(බොක්සින් සමාදි 53)....................... ...........ඇද උඩින් වාඩිවූ මම මේ සිදුවුනු දෙය ගැන දුකෙන් කල්පනා කලෙමි.....සමිත් මොකටද මෙහාට ආවෙ ..වෙනද අපේ අයියනෙ එහාට යන්නෙ.....මට සමිත් අයිය ගැන තරහක් ඇතිවිය....දැන් ඉතින් මේ දෙන්න කොහේවත් යන්නෙ නෑ....ඔක්කොම බලාපොරොත්තු ඉවරයි.....මා මෙසේ දුකෙන් කල්පනාකරමින් සිටිනවිය.....මල්ලී.... යනුවෙන් අයියා අමතනු ඇසුනි.....මේ කරදරේ මදිවට මට වැඩකුත් පවරන්නද මන්ද හදන්නෙ.....මම දුකෙන් අයියා අසලට ගියෙමි.....මල්ලි අපි පොඩ්ඩක් ටවුමට ගිහින් එන්නම්......රෑවෙන්න ඉස්සෙල්ල එනව බය නැතුව ඉන්න.....අම්මල එනකොටනම් ටිකක් රෑවෙයි.....අයියා ටවුමට යෑම සදහා සැරසෙමින් කිවේය...එම වචන ඇසෙනවාත් සමගම මට ඇතිවුනු සතුටේ නිමාවක් නොමැතිවිය.....මා කිසිවක්නොකියා ඔහුදෙස බලා සිටියෙමි......ඔව්න් ගෙදරින් පිටවූ විගස දොර වසාගත් මම....සමාදිගේ කාමරයට ගොස් මා ඇදසිටි පිරිමි ඇදුම් සියල්ල ගලවා දමා සමාදිගේ ඇදුම් පරීක්ෂා කිරීමට පටන්ගත්තෙමි......කොයි එක අදින්නද මන්ද ඔක්කොම එකවගේ ලස්සනයි.....ඇගේ ඇදුම් අල්ලමින් කල්පනා කලෙමි......ගවුමක් තෝරාගත් මම එය ඇදගත්තෙමි.....ඇගේ යට සායක් සහ පැන්ටියක් ඇදගත් මම විග් එකද පැලද ගත්තෙමි.....දැන්නම් සමාදි වගේමයි.....මාස කීයක් මම මේ විදියට කෙල්ලෙක් වගේ හිටියද ...ඒ කාලෙ මම කොයිතරම් සතුටෙන්ද හිටියෙ.....එදා රෑ අම්මට අහුවුනේ නැත්නම් මම අදත් ඉන්නෙ මෙහෙමනෙ.....මා ඇදගත් ගවුමේ හැඩ බලමින් කල්පනා කලෙමි.....එදා අම්ම කරපු වැඩෙන් මගේ සතුටත් නැති උනා සමාදිගෙ සතුටත් නැතිවුනා.....ආයෙ කවද ඒ ජීවිතේ ලැබෙයිද.....දැන් මීට පස්සෙ මට වෙන්නෙ කවුරුවත් නැති වෙලාවට හොරෙන් ගවුන් අදින්න තමා.....අද මගෙ වෙලාව හොදකමටයි අයියල ගියේ....මට හිතුනෙ අද බැරිවෙයි කියල.......මම කෙල්ලෙක් විලස ගේපුරා ඇවිදින්ට වුනෙමි.....මීට මාස කිහිපයට පෙර සමාදි මෙන් සිටියාක් මෙන් සිටීමට උත්සාහ ගත්තෙමි......මා සතුටින් උඩ පැන්නෙමි.....ගවුමේ සාය ඇගවටේ මලක් මෙන් සිටින ලෙස කැරකුනෙමි........කරාබු දෙක තිබුනනම් කන් දෙකට දාගන්න තිබුන ....මට හදිසියේම කරාබු දෙක මතක් විය.....එහෙත් එය සමාදිගේ කන්වලට දමා ඇති බැවින්.....මට පාවිච්චි කිරීමට නොහැකි විය......එදා මගුල් ගෙදරට අදින්න එල්ලෙන කරබ්බු දෙකක් තිබුන නේද.....මට එම කරාබු දෙක සිහියට නැගුනි......එය රත්රන් නොවුනත් ඉතාමත් අලන්කාර ලෙස සාදා තිබුනු බව මතක් විය.....සමදි .....ආබරන තබන තැන පරීක්ෂා කර බැලුවෙමි.....මගේ වෙලාව හොද බැවින්දෝ ඒ දෙක එතැන තිබුනි........මම ඒවා කන්වල පැලදී මට උත්සාහ කලෙමි......මොකද මන්ද මේව කනේ විදපු හිලට යන්නෙ නෑනෙ.....මෙච්චර කල් කරාබු නොදා හිටිය හින්ද හිල් දෙක වැහිලද මන්ද....මට සිතුනි......ටික වෙලාවක උත්සාහයෙන් පසුව....කන් පෙත්තේ සිදුර තුලට කරාබුවේ නැට්ට රින්ගවා ගැනීමට හැකිවුවත් ඉස්සර මෙන් බුරුල්ව හිලතුලින් නොයන නිසා යම් වේදනාවක් දැනෙන්ට විය......හොද වෙලාවට ඒ කන් සිදුරනම් වැහිල නෑ....සිතුව මම මීලග කරාබුවටද එලෙසම උත්සාහ ගත්තෙමි. එයද වේදනා සහගත්තව කන සිදුර තුලින් අනිත් පැත්තට පසාවිය.....එම කරාබු දෙක එල්ලෙන බැවින් එදා මගුල් උත්සවයේ දැනුනු දැනීම නැවත දනෙන්ට විය.....මා බෙල්ල දෙපැත්තට වනමින් ඒවා හොදින් දෝලනය කලෙමි.....දැන් තමයි මට මාව නියම කෙල්ලෙක් කියල දැනෙන්නෙ......මා කැඩපත අසලට ගොස් නැවත හැඩ බැලුවෙමි.....පැය බාගයක් පමන කාලයක් ඇදගෙන සිටි එම ගවුම ඉවත් කර වෙනත් ගවුමක් ඇද ගත්තෙමි.......එදා මට මෙලෙස විටින් විට ගවුන් මාරු කිරීමට අවශ්‍යයතාවයක් ඇතිනොවුනි......එදා ඕනැ වෙලාවක ඕනැ ගවුමක් ඇද ගැනීමට හැකියාව තිබුනු බැවින් මෙලෙස ඇදුම් මාරු කිරීමට නොසිතුනි.....එහෙත් අද....මේ ඔක්කොම ඇදුම් ටික ඇදගත්තත් හිතට මදි......අද මේව ඇන්දෙ නැත්නම් ආයෙත් කවද අදින්නද.....මම සිතමින් තවත් ගවුමක් තෝරා ගත්තෙමි......මෙලෙස පැය දෙකක් පමන කාලයක් ගතකලෙමි.....මෙම කාලය තුල ඇදුම් පහක් පමන ඇඳගෙන හැඩ බැලුවෙමි........දැන් රෑ වෙන්න කිට්ටුයි .....අයියල කොයි මොහොතෙ එයිද දන්නෙ නෑ....සිතුනු මම.....ඇදගෙන සිටි සමාදිගේ ඇදුම් ගලවා තිබුනු තැන් වලම තබා මගේ ඇදුම් ඇද ගත්තෙමි....සිතූ පරිදිම ඇදුම්ගලවා ටික වෙලාවකින් අයියා පැමිනෙනු දුටුවෙමි.......අද යන්තම් පැය දෙකක් විතර කෙල්ලෙක් වෙලා හිටිය.. ආයෙත් කවද කෙල්ලෙක් වෙන්න හම්බවෙයිද මන්දා....
No comments:
Post a Comment