ආත් අම්මාගේ පාඩම 73................මා නිමල් ලෙස සිටි සමයේ රූමත් ගැහැණු ලමයෙකු දුටු විට ඇය දෙස මාද මෙලෙස බලා සිටි බව මතක් විය. එහෙත් අද ගැහැණු ලමයෙකු වශයෙන් පිරිමින් දෙස එසේ බැලීමට නොසිතුනත් මා ආදරය කරන පිරිමියෙකු මාදෙස බලනවානම් එයට කැමත්තක් දැක්වූවෙමි. සුරන්ජිත් මාදෙස මෙසේ බලා සිටීම ගැන සතුටක් ඇතිවූවද සිතතුල යම් ලැජ්ජාසීලී බවක් හටගත් නිසා.......අයියේ අර කන්ද මුදුනෙ තියෙන කනුව මොකක්ද......ඈත පෙනෙන කනුවක් පෙන්වා ඇසුවේ ඔහුගේ අවධානය මගෙන් අහකට හරවා ගැනීම සඳහාය. ඒ දෙස බැලූ ඔහු.....ඕක තමයි නංගී රූපවාහිනී කුලුන....ඒක තියෙන්නෙ පිදුරුතලාගල කන්ද මුදුනෙ.....ඔහු විස්තර කලේය.....එතකොට ඔය පේන්නෙ පිදුරුතලාගල කන්දද..... විශ්මයෙන් යුතුව ඇසූ මා.....අපිට ඒ කන්ද උඩට යන්න බැරිද ඇසුවෙමි ......බෑ නංගි.....ඔහු කීවේය.....ඇයි ඒ.... පාරක් නැද්ද.... ඇසුවෙමි......මේ කොටි කරදර හින්ද ඕක උඩට යන එක තහනම් කරල තියෙන්නෙ.....ඔහු කීවේය......
මොකද මල්ලි ඔතැන ඉදන් කරන්නෙ.....අක්කා පවසනු ඇසුනු අපි ඒ දෙස බැලුවෙමි.....මේ වෙලාවට පින්න වැඩියි....ඇතුලට එන්න....අසනීපයක් උනොත් මල්ලිටනම් තාත්ත බේත් දෙයි.....ඒත් මේ නංගිට කවුද ඉන්නෙ....කියමින් අපිව නිවස තුලට කැදෙවුවාය.......මල්ලි ඔයාලට කතා කරකර ඉන්න හොඳ තැනක් හැදුව එන්නකො.....අපිව ස්තෝප්පුවේ කෙලවරට එක්ක ගියාය.....මෙන්න මෙතැන ඉදන් ඕනැ තරම් වෙලා කතා කරකර ඉන්න....ඔයාලට කාගෙන්වත් බාධාවක් නෑ.....කීවාය......අනේ බෑ අක්කෙ මට කුස්සියට යන්න ඕනැ....මා කීවෙමි......ඒ මොකටද......එහෙ උයන කෙනෙක් ඉන්නවනෙ.....ඇය කීවාය......අද පයිඩ් රයිස් හදනව කිව්වනෙ ඒව හදන හැටි බලාගන්න.......මා කීවිට ....සිනාසුනු අක්කා අපේ අම්ම ඔය ඕනැ බතක් හදන්න දන්නවනෙ නංගී ....කී ඇය.....එලවලු බත්.. දුන්තෙල් බත්....සමහර දාට මොනවදෝ නමක් නැති බතුත් හදනව....හැබැයි නංගි අපේ අම්මගෙ කෑම හරිම රසයි.....ඔන්නම් අයියගෙන් අහල බලන්න.....එතකොට අම්ම කේක් ජාතිත් හදන්න දන්නවද....මා ඇසුවෙමි.....කේක්ද පුඩින්ද ඒ ඕනැ දෙයක් ....ඒත් නංගිට වගේ කැවුන් කොකිස්නම් හදන්න බෑ....කේක් පුඩින් හදන හැටි අපේ ආත් අම්ම දන්නෙ නැති හින්ද මටත් බෑ.....මා කීවෙමි....ඉතින් අපේ අම්මගෙන් අහගන්නකෝ... කියල දෙයි......අක්කා කීවාය....එහෙනම් අක්කටත් හොදට උයන්න පුලුවන් ඇතිනෙ....මා ඇසුවෙමි..... බොරු කියන්නෙ මොකටද නංගි මටනම් යන්තම් බතක් උයාගෙන පරිප්පු හොදක් හරි පොල් සම්බලයක් හරි හදාගන්න පුලුවන්...ඊට වඩා දෙයක් නම් මම දන්නෙ නෑ....කීවාය.....ඉතින් අම්මගෙන් අහගෙන පුරුදු වෙන්නකෝ....මා කීවෙමි....මට උයන්න කම්මැලියි නංගියේ ....ඇය මුව අමුතු ලෙස හරවා පැවසුවාය. ......ඕකනෙ මම කියන්නෙ ගැහැනු වෙලා ඉපදුනාට ඔක්කොමල්ල ගෑනු නෙවෙයි කියල.......සුරන්ජිත් මගේ කනට කර රහසින් කීවාය.....මොනවද මේ රහස් කියන්නෙ...කියන දෙයක් අපිටත් ඇහෙන්න කියන්න....කී ඇය මොනවද නංගි අයිය කිව්වෙ.....මගෙන් ඇසුවාය......ඔහු පැවසූ දේ මට කී මට නොහැකි බැවින්......අක්ක හරි හොදයි කියල කිව්වෙ අක්කෙ... මා කීවෙමි.....ඒක නෙවෙයි වෙන මොකක් හරි කිව්වෙ ...කමක් නෑ..... කමක් නෑ.....ඔයාල කතාකරකර ඉන්නකෝ මම යනව......ඇය අපි අතරින් වෙන්වූවාය......ස්තෝප්පුව කෙලවර බැවින් අපි සිටින ස්තානය කිසිවෙකුට නොපෙනුනු අතර එතරම් විදුලි ආලෝකයක් මෙම ස්ථානයට පතිත නොවන බැවින් අදුරු ස්වභාවයක් ද ගෙන තිබුනි.....පෙම්වතුන්ට ඔබින ස්තානයක් ලෙස මෙම ස්ථානය අක්කා හදුනා ගත්තේ අක්කාටද පෙම් සුව විද පුරුද්දක් ඇති නිසාදැයි....මට සිතුනි....එහෙත් මට සුරන්ජිත් සමග හිතේ හැටියට පෙම් සුව විදීමට තිබෙන එකම භාධාව වී ඇත්තේ මාගේ තාවකාලික ගැහැණුකමය....සුරන්ජිත් මා අසලින් වාඩිවී මෙතෙන්ටත්... ඈත පේනව......කීවේය.....ඇයි අයියෙ ඔයාලගෙ නේද බන්ග්ලෝ එක.. ඉතින් මෙතැන මෙහෙම තැනක් තියෙනව කියල දන්නෙ නැද්ද....මා ඇසුවෙමි. ....නොදන්නව නෙවෙයි නංගි මට මේවගෙ තැන් ගැන උනන්දුවක් තිබුනෙ නෑ.....මම ඉතින් මෙහාට ආවම කවුරු එක්ක මේවගෙ කතාකරකර ඉන්නද......ඔහු දුකසේ පවසනු ඇසුනි......ඉතින් දැන් ඉන්නෙ....මා ඇසුවෙමි.....ඒ ඉතින් ඔයා හම්බවුන හින්දනෙ.....ඔහු පිලිතුරු දුන්නේය....ඔයාගෙ කුකරි කලාස් එකට යන්නෙ නැද්ද...... මම කුකරි ක්ලාස් යන්නෙ නෑනෙ අයියෙ...කීවෙමි......ඒ කලාස් නෙවෙයි මම ඇහුවෙ.... දැන් කුස්සියට යන්න ඕනැ කිව්ව නේද මොනවද බතක් හදනව කියල.....ඕනෙ නෑ අයියෙ ඔයාලගෙ අම්මගෙන් අහගන්න පුලුවන්නෙ.....මා කීවිට ....දැන් යන්න හිත නෑ නේද.....ඇසුවේය....මා කිසිවක් නොකියා ලැජ්ජාවෙන් බිම බලාගත්තෙමි.....ඔහු පැවසූ දේ සත්‍යයකි. මට ඇතිවී තිබෙන ගැටලු සහගත තත්වය නිසා සුරන්ජිත් අයියාගෙන් වෙන්වීමට කල්පනා කලත් මගේ ගැහැනු සිත ඔහු කෙරෙහි බැදී ඇති බවක් දැනුනු නිසා එසේ කිරීමට නොසිතුනි......මේ කිසිවෙකුට නොපෙනෙන තැනක අඩ අදුරේ මට සුරන්ජිත්ගේ තුරුල්ලේ නැලවෙන්න ඇත්නම්......එයා මගේ මුහුන සිපගෙන සිපගෙන යනවනම්...එයාගෙ පපුවට මගේ මුහුන හොවාගෙන උනුසුම ලබන්න ඇත්නම්......මා ඔහු දෙස හොරෙන් බලමින් දිගින් දිගටම කල්පනා කරන්ට වුනෙමි......ඔහුද මාදෙස බලාගෙන කල්පනා කරනවා ඇත්තේද. මේ ලස්සන කෙල්ලගෙ මුහුන සිපගෙන සිපගෙන යන්න තියෙනවනම්.....මෙයාව තුරුලු කරගෙන මුලු සිරුරම ආදරයෙන් අතගාන්න තියනවනම් ......යනුවෙන් බව මට සිතුනි.....ඔහුගේ අත සෙමින් සෙමින් මගේ අත දෙසට ලංවෙන බව දුටුවෙමි.....මගේ අත අහකට ගැනීමට සිත නොදුන් අතර කිසිවක් නොදන්නවාක් මෙන් සිටියෙමි.....දැන් මගෙ අත අලයි දැන් අල්ලයි.....සිතමින් අත අහකට නොගෙනම සිටියෙමි.....එකවරම මගේ අතින් අල්ලා සොලවා මොකද අහස පොලව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ ඇසුවේය.. ඔහු මගේ අතින් ඇල්ලීමට හෙතුවක් හොයාගත් බව දැනගත් මා.... ...මගේ විභාගෙ ගැන අයියේ ...තව මාස තුන හතරකින් විතර විභාගෙ තියෙනවනෙ.....ඒකෙ ප්‍රතිඵල ආවගමන් අයියට උත්තරයක් දෙන්නම්...... කීවෙමි.
No comments:
Post a Comment