Friday, October 21, 2016



(බොක්සින් සමාදි 51).....................................තවත් මාස කිහිපයක් ගෙවී ගියත් සමාදි ඇගේ සුපුරුදු ගැහැනු ඇදුම් ප්‍රතික්ෂේප කරන පුරුද්ද මග හැර ගැනීමට නොහැකිවී ඇති බව ඇගේ කතාවලින් තේරුම් ගත්තෙමි.....ඇයට අවශ්‍ය වී තිබෙන්නේ මගේ ඇදුම් ඇදගෙන කොල්ලෙක් මෙන් සිටීමටය....එහෙත් අම්මාගෙන් ඇයට අවසර නොලබෙන බව දන්නා ඇය පසුවූවේ දැඩි කලකිරී මකිනි.....ඇය මොනවිදියේ කළකිරීමකින් හිටියද අම්මා ඒවා ගනන් නොගත්තාය.....එහෙත් සමාදිගේ වැඩිහිටි බව පෙන්නුම් නොකිරීම අම්මාගේ හිතට වද දුන් කාරනයක් බව පෙනෙන්ට තිබුනි....මේක බලාගෙන්න හොද දෙයක් නෙවෙයි......ඔයාව ඩොක්ට කෙනෙක් ට පෙන්වන්න වෙනව.....අම්මා සමාදිට පවසනු මා අසා සිටියෙමි.....මට ඇති ලෙඩක් නෑ අම්මෙ....සමාදි කියනු ඇසුනි......ලෙඩක් නැති වුනාට කමක් නෑ කොයිඑකටත් ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් බලමු.....ගැහැනු ලමයෙක් උනාම ඕව පස්සටයි බලපාන්නෙ...අම්මා කීවාය....
සමාදිව වෛද්‍යවරයෙක් ලගට රැගෙන යාමට දිනයක් වෙන්කරගත් බව තාත්තා පැවසූ බව සමාදි මට කීවාය.....මාත් අයියත් ගෙදර නැවැත්වූ ඔවුන් සමාදිත් සමග වෛද්‍යවරයා මුනගැසීමට පිටත් විය....ඔවුන් පිටත්ව ගොස් සුලු වෙලාවකට පසු .......මම අල්ලපු ගෙදර සමිත්ව හම්බවෙලා එන්නම් මල්ලි..... කොහේවත් යන්නෙ නැතුව ගේ ඇතුලට වෙලා ඉන්න .....පැවසූ අයියා ගෙදරින් පිටත් විය.....අයියාගේ යහලුවෙක් වන සමිත් හමුවීමට ගිය විට ටික වෙලාවකට ගෙදර නොඑන බව දන්නා මම ඉදිරි දොර අගුලු දමා සමාදිගේ කාමරය තුලට ගියෙමි......කාලෙකින් ඇදීමට නොහැකිවූ ඇගේ ඇදුම් කිහිපයක් අල්ලා බැලුවෙමි.....මා ඇදගෙන සිටි කමිසය සහ කලිසම ගලවා දැමූ මම ගවුමක් ඇදගත්තෙමි....මාස කීපයකට පසු ගවුමක් අදගත් නිසාදෝ මා අමුතුම ලොවකට ගියාසේ දැනෙන්ට විය.....යට සායක් ද පැන්ටියද ඇදගත් විට පෙර පරිදි ගැහැනු ලමයෙකුගේ හැගීම දැනෙන්ට විය....පැරනි විග් එකද සොයා ගත් මම එයද හිසට දා ගත්තෙමි.......දැන් මමත් සමාදි වගේම ගැහැනු ලමයෙක්.....කන්නාඩියෙන් රුව නරබන අතර තුල කල්පනා කලෙමි.....අනේ මේ විදියට දිගටම ඉන්න ඇත්නම්.....මට සිතුනි. එහෙත් කවුරු හෝ ගෙදරට පැමිනීමට පෙර මේවා ගැලවිය යුතුබව දැනගෙන සිටියෙමි.....මට මේවගෙ ගවුන් අදින්න දෙන්නෙ නෑ සමාදිට කලිසම් අදින්න දෙන්නෙනෑ මොන කරුමයක්ද මන්ද......වැඩි වෙලාවක් මෙහෙම ඉන්න බෑ අයිය කොයිවෙලාවෙ ගෙදර එයිද දන්නෙ නෑ.....සිතූ මම ජනේලයේ වීදුරුව තුලින් අල්ලපු ගෙදර දෙස බැලුවෙමි ....අයියා පෙනෙන තැනක නොමැති බැවින් ඔහු එන තෙක් මෙසේ සිටීමට තීරනය කලෙමි......කලෙකින් ගැහැනු ලමයෙකු වූ මට ඇතිවූ සතුට ඉතාදැඩිවිය.....මා සිනිදු ගවුම ඉතාමත් ආශාවෙන් අතගාන්ට පටන්ගත්තෙමි......පැය බාගයක් පමන ගතවිය......අයිය එයිද දන්නෙ නෑ ....ආවොත් මේක ගලවන්නත් වෙලාවක් නැතිවෙයි.....ඒත් ගැලවීමට කිසිම හිතක් නොමැත......කොයි තරම් ආශාව තිබුනත් ගලවන්න වෙනබවදන්නා....මම නැවත සමාදිගේ කාමරය තුලට ගොස් ඇගේ ඇදුම් ගැලවීමට පටන් ගත්තෙමි.....ගලවන විට හිතට දුකක් දැනුනත් ...මෙම ඇදුම් පිරිමි ලමයෙකු වූ මට අයිති නැති බැවින් ගැලවීමට සිදුවිය........ගවුම ගලවා සලයට ගිය මට අයියා පැමිනෙන බව දුටුවෙමි......තව චුට්ටක් වෙලා හිටියනම් මාව අහුවෙනව....වෙලාවට ගැලෙව්වෙ.....ගෙදරට පැමිනි අයියා .....මල්ලි පොඩි වැඩක් තියෙනව තව පොඩ්ඩක් වෙලා යයි....බය නැතුව ඉන්න.....කියමින් ඔහු ආපසු ගියේය.....දැන් ඉතින් මට තව ගවුමක් අදින්න පුලුවන්.....සිතූ මම නැවත සමාදිගේ කාමරය තුලට ගියෙමි......ඇගේ වෙනත් ගවුමක් ඇදගත් මම විග් එකද පැලද ගත්තෙමි......දැන් ඉතින් තව පොඩ්ඩක් වෙලා ඉන්න පුලුවන්.....මා ගවුමේ හැඩබලමින් සතුටුවුනෙමි......මම මේ විදියටනෙ ඒ දවස්වල සමාදි වගේ හිටියෙ.....අනේ මට ආයෙත් මේ ඇදුම් ඇදගෙන ඒ වගේ ඉන්න ඇත්නම්......මා කල්පනා කලෙමි......පයබාගයක් පමන වෙලාවක් ගවුම ඇදගෙන සතුටුවූ මම......අයියා පැමිනීමට පෙර ඇදුම් ගලවා මගේ පිරිමි ඇදුම් ඇදගත්තෙමි......ඊට ටික වෙලාවකට පසු අයියා නැවත ගෙදර පැමිනියේය.....
අම්මලා පැමිනෙන විට තරමක් රෑබෝවී තිබුනි......මොකද ඩොක්ට කිව්වෙ.....මම සමාදිගෙන් ඇසුවෙමි.....මොකද අවුලක් තියෙනව කියල කිව්ව ඒත් මට තේරුනේ නෑ මොනවද රිපෝට් වගයක් අරන් එන්න කිව්ව....එච්චරයි මම දන්නෙ.....ඇය පැවසුවාය.....

No comments: