Monday, October 24, 2016


(බොක්සින් සමාදි 62)...................................සමාදිනම් ලගදිම කොල්ලෙක් වෙයි. මටතමයි කෙල්ලෙක් වෙන්න බැරි. මට කෙල්ලෙක් නොවුනත් කමක් නෑ කෙල්ලෙක් වගේ ඇදුම් ඇදගෙන ඉන්න තියෙනවනම් ඒකත් ඇති. එත් මම ගවුන් අදිනවට මේ කවුරුවත් කැමති නෑනෙ....ඉස්සර සමාදි තමා මට බලකලේ කෙල්ලෙක් වගේ ඇදගෙන එයාවගේ ඉන්න කියල. ඒත් දැන් එයත් කැමති නෑ....එයාගෙ වැඩේ කොහොමහරි කරගත්තනෙ ....මම එදා භාර වුනත් ඒ දෙවියොත් මට බලන්නෙ නෑනෙ....ඒ වුනාට සමාදි ගැනනම් හොදට බලල තියෙනව.....සමාදිට කොල්ලෙක් වෙන්න පින් තිබුනට මට කෙල්ලෙක් වෙන්න පින් නැතුව ඇති. පින් නැති මට දෙවියන්ටවත් උදව්කරන්න බැරුව ඇති......මා මෙලෙස කල්පනා කිරීමට පටන් ගත්තෙමි.....සමාදි කොල්ලෙක් උනාට පස්සෙ එයාගෙ දැනට තියෙන සුදු ගවුන් ටිකත් කාට හරි දෙයි ....ඊට ඉස්සෙල්ල හොරෙන් හරි අරගෙන අදින්න ඕනැ......මම සිතාගත්තෙමි.....රෑ දොලහ එක වෙනකොට ඔක්කොම නිදා ගන්නව ඊට පස්සෙ මට ඒක ඇදගෙන ඉන්න පුලුඅන්......සිතා ගත් මම .....මීලගට කල්පනා කලේ....සමාදිගේ ගවුමක් හොරෙන් මා ලගට ගැනීම ගැනය.....සමාදිට හොරෙන් ගවුමක් උස්සල තියාගතම හරි .....එයා ඇදල අයින් කරපු ගවුමක් ගත්තොත් හරි.....මැදපු එකක් ගත්තොත් අදින කොට මා අතින් පොඩිවෙයි.....මෙලෙස සිතාගත් මම ඇය නිදා ගැනීමට පෙර වැසිකිලියට යනබව දන්නා බැවින් මා එතෙක් විමසිල්ලෙන් සිටියෙමි......ඇය යන බව දුටු මම ....අද උදෑසන ඇදගෙන ගොස් අයින්කර තැබූ ගවුම සහ යට සාය ගෙන කමිසය තුල සගවා කාමරයට ගොස් ඒවා ඇදේ මෙට්ටය යටින් සැගවූවෙමි......දැන් හරි දැන් තියෙන්නෙ මේ ගවුම ඇද ගන්න......මම සැනසුම් සුසුමක් හෙලුවෙමි....ඔක්කොමල නිදා ගත්තට පස්සෙ දොර ලොක් කරගෙන ඕනැ අදින්න.....සිතා ගත් මම ඇදෙහි ඇලවුනෙමි.......රෑ එකට විතර ඇහැරෙනවනම් දැම්ම නිදාගන්න ඕනැ....සිතුනු මම නිදා ගැනීමට වුත්සාහ කලෙමි......ගවුම ඇදීමට තිබෙන තද බල ආශාව නිසා මගේ අසලටවත් නින්ද නොපැමිනෙන බව දැනුනි......නින්ද යන්නෙත් නෑ ..දැම්ම මේක අදින්න ගියොත් කොයි වෙලා කවුරු පාත්වෙයිද දන්නෙ නෑ......කමක් නෑ මේ විදියට ඉදල ඇදලම නිදා ගන්නව ...මා කල්පනා කලෙමි.......මා ඇදෙහි ඇලවී අක්කාගේ මංගල්‍යය දිනවල මා කෙල්ලෙක් මෙන් හැසිරුන ආකාරය කල්පනා කිරීමට පටන් ගත්තෙමි.....එදා ඇන්ද ගවුන් කොයි තරම් ලස්සනද......ඒව ඇන්දම ඇගටත් හරිම සැහැල්ලුවක් දැනෙනව.......එදා දැනුනු ඒ අමුතු සුවය මට නැවත මතක් විය......අනේ මට ආයෙ කවදා වත් ඒවගේ කාලයක් නම් එන එකක් නෑ.....මට දුක හිතුනි.....අද මේ ගවුමවත් ඇදගෙන ටිකක් හරි සතුටු වෙනව......නින්ද ගියානම් එකට දෙකට ඇහැරිල අදින්න තිබුන ..ඒත් නින්ද යන්නෙත් නෑ.....බිත්තියේ සවිකර තිබුනු ඔරලෝසුවේ කටු වෙනදාට වඩා සෙමින් කැරකෙන බව දැනුනි......ඉක්මනට එකොලහ විතර උනානම් අදින්න තිබුන .....ඒත් තාම නවයහමාරයි නෙ.....තත්තත් තාම ටිවී බලනව......ටික වෙලාවක් ගතවිය තාත්තා ටීවී එක නිවාදැමූ බව එහිසබ්දය නැතිවීමෙන් සිතුනු.....ඔහු කාමරයට ගොස් දොර වසන සබ්දය ඇසුනි.....මෙයාලට නින්ද යනකම් ඉන්න බෑ මේ විදියට බලාගෙන ඉන්න ගියොත් මට පිස්සු හැදෙයි ඕනැ එකක් උනාවෙ කියල ගවුම අදිනව......මම ගවුම මෙට්ටය යටින් ගත්තෙමි......මෙට්ටය යට තිබූ නිසා එය තරමක් පොඩිවී තිබුනි.....එම පොඩිවී තිබුනු ස්ථාන අතින් සකස් කල මා....ආසාවෙන් එය සිපගත්තෙමි......අනේ මට සදහටම ගැහැනු ඇදුම් අදින්න වාසනාව තියෙනවනම්......මා එය තුරුලු කරගෙන කල්පනා කලෙමි.......මේ ක අදින්න ඉස්සෙල්ල දොර ලොක් කර ගන්න ඕනැ....තාත්ත කියල තියෙන්නෙ දොර ලොක් කරන්න එපා කියල ඒ වුනත් කරන්න දෙයක් නෑ මම ගවුම ඇදෙගෙන ඉන්නව අහුවුනොත් ඊට වඩා ලොකු ලෙඩක් වෙයි.....සිතූ මම කාමරයේ දොර අගුලු දමා ගත්තෙමි.....දැන් හරි දැන් තියෙන්නෙ මේක අදින එක...මා ඇදගෙන සිටි පිජාමා කලිසම ගලවා ගවුම ඇදගත්තෙමි......යට සායද ඇදගත් මා ආලෝකය අදු විදුලි බල්බයේ එලියෙන් මගේ රුව දෙස කන්නාඩියෙන් බැලුවෙමි......කාලෙකින් මාව ආයෙත් කෙල්ලෙක් වෙලා......කොටට කැපූ කොන්ඩය නිසා කොලු පෙනුම තිබුනි.....විග් එක දාගන්න ලැබුනනම් මේ කොලු පෙනුම නැති වෙනවනෙ....මට සිතුනි....ගවුම ඇදීමෙන් පසු මට ඇතිවූ සැහැල්ලුව සහ සනීපය නිසා මා අමුතුම ලොවකට ගියාසේ දැනුනි......අනේ මට මේ ගැහැනු ලෝකෙ සදහටම ඉන්න ඇත්නම්....ඇදගෙන සිටි ගවුම ආශාවෙන් අතගාමින් කල්පනා කලෙමි.....හොදින් බලනවිට මගේ ඉදිමුනු පියයුරු නිසා ගවුමේ එම ස්ථාන ඉදිරියට නෙරා ඇති බව දුටුවෙමි......සමාදි මේ ගවුම ඇන්දට මේ වගේ ඉස්සරහට ඉස්සිල පේන්නෙ නෑ නෙ......ඒත් මගෙ පේනව හරියට අපේ පන්තියෙ ඉන්න සමහර ගැහැණු ලමයින්ගෙ වගේ......මේක ඇදගෙන මමත් ගියොත් මාව නියම කෙල්ලෙක් විදියට කවුරුත් පිලිගනියි.......මට සිතුනි.

No comments: