ආත් අම්මාගේ පාඩම 93......................ආත් අම්මා වෙනදා මෙන් වැඩ ඉවරකර සාලයේ තිබුනු හාන්සිපුටුවේ ඇලවුනාය.....ආත්තම්මේ......මා හඬ අවදිකලෙමි......මොකද දැන් ඔයාගෙ තීරනේ.....මා ප්රශ්නය ඇසීමට පෙර ඇය ඇසුවාය......මමනම් කැමති මේ විදියටම ඉන්න....මා කීවෙමි......හැමදාම කෙල්ලෙක් වෙලා ඉන්න.....ඇය ප්රස්නකාරීව ඇසුවාය......ඔව් ආත්තම්මෙ.....මා කීවෙමි......මෝඩවෙන්න එපා ලමයෝ.....පිරිමියෙක් වෙන එක කොයිතරම් ලොකු වාසනාවක්ද....පිරිමිකම ලබන්නත් ලොකු පිනක් තියෙන්න ඕනැ......ඇය පිරිමිකම වර්ණනා කරමින් කතාකරන්ට වූවාය....මමනම් හිතන්නෙ මට වාසනාව උදාවුනේ.... පින් පෑදුනේ මාව ගැහැණු ලමයෙක් උනාට පස්සෙ කියල..මා කීවෙමි... ගැහැණු කම කොයිතරම් කරදරද කියල ඔයාට තාම තේරෙන්නෙ නෑ....ඒකයි ඔයා ඔහොම කියන්නෙ...ඇය ගැහැනු කම පහත්කර කතකරන්ට වූවාය ...මොකක්ද තියෙන කරදරේ.....මා ඇසුවෙමි.....ඇයි ලමයෝ මාසෙකට සැරයක් සිද්දවෙන දේ බැලුවත් කරදරයි කියල තේරෙන්නෙ නැද්ද.....සිනාසෙමින් ඇසුවාය......අයියෝ... ආත් අම්මෙ ඕකත් කරදරයක්ද....මුලදිනම් මටත් හිතුන කරදරයක් කියල....දැන් මට ගානක්වත් නෑ....මා එය ගනනකට නොගෙන පැවසුවෙමි.......පිරිමියෙක් වුනාම ඕවගෙ පරිස්සම් වෙන්න ඕනැත් නෑ...ඕනැතැනක තනියම වුනත් යන්න පුලුවන්.....ඇය කියන්ට විය.....ආත් අම්ම දැක්කනෙ ඒ දවස්වල....පිරිමියෙක් විදියට....පරිස්සම් වෙන්නෙ නැතුව කරපු දේවල්......මා එසේ පවසන විට.....නිරුත්තර වූ ආත් අම්මා....ටික වේලාවක් නිශ්සබ්දව කල්පනා කරනු දුටුවෙමි......කවද හරි ඔයාට තේරෙයි ගෑනුකෙනෙක් උනාම කොච්චර දුක්විදින්න වෙනවද කියල.....ටික වේලාවකින් ඇය පැවසුවාය.....ආත් අම්ම කියන්නෙ බබාල හම්බවෙන එක ගැනනෙ....ඇසූ මා....ආත් අම්මේ ....කොච්චර දුක්වින්දත් අම්මකෙනෙක් වෙනව කියන එක කොච්චර වාසනාවක්ද.....මා පැවසුවෙමි.....අනේ මන්ද ඔයාට මේක කොහොම පැහැදිලි කරන්නද කියල...දිගු සුසුමක් හෙලා පැවසූ ඇය.....මම ඔයාව ගැහැණු ලමයෙක් කලේ.....හැමදාම ගැහැනු ලමයෙක් විදියට තියාගන්න නෙවෙයි.....ඔයාගෙ නරක ගති වෙනස් කරල විභාගෙන් පාස් කරවගන්න විතරයි.......කී ඇය....වටිනා පිරිමි ලමයෙක් වෙලා උපන්න ඔයා මම ඔයාව ගැහැණු ලමයෙක් කලා කියල ඔයාගෙ මැරුන අම්මයි තාත්තයි කොහේ හරි ඉදගෙන බලා ඉන්නවනම් මට ශාප කරයි.....ඇය බියෙන් මෙන් පවසනු දුටුවෙමි......එහෙම එයාල ශාප කරන්නෙ නෑ ආත්තම්මෙ.....මගේ කැමැත්තෙන්නෙ ගැහැනු ලමයෙක් වෙන්නෙ......මා කීවෙමි. හරි ඔයා ගැහැනු ලමයෙක් විදියටම ඉන්නව කියමුකො.....ඔයාගෙ උප්පැන්නෙ තියෙන්නෙ නිමල් කියන පිරිමි නමනෙ.....ඉතින් ඒක වෙනස් කරගන්නෙ නැතුව කොහොමද ගැහැනු ලමයෙක් විදියට ඉස්කෝලෙ යන්නෙ....ඇය කීවාය....ආත් අම්මා එසේ පැවසූ විට මටද මින් පෙර මම ගැටලුව ඇතිවූබව සිහිවිය......ආත් අම්මේ අපිට ඒ කට්ටඩි අන්කල් හම්බවෙලා ඒකත් වෙනස්කරවගන්න පුලුවන් නේද......මා ඇසුවෙමි.....එයාට උපැන්න සහතිකේ වෙනස් කරන්න පුලුවන්ද ලමයෝ......ඇය මගේ ප්රශ්නය ගනනකට නොගෙන කීවාය....පුලුවන්ද බැරිද කියල කතාකරල බලමුකෝ..ආත් අම්මේ.....මා කීවෙමි.......මමනම් හිතන්නෙ නෑ....කී ඇය....ඔයා කියනවනම් ගිහින් අහල බලමු.....අවසානයේදී ඇය එකඟ වූවාය.....කට්ටඩි මහත්තය හම්බවෙන්නනම් පුලුවන් සදුදට විතරයි. අනිත් දවස්වලට එයා වැඩවලට යනව.....ඇය කීවාය. අද බ්රහස්පතින්දා තව දවස් තුන හතරනෙ තියෙන්නෙ අපි ලබන සදුදම යමු......මා කීවිට ඇය කිසිවක් නොකියා සිනාසුනාය.
ආත් අම්ම මාව චතුරිකා විදියට තියාගන්න එකඟ වුන එක ලොකු දෙයක්. දැන් තියෙන එකම ප්රශ්නෙ උප්පැන්න සහතිකේ......ඒකෙත් චතුරිකා කියල වෙනස්කරගන්න පුලුවන්නම් නියමයි .....කාමරය තුලට ගිය මා කල්පනාකලෙමි.
ආත් අම්මා සමඟ කතිකා කරගත් පරිදි සඳුදා අපි කට්ටඩි අන්කල්ගේ නිවස බලා පිටත්වුනෙමු.....ටවුමට ගිය අපි බසයට නැග තවත් ගමකින් බැස එහි සිටත් තවත් බසයකින් යෑමට සිදුවිය.......දුවේ මෙතැන ඉදන් ටිකක් දුර පයින් තමා යන්න වෙන්නෙ.....ආත් අම්මේ පැවසුවාය....ආත් අම්මට අමාරු නැත්නම් මට ගානක් නැ...පැවසූ මා...මගේ උනන්දුව වැඩිකමට කෙතරම් දුරක් හෝ පයින් ගමන්කිරීමට තීරනය කරගතිමි. ආත් අම්මාට එතරම් වේගයෙන් ගමන්කිරීමට අපහසු බැවින් අපිට ගමන් කිරීමට සිදුවූවේ තරමක් සෙමිනි.....අවුවනෙ දුවේ කුඩයක් ගෙනාවෙ නැද්ද....ඇය කුඩය සෙවිල්ලමින් කීවාය.....මම ගෙනාව නෑ ආත් අම්මෙ..... මා කීවෙමි.. ගෑණු ලමයෙක් වුනාම කුඩයක් ගේන්න ඕනැනෙ....අවුවට පිච්චිලා මුහුන කලුවෙයි එන්න මේ කුඩේ යටට.....ඇය කීවාය.....ආත් අම්මා පවසන දේ සත්යයයකි....පිරිමි ලමයෙකු මෙන් නොව ගැහැනු ලමයෙකු වූ විට නිතර තමාගේ සිරුර ලස්සනට තබා ගන්න උනන්දු වෙන්න ඕනැ.....මට කුඩයක් ගෙන ඒමට බැරිවීම ගැන පසුතැවෙමින් කල්පනාකලෙමි.
කිලෝ මීටරයක් පමන දුරගෙවා කට්ටඩි අන්කල්ගේ නිවසට ලගාවුනෙමු....එය තරමක් පැරණි නිවසකි.....නිවස අසල දේවාල කිහිපයක් තිබෙනු දක්නට ලැබුනි....මේ අවට අමුතු ගුප්ත බවක් ඇතිබව මට සිතුනි....පිරිමින් සහ කාන්තාවන් කිහිපදෙනෙක් නිවස අසල සිටින බව පෙනුනි....නිවසේ දොරකඩ දෙසට ගිය ආත් අම්මා එතැන සිටි පුද්ගලයෙකුගෙන් කට්ටඩි මහතා සිටිනවාදැයි ඇසුවාය.....ඇතුලෙ කට්ටියක් එක්ක කතාකරකර ඉන්නව එයාල ආවහම ගිහින් හම්බවෙන්න එතකන් ඔය එලියෙන් වාඩිවෙලා ඉන්න....පැවසූ ඔහු කිසියම් වැඩකට එතැනින් ඉවත්විය.....අපි සුලු වේලාවක් වාඩිවී සිටිනවිට නිවස තිල සිටි අය පිටවිය.....අපි ඇතුලට ගියෙමු......කට්ටඩි අන්කල් පරන තාලයේ ඇදි පුටුවක වාඩිවී කන්නාඩි දෙකක් ඇස්වල දමගෙන....දින පොතක් බලමින් සිටින අයුරු දක්නට ලැබුබි.....කන්නඩිය අතරින් අපිදෙස බැලූ ඔහු වාඩිවන ලෙස අතින් සංඥා කලේය.....සුලු වෙලාවකින් කන්නාඩිය ගලවා දිනපොත අසල තිබුනු පැරනි තාලයේ කැටයම් කර ඇති ටීපෝව මත තබා අපි දෙස බැලුවේය......කට්ටඩි මහත්තයට මතකද දන්නෙ නෑ.....මීට අව්රුදු දෙහෙකට විතර ඉස්සර ඉරිබේරිය වත්තේ වැඩක් කලේ.....ආත් අම්මා කීවාය.....ඉරිබේරිය වත්තෙත් මම වැඩ වලට යනව තමා....ඒත් මට හරියට නිච්චි නෑ...... ඔහු කීවේය.....කට්ටඩි මහත්තයට මතක නැද්ද.....හිතුවක්කාර පිරිමි ලමයෙකුට වැඩක් කලේ....ආත් අම්මා කිවිට කල්පනාකල කට්ටාඩි අන්කල්.....එහෙම එකක් කලාවගේ මතකයි.....කී ඔහු.....දැන් ඒ ලමය හොදට ඉන්නවද.....ඇසුවේය......කට්ටඩි මහත්තයට පින්සිද්ද වෙන්න ඒ ලමය දැන් ගොඩක් හොදයි. මේසැරේ විභාගෙනුත් හොදට පාස්වෙලා....ආත් අම්මා සතුටින් කීවාය....කෝ ඒලමය එක්ක ආවෙ නැද්ද....ඔහු ඇසුවේය.....මේ ඉන්නෙ ඒලමය තමයි....මාව පෙන්වා කීවාය.....ලස්සන දුවෙක්නේ....මා දෙස බලා පැවසූ ඔහු.....පිරිමි ලමයෙකුට නේද ඒ වැඩේ කලා කිව්වෙ.....ඔහු ප්රශ්නකලේය ....එදාහිටිය පිරිමි ලමය තමයි මහත්ත්යො මේ ඉන්නේ.....ආත් අම්මා මාව පෙන්වා කීවාය.......හරි....හරි.....හාමිනේ මට දැන්නෙ මතක් උනේ.....මම ඒක කලේ අත්හදා බලන්නත් එක්ක.....ඒක ගොඩක් සාර්ථක වෙලා තියෙනවනේ.....ඔහු සතුටෙන් පවසන්ට විය.....දැන් මොකක්ද හාමිනේ මගෙන් කෙරෙන්න ඕනැ.....ආයෙමත් පිරිමි ලමයෙක් වෙන්න ඕනැ කියනවද.....ඔහු ඇසුවේය.
No comments:
Post a Comment