Sunday, October 9, 2016

(බොක්සින් සමාදි 31)..................................තාත්තත් සමාදිත් ඉක්මනින්ම ඇදුම් තෝරාගත්තේ පිරිමින්ට තෝරා ගැනීමට එතරම් ඇදුම් ප්‍රමානයක් නොතිබුනු බැවිනි.......සමාදි වෙනුවෙන් පිරිමි ඇදුම් තෝරාගැනීම ගැන ඇය ඉතා සතුටු වන බව දුටුවෙමි.... ඉමිටේශන් ආභරන තිබෙන ස්තානයට මාව එක්ක ගිය අම්මා. .....බලන්නකො මේවයේ ලස්සන...මට පැවසූ ඇය රත්රන් පැහැති වලලු කීපයක් බැලීමට දෙන ලෙස එතැන සිටි සේවිකාවකට කීවාය.....එම සේවිකාව ඒවා දුන්පසු මගේ අතට ඒවා දමමින් හැඩ බැලුවාය.....මා ගැහැනු ලමයෙකු නොවුනත් මා සමාදි යයි සිතා ගෙන කරන මේ කටයුතු වලට විරුද්ධ නොවී සිටියෙමි. මාලයක් ද රැගෙන දුන් අම්මා එයද මගේ ගෙලෙහි පැලැන්දුවාය......මේවාට මුදල් ගෙවූ පසු අපි සාප්පුවෙන් පිටත්වූවෙමු......ඉක්මනට කෙස්ටික ගෙනත් දෙන්න වෙයි ...වාහනයට ගොඩවූ අම්මා තාත්තාට කීවාය.....ඔව් ගෙදර ගිය හැටියෙ අරන් එන්න ඕනැ.....තාත්තා පවසුවේය.....මිම්ම ගන්න දුවත් ඕනැ වෙයි.....ඔව් නේද ඇසූ අම්මා ගිය ගමන් ආපහු එමු...කීවාය........අපි ගෙදර එනගමන් ආච්චීගේ ගෙදරට ගියේ අයියා එක්ක ඒම සදහාය....පන්ති අවසන් වූ පසු අයියා ආච්චිගේ ගෙදර පැමින සිටියේය. මාව දුටු ආච්චි ....අදනම් වහී වගේ....මා දෙස බලා කීවාය....ඒ මොකද අම්මෙ ....අම්මා ප්‍රස්නකලාය.....දුව කරාබු දෙක දාගෙනනෙ....ආච්චි කීවාය......ඔව් අම්මෙ මේව දාන්න මෙයාගෙ කන ආයෙත් විදින්න උනානෙ..අද තමයි විදල කරාබු දෙක දැම්මෙ......කරාබු නොදා හිටියාම කන් සිදුරු වැහෙනව..තමයි...කොන්ඩෙත් දිගට තිබුනනම් කොච්චර ලස්සනද..... .....ආච්චි මගේ හිසේ කෙටි කෙස් ටික පිරිමදිමින් පැවසුවාය.....අපි ගෙදර ගිය ගමන් සමාදි කැපාගෙන තිබුනු කෙස් ටික රැගෙන සාප්පුවට ගියෙමු.....කෙස් ටික අතට ගත් මැදිවියේ තැනැත්තිය....ඒ වා පරීක්ෂා කර බලා.....අවුල් වෙලා නෑ හොදට තියෙනවා.....පවසා මගේ හිසේ මිනුම් ගත්තාය.......තවත් සතියකින් පමන පසු සමාදිට තිබුනු කෙස් වැටිය මගේ හිසට ඇටෙන බව මා තේරුම් ගත්තෙමි......මේව දාගෙන ඉන්න පුලුවන්ද මන්ද ඒත් කොහොම හරි සමාදි වෙනුවෙන් ඒ දේ කරනව....මම කල්පනා කලෙමි......
අද සෙනසුරාදා බැවින් පසුදා දහම් පාසැල් යා යුතුයයි මට මතක් වුනි.....දන් මම කොහොමද ජනිත් වගේ දහම් පාසැල් යන්නෙ.....කන විදල කරාබු දාල හින්ද ඒව ගලවන්නත් බෑ.....මා සමාදිට මේ ගැන කීවෙමි.....ඔකත් මහ වැඩක්ද හලෝ....ඔයා ලමා සාරිය ඇදගන්න මම සරමයි කමිසෙයි ඇදගන්නම් ......එහෙම කරන්න බෑ..මට පුලුවන්ද.....ලමා සාරිය ඇදෙගෙ දහම් පාසැල් යන්න.....මට ඒකනම් කරන්න බෑ....මම ඇයට විරුද්ධ වූවෙමි...එහෙම බෑ කියල හරියන්නෙ නෑ ඔයාට ඒ ව ඇදගෙනම යන්න වෙනව.....ඇය ස්ථීර ලෙසම කීවේය.....හරි හරි හෙට බලමුකෝ.....මම පැවසුවද මගේ කන්දෙකේ පලඳවා තිබුනු කරාබු දෙක නිසා මටද කොල්ලෙක් ලෙස පාසැල් යෑමට නොහැකි බව වැටහුනි.........
පසුදින දහම් පාසැල් පිටත්වීම සදහා සමාදි සුදු පැහැති සරම සහ කමිසය ඇදගත්තාය......එහෙත් මා ළමාසාරිය ඇද නොගෙන බලා සිටියෙමි......මා දෙස බැලූ අම්මා....මොකද අද දහම් පාසැල් යන්නෙ නැද්ද ඇසුවාය....මා කිසිවක් නොකියා බිම බලා ගත්තෙමි........මොකද අද නොයා ඉන්නද කල්පනාව..කී අම්මා....මගේ කාමරයට ගොස් ඇදුම් ටික ගෙන බලෙන්ම ඇන්ද වීමට පටන්ගත්තාය....ජීවිතේ පලමුවරට..සමා සාරියෙන් සැරසුනු මා කැඩපත දෙස බැලුවෙමි......මෙම ඇදුමට මා සුරතල් අහින්සක දැරියකගේ රුවගත් බැවින් මා මගේ ප්‍රතිබිම්බය දෙස ටික වෙලාවක් බලා සිටියෙමි......මා ගැහැනු ලමයෙකු වීමට අකමැතිවුවද....මෙම ඇදුම් ඇදගත් විට පිළිබිඹු වන මගේ රුවට බෙහෙවින් ඇලුම්කලෙමි. අවසානයේ දහම් පාසැල් යන දැරියක් මෙන් මමද දහම් පාසැලට ගියෙමි...මට වාඩිවීමට සිදුවූවේ සමාදි වාඩිවූ ස්තානයේය......සමාදි කොල්ලෙක් මෙන් මාසිටි ස්තානයේ වාඩි ගත්තාය.......මට..ආගමික වතාවත් වලට සහභාගී වීමට ලැබුනේ ගැහැනු ලමුන් අතරේ සිටගෙනය.....ගැහැනු ලමුන් අතර සිටිනවිට මගේ සිත තුල සියුම් ලැජ්ජාවක් ඇතිවිය.....එහෙත් ක්රමයෙන් එම ලැජ්ජාව පහවී මමද ඔවුන් වැනි ගැහැනු ලමයෙකු වැනියැයි හැගීමක් ඇතිවිය.....සමාදි කොන්ඩය කොටට කැපීම නිසා එසේ කලේ ඇයිද යනුවෙන් කිහිප දෙනෙක් ප්‍රශ්න කල අතර මම මොකක් හෝ කෙටි උත්තරයක් දී එම ප්‍රස්නවලින් මග හැරියෙමි......

No comments: