Monday, October 3, 2016


(බොක්සින් සමාදි 17).....................................උඹට ගවුන් ඇදල පුරුදු නැති හින්දනෙ. ගවුන් ඇදගෙන ස්කෝලෙ යන්න බෑ කියන්නෙ. මම ගවුමක් දෙන්නම් ඇදගෙන පුරුදු වෙයන්.....ටික වෙලවකින් මා අසලට පැමිනි සමාදි කීවාය...මට පුරුදු වෙන්න ඕනෙ නෑ... මට බෑ ඒ විදියට කෙල්ලෙක් වෙන්න.....මම නැවත වරක් ඇගේ යෝජනාව ප්‍රතික්සේප කලෙමි....එහෙත් ඇයට වුමනාව තිබුනේ කෙසේ හෝ කොල්ලෙක් ලෙස පාසැල් යෑමටය.....අනේ බන් මට මේවැඩේට උදව් කරහන්කෝ....ඇය නිතර ඇවිටිලි කරන්ට වූවාය.....මට හෙට අනිද්ද වගේනම් බෑ ටිකක් කල්පනා කරල කියන්නම්....බේරුමක් නොමැති තැන පැවසුවෙමි. හෙට අනිද්ද ඕනෙ නෑ ඉක්මනට උත්තරයක් කියහන්...ඇය කීවාය.
පසුදින ඇය සුදු ගවුමෙන් සැරසී පාසැල් යෑම මගේ අස්වැසිල්ලක් විය. කොන්ඩය කොටට කපාගෙන පාසැල් පැමිනි සමාදි ගැන අනිත් සැමගේ කතා බහට ලක්විය....අපරාදෙ දිගට තිබුන කොන්ඩෙ....සමහර යෙහෙලියන් ඇය කොන්ඩය කපීම ගැන දුක්වූ අතර...සමහරු.....මේවගෙ මටත් කපාගන්න ඇත්නම්.....අම්ම කැමති නෑනෙ....කියනු ඇසුනි....කවුරු කෙසේ කිව්වත් සමාදි කිසි ගනනක් නොමැතිව සිටියාය.....මම ගවුමකින් සැරසී පැමිනියානම් ඔවුන් මටද මෙසේ පවසනු නොඅනුමානය....මට සමාදිව අදුන ගන්නත් බැරු වුනානෙ. හරියට පිරිමි ලමයෙක් වගේනෙ කොන්ඩෙ කපල තියෙන්නෙ....පන්ති බාර ගුරුතුමිය පැවසුවාය.....කරාබු දෙකත් ගලවල ටීච....ඒක තමා මොකද ඒ....ටීච ඇසූ විට ඇය සිනාසෙනු දුටුවෙමි. ඇය වෙනදාමෙන් පන්තියේ දගලන ගතිය අඩුවී ඇති බව පෙනෙන්ට තිබුනි....මොකද දන්නෙ නෑ අද සයිලන්ස් එකේ ඉන්නෙ....මම කල්පනා කලෙමි.......ඊයේ කොල්ලෙක් ලෙස සිටි ඇය අද කෙල්ලෙක් ලෙස හැසිරීමටලැබීම නිසා හිතට දුකක් දැනෙන්ට ඇති....මට සිතුනි.
ගෙදර පැමිනි පසුද ඇය වෙනදා මෙන් නොව කිසිම සතුටක් නොමැතිව සිටියාය. ඇයගේ මෙම හැසිරීම මගේ සිතට දුකක් ඇතිවිය....ඇයි සමාදි ඔයා ඔහොම අයිනක් ගහල ඉන්නෙ....මම ඇසුවෙමි.....මට වැඩක් නෑ මම හෙට ඉදන් ඉස්කෝලෙ යන්නෙ නෑ.....ඇය තරහෙන් මෙන් කීවාය....ඒ මොකද....ඇසූ මම...අම්මගෙනුයි තාත්තගෙනුයි ගුටිකන්න වෙයි.....කීවෙමි.....කමක් නෑ ගුටිකාල මැරුනත් කමක් නෑ ..මට කොල්ලෙක් වගේ ඉන්න ඕනෙ....මට කවුරුවත් ඒකට උදවු කරන්නෙ නෑ......ඇගේ වචනවල දුකත් කලකිරීමත් තිබුනු බව දුටුවෙමි......හරි දෙන් මම ඔයා වෙනුවෙන් මොකක්ද කරන්න ඕනෙ....මම ඇසුවෙමි. ...වෙන මොකුත් කරන්න එපා ඔයාට තියෙන්නෙ මම වගේ ඉන්න....ඇය සුපුරුදු යෝජනාව කලාය.....මට ගවුන් අදින්න ලැජ්ජයි අනේ..මට ඒ ඇදුම් පුරුදුත් නෑ.....මම කීවෙමි....ඉතින් ඒකනෙ මම කිව්වෙ පුරුදු වෙන්න කියල....හරි මම පුරුදු වෙන්නම්.....හැබැයි දිගටම නම් ඒ විදියට ඉන්න බෑ.....මා මෙසේ පැවසූ විට ඇගේ මුවෙන් සිහින් සිනාවක් පැනනගිනු දුටුවෙමි....එහෙනම් එන්න මම ගවුමක් හොයල දෙන්නම්.......ඇය සතුටින් නැගෙට්ටාය.....දැන්ම බෑ පස්සෙ.....මම කීවෙමි.....ඔන්න ආයෙත් පස්ස ගහනව......ඇය මුහුන බෙරිකර ගත්තාය.....හරි හරි යමු....මම කීවෙමි.....ඇය කාමරයට ගොස් ඇදුම් තෝරනු දුටුවෙමි......ලස්සන ගවුමක් තෝරාගත් ඇය.....තව පොඩ්ඩකින් බොක්සින් ප්‍රැක්ටිස් කරන්න තියෙනව.....ප්රැක්ටිස් කලාට පස්සෙ මේ ගවුම අදින්න.....එම ගවුම පෙන්වා රාක්කයට දැම්මාය....මේ තියෙන්නෙ යට සාය මෙන්න පැන්ටිය.....මේව අදින්නෙ නැතුව ගවුම විතරක් අදින්න එපා.....ඇය සියල්ල ඇදුම් රාක්කයේ තබා බොක්සින් බුහුනු වීමට සැරසුනාය.....බොක්සින් පුහුනු වන්නේ සමාදි බැවින් එම අව්ස්තාව තුල මා ගවුන් ඇද සිටිවිට අපි දෙදෙනා හදුනා ගැනීමට හැකිවන බවින් මා මගේ පිරිමි අදුම පිටින්ම සිටියෙමි......තාත්තා ගෙදර ඒමට රෑවෙන දිනවල සමාදිට තනියම පුහුනු වන ලෙස තාත්තා උපදෙස් ලබා දී තිබුනි.....එහෙත් දින කීපයකට වරක් ඇගේ පුහුනුව පරීක්ෂා කිරීමට තාත්තා පුරුදුවී සිටියේය...සුලු වසයෙන් හෝ වැරැද්දීම තාත්තාගෙන් හොදටම බැනුම් අහගන්න වන බව දන්නා සමාදි එම කටයුතු ඉතා හොදින් කිරීමට උනන්දු වූවාය.....තාත්තා යුධහමුදාවේ බැවින් ඔහු බනින විට අන කරන විලාසයක් ඇති බැවින් අපි ඔහු සැරකරන වාට විශාල බයක් තිබුනි.....

No comments: