Friday, May 25, 2018

ආත් අම්මාගේ පාඩම 85...............සූදානම් වී අවසන්වනවිට මා අසලට පැමිනි නිමන්තී මාව තුරුලුකරගෙන සෙනෙහසෙන් යුතුව මුහුන සිපගන්ට විය. මාද ඇයගේ මුහුන කිහිපවරක් සිපගත්තෙමි. අත් බෑගය කරේ එල්ලාගත් මා නිමන්තී සමඟ කාමරයෙන් පිටවුනෙමි.....ආත් අම්මා අසලටගිය මා ඇඟේ දෙකකුල අසල වැදවටුනෙමි.මා මෙතෙක් කලක් නිමල් ලෙස ආත් අම්මා සමඟ ජීවත් වූවද, ආත් අම්මා නිමල් වෙනුවෙන් කෙතරම් කැපවීම් කලද මා නිමල් ලෙස කිසිම දිනක ඇයට මෙසේ දන නමා වැඳ තිබුනේ නැත. මගේ දෙවුරෙන් අල්ලා නැගිට්ටවූ ඇය මගේ මුහුණ සිපගත් අතර ඇගේ දෙනෙතින් මතුවුනු කදුලු ඇදසිටි චීත්ත කොනින් පිසදමනු දුටුවෙමි. ඇගේ දෑසට කදුලු ඉනුවේ මා තාවකාලිකව හෝ ඇගෙන් වෙන්වීමට යනනිසා ඇතිවූ දුකෙන්ද එසේ නොමතිනම් මා ඇගේ දෙපා අසල වැටී වැන්ද නිසාවෙන් ඇතිවූ සතුටින්දැයි නොදනිමි. මාද ඇගේ මුහුන සෙනහසෙන් යුතුව කිහිපවරක් සිපගත්තෙමි. නිමන්තිගේ මෑනියන් අසලට ගිය මා ඇයටද වැඳ නිමන්තිව සිප වැලඳගෙන සැමගෙන් සමුගත්තෙමි. මගෙ ඇදුම් බෑගය සෙවුවත් එය නොමැති බැවින්.....අක්කේ බෑග් එක කොහේද තිබ්බේ... ඇසුවෙමි.....මම ඒක කාරෙකේ ඩිකියට දැම්ම.....නංගී... කී ඇඅ අපි යමුනේද ඇසුවාය....අක්කා මාව ඉදිරි පස අසුනේ වාඩිකරවාගත්තාය .....නිමන්ති සහ ඇගේ අම්මා අක්කාගේ අම්මා සමග පිටුපස අසුනට ගොඩවිය. නිමන්තී සහ ඇගේ මෑනියන් ඔවුන්ගේ නිවස අසලින් බැස්සවූ අපි දිගටම ගියේ අක්කලාගේ නිවස බලාය.
                                   නුවර එලියේ යන දින සහ පැමිනි දින මෙම නිවස අසලට පැමිනියත් කරුවල බැවින් නිවස හොදහැටි බලාගැනීමට නොහැකිවිය. මා සිතුවාට වඩා නවීන පන්නයේ නිවසක් බව දුටුවේ අද දිනය....විශාල මිදුලක් තිබුනු අතර නොයෙක් වර්ගයේ මල් වගාකර ඇති බැවින් නිවසේ සුන්දරත්වය තවත් වැඩිවී ඇතිබව පෙනෙන්ට තිබුනි. නිවස දෙස බැලූවිට එය දෙමහල් නිවසක් විය. දෙමහල් මාලිගාවක් මෙන් දිස්වු එම නිවසතුලට යෑමට හිතතුල යම් බියක් සමග චකිතයක් ඇතිවිය....වාහනයේ දොර ඇර පිටතට ගිය මා ඇදුන් බෑගය ගැනීම සඳහා ඩිකිය අසලට ගියෙමි......යමු දුවේ....වාහනයෙන් බට ....අම්මා කතාකලාය.....මගෙ බෑක් එක....මා කීවෙමි....ඒවට මෙහෙ කට්ටිය ඉන්නව.....එයාල බෑග් එක කාමරේ ගාවටම ගෙනත් දෙයි.....දුව එන්න...අම්මා එසේ පවසමින් අඩගැසුවාය.....නිවස තුලසිට පැමිනි මැදිවියේ පසුවන කලුපැහැති කෙසග සිරුරක් ඇති කාන්තාවක් ඉක්මන් ගමනින් වාහනය දෙසට ගමන්කරනු දුටුවෙමි.....තංගච්චී....ඩිකියෙ තියෙන බෑක් එක මගෙ කාමරේ ලගින් තියපන්.....අක්කා ඇයට  පැවසූ විලාසයට මට බියක් ඇතිවිය.....
අක්ක මාත් එක්ක ආදරෙන් කතාකලාට....මෙහෙට ආවහම හරි සැරයිනේ.....මා බිය මුසුව ඇයදෙස බැලුවෙමි.කාන්තාව ඉතා බැගෑපත් ලෙස බෑගය අරගත්තාය.....ඇගේ කලු පැහැති සමෙනුත් ඇදුම් විලාසයෙන් සහ අක්කා අයට කතාකල නමෙනුත් ඇය වතුකරයේ දෙමල කාන්තාවක් බව වැටහුනි....මේවගේ ලොකු පොහොසත් අය ගමේ ඉන්න අහින්සක ගෑනු ලමයි මුලාකරගෙන ඇයිත් මේ තැන්වල වැඩගන්නවලු....මේවගෙ මන්දිරේකට මාවත් එක්ක ආවෙ වැඩගන්න්ද....... මගේ සිතට විශාල බියක් ඇතිවිය.....මා බියපත්ව කල්පනා කරමින් සිටින අතරතුර......යමු නංගි අක්කා මගේ අතින් අල්ලාගෙන පැවසුවාය.....මා අක්කා සමගින් අම්මා අසලට ගියවිට ඇයද මගේ අනිත් අතින් අල්ලාගත්තාය.....නිවස තුලට ගිය මට අමුතුම ලොවකට ගියාසේ දැනුනි...තැනින් තැන නවීන පන්නයේ වටිනා බඩුමුට්ටුය.....සාලයේ තිබුනු සුවිසල් පුටු සැටිය නිසා සාලයේ පෙනුම තවත් වැඩිවී තිබුනි...ඉදිරියෙන් තිබුනේ මා මේ කාලයේ දැක තිබුනු විශාලතම රූපවහිනී යන්ත්‍රය විය...ඒ අසලම වටිනා කැසට් පටිදාවන යන්ත්‍රයක්ද විය ..අලංකාර ගෘහභාන්ඩ සාලය තැනින් තැන තබා තිබුනි....දොර රෙදි සහ ජැනෙල් රෙදිවලින් සාලය තවත් අලංකාරවත් වී තිබුනි.....බිමට දමා තිබුනු පිගන් ගඩොල් වලට පය තැබීමට පවා අක මැත්තක් ඇතිවූවේ...පයේ තිබෙන දුහුවිලිවලින් ඒවා අපිරිසිදු වේයැයි සිතුනු නිසාය.....අක්කා මාව කාමරයක් අසලට රැගෙන ගොස් එහි දොර ඇරියාය......එය ඇතුලට ගිය මට මුලුලොව තිබෙන සැපපහසුම කාමරය මෙය ලෙස හැගෙන්ට විය.....මේක ඒ සී කරල තියෙන්නෙ දාඩිය දාන්නෙ නෑ.....අක්කා ඒ සී යන්ත්‍රය ක්‍රියාත්මක කරමින් කීවාය......නංගිට තනියම නිදාගන්න බයනම් මගෙ කාමරෙත් නිදාගන්න පුලුවන්.....එන්නකො පෙන්වන්න.....මෙම කාමර අසල තිබුනු කාමරය තුලට මාව එක්ක ගියාය.....එය මා ගිය එකට වඩා තරමක් විශාල එකකි. ඇඳද එයට වඩා විශාල බව දක්නට ලැබුනු.....මේ ඇදෙ දෙන්නෙකුට විතරක් නෙවෙයි තුන්දනෙකුට වුනත් කරදරයක් නැතුව ඉන්න පුලුවන්නෙ.....මට සිතුනි.....මේකතමා මගේ කාමරේ.....මගෙ පුස්තකාලෙ මගෙ ලියන මේසෙ....ඇය එකින් එක පෙන්නුවාය......නංගි කැමතිනම් මේකෙත් ඉන්න පුලුවන්...මටත් පාලුනෑ එතකොට....ඇය කීවාය.....මගෙ අකමැත්තක් නෑ අක්කෙ...ඒත් මම ඉන්නකොට අක්කට කරදරනෙ....මා කීවෙමි......මගෙ නංගි ලඟ ඉන්නකොට මට මොනකරදරයක් ද ඇය මාව තුරුලුකරගෙන කීවාය.
              ඇගේ කැමැත්ත පරිදි මා ඇගේ කාමරය තෝරාගත්තෙමි. මේ වනවිට මගේ ඇදුම් බෑගය අක්කාගේ කාමරෙයේ දොර අසල තබාගොස් තිබුනි....මා එය ඇතුලට රගෙන ආවෙමි.....එලියේ රස්නෙ වූවද වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබුනු නිසා සිරුරට අමුතු සැහැල්ලුවක් දැනුනි.....මෙහෙ හැම කාමරයක් ම ඒ සී වගේ.....මා කල්පනා කලෙමි....මේ වනවිට අක්කා ඇදුම් මාරුකර ගනිමින් සිටියාය.....නංගිට නාගන්න ඔන්නම් නාගන්න අර තියෙන්නෙ බාත්රූම් එක...ඔන්නම් උනුවතුරත් තියෙනව....ඇය කී විට මා එය තුලට ගියෙමි....එය තුලද තිබුනේ නවීන පන්නයේ උපකරන විය.....ඇදුම් මාරුකරගත් මා....නාන කාමරය තුලට ගොස් සිසිල් දියෙන් නාගෙන.....ගවුමක් ඇදගත්තෙමි.....ගෙදර වගේ ඇලෙන් දොලෙන් නාන්න නෑ....... මෙහෙ තියෙන්නෙ ටැප් වතුර තමයි.....මා දිගු කෙස් කලභ පිසදමමින්  සිටිනවිට අක්කා කීවාය ........ගේ පහල දොලපාරෙ පීල්ලක් තියෙනව අක්කෙ...... ඒ වුනාට වැඩිපුර නාන්නෙ ටැප් එකෙන් තමා ......මා කීවෙමි.

No comments: