Friday, October 21, 2016

(බොක්සින් සමාදි 52)....................................ඉරුදින දහම් පාසැල් යෑම සදහා මමත් අයියත් පිටත් වූ අතර සමාදිගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම සදා යෑමට තිබුනු බැවින් ඇයට දහම් පාසැල් යෑමට නොහැකිවිය.....අපි නැවත ගෙදර පැමිනි විට ඔවුන් ගෙදර පැමින නොසිටිය බැවින් ටික වෙලාවක් ස්තෝප්පුවට වී සිටීමට සිදුවිය.....මෙයාල කොහේ ගිහින්ද මන්ද......මෙහෙම බලගෙන ඉන්නකොට එපා වෙනව.....මම සමිත් ඉන්නවද කියල බලල එන්නම්......පොත්ටික පුටුවක් උඩින් තැබූ අයියා අයියගේ යහලුවෙක් වන සනිත්ගේ ගෙදර ගියේය......ශික් මේ වෙලාවෙ දොර ඇරල තිබුනනම් අදත් සමාදිගෙ ගවුමක් අදින්න තිබුන....ගෙදර කවුරුත් නැති වෙලාවක පමනක් ගවුන් ඇදීමට හැකි බව දන්නා මම කල්පනා කලෙමි.....ඊයෙනම් ගවුන් ඇදගෙන සැපට හිටිය ආයෙත් කවද ඒවිදියට ඉන්න හම්බවෙයිද දන්නෙ නෑ......මා මෙසේ සිතමින් සිටිනවිට තාත්තගේ වාහනය මිදිලේ නතරකරනු දුටුවෙමි......කෝ ජනිත්... අයිය.....අම්මා වාහනයෙන් බැස ඇසුවාය.....සමිත් අයිය හම්බවෙන්නද කොහේද ගියා....මම කීවෙමි.....ඇය කිසිවක් නොකියා සමාදි සමග ගෙට ගියාය.....මොකද උනේ සමාදි....මම සමාදිගෙන් ඇසුවෙමි....මේ බලහන් බන් ඉන්ජෙක්සන් කට්ටක් ඇනල මගෙ අතින් ලේ ගත්තනෙ.....ඇය ලේගත් ස්තානය පෙන්වා කීවාය....ඉතින් ඕකට ඔච්චර වෙලාවක් ගියේ?.....මම ඇසුවෙමි....මගෙ බඩේ ස්කෑන් කලානෙ....ඒකටයි වෙලා ගියේ.....ඇය පැවසුවාය.....ඉතින් උඹට රිදුනද.....ස්කෑන් ගැන නොදන්නා මම ඇසුවෙමි......ඒක රිදෙන එකක් නෙවෙයි බන් ඇග ඇතුලෙ පොටෝ ගන්නව වගේ වැඩක්......ඒක බලල මොකද කිව්වෙ......ඒක අහගන්න ආයෙත් ඩොක්ට හම්බවෙන්න ඕනැනෙ....ඇය පැවසූවිට.....ඒකත් ඇත්ත....මම කීවෙමි.....කවද්ද ඩොක්ට හම්බවෙන්න යන්නෙ....තාත්ත කිව්ව අද හවස යමු කියල.....එතකොට අදත් යනවද.....මම ඇසුවෙමි......ඔව්... ඇයි උඹත් එන්නද......ඇය ඇසුවාය.....නෑ නිකන් ඇහුවෙ.....මා එසේ පැවසුවද මගේ හිතතුල නලියන අදහස අද සවස ඉටුකර ගැනීමට හැකිවනු ඇතිබව දන්නා මගේ සිතට සතුටක් ඇතිවිය....මෙයාල ගියාට පස්සෙ අයියත් සමිත්ගෙ ගෙදර යයි....එතකොට මට පුලුවන් සමාදිගේ ඇදුම් ඇදගෙන ටික වෙලාවක් හරි ජොලියෙ ඉන්න.....මම කල්පනා කලෙමි.......උදෑසන අම්මා ගෙදරින් පිටවූ බැවින් දහවල් ආහාරය හෝටලයකින් ගෙනවිත් තිබුනි.
දහවල් ආහාරය ගෙන ටිකවෙලාවකින්......සමාදි අසලට ගිය මා... කියටද? උබල යන්නෙ බන්.....ඇසුවෙමි.....දන්නෙ නෑ ටිකක් හවස්වෙයි.......උඹත් එනවනම් වරෙන්.....ඇය කීවාය.....මට ගෙදර ඉන්න පුලුවන් අයියත් ඉන්නවනෙ.....පැවසුවෙමි......මට දැන් අවශ්‍යව ඇත්තේ ගෙදර තනිවීම ඉදීම මිස කොහේවත් යෑමට නොවන බව මගේ හිත පමනක් දන්නා දෙයකි.....මෙයාල ගියට පස්සෙ මම මෙයාගෙ ගවුන් අදින බව සමාදිට කියන්නද.....ඒත් සමාදි මොනව හිතයිද දන්නෙ නෑ....එයාට පිරිමි ඇදුම් අදින්න මේ වගෙ අවස්ථාවක් එන්නෙ නැති හින්ද මාගැන ඉරිසියා හිතිල අම්මට කියයිද දන්නෙ නෑ.....කල්පනා කල මා මේ බව නොකියා සිටීමට තීරනය කලෙමි.....සමාදී යන්න ලෑස්ති වෙන්න.....ටික වෙලාවකට පසු අම්මාගේ කටහඬ ඇසුනි.....ඔන්න ඉක්මනට ලෑස්තිවෙයන්....පැවසූ මම ඇයගෙන් ඈත්වුනෙමි.....ලෑස්ති වෙන්නනම් පුලුවන් ඒත් ගැහැනු ඇදුම් අදින එක තමයි එපාවෙන්නෙ.....ඇය හිමින් මුමුනනු ඇසුනි.....කෙතරම් කලක් ගියත් සමාදිගේ ගැහැනු ඇදුම් කෙරෙහි තිබුනු අකමත්ත තවමත් එසේම පවතින බව තේරුනි....
ලොකු පුතේ මල්ලිත් එක්ක ඉන්න අපි එන්න ටිකක් රෑවුනොත් දොර වහගෙන ඉන්න.....මල්ලිව දාල කොහේවත් යන්න එපා හොදද......අම්මා අයියාට උපදෙස් දෙනු ඇසුනි......අම්මලා පිටත් වෙනවිට සවස හතර පමන විය.....දැන් තව පොඩ්ඩකින් අයියත් යයි....එතකොට මට ජොලි.......මා අයියා ගෙදරින් පිටත් වනතුරු බලා සිටියෙමි....එහෙත් ඔහු ගෙදරින් යන සලකුනක් වත් නොතිබුනි......හරි වැඩේ අද මෙයා යන්නෙ නැද්ද දන්නෙ නෑ. එහෙම උනොත් බගේ බලාපොරොත්තු ඔක්කොම වතුරෙ.....මම දුකින් කල්පනා කලෙමි.....ටික වෙලාවකින් අයියා ඉදිරි පස දොර අරින හඩ ඇසුනි.....ශා දැන් තමා වෙලාව අයිය යන්නවගේ හදන්නෙ......සිතමින් මා දොරදෙසට ගමන්කලෙමි.....අද හිතාගෙන හිටිය ඔක්කොම බලාපොරොත්තු ඉවරයි.....ඉදිරි පස දොරෙන් ඇතුලට පැමිනි අමුත්තා දෙස බලා .....කල්පනා කල මම....දුකෙන් පිරුනු මුහුනෙන් උතුව ආපසු කාමරයට ගියෙමි..........

No comments: