Thursday, May 17, 2018

ආත් අම්මාගේ පාඩම 75..............අම්මාගේ ඉල්ලීම පිට මා වෙනත් ගීතයක් ගායනා කලෙමි...අම්මාද ගීත කිහිපයක් ගායනා කල පසු ඊයේ මෙන් වේග රිද්ම ගීත පටන්ගෙන කිහිපදෙනෙක් නටන්ට විය......අක්කෙ ගිටාර් එක ගන්නකෝ.....මේ අජිත්ටත් නටන්න ඕනැලු ......මම බොන්ගෝ එක ගහන්නම් සුරන්ජිත් පැවසූ නිසා අක්කා ගිටාරය අතට ගත්තාය....කම්බි කිහිපයක් සුසර කල ඇය....ගිටාරය වයන්ට විය....අම්මෙ අක්කට ගිටාර් ගහන්නත් පුලුවන්නේ.....මා පුදුමයෙන් යුතුව අම්මාට කීවෙමි.....මෙයාට ගිටාර් විතරක් නෙවෙයි දුවේ ඕනැ එකක් පුලුවන් කී ඇය නටන්ට විය.....මොනවද අම්මේ කරන්නෙ..... අම්මට ආයෙත් කකුල් කැක්කුම හැදෙයි.....ඇය නටන දෙස බැලූ අක්කා කීවාය......ඒකට කමක් නෑ..... මට දැන් චූටි දුවෙක් ඉන්නව අතගාවගන්න.....මාව පෙන්වා ...පවසා...... ටිකවේලාවක් නටා වාඩිවුනාය......අම්මට කකුල් කැක්කුමද මම ඔන්නම් අතගාන්නම් ....ඇය අසලට ගිය මා ඇසුවෙමි......කැක්කුම නෑ දුවේ දැන් නටන්න අමාරුයි මහන්සි එනව.....කීවාය....දුවත් නටන්න ඉගෙන ගන්නකො....එතකොට දුව තවත් හැඩවෙයි.....මා දෙස බලා පැවසුවාය......පස්සෙ බලමු අම්මෙ.... මා කීවෙමි. අපරාදෙ අපිට ඔර්ගන් එකත් ගේන්න තිබුනෙ.... එහෙනම් හොඳ සාජ්ජයක් දාන්න තිබුන.....සුරන්ජිත් කියනු ඇසුනි. සාජ්ජය අවසානයේ අපි නින්දට ගියපසු ඊයේ මෙන් අක්කා සහ නිමන්ති මාව මැදිකරගෙන තුරුලුකරගන්ට වූ නිසා සීතල ගතිය අඩුවිය.
                                 උදෑසන ඇහැරුනු මා නානකාමරයට ගොස් ඉන් අනතුරුව ඇදුම් මාරුකරගෙන කුස්සිය දෙසට ගියෙමි......ඒ වෙනවිට කුස්සියේ අම්මා කෑම පිලියෙල කරමින් සිටියාය......අද මොනවද හදන්නෙ.....මා ඇසුවෙමි......නූඩ්ල්ස් හදනව පුංචි නෝන....ඇය කීවාය......ඇයට උදවුවක් අවශ්‍යය නොවන බැවින්  මා එලියට ගොස් ......මීදුමෙන් වටවූ පරිසරය දෙස බලා සිටියෙමි......කලු පැහැති ජැකට් එකක් සහ තොප්පියක් හිසේ පැලදගෙන සිටි තැනැත්තෙක් මා අසලින් ගොස් මගේ ඉදිරියේ සිටගත්තේය.....බියට පත්වූ මා ඉක්මනින් ගෙට ඇතුලුවීම සදහා ආපසු හැරුනෙමි.....කොහේද යන්නේ....... සුපුරුදු කටහඩක් ඇසුනි....හිස හරවා පිටුපස බැලූ මට සුරන්ජිත්ගේ මුහුන දැක ගැනීමට ලැබුනි......අම්මෝ මම බයවුන තරමක්......මා ඔහු අසලට යමින් කීවෙමි.....ඇයි.....ඔහු ඇසුවේය.....ඇයි අනේ කලු පාටට ඇදගෙන කලු තොප්පියක් දාගෙන ඉන්නකොට අදුනන්න පුලුවන්ද.....මම හොදටම බයවුනා.....අයිය මාත් එක්ක කතාකරන්නෙවත් නැතුවනෙ ඉස්සරහට ගියේ.....මා කීවෙමි.....මම හිතුව මාව අදුනගනියි කියල....ඇදගෙන ඉන්න ඇදුම් දැක්කට කෙනෙක්ව අදුන ගන්න පුලුවන්ද අයියෙ....මුහුන දකින්නෙ නැතුව.....ඒකත් ඇත්තනෙ....... කී ඔහු උදේ රැයින්ම ආවෙ ඉර පායනව බලන්න.....ඒ වුනාට මම දැක්කෙ හද පායලා තියෙනව.....කෝ හඳ පේනෙ නෑනෙ.....මා අහස දෙස බලමින් කීවෙමි.....ඒ හඳ නංගිට පේන්නෙ නෑ.....ඉර පෑව්වට ඒ ඉරදිහා කාටවත් බලා ඉන්න බෑ ......අනික ඒ ඉරෙන් විහිදෙන රැස්වලින් අපිව පිච්චෙනව......ඒත් හද පෑවුවම ඒ හඳ දිහා ඕනැවෙලාවක් බලා ඉන්න පුලුවන්.....ඒ හඳෙන් විහිදෙන රැස්දහරෙන් ගත සිසිල් වෙනව මිසක් පිච්චෙන්නෙ නෑ.....සුරන්ජිත් මේ පවසන්නේ කුමක් දැයි නොතේරුනු මා ඔහු දෙස බලා සිටියෙමි......නංගිට තේරුනේ නෑ නේද ....ඇසූ ඔහු.....මම හඳට උපමාකලේ ඔයාගෙ ඔය ලස්සන මුහුන...ඔය ලස්සන මුහුන දිහා ඕනැවෙලාවක් බලා ඉන්න පුලුවන්......හඳෙන් විහිදෙන රැස්දහරාව තමයි ඔය මුහුනෙන් විහිදෙන කාන්තිය.....ඔය කාන්තියෙන් සුන්දර සිනහවෙන්  හදවත සිසිල් වෙනව.........ඔහු එසේ පවසන විට.....අයියේ මගෙ කටේ කෙජු කෑල්ලක් නම් නෑ.... පවසන විට.....මාත් නරියෙක් නෙවෙයි..... කී ඔහු උදේ පාන්දරම මේ කදු වලල්ල දිහා බලා ඉන්න කොට හිත නිවිල යනව...... ඈත කදුයාය දෙස බලමින් කීවේය......මමමේ බැලුව මේ උදෙන්ම කවුද මිදුලෙ ඉන්නෙ කියල.....මේ දෙන්නනෙ.....අපිව දුටු අම්මා පැවසුවාය......එන්න දුවේ තේ බොන්න ....අනතුරුව අපිට අඩගැසුවාය......දුවට විතරයි පුතාට නෑ.....සුරන්ජිත් අම්මා අසලට ගොස් කීවේය......ඔයා ගෙදර එක්කෙනා....ගෙදර අයට කන්න බොන්න ආරාධනා කරන්න ඕනැ නෑ.....ඒ වුනාට මේදුව අපිට අමුත්තෙක්.....එන්න දුව....කීවාය.....අමුත්තෙක් වෙන්නෙ කොහොමද දැන් මේ නංගිත් අම්මගෙ දුවෙක් කරගෙනනෙ......ඔහු කීවේය....තාමනම් නෑ..... දුවෙක් කරගන්න පුලුවන් වුනොත් කරගන්නව තමයි......ඇය පවසමින් මා සමග තේ බීමට ගියාය.....
                                මේ වනවිට සියලු දෙනාම අවදි වී සිටි අතර.....අද දින හග්ගල මල් වත්ත නැරබීමට යෑම සදහා සූදානම් විය.උදෑසන කෑම ගෙන සෑම දෙනාම සූදානම් විය. අටහාමාර පමන වූ පසු හග්ගල මල්වත්ත බලා පිටත් වුනෙමු .......මල්වත්තට ඇතුලුවු අපි එහි සිරි නරබමින් ගමන් කලෙමු......සුරන්ජිත් මා අසලින්ම ගමන් කරනු දුටු අක්කා....චතුරිකා නංගි ලෝකාන්තය වගේ අත් අල්ලගන්න මෙහෙ කදු හෙල් නෑ......කීවාය. සුරන්ජිත් අපේ චායාරූප ගන්ට වූ අතර දර්ශනීය මල් වර්ගද චයා රූප ගතකරන්ට විය......ඔහුගෙන් කැමරාව ඉල්ලාගත් අක්කා මාව සහ සුරන්ජිත් එකට තබා කැමරාව මානන්ටවිය......සුරන්ජිත් ඊයේමෙන් එයට අකමැත්තක් නොදක්වන බව දුටුවෙමි.....මොනවද මල්ලි කනුදෙකක් වගේ ඉන්නෙ......පොටෝ සූට් ගන්නෙ ඔහොමද.....ටිකක් නංගිව තුරුලු කරගන්නකෝ.....කීවාය....ඇය පැවසුවිට ඔහු මාව ඔහුගේ සිරුරට තුරුලුකර ගත්තේය......එහෙත් අක්කා කැමරාව මානමින් සිටිනවා මිස චයාරූප ගන්නා බවක් නොපෙනුනි.....ඇයි අක්කෙ මොකද වුනේ.....සුරන්ජිත් ඇසුවේය......පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ....මේක ලස්සනට ගන්න ඕනැනෙ.....කියමින් තවත් ප්‍රමාද කරන බව තේරුනි......මොකක් ද අක්කෙ කරන්නෙ ගන්න එකක් ඉක්මනට ගන්නකෝ නැත්නම් කැමරාව මෙහාට දෙන්න....කේන්තියෙන් මෙන් කීවේය.....ඔන්න මල්ලිගෙ මූඩ් එක අවුට් ගියා හිනාවෙලා ඉන්නකෝ....නැවත කීවාය......එවර චායා රූපය ගත්බව ක්ලික් හඩින් තේරුනි.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: