොහේ අදුනනද......නිමන්තිගේ තාත්තා පවසන්ට විය. අපිට ඉතින් විවේක නැති හින්ද දැන් නිතර මුනගැහෙන්නත් බෑනෙ......මෙහෙම හම්බවුනොත් තමා..... තවදුරටත් ඇවසූ ඔහු.....පුතේ තාත්තට කියන්න බන්ඩාර අන්කල් හම්බවුනා කියල.......ඒ දවස්වල අපි හුගක් ළඟින් ආශ්‍රය කලේ පුතේ....ඔහුගේ පැරනි මතකයන් අලුත්වීම නිසාදෝ දුකෙන්මෙන් පවසනු ඇසුනි.
චතුරිකා අපිව ගනන්ගත්තෙ නැතිවුනාට. නිමන්තිගෙ තාත්ත අපිව හොදට අදුනනවනෙ......සුරන්ජිත් මට සෙමින් පැවසුවේය......ඔයාව ගනන්ගන්නෙ නැතුව නෙවෙයි අනේ .....ඔයත් එක්ක කතාකරල අපේ සම්භන්දය වැඩිවුනොත් මොනවගේ දෙයක් වෙයිද කියල මට බයයි. මොකද මම උපත්තියෙන් ගැහැනු ලමයෙක් නෙවෙයි. අර කට්ටඩි අන්කල්ගෙ මන්ත්‍ර බලයෙන් තමයි මාව ගැහැනු ලමයෙක් බවට පත්වුනේ. කොයි වෙලාවෙ හරි මාව ආපහු කොල්ලෙක් බවට පත්වුනොත් අපිට මොකද වෙන්නෙ.....මට මෙලෙස පැහැදිලි කිරීමට නොහැකිව අසරන තත්වයට පත්වී කල්පනාකලෙමි....
සුරන්ජිත් ඔයාට ලවු කියල මට තේරෙනව.....අපි වාහනයට යන අතරතුර නිමන්ති කීවාය..ඒක මම දන්නෙ නෑ.......මටනම් පේන්නෙ අජිත් ඔයාට ලවු කියල...මම කීවෙමි....අපෝ එහෙම වෙන්න බෑ එයා ඒබවක් හැගෙවුවෙ නෑ........නිමන්ති කීවාය.......ඇහුවොත් ඔයා කැමති වෙනවද.....මා සිනාසෙමින් ඇසුවෙමි.....එයට උත්තරයක් නොදුන් ඇය ලැජ්ජාසගත ලෙස සිනාසුනාය....ඉසෙල්ල කියන්නකො ඔයා සුරන්ජිත්ට කැමතිද කියල......ඇය ඇසුවාය.......අපෝ මට බෑ.....මා එසේ කීවේ ඔහුට තිබුනු අකමැත්තෙන් නොව හිතේ තිබුනු බිය නිසාය........ඒ මොකද හොද කොල්ලෙක්නෙ .....කොල්ලත් හැන්ඩ්සම් උගත් කමත් තියෙනව. උසස් පවුලක්.....ඉතින් මොකද බෑ කියමින්නෙ .....ඇය ඇසුවාය......ඕව ගැන දැන්ම හිතල අපේ මොලේ අවුල් කරගන්න ඕනැ නෑ අපිට ඕවට කල් තියෙනව......අපි දැන් හිතන්න ඕනැ ඉගෙනීම ගැන......මා පැවසුවෙමි..........අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෙ නැති මෝඩි......නිමන්ති මගේ කන සෙමින් මිරිකා කී ඇය...... මේවගෙ කොල්ලෙක් ඔයාට ආයෙත් හම්බවෙයිද කවුද දන්නෙ......කීවාය.........එක අතකින් ඇය කියන දේතුල සත්‍යයක් තිබුනි. ගැහැණු ලමයෙකුට මෙවැනි ගුනවත් උගත් වැදගත් කොල්ලෙක් ලැබීම වාසනාවකි . එහෙත් නැවත කොල්ලෙක් බවට පත්වීමට සිටින මට ඒ වාසනාව කොයින්ද......මා කල්පනාකලෙමි.
නැවත වාහනයට ගොඩවූ අපි ඔව්න් සමග ගමන ආරම්භකලෙමු.......ටික දුරකින් වාහනය නැවැත්වූ ඔව්න් අපිට දිගටම යෑමට සඤඤා කලේය. අපි දිගටම ගිය පසු ඔව්න්ගේ වාහනය අපිට ඉස්සර කරන ගමන් සුරන්ජිත් අපිට කෑගසනු ඇසුනි.....වාහනය එලවන්නෙ අජිත් නේද......නිමන්ති කීවාය......ඒක තමා කගවේන වගේ යන්නෙ.....නිමන්තිගේ අම්මා කීවාය......කොල්ලොනෙ....නිමන්තිගේ තාත්තා සිනහසෙමින් කීවේය......කොල්ලො කියල මොකක් හරි වුනොත් ....නිමන්ති තරහෙන් මෙන් කීවාය.....ඔයාට මොකද තියෙන අමාරුව......මා ඇගේ කනට කර ඇසුවෙමි.....ඇයි අනේ අජිත්නෙ එලවන්නෙ ...මට බයයි......ඇගේ සිතේ තිබුනු දේ නිකම්ම හෙලිකලාය.....මා සිනාසෙමින් අහක බලාගත්තෙමි.
No comments:
Post a Comment